IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


"මාබෝල මංතීරුව කැඩුවේ අනුමැතිය ඇතුවයි"

වත්තල මාබෝලේ ශරීර සුවතා මංතීරුව අඩි 33 ක් දක්වා පුළුල් කර තාර දමා සංවර්ධනය කිරීම සඳහා ඩසම් ගොඩකිරීමේ සංවර්ධන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇතැයි ඉඩම් සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (01) බත්තරමුල්ලේ ඉඩම් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට පියවර නොගැනීම මෙහිදී සිදු වූ බලවත්ම අඩුපාඩුව බවද අමරතුංග මහතා කියයි.

IMG_7476 IMG_7479



අදහස් (0)

"මාබෝල මංතීරුව කැඩුවේ අනුමැතිය ඇතුවයි"

ශශිකා Friday, 01 April 2016 03:25 PM

අනේ මන්දා ඇමතිතුමනි, ඔය කියන මණ්ඩලයේ ලොකු ලොකු අය මාධ්‍ය වලට නම් කිව්වේ වෙන කතාවක් නේද? (නි)

:       0       0

කොස්තා Friday, 01 April 2016 03:31 PM

අනේ අම්මපා මෙහෙමත් කතා!! (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 01 April 2016 03:31 PM

මේ අයව තියාගෙන හිටියොත් ළඟ එන ඡන්ද උඩින්ම දිනන්න පුළුවන්. ගිය ආණ්ඩුවෙන්වත් පාඩම් ඉගෙනගන්නේ නැහැ වගේ. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 02 April 2016 08:31 AM

අද පාරවල් වල වාහන ධාවනය කරවන විදිහට ඔබතුමාගේ උපදෙස් පරිදි පාරේ ඇවිද්දොත් ශරීර සුවතාවය කෙසේවෙතත් අතපය කඩාගෙන රෝහල්ගතවීමට සිදුවේවි. (නි)

:       0       0

ජෝන් Friday, 01 April 2016 03:49 PM

රෑ දහයට විතර පොලිස් ආරක්ෂාව එක්ක ගිහින් ඕක කඩන්න තිබුණ හදිසිය මොකක්ද? පෙට්‍රල් අඩු වුණා කියලා අවුරුද්දකට කිට්ටුයි. තාම අපිට ගිනි ගණන් වලට දෙන්නේ. ඕවට කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. පහුගිය ආණ්ඩුව කරපු හොඳ වැඩ වලට ඊර්ෂ්‍යාව. (නි)

:       0       0

සිසිර Friday, 01 April 2016 04:11 PM

අද අහපු හොඳම කතාව. දවසටම හරියනවා (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 01 April 2016 05:03 PM

දේශපාලකයින් මේ ලෝකයෙන් නැත්තටම නැතිවෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සුසන්ත Saturday, 02 April 2016 09:12 AM

අනේ මන්දා! මේ මිනිස්සු කට ඇරියොත් බොරුම කියන්නේ මොන අපායේ යන්න හිතාගෙනද මන්දා. මහජන දේපල විනාශ කරමින් බොරුවෙන්ම ජීවත්වෙන කට්ටියක් තමයි දේශපාලකයෝ. බත් නොකන තණකොල කන කට්ටිය තමයි ඉතින් මෙයාලව ඔතනට ගෙනාවේ. අනේ අපොයි අපේ රටට යන කලදසාව! දැන් තියෙන්නේ බලන බලන තැන යහපාලනය. රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා (නි)

:       0       0

නවරත්න Friday, 01 April 2016 05:12 PM

හැමදේම අනාගෙන තමයි අන්තිමේදී නවතින්නේ (නි)

:       0       0

චන්න බුවනක Friday, 01 April 2016 05:50 PM

ජනතාවට ඕක නොකියපු එකේ ප්‍රතිඵල ඡන්දෙ දවසේ හම්බවෙයි. (නි)

:       0       0

අප්පුහාමි Friday, 01 April 2016 06:11 PM

ඔබතුමා හැමවෙලාවේම හරි. අපි ඒක දන්නවා! (නි)

:       0       0

මිලාන් Saturday, 02 April 2016 09:29 AM

මෙහෙමත් වගකීමක් නැති කතා හැබෑටම? (නි)

:       0       0

බීනු Friday, 01 April 2016 06:16 PM

තාර පාරේ ඇවිදින්න හොඳ නම් එතකොට රථ වාහන යන්නෙ කෙහෙද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රබෝදා Friday, 01 April 2016 06:23 PM

මේක කඩලා හදන්න යන එකට තාම මුදල්වත් හොයාගෙන නැහැ නේද? මේකෙන්ම තේරෙනවා හදන්න තියෙන උවමනාවට වඩා කඩන්න තිබුණ හදිස්සිය වැඩියි කියලා. ඇමති ප්‍රශ්න වලට පිළිතුරු දෙන විදියට හිතාගන්න පුළුවන් කොහොම වැඩ කරන පුද්ගලයෙක්ද කියලා. (නි)

