IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මොන සුරංගනා කතා කිව්වත් අන්තිම තීන්දුව ගන්නෙ ජනතාව

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මුදලේ බලයෙන් සහ ආණ්ඩු බලයෙන් මාධ්‍ය වල  කුමන දුස් ප්‍රවෘත්ති පළ කළත් පාර්ලිමේන්තුවේ දී  සුරංගනා ලෝක මැව්වත් අවසන් තීන්දුව ගන්නේ ජනතාව බව සජබ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනතාවගේ බුද්ධිය  අවතක්සේරු නොකළ යුතු බව කී බාකීර් මාකර් මහතා  සියලු දේශපාලන නායකයන්ගේ මෙන්ම  දේශපාලන බලවේගවල පැටිකිරිය රටේ ජනතාව දැන් හොඳින් තේරුම්ගෙන තිබෙන බව සඳහන් කළේය.

 කිහිප  විටක්ම සටන් පාඨවලට සුරංගනා ලෝක වලට රැවටී වලේ වැටී ඇති ජනතාව දැන් අවස්ථාව ලැබෙන තෙක් බලාසිටින බව කීය.

 මග හැරිය නොහැකි ප්‍රධාන මැතිවරණයන් ආසන්නයට රට එලඹෙන විට උපාය මාර්ග වෙනස් කරමින් ඡන්ද අයවැයක් ඉදිරිපත් කර තිබෙන බවද බාකීර් මාකර් මහතා සඳහන් කළේය.



අදහස් (6)

මොන සුරංගනා කතා කිව්වත් අන්තිම තීන්දුව ගන්නෙ ජනතාව

de silva berlin Saturday, 18 November 2023 02:50 PM

ඔබතුමාව පුද්ගලිකව හමුවී නැතත් ඔබතුමා ලංකාදීප ඇතුළු වෙනත් මාධ්‍ය වලින් ප්‍රකාශ කරන අදහස් මම වසර 10 ක පමණ පටන් විශ්ලේෂණය කරනවා... ඒවා අපේ රටට ගැලපෙන ඉතා බුධිමත් නිවැරදි මතවාද... විදේශයක ජීවත්වන නිසා නිවාඩුවට ලංකාවට පැමිණි වෙලාවක ඔබතුමා හමුවීමට ලැබුණොත් භාග්‍යයක් කොට සලකනවා...

:       1       16

පිටරැටියා Saturday, 18 November 2023 05:35 PM

ඔබතුමා වියක්ත සිංහලෙන් කතාකරන හැටි දැකීමත් සතුටක්. ඔබ විසින් රචිත " සිතමු " පොත කියවන්න ඇත්නම්...!

:       0       10

NJTuesday, 21 November 2023 01:02 PM

ගොඩගේ සමාගමේ 0112685369 හෝ 011-22686925 යන දුරකථන අංකයට කතාකර තැපල් මගින් හෝ මාර්ගගත ක්‍රමයෙන් (Online) හෝ "සිතමු" ග්‍රන්ථය ගෙන්වා ගන්න පුලුවන්

:       0       0

Bamunuarachchi Saturday, 18 November 2023 05:45 PM

ජනතාව මොන තීන්දුව ගත්තත් ජනතාවට සහන සලසන්න බලයට එන එවුන්ට බැහැ. මේක තමයි යතාර්ථය. ජනතාව ඔවුන්ගේ lifestyle එක වෙනස් කරගත යුතුව ඇත. ඒ වෙනස් කිරීම 225න් පටන් ගමු. 225 1977 ට කලින් තිබුණ ස්ථානයේ තියමු. No වාහන, no ගෙවල් no අමතර දීමනා no පැන්ෂන්... කැමැතිනම් ගරු සේවය කරපල්ලා බැරිනම් දාලා යන්න. රටට ගරු සේවයක් කරන්න කැමැති පුද්ගලයින් ඉන්නවා.

:       0       8

ගොබ්බසේන Sunday, 19 November 2023 12:35 AM

69 ලක්ෂයක් ඡන්දෙ ගත්තු තුනෙන් දෙකේ බලයක් තිබුණු දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් පන්නපු එකම මදෑ. රට කරවපු දූෂිත පවුල් පාලනේ ඔවුනොවුන් දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රට විනාශ නොකෙරුවා නම් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම කියලා බොරු රැවටිලි, කෙසේ වෙතත් සහන සලසන්න තිබුණා.

:       0       0

Deepal Nirosh Saturday, 18 November 2023 08:35 PM

ඔබතුමා අවංක දේශපාලඥයෙක් ලෙසයි අපේ විශ්වාසය. හැබැයි මේවා බොළඳ අදහස්. ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන් මැතිවරණයක දී විතරයි. ඉතින් මැතිවරණයක් නොලැබුණොත්? ව්‍යවස්ථාවේ මොන මොන කතා තිබ්බත් මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම හෝ රජයේ තීරණයක් බව දැන් ඔප්පු වී හමාරයි. ඔය කා බී සභා තොමෝ සතුටින් විසිර යන නමින් ස්වාධීන කොමිසන්වලට කරන්න පුළුවන් ඉටිගෙඩියක් නම් නැහැ...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 97 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 1600 1

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1066 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1304 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1428 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 417 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39570 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25761 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1201 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 402 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site