(විමුක්ති එස් රුද්‍රිගු)
මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) විසින් අධීක්ෂණය කරන ලද පුළුල් සහ විනිවිද පෙනෙන අභියාචන ක්‍රියාවලියකින් පසුව කැබිනට් මණ්ඩලයට මෙම තීරණයට එළැඹ ඇති බව පැවැසෙයි.
ලංසු තැබීමේ ක්‍රියාවලියේදී කොන්ත්‍රාත්කරුවෙකු ව්‍යාපෘති හිමිකරුවෙකුට සපයන මූල්‍ය ඇපකරය සම්බන්ධයෙන් අමතර අන්තර්ගතයන් ඇතුළත්වී තිබීම හේතුවෙන් හේලීස් ෆෙන්ටන් සමාගමේ ලංසුව ව්‍යාපෘති කමිටුව මුල් අවස්ථාවේදී සළකා බැලීමක් සිදු නොකළේය.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අභියාචනය පසුගිය අගෝස්තු 6 වැනිදා සළකා බැලීමෙන් අනතුරුව එම සමාගම ව්‍යපෘතිය සඳහා ඉදිරිපත් කළ ලංසුව නැවත සළකා බලන ලෙස ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර ඇත.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අමතර අන්තර්ගතයන්ගෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ඇපකරය සහතික කිරීම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය නිර්දේශයට හේතුවී තිබිණි.
කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විභාග වන නඩු කටයුත්තේදී නීතිපති ජනාධිපති නීතිඥ කේ. ඒ. පාරින්ද රණසිංහ මහතා ක්‍ර
මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් රටේ ඇතිවී තිබෙන කතා බහ සම්බන්ධයෙන් විමසීමට ජනාධිපති අනුර දිසානායක මහතා විසින් නීතිපතිවරයා සහ අදාල රහස් ප
දැව ලොරියක් වෙනුවෙන් කූට ලේඛන සැකසුවැයි සැකපිට අත්අඩංගුවට ගත් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන ස්ථානාධිපති වරයා එළැඹෙන 10 තෙක් රිමාන
මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයට ලැබුණු සී.සී.ටී.වි. කැමරා කට්ටල 30ක් නියමිත බදු මුදල් අය නොකර නිදහස් කිරීමට අල්ලස් ගැනීමේ චෝදනාවන්ට වර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මන්නාරම සුළං විදුලි බලාගාරය හේලීස් ෆෙන්ටන් සමාගමට
pakeer Thursday, 06 February 2025 07:13 PM
ලංකාවේ ටෙන්ඩර් කියන්නේ අමුම අමු හොර මගඩියක්