:       0       0

සුසන්ත Friday, 01 April 2016 06:38 PM

එක්කෙනෙක් කියනවා අවසර අරන් කැඩුවාලු. තව කෙනෙක් කියනවා හොරෙන් කඩලාලු. තව කෙනෙක් කියනවා තත්වය බාල නිසා කැඩුවාලු, පාරක් හදන්න කැඩුවාලු. ගෙවල් හදන්න කැඩුවාලු, හොරට හදල නිසා කැඩුවාලු. කොහෙන්ද අප්පා මෙච්චර බොරු මවන්නේ? (නි)

:       0       0

සුසන්ත Friday, 01 April 2016 06:40 PM

කඩපු ටික ආයේ හදලා දැවැන්ත බෝඩ් එකක් ගහලා නම් ගම් එහෙමත් දාගනිවී අලුත් ඇමතිලා. කටින් නම් හිනාවෙලා මදි මේවට. (නි)

:       0       0

අරවින්ද Friday, 01 April 2016 06:59 PM

මගේ හිතට එන තරහා කියලා නිමකරන්න අමාරුයි (නි)

:       0       0

අනිල් Saturday, 02 April 2016 10:13 AM

අලුතින් දෙයක් හදන්නෙත් නැහැ, පරණ කාලේ හදපු දේවල්වලට තමන්ගේ නම් ගෙන විවෘත කරනවා ඇරෙන්න. ඒ මදිවට තියෙන ඉරිසියාවට කලින් හදපුවත් කලා බිඳලා විනාස කරලා දානවා. වෙනස මාරයි රට හමාරයි. (රේ)

:       0       0

මහේෂ්-සෞදි Friday, 01 April 2016 07:19 PM

මහත්තයෝ, මේකට අයිතිය තියෙන්නේ ඔය කියන සංවර්ධන මණ්ඩලයටද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 01 April 2016 07:50 PM

හොඳ වැඩේ! ව්‍යායාම කරන්න මංතීරුම අවශ්‍යද අපේ රටට? (නි)

:       0       0

දිනේෂ් Friday, 01 April 2016 07:52 PM

දුවන්න ඕනෑම නම් මිගමු වෙරළ තියෙන්නේ. මේවා බොරු සෝබන! (නි)

:       0       0

රාමන් Friday, 01 April 2016 07:56 PM

එක එක කාලෙට දේශපාලකයින්ගේ එක එක කතා අහලා අපිට එපාවෙලා (නි)

:       0       0

දිසා Friday, 01 April 2016 08:01 PM

රටට කිසිම වැඩක් නැතුව රජයේ මුදල් නිකන් නාස්ති කරන්න එපා. හරි නම් මේ දේශපාලකයින්ගේ පුද්ගලික වියදමෙන් මේ පාර හදවගන්න ඕනෑ. (නි)

:       0       0

ජයතු Friday, 01 April 2016 08:05 PM

ජනතාව බඩගින්නේ. සමහරු මංතීරු වල ව්‍යායාම කරනවා. අහෝ පින්බිමට ගිය කල! (නි)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Saturday, 02 April 2016 12:31 PM

ඇමති තුමනි මේව මේ කාටද කියන්නෙ. අර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ කරන ජෝක් වලට වඩා ලස්ස්සන ජෝක් කතාවක්(රේ)

:       0       0

සෑම් Friday, 01 April 2016 08:49 PM

"මම මේ සම්බන්ධයෙන් කිසිවක් දන්නේ නැහැ, මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ" කී ඇමතිතුමා මොකද හිටපු ගමන් මේ සිද්ධිය ගැන "සියල්ල දත්" එක්කෙනා වෙලා තියෙන්නේ? ජනතාව දැනුවත් කරන්නේ නැතුව, ජනතාව භාවිතා කරන දෙයක් රාත්‍රී කාලයේදී හොර රහසේ විනාශකළ එකේ හොරයක් නැහැ කියන එක පොඩි ළමයෙකුටවත් පිළිගන්න පුලුවන්ද? (නි)

:       0       0

නෙවිල් Friday, 01 April 2016 09:15 PM

අපිට මුහුණ බැලුවහම බොහෝ දේ හිතෙනවා (නි)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 10:36 PM

