(ජේ.කේ.එල්. චාමින්ද)
මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එකි ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සදහා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
වැයකරණු ලැබු මෙම මුදල ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ නොවැම්බර් මස 08 දිනැති ලිපිය මගින් අදාල ව්‍යාපෘති ව්‍යාපෘති සංවර්ධකගෙන් ඉල්ලිම්කොට තිබුණි. පසුව සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති සංවර්ධකගෙන් ලැබියයුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස අඩුවෙන් මුල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව්කොට තිබුණි.
එම මුදල අඩුකිරිම සම්බන්දයෙන් අදාල ආයෝජකයා සමග ඇතිකරගත් එකගතාවයන් විගණනයට ඉදිරිපත්කොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
වටිනාකම අඩුකරගැනිමට අදාල එකගතාවයන් පිළිබද විස්තර නොපමාව විගණනය වෙත ඉදිරිපත් කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙකි බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැම්ම සදහා 2022 මාර්තු මස 15 වැනිදින අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදි තිබුණි. ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.
දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවර
යුද හමුදාවේ සේවයෙන් පැන මහනුවර විවිධ පොලිස් වසම් තුළ රැඳී සිටිමින් විවිධ රැකියාවන්හී යෙදී සිටි හමුදා භටයන් විස්සක් අත්අඩංගුවට ගෙන යුද හමුදා පොලීසියට
කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීම සඳහා සමගි ජන බලවේගයට ලබන 20 වැනිදා තෙක් කල් ලබා දීමට එජාපය තීරණය කර තිබේ.
වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීම
ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා
Nishan Sunday, 16 February 2025 02:47 PM
ඔය සල්ලි වතුරේ යන්නේ නෑ. මොකද ඒ දත්ත මත තමයි කවදා හරි බලාගාරය හදන්න වෙන්නේ. අදානිගේ ඩොලර් කෝටි 100 රටට ගෙන්න ගන්න තිබුණා නම් ආර්ථිකයට ලොකු හයියක්. ආයෝජකයෝ රට හැර යාම කිසිම විදියකින් ආර්ථිකයට යහපතක් නෙවෙයි.
පිටරටවැසියා Sunday, 16 February 2025 02:48 PM
මේ විදිහට තමයි දශක හතක් තිස්සේ ලංකාව කෑවේ. පෞද්ගලික ආයෝජන කියලා ගෙනාවාට, මූලික සංවර්ධනය ලක්වැසියන්ගේ බදු මුදල් මිලියන 261.7 ක්. මේ අදානිම තමයි වංචනිකව තම වත්කම් හුවාදක්වමින් හොරපාරෙන් ලොව ධනවත්ම දෙවැනි පුද්ගලයා වෙලා, ආපහු ලෙල්ලටම පසුබැස්සේ. මේ ආයෝජන විදිහටම තමයි සෙවණගල සීනි සමාගම දයාට වික්කේ... ගබඩාවල තිබිච්ච සීනිවල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට විකිණුවා. වේරහැර බස්නඩත්තු අංගනයේ ගබඩාවල තිබිච්චි අමතර කොටස්වල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට රවීට විකිණුවා මදිවට, ඒකට ගෙවන්න රාජ්‍ය බැංකුවලින් ඇතිතරම් මුදල් දුන්නා, පස්සේ බොල්ණය හැටියට කපලා දැම්මා... මේවා දැන දැනත් ලංකාවේ ඉන්න සමහරක් හිටපු එවුන්ට තාමත් කඩේයන ගමන්, උදේ-හවස මෙතැන වැලලෙනවා හාල්, පොල්, බිත්තර ගැන මතුර, මතුරා...
vernonMonday, 17 February 2025 01:43 PM
ආයතනයක් විකුණද්දී ඒ ආයතනයේ වත්කම්වල අගයට විතරක් ගණන් හදලා මිල කියන්න බෑ, ඒකෙන් ගෙවන්න තියෙන ණය අඩු වෙනවා. ඒ නිසා අච්චර මෙච්චර තොග තිබ්බා කියලා වැඩක් නෑ...