IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


'මොන හිතකින්ද දරු දෙන්නා දමා ගියේ'

හෝමාගම පොලීසිය ඉදිරිපිට අතහැර ගොස්  දමා සිටි කුඩා දැරියන් දෙදෙනෙක් හෝමාගම පොලීසිය විසින් අද (19) සොයාගනු ලැබුහ.

ගයනී සංජානා (08) සහ නවාංජා රුක්ෂානි (05) නැමැති  හෝමාගම ප්‍රසන්නපුර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනා  ඔවුන්ගේ පියා විසින් එහි අතරමං කරන්නට ඇතැයි කියයි.කඩේට ගිහින් එන බව පවසමින් පියා (53) ඔවුන් අතහැර ගොස් ඇත.

පියා කොළඹ ඇස් රෝහලේ සේවය කරන බවත් බිරිය දින කිහිපයකට පෙර  නිවසින් පිටවී ගිය හෙයින් දරුවන්ද සමග රැකියාවට යෑමට  නොහැකි නිසා දරුවන් පොලිසිය ළග දමා යන්නට ඇති බවත් පොලීසිය පවසයි.

වයස අවුරුදු අටේ දැරිය  පිටිපන ප්‍රදේශයේ  පැසලක  තෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

පියා විසින් දැරියන් අතහැර යන අවස්ථාවේදි  මවගේ දුරකතන අංක ලියු කොළයක් සහ කුඩා දැරිය පාසලකට ඇතුළු කිරීම සඳහා  අවශ්‍ය අයදුම්පතක්ද දැරියන් අත තබා ගොස් තිබු බවත්  එම දුරකතන අංකයෙන්  මව (32) ඇමැතු  අවස්ථාවේදී ඇය කුරුණෑගල  ප්‍රදේශයේ සිට අද (19) පස්වරුවේ පොලීසියට පැමිණියාය.

පියා සොයාගැනීමට නැත. දැරියන්  දෙදෙනා  මව හෝමාගම  උසාවියට ඉදිරිපත් කැර දැරියන්ගේ භාරකාරත්වය  ගැන තීරණයක් ගැනීමට නියමිතය.

 

 



අදහස් (0)

'මොන හිතකින්ද දරු දෙන්නා දමා ගියේ'

ලියනගේ Tuesday, 20 August 2013 02:18 PM

බිරිඳ අතහැර ගිය නිසා දරු දෙදෙනාත් එක්ක සැමියා සියදිවි හානි කරගනී කියන ප්‍රවෘත්තිය දකින්න නොලැබුන එකට සතුටුයි. (නි)

:       0       0

අමිළ කටුනායක Tuesday, 20 August 2013 05:34 AM

කමක් නැහැ දෙන්න හොදින් ඉන්නවනේ.(නධී)

:       0       0

මාටින් Tuesday, 20 August 2013 02:32 PM

මේ අම්මට මොළයේ කලන්තය හැදිලාවද්ද මෙහෙම දෙයක් කළේ? (නි)

:       0       0

බන්දුල Tuesday, 20 August 2013 02:33 PM

අර අහවල් මන්දිරය ලගින් බැස්සුවා නම් හරිනේ (නි)

:       0       0

නිහාල් Tuesday, 20 August 2013 07:00 AM

අම්මගේ සහ ත්ත්තගේ වයස පරතය බලන කොට කිසිම ගැලපීමක් නැහැ, මොකට බැන්දද මන්දා,(නදී)

:       0       0

දොන් ළීලාරත්න Tuesday, 20 August 2013 08:10 AM

ධර්මය අමතක කරන්න , තමාගේ ගේ යුතුකම් සහ වගකීම් ඉටු කරන්න . නීතිය තුල ජීවත්වන්න උත්සාහ කරන්න. ධර්මය ගැන කතාකරන්න අපි තව බොහෝ දුර යායුතුය. (නි)

:       0       0

දිසානායක Tuesday, 20 August 2013 03:30 PM

රූපවති ආත්තම්මේ, ඒ දරුවන්ගේ අම්මා ඔයාගේ නංගී කියලා තමයි දැනගන්න තියෙන්නේ (නි)

:       0       0

රකිත් Tuesday, 20 August 2013 08:43 AM

අම්මා නැති කලට අප්පා කවර කලේ? (නි)

:       0       0

විජේ Tuesday, 20 August 2013 09:05 AM

දෙමව්පියන්ගේ වරදින් අහිංසක දරුවෝ තමයි දුක් විදින්නේ. ළමා ආරක්ෂණ අධිකාරියේ මුලිකත්වයෙන් ගම් මට්ටමින් මේ වගේ දේවල් පිළිබදව මවුපියන් සහ දරුවන් දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් ටිකක් හරි මේවා අඩුකරගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