දෙයියෝ සාක්කි තමයි. කලින් කිව්වා කවුරු කළාද දන්නේ නැහැ, හොරෙන් රෑ කළා කියලා. දැන් කියනවා පුළුල් කරන්න යනවලු. ඒ මදිවට ඇවිදින මං තීරු වල ඇයි සර් හදිස්සියෙන් වාහන යන්නේ? එ්ක ඇවිදින අයගේ මාර්ග ආරක්ෂාවට හානියක් නෙමෙයිද? අලුතින් හිතලා රටට වැඩක් ඇති දෙයක් කරන්න බැරි නම් අර කලින් රට කෑවා කියන අය කළ වැඩ ටිකවත් මිනිස්සුන්ට ඉතිරි කරන්න කරුණාකරලා. (නි)

:       0       0

සෑම් Friday, 01 April 2016 10:54 PM

‘ගෙදර යනගමන්‘ ඉන්න සමහර දේශපාලකයෝ නම් කරන තරමක් කරන්නේ එපා කරපුම වැඩ විතරයි. (නි)

:       0       0

කපිල Saturday, 02 April 2016 03:58 PM

ෂුවර්...ව්‍යග්‍රා බීල ඉන්නේ.(රේ)

:       0       0

තිරන්ජන් Saturday, 02 April 2016 04:17 PM

ඇත්තටම සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් කරපු දෙකට අපි විරුද්ධ වෙන එක හරි නැහැ නේද. (රේ)

:       0       0

ඡගත් Friday, 01 April 2016 11:26 PM

ඔබ වැඩ වරද්දාගන්නේ මිනිසුන් දැනුවත් නොකිරීම හේතුවෙන්. අනිත් වැඩත් කොච්චර හොඳ වුවත් මිනිසුන් බනින්නේ එමනිසායි (නි)

:       0       0

විපුල Saturday, 02 April 2016 05:13 PM

ශරීර සුවතා මන් තීරුව ලොකු කරන්න උවමනාවක් නැහැනේ අවශ්‍ය නම් තව තීරුවක් හදන්න තිබුනනේ. කඩලා හදන්නේ ඇයි. කැඩුවට හදන්න සල්ලි තියෙනවද ? උදේ හිටන් හවස් වෙනකන් කියන්නේ මහින්ද මහත්තය සල්ලි ගත්තා කියලනේ. (රේ)

:       0       0

ෂ්‍යාමෙන් Saturday, 02 April 2016 12:21 AM

අපේ ඡන්දෙත් අරගෙන මෙහෙම වැඩ කළාම අපි කොහොමද පාරේ බැහැලා යන්නේ? මේකද අපි ඉල්ලූ වෙනස? (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 02 April 2016 12:30 AM

කාගේ අනුමැතියෙන්ද? මංතීරු ඉදිකළ ගෝඨාභය මැතිතුමාගෙන්ද? අනික අනුමැතිය තිබෙනවා නම් හොර රහසේ කඩන්න ඕනෑද? (නි)

:       0       0

බෙන් Saturday, 02 April 2016 12:33 AM

දේශපාලඥයෝ නම් දැන් එපාවෙලා. අටුව කඩලා පුටුව හදන්න වගේ සූදානම (නි)

:       0       0

චින්තක Saturday, 02 April 2016 12:51 AM

හොඳට හිතාමතාද මේවා කියන්නේ? (නි)

:       0       0

සරත් Saturday, 02 April 2016 12:57 AM

අපේ බදු සල්ලි වලින් වැටුප් ගන්න නිලධාරීන් රටේ දේපළ කාබාසිනියා නොකළ යුතුයි (නි)

:       0       0

ජගත් Saturday, 02 April 2016 01:04 AM

මේ ලංකාවේ සමහර ඇමතිගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ ඒ ප්‍රදේශ වල අයිතිය තියෙන්නේ ඒගොල්ලන්ට කියලා. (නි)

:       0       0

යෝනක Saturday, 02 April 2016 01:11 AM

එක අතකට මේවා එයාලගේ පුද්ගලික සල්ලියෑ? ඉතින් මොන අමාරුවක්ද? (නි)

:       0       0

මංගල Saturday, 02 April 2016 01:16 AM

එහෙනම් මොකටද මෙහෙම හොර රහසේ කඩාදැම්මේ? (නි)

:       0       0

තුසිත Saturday, 02 April 2016 01:59 AM

දවස් තුනට කතා තුනයි. කියන්නේ මොනවාද කරන්නේ මොනවාද කියලාවත් මේ ආණ්ඩුවේ අය දන්නේ නැහැ (නි)

:       0       0

උපුල් Saturday, 02 April 2016 02:07 AM

මේ 'ශරීර සුවතා මංතීරුව‘ ලෝකේ ලොකුම එක වෙන්නට ඕනෑ (නි)

:       0       0

ලොකුගේ Saturday, 02 April 2016 02:32 AM

දුප්පත් මිනිසුන්ට පාරත් නැහැ අන්තිමට (නි)

