(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක ඡායා පිටපත් යන්ත්‍ර ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා මෙයට පෙර රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරිණ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය ලැබී ඇත.
මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරේ. එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වේ.
මත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කළ රියදුරකුගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්ප
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත ක
පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩ
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිර
රුපියල් කෝටි දෙකක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් , රැගෙන කටුනායක ගුවන් තොටුපොළට කුඩා දරුවෙකු ද සමඟ පැමිණි ඉන්දීය ජාතික යුවළක් අද (27) රේගු මත්ද්‍රව්‍ය
එළඹෙන පළාත් පාලන ආයතන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මස 22 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පැවසීය.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
මන්ත්‍රීලාට කොම්පියුටර් ගන්න ලක්ෂ අටක්
ගුණරත්න Thursday, 20 March 2025 08:42 AM
ලක්ෂ 8ක් යන්නේ නැහැ කම්පියුටර් එකක් ගන්න, අවශ්‍ය මූලික උපාංග ඔක්කොම එක්ක සොෆ්ට්වෙයා විවෘත මෘදුකාංග එක්ක ලක්ෂ 4කත සුපිරිම කම්පියුටර් එකක් ගන්න පුළුවන්.
sakra Thursday, 20 March 2025 08:46 AM
ඕවට බොරුවටනේ මහජන මුදල් වියදම්කරන්නේ ඔය යාලුවෙන්ගෙන් පරණ computer ඉල්ලගෙන ඒවා අලුත්වැඩියා කරන කෙනෙකුට කියල ඒ වැඩේ නිකන කරවගන්න කියල ඔය මන්ත්‍රිලට කියන්න.
Rasi Thursday, 20 March 2025 08:52 AM
කවුරුවත් පිනට වැඩ කරන්න එන්නේ නැහැ. දෙන හැම දේටම හුල්ලන එක නෙවෙයි වැඩේ, මොනවා හරි කරලා රටට වැඩක් කර ගන්න එක. ඒ සදහා අවශ්‍ය, උපකරණ සහ පහසුකම් රටට සරිලන සහ දරාගැනීමට හැකි පරිදි ජනතා නියෝජිතයන්ට සහ නිලදාරින්ට ලබා දිය යුතුයි. පසු ගිය කාලේ සිදු වුනේ, ලබා ගත වරප්‍රසාද සහ අනික දේවල් අසීමිත ලෙස රටට දරාගත නොහැකි සහ අවභාවිතාවන මට්ටමේ පැවතීමයි.
ravin Thursday, 20 March 2025 09:07 AM
පහුගිය කාලේ නම් මන්ත්‍රීවරුන්ට නොමිලේ ලබාදුන්නු ලැප්ටොප් පරිගනක වලින් පාර්ලිමේන්තු ගර්බය තුළදීම අතිවිශේෂිත දේවල් නරඹුවා කියලා කසුකුසුවක් ඇහුණා වගේ මතකයි..
බකල ජයා Thursday, 20 March 2025 09:39 AM
ගොඩක් අයට මේව ප්‍රයෝජනවත් වෙයි. හුලං සැර කාලෙට දොරවල් නැත්තං ඩාං ගාල, ඩෝං ගාල වදිනවා.
අරවින්ද මොණරවිල Thursday, 20 March 2025 10:56 AM
රටේ පාසැල් දරුවෝ ඉන්නවා පරිගනකයක් දැකලාවත් නැති, ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.
ජයරත්න Thursday, 20 March 2025 11:23 AM
ඇත්තටම ඔවගෙන් ජනතාවට වෙන සේවයක් තියේද?. විපක්ෂයේ මංත්‍රීවරුන්ටත් ඕනද?
kasun Thursday, 20 March 2025 11:27 AM
වීඩියෝ ගේම් ගහන්න වෙන්න ඇති . ටැක්ස් ෆ්‍රී ඔය ටික ගන්න දුන්නා නම් කොච්චර පොඩි ගානද යන්නෙ?