අශේන් Tuesday, 20 August 2013 09:29 AM

තව තව දරුවෝ හදන්න, අර කියන පන්සලෙන් කන්න දෙයි. (නි)

:       0       0

ජයසූරිය Tuesday, 20 August 2013 09:31 AM

දරුවන් අතරමන් කරන මේ වගේ දෙමව්පියන්ට මතක හිටින දඩුවමක් දෙන්න ඕනෑ. ආයේ මේ වාගේ වැඩ නොකරන්න (නි)

:       0       0

උපාලි Tuesday, 20 August 2013 09:41 AM

මේ වගේ මිනිහෙක් ආණ්ඩුවේ රස්සාවක් කොහොම කරනවද කියලා හිතාගන්නත් බැහැ. දරුවෝ නඩත්තු කරන්න බැරිනම් පොලිසියට එක්ක ගිහින් තමන්ගේ බැරිකම නිසි පරිදි කියලා පොතේ ලියලා උසාවිය මගින් ළමා නිවාසයකට බාර දෙන්න තිබුන නේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගෙන් ඇහුවා නම් කියා දෙනවනේ. (එක අතකට බැලුවාම පොලිසියට තමයි බාරදීල තියෙන්නේ, වැරදි විදිහට වුනත්) (නි)

:       0       0

සුනිල් Tuesday, 20 August 2013 09:43 AM

ආර තාත්තගෙන් තමයි අහන්න ඕනෑ! (නි)

:       0       0

පද්මිණි Tuesday, 20 August 2013 10:01 AM

මට නම් පෙනෙන්නේ අම්මව ගෙදර ගෙන්වා ගන්න තාත්තා කරපු උප්පරවැට්ටියක්. පොලිසිය ගාව තියලා හොරෙන් බලා ඉන්නත් ඇති. වෙන ගන්න පියවරක් නැති නිසා ළමයි ලිදට දාන්නේ නැතුව මේ ගත් පියවර හොදයි. (නි)

:       0       0

රූපවතී Tuesday, 20 August 2013 10:15 AM

අනේ දෙවියනේ මේ අම්මා! දරු දෙන්නගේ බාරකාරිත්වය ලබාගන්න කටයුතු කරන්නට සිත එකග වේවා...! කොහොම කිවුවත් ළමා නිවාස වල විදින දුක් ගැහැට වලට වඩා අම්මා සෙනෙහසින් උයො දෙන ලුණු කැද ටික රසයි...!! (නි)

:       0       0

ටෙෂාන් Tuesday, 20 August 2013 10:17 AM

නිහාල්, ඒ හින්දා තමා අම්මා දාලා ගහින් තියෙන්නේ, වයස් පරතරය අඩුගානේ අවරුදු 4ක් වත් තිබිය යුතුයි (නි)

:       0       0

අවිනාශ් Tuesday, 20 August 2013 10:36 AM

මේ මිනිස්සු මේ තත්වෙට පත්වෙන්නේ මේ සමාජ ක්‍රමයේ තියෙන අසමතුලිත ජීවන මට්ටම හා බැඳුනු දරිද්‍රතාවය කියන අනුවේදනීය කාරනා නිසා (නි)

:       0       0

රොහාන් Tuesday, 20 August 2013 10:47 AM

අම්මල සහ තාත්තලගේ ප්‍රශ්න නිසා දුක් විදින්නේ අසරණ දරු පැටවු ඉන් පසු රටේ ඉන්න වනචරයන්ගෙන් මේ දරුවන් වැනසෙනවා (අ)

:       0       0

අනුර Tuesday, 20 August 2013 11:13 AM

පුංචි දවස්වල නින්දට යද්දී පීතු පාදන් නමා මහං කියලා, වැන්ද දෙපා යලි අදත් වදින්නම් පවසම් අප හට මහා මග දමා අපව ගියේ මොකද කියලා (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 August 2013 11:14 AM

ඔතන වයසේ වැරැද්දක් නැහැ. තියෙන්නේ නැහැදිච්චකමයි (නි)

:       0       0

හෆ්සාල් Tuesday, 20 August 2013 11:23 AM

එක පැත්තකින් මට සතුටුයි දරුවන්ට මොකුත් අනතුරක් කරන්නේ නැතුව පොලිසියට දාලා ගිය එක ගැන. නැවත මොවුන් දෙමාපියන්ට බාර දෙන්න එපා. (නි)

:       0       0

රොෂාන් Monday, 19 August 2013 08:49 PM

මේ තාත්තා කරන්න දෙයක් නැතුව මේ වැඩේ කරලා තියන්නේ. වැරදියි තමා. ඒත් දුප්පත්කම නිසා වෙන කරන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

