IMG-LOGO

2025 පෙබරවාරි මස 21 වන සිකුරාදා


මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා

(ජේ.කේ.එල්. චාමින්ද)

 මන්නාරම සහ පුනරින්හි  මෙගාවොට්  500ක  ධාරිතාවයෙන් යුත්  පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට  එකි ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සදහා  ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන  261.7 මුදලක් වැයකොට  ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  විගණන වාර්තාවක සදහන් වේ.

  වැයකරණු ලැබු මෙම මුදල ලබාදෙන ලෙස  ඉල්ලා  ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින්  2022 වර්ෂයේ නොවැම්බර් මස  08 දිනැති ලිපිය  මගින් අදාල ව්‍යාපෘති ව්‍යාපෘති  සංවර්ධකගෙන්  ඉල්ලිම්කොට තිබුණි.   පසුව සුනිත්‍ය  බලශක්ති අධිකාරිය විසින් ව්‍යාපෘති  සංවර්ධකගෙන්   ලැබියයුතු මුදල රුපියල් මිලියන 112.5ක් ලෙස  අඩුවෙන් මුල්‍ය ප්‍රකාශනවල සටහන් මගින් හෙළිදරව්කොට තිබුණි.

 එම මුදල අඩුකිරිම සම්බන්දයෙන්  අදාල ආයෝජකයා සමග ඇතිකරගත් එකගතාවයන්  විගණනයට ඉදිරිපත්කොට නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

වටිනාකම අඩුකරගැනිමට  අදාල එකගතාවයන්  පිළිබද විස්තර  නොපමාව විගණනය වෙත  ඉදිරිපත් කළයුතු බවද  විගණනය මගින් නිර්දේශකොට ඇත.

 මෙකි බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය   ඉන්දියානු අදානි සමාගම වෙත පිරිනැම්ම සදහා 2022 මාර්තු මස 15 වැනිදින  අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදි තිබුණි. ශ්‍රිලංකා සුනිත්‍ය  බලශක්ති අධිකාරිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති  විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.

 



අදහස් (3)

මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා

Nishan Sunday, 16 February 2025 02:47 PM

ඔය සල්ලි වතුරේ යන්නේ නෑ. මොකද ඒ දත්ත මත තමයි කවදා හරි බලාගාරය හදන්න වෙන්නේ. අදානිගේ ඩොලර් කෝටි 100 රටට ගෙන්න ගන්න තිබුණා නම් ආර්ථිකයට ලොකු හයියක්. ආයෝජකයෝ රට හැර යාම කිසිම විදියකින් ආර්ථිකයට යහපතක් නෙවෙයි.

:       31       68

පිටරටවැසියා Sunday, 16 February 2025 02:48 PM

මේ විදිහට තමයි දශක හතක් තිස්සේ ලංකාව කෑවේ. පෞද්ගලික ආයෝජන කියලා ගෙනාවාට, මූලික සංවර්ධනය ලක්වැසියන්ගේ බදු මුදල් මිලියන 261.7 ක්. මේ අදානිම තමයි වංචනිකව තම වත්කම් හුවාදක්වමින් හොරපාරෙන් ලොව ධනවත්ම දෙවැනි පුද්ගලයා වෙලා, ආපහු ලෙල්ලටම පසුබැස්සේ. මේ ආයෝජන විදිහටම තමයි සෙවණගල සීනි සමාගම දයාට වික්කේ... ගබඩාවල තිබිච්ච සීනිවල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට විකිණුවා. වේරහැර බස්නඩත්තු අංගනයේ ගබඩාවල තිබිච්චි අමතර කොටස්වල වටිනාකම තක්සේරු නොකර කුණුකොල්ලෙට රවීට විකිණුවා මදිවට, ඒකට ගෙවන්න රාජ්‍ය බැංකුවලින් ඇතිතරම් මුදල් දුන්නා, පස්සේ බොල්ණය හැටියට කපලා දැම්මා... මේවා දැන දැනත් ලංකාවේ ඉන්න සමහරක් හිටපු එවුන්ට තාමත් කඩේයන ගමන්, උදේ-හවස මෙතැන වැලලෙනවා හාල්, පොල්, බිත්තර ගැන මතුර, මතුරා...

:       56       20

vernonMonday, 17 February 2025 01:43 PM

ආයතනයක් විකුණද්දී ඒ ආයතනයේ වත්කම්වල අගයට විතරක් ගණන් හදලා මිල කියන්න බෑ, ඒකෙන් ගෙවන්න තියෙන ණය අඩු වෙනවා. ඒ නිසා අච්චර මෙච්චර තොග තිබ්බා කියලා වැඩක් නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කජ්ජාට මාංචු දුන්නැයි PC අත්අඩංගුවට
2025 පෙබරවාරි මස 21 1053 0

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයේ ඝාතනයට ලක්වූ විදානගමගේ අරුණ ප්‍රියන්ත නොහොත් කජ්ජා නමැත්තාට අත් විලංගු යුගලයක් ලබා දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක


අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා
2025 පෙබරවාරි මස 21 1594 6

අපිට වෙච්ච දේ ඔබලාට නොවේවා කියා පතනව බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


කළුතර නිවසක් ගින්නෙන් විනාසයි
2025 පෙබරවාරි මස 21 473 1

කළුතර හීනටියංගල ප්‍රදේශයේ නිවසක් ගිනිගෙන විනාශවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


නැ’හිර හින්දු පාසල් 27 නිවාඩුයි
2025 පෙබරවාරි මස 21 162 1

හින්දු බැතිමතුන්ගේ ආගමික උත්සවයක් වන මහාශිව රාත්‍රී උත්සවය ලබන 26 වෙනිදාට යෙදී ඇති බැවින් ලබන 27 වෙනිදා නැගෙනහිර පළාතේ දෙමළ (හින්දු ) පාසල් වලට පමණක් නිව


සෞඛ්‍ය දියුණු කරන්න අලුත් වැඩක් අරඹයි
2025 පෙබරවාරි මස 21 495 1

මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මභාවය වැඩි දියුණු කිරීම සදහා වෘත්තිකයාගේ වෘත්තීය නිපුණත්වය ඉහළ නැංවීම අතිශය වැදගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය



මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 87 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 382 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 165 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site