:       0       0

මුණසිංහ Saturday, 02 April 2016 03:11 AM

වයසට යනකොට සමහරුන්ගේ බුද්ධිමත් බව කුඩා ළමයකුට තරම් වන මට්ටමට වැටෙනවා. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 02 April 2016 03:14 AM

මේ වගේ දෙයක්වත් හරියට කරන්න බැරි නම් වැඩේ ජෝන් බාස්ට යනවා. ජ්‍යෙෂ්ඨයන්ට නෙමෙයි දක්ෂයන්ට තැන දෙන පාලනයක් අපිට ඕනෑ. (නි)

:       0       0

මෙල්වින් Saturday, 02 April 2016 03:24 AM

ඇත්තටම රටේ ජනතාව බහුතරය මෝඩයන්. එ්ක තමා පිළිගතයුතු ලැජ්ජා හිතෙන ඇත්ත. (නි)

:       0       0

ගාල්ලගේ Saturday, 02 April 2016 03:54 AM

බොරු කියාගෙන ඔහොමම යමු. කවදාහරි විඳවන්න වෙයි. යමු යමු. ඔහොමම යමු. මෙයා මේ පුදුම දියුණුවක් කරන්න යන්නේ, පාර කඩලා. (නි)

:       0       0

දිසා Saturday, 02 April 2016 08:10 PM

අරවින්දගේ කතාවට මාත් එකඟයි. මේවා දැක්කම හිතට එන කේන්තිය කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 April 2016 09:03 PM

මේවාට කියන්න හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 02 April 2016 09:07 PM

60%ක් එකතුවෙලානේ පත්කර ගත්තේ මේ වගේ අයව (නි)

:       0       0

ලොකුලියන Saturday, 02 April 2016 10:17 PM

වෙනස ඇස්පනාපිට දක්නට ඇත (නි)

:       0       0

නිශාන්ත Saturday, 02 April 2016 05:38 AM

මේ කතා ගැන හිතට එන දේවල් මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

අරුණ Saturday, 02 April 2016 05:53 AM

මේවා හැදුවට මහින්දව එෆ්.සී.අයි.ඩී. එකට කැඳවන්න හදයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ෆර්සාන් Saturday, 02 April 2016 06:38 AM

නීත්‍යානුකූලව මෙහෙම වැඩ කරන කෙනෙක් දැක්කමයි (නි)

:       0       0

විකි Saturday, 02 April 2016 07:23 AM

ඇමතිතුමෝ, මේ රටේ ජනතාව මී හරක් කියලද හිතාගෙන ඉන්නේ? පහුගිය මැතිවරණ කාලෙ නම් එහෙම කට්ටියක් හිටයා. එහෙම නොහිටින්න ඔබතුමාලා ඇමතිවරු වෙන්න කොහොමද? (නි)

:       0       0

දිසානායක Sunday, 03 April 2016 03:31 AM

මොන ආණ්ඩුව ආවත් ජාතික ලැයිස්තුවෙන් ඇවිදින හොල්මන් පාර්ලිමේන්තුවට එන එක නවත්තන්න මහජනයාට පුළුවන් දෙයක් නෙමෙයි නේ . කොහොම වුනත් ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕනේ මේ ජෝකර්ලව පාලනය කරන්න. නැත්නම් වැඩිකාලයක් යන්න කලින් ගෙදර යන්න වෙයි කට්ටියටම. (බ)

:       0       0

නිලාන් - කටාර් සිට Sunday, 03 April 2016 03:38 AM

මෙතුමා දැන් අලුත්ම පෙරළිකාරයෙක් වෙලා . අටුව කඩා පුටුව හදන මෙවැනි මැති තුමන්ලා රටට සම්පතක් ,මෙතුමන්ලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන්න එපා. (බ)

:       0       0

ද සිල්වා Saturday, 02 April 2016 07:32 AM

මෙවැනි බහුභූත වැඩ නිසා වෙන්නේ ඡන්ද කැඩෙන එකයි. මහින්ද ඉන්න කාලේ විපක්ෂේ හිටියත් කළේ මහින්දට කඩේ යන එකනේ. මතකනේ මහින්ද එක්ක ජෙරුසලමට ගිය ට්‍රිප් එක. (නි)

:       0       0

ශාන්ත Sunday, 03 April 2016 03:42 AM

බුදුන් වහන්සේගේ ඉගැන්වීමේ තියන විදිහට සිල්පද පහ රැකගෙන අකුසල් දහයෙන් වැලකුනොත් එහි වටිනාකම ඔබට මැරෙන්න පෙර දැනගත හැකියි. (බ)

:       0       0

ප්‍රියන්ත Friday, 01 April 2016 03:19 PM

අහෝ ඇමතිතුමනි, මොනවද මේ කතා!! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 647 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 910 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1993 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4277 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2234 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site