දිසානායක Tuesday, 20 August 2013 11:50 AM

මුන් මිනිස්සුද? තිරිසන්නුද? (නි)

:       0       0

වසන්ති Tuesday, 20 August 2013 11:52 AM

කරුණාකර මේ සිදුවීමට හේතු උන කරුණු හොඳ හැටි හොයා බලා අපට දැනගන්ඩ පුවත් පත් මගින් දන්වන්න. මෙය සානුකම්පිතව බැලිය යුතු ප්‍රශ්නයක් හැටිටයි මා දකින්නේ.(අ)

:       0       0

සායි Monday, 19 August 2013 09:33 PM

පුත්තුම තුන්දෙනෙක් මට ඉන්නවා. එපානම් අපි මේ දරුවෝ භාරගෙන හදා ගන්නම් දෙන්න. (නි)

:       0       0

සනත් Monday, 19 August 2013 09:38 PM

අනේ මෙහෙමත් අම්මලා තාත්තලා... (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 09:57 PM

එතකොට මේ මනුස්සයා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? හොද දඩුවමක් දෙන්න ඕනෑ (වැඩක් නැහැ කිව්වට කරන්නේ නැහැනේ ) (නි)

:       0       0

නීල් Monday, 19 August 2013 10:19 PM

මොන තරම් තිරිසන්නුද අපේ රටේ ඉන්නේ? (නි)

:       0       0

චමිල පානදුර Tuesday, 20 August 2013 12:30 AM

ලංකාවේ ජීවත් වෙන පවුලක් ගැනද මේ කියන්නේ. මට නම් හිතාගන්න බැහැ. අපේ ආදරණීය රටේ මේ වගේ හිතක් පපුවක් නැති මිනිස්සු ජීවත් වෙනවද කියලා.මේකට එක එක්කෙනාට ඕනෑ තරම් කතා කියන්න පුළුවන්. දුප්පත්කම නිසාවත්, වෙන කිසිම ප්‍රශ්නයකටවත් මේ අහිංසක දරුවන් පලි නැහැ.වනේ වන සතුන් පවා තම පැටවුන්ට ආදරය දක්වනවා.තිරිසන් සතුන්ටත් වඩා පහත් තැනට වැටුන මේ හදවතක් නැති ජීවීන් දෙදෙනාට කිසිම දවසක හොදක් නම් වෙන්නේ නැහැ. (නි)

:       0       0

Bandula Tuesday, 20 August 2013 12:51 AM

ධර්ම රාජ්‍යයේ මිනිසුන්ට කුමක් සිදුවීද? මිනිසුන් ලග ධර්මය නැතිවීමේ විපාක අපි අද විදිනවා,දකිනවා. මේ සියල්ල රටට ධර්මය කිවයුතු අය ඒවා අමතක කර වෙනත් වැඩ කිරීම හා ඔවුන් ධර්මය, ගුණදහම් නොදැනීම හැර අන් කවරක්ද? සිංහල ජාතිය, නිර්මල දහම වඳවීම අප කෙලෙස බලහිදිමුද තවදුරටත්? (නදී)

:       0       0

නීලා Tuesday, 20 August 2013 10:36 PM

මේවා අහස මහා පොලොව නුහුලන අපරාධ (නි)

:       0       0

දම්මි Tuesday, 20 August 2013 01:42 PM

අනේ පවු! (නි)

:       0       0

රොෂාන් Tuesday, 20 August 2013 01:42 AM

මෙහෙම අය නිසා අහිංසක දරු පැටව් මහපාරේ...මොවුන්ට මොන අපායක් හිමි වේවිද?ඕවට මොකක්ද විසඳුම, අම්මා ගියානම් දරු දෙන්න කොහොම හරි හදාගන්න බැරි තාත්ත මොකාද? හොඳ මිනිහෙක් නම් දුප්පත් වුණත් දරු දෙන්නෙක් වැඩි නැහැ.දරුවෝ මග දාලා යන්නේ හිත උණුවීමක් නැති අය.කොහොමද හිතකින් ගැණු දරුවෝ දෙන්නෙක් මග තියලා යන්නේ? (නි)

:       0       0

නාමල් Tuesday, 20 August 2013 01:59 AM

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී... ඒ ඉර හඳෙන් ඔබේ ලෝකය එලිය වුනි... රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි... පිය සෙනෙහසට කව ගී ලියවුනා මදි... (අනේ මේ ගී වලටත් අපහාස කරන දෙමාපියෝ) (නි)

:       0       0

මජිඩ් Tuesday, 20 August 2013 02:08 AM

මෙන්න මේ අයගේ වැඩ.පව් දරු දෙන්නා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2324 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1733 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2566 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2717 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1244 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35985 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site