(මනෝප්‍රිය ගුණසේකර)
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධ ීනියෝගය ලබන 11 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නේය.
අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සුජීව සේනසිංහ මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය එදින දක්වා දීර්ඝ කිරීමටත් අභියාචනාධිකරණය නියෝග කෙරිණි.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහිර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට එරෙහිව සූජීව සේනසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් කර ඇත.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටියදී සැඟව සිටින ඉෂාරා සෙ
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වර
දැඩි ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක ලොකු වැටුප් වැඩිවීමක් කර තිබියදී ජනතාව පීඩාවට පත් කරන අසාධාරණ වැඩ වර්ජනවලට නොයන්නැයි සියලුම වෛද්‍යවරුන්ගේ ඉල්
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මන්ත්‍රි සුජිවගේ පෙත්සමේ තීන්දුව 11 වැනි දා