IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


මිනිස් ජාවාරම් වලට තරුණියක් රට යැවූ කතක් රිමාන්ඩ්

සිතුම් චතුරංග

       

ලිංගික ශ්‍රමිකයින් ලෙස තරුණියන් ඕමානයට යවමින් මිනිස් ජාවාරමක් සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවක ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වවුනියාව මහෙස්ත්‍රාත් යූ.ආනන්දරාජා මහතා අද (12) නියෝග කළේය.

විදේශසේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකට අනුව සැකකාර කාන්තාව ඕමානයේ සිට පැමිණ වවුනියාව පම්පමඩුව යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටියදී පූවරසන්කුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

එලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගතකෙරුණේ , ගිරිගොල්ල , ගිරාදුරුකෝට්ටේ පදිංචි ආර්.එම්.කුසුමාවතී නොහොත් සඳමාලි නැමති 33 හැවිරිදි කාන්තාවක් වේ.

මහියංගනය ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් සැකකාර කාන්තාව තරුණියන් ඕමානයේ රැකියා ලබාදෙන බවට පවසා ඕමාන් සුල්තාන්වරුන් වෙත ලිංගික ශ්‍රමිකයින් ලෙස සුළුමුදලක් ලබාදී අලෙවිකර ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාල විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තිබූ බව පූවරසන්කුලම පොලිසිය අධිකරණයට දැන්විය.

සැකකාර කාන්තාවට එරෙහිව දෙහිඅත්තකණ්ඩිය ඇතුළු මහෙස්ත්‍රාත් අධිකරණයන් හි විවෘත වරෙන්තු ඇති බවත් එම වරෙන්තු මත අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද පැවසීය.

සැකකාර කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙනයන විමර්ශනවලට අදාළව හා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පවත්වාගෙන යන නඩු සඳහා එදිනට දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

කාන්තාව හට වරෙන්තු නිකුත් කිරීමත් සමඟ ඇය පසුගිය වසරේ විදේශ රටකට පළා ගොස් සිට ඇති අතර කොවිඩ් 19  වයිරස අවදානම හේතුවෙන් පසුගිය 25 වැනිදා යළි මෙරටට පැමිණ පම්පමඩුව යුද හමුදා  නිරෝධායන මධ්‍යස්ථානය වෙත නිරෝධායනය සඳහා පැමිණ සිට ඇති බවට අනාවරණය වී තිබේ.

       



අදහස් (1)

මිනිස් ජාවාරම් වලට තරුණියක් රට යැවූ කතක් රිමාන්ඩ්

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 March 2021 10:53 AM

මේ වගේ වැඩ වලට යැව්වත් නොයැවුවත්, ගෘහසේවිකා තනතුරට යන බොහෝ අයට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එරට එහෙම වෙනවා. ඇත්ත ඒකයි. මේ කාන්තාවන් ගෘහසේවයට යැවීමෙන් ජාතිය බල්ලාට යනවා. ඒ සියල්ල වහන්න දේශපාලකයා ඔවුන් හඳුන්වන්නේ රට විරුවන් කියලයි. එ්ක නෙමෙයි... දන්නවාද අලුත්ම ආරංචිය... අන්න අපේ ජාතික කොඩිය පිටරට පාපිස්සකට දාලා විකිණීමට තියලා. විස්තරේ අද ආරංචි වෙයි. අන්තර්ජාලයේ තමයි පාපිස්ස විකුණන්න දාලා තියෙන්නේ...

:       2       8

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ජනපති 14 චීනයට
2025 ජනවාරි මස 07 29 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.


හොර කච්චේරියක් වටලයි
2025 ජනවාරි මස 07 34 0

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාව


පාපුවරුවේ යන කොන්දොස්තරලාට වැඩ වරදී
2025 ජනවාරි මස 07 36 0

මින් ඉදිරියට බස් රථවල පාපුවරුවේ ගමන් කරන කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලි


ලංකා කුකුල් මස් චීනයට
2025 ජනවාරි මස 07 179 0

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


’’එක් චීනයක් ප්‍රතිපත්තිය’’ කැබිනට්ටුව දිගටම පිළිගනී
2025 ජනවාරි මස 07 128 0

ශ්‍රී ලංකා රජය ’’ එක් චීනයක් ප්‍රතිපත්තිය ’’ අඛණ්ඩව අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


‘‘වීවලට සහතික මිල ළඟදීම කියනවා‘‘
2025 ජනවාරි මස 07 67 0

වී සඳහා සහතික මිල තව දින කීහිපයක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 464 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 237 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 225 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site