IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට  එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.

පෝස්ටර්ය පිළිබඳව  තමන් නොදන්නා බවට හා  සිය සේවකයින් විසින් මුද්‍රණය කර ඇති බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ දසුන් තරංග නමැති මුද්‍රණාල හිමිකරුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිංහලෙන් තිබූ පෝස්ටරයක් මුද්‍රණය කිරීමට භාරගෙන මුදල් ද ලබාගත් තමුන් එය නොදන්නා බව පැවසීමට තරම් අනවබෝධ පුද්ගලයෙක් දැයි විනිසුරුවරයා මෙහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ  සංවිධානාත්මක අපරාධා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා සහ පොලිස් සැරයෙන්  බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු පෝස්ටරය මුද්‍රණය කිරීමට ලබාගෙන රුපියල් 43500ක මුදලක්ද ලබාගෙන ඇති බවය.



අදහස් (0)

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තා 24 සිට මහජන ප්‍රදර්ශනයට
2024 ඔක්තෝබර් මස 16 231 0

ජනාධිපති අපේක්ෂකයන් බාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


H P V එන්නතින් පසු රෝගී වූ සිසුවියන් 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 16 427 0

ගැබ් ගෙල පිළිකා වැළැක්වීම සඳහා ලබාදෙන එච් පි වි එන්නත ලබාදීමෙන් අනතුරුව රෝගාතුර වූ 12 හැවිරිදි සිසුවියන් පස්දෙනකු රෝහල් ගත කර ඇතැයි අඟුරුවාතොට පොලිසි


ලංකා කෘෂිකර්මාන්තය විධිමත් කරනවා
2024 ඔක්තෝබර් මස 16 1032 1

අක්‍රමවත්ව පවතින ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒම සඳහා දිගු කාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර ක


වතුර වළකට වැටී සිසුවෙක් මරුට
2024 ඔක්තෝබර් මස 16 492 0

සිය වැඩිමහල් සොහොයුරියගේ රැකවරණය යටතේ ඇති දැඩි වුණු පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (16) කොටදෙනියාව මීරිගම මාර්ගයේ මල් පැළ තවානට නුදුරින් පිහිටි දි


මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 16 770 0

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්ව


ගෝලීය අවශ්‍යතා සලකා අධ්‍යාපනය සකස් විය යුතුයි
2024 ඔක්තෝබර් මස 16 1537 1

ගෝලීය අවශ්‍යතා නිසි පරිදි සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 562 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 480 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1508 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site