IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


මීමුත්තාගේ සුවඳ සොයා ආ මී මිනිපුරු මිනිපිරියෝ

(පාලිත ආරියවංශ)

මෙරට කෝපි, තේ, රබර් වගාවේ පුරෝගාමියක වූ, ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්‍රේසර් මහතා නමින් කොළඹ–5 කැප්පිටිපොල මාවතේ ඉදිකර ඇති අනුස්මරණ රෝහලට වසර 100ක් පිරීම සැමරීම සඳහා නැසී ගිය ජෝශප් ෆ්‍රේසර් මහතාගේ සිවු වන පරම්පරාවේ පවුලේ සාමාජිකයෝ සියලු දෙනා සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

ඔහුගේ සිවු වන පරම්පරාවේ පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවේ, තමන් අවසන් වරට මීට වසර 20කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පරම්පරා 3ක ඉතිහාසය තම දරුවන්, මිනුපුරු, මිනිපිරියන් 17 දෙනාට පෙන්වා දීම සඳහා කෙදිනක හෝ ඔවුන් සියලු දෙනා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට සිතාගත් බවත්, මේ ඒ සඳහා සුදුසුම කාලය බැවින්, පවුලේ සාමාජිකයන් සියලු දෙනා සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.

තමාගේ මීමුත්තා වූ ජෝශප් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවේ කෝපි වගා කරමින් සිටි සිය වැඩිමහලු සොහොයුරන් දෙදෙනා සමග එකතු වීමට 1869 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඒ කාලයේදී ශ්‍රී ලංකාව සිලෝන් යන නමින් හැඳින්වූ බවත්, පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය කීවාය.

කෝපි වගාව කලක් යනතුරු සාර්ථක වුවත්, ඉන් පසුව එය අසාර්ථක වූ බව ද පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවාය. කෝපි වගාව අසාර්ථක වීමෙන් පසු වැඩිමහලු සහෝදරයන් දෙදෙනා නැවතත් ස්කොට්ලන්තයට පැමිණියත්, තම මීමුත්තා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් එවකට තේ වගාවේ පුරෝගාමීන් වූ ස්කොට්ලන්ත ජාතිකයන් සමග එකතු වී තේ වගාවට යොමු වූ බව ද ඇය කීවාය.

ඔහු මාතලේ ආසන්යේ දඹුලාගල ප්‍රදේශයේ වගා කටයුතු සිදු කළ බවත්, තේ වගාවට යොමු වී සිටියදී රබර් වගාවට ද යොමු වූ බවත් ඇය පෙන්වා දුන්නාය.

‘ශ්‍රී ලංකාවේ අවුරුදු සියයක තේ වගාව’ වැනි තමන් කියවා ඇති පොත්වල සඳහන් වන ආකාරයට තම මීමුත්තා තේ වගාවට ගැළපෙන පොහොර හඳුන්වා දීමේදී පුරෝගාමියකු වී ඇති බව ද පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවාය.

ජෝශප් මහතා ශ්‍රී ලංකාවේදී කළ සේවය වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනා තිබෙන බවත්, ඉන් එක් රන් පදක්කමක් සොරකු විසින් සොරාගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.

අවසානයේදී තදබල ලෙස අසනීප වීම හේතුවෙන් වගා කටයුතුවලින් විරාමයක් ගෙන ජෝශප් ස්කොට්ලන්තයට නැවතත් පැමිණි බවත්, ඔහු එහිදී මියගිය බවත් පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය කීවාය.

එහිදී තම මීමුත්තා සිහි වීම සඳහා තම පවුලේ සාමාජිකයන් 1923 වසරේ කොළඹදී ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල විවෘත කළ බව ද ඇය පැවැසුවාය. එපමණක් නොව තම පියා ද ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති බවත්, තම මුත්තා මාතලේ පිටකන්ද වත්ත භාරව කටයුතු කර ඇති බවත් ඇය පැවැසුවාය.

ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්‍රේසර් මහතා

ජෝශප් ෆ්‍රේසර් මහතාගේ මීමිනිපිරියක වූ පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය



අදහස් (2)

මීමුත්තාගේ සුවඳ සොයා ආ මී මිනිපුරු මිනිපිරියෝ

ලංකාපුත්‍ර Tuesday, 22 August 2023 06:50 AM

ලංකාවෙ ආර්ථික භෝග වගාව ආරම්භ නොකලා නම් මොනවා වෙයිද ඒනිසා එයට පුරෝගාමි වුනු ෆෙශර් පවුලේ අයට උපහාරයක් කලොත් හොදයි කියලා හිතෙනවා වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා

:       7       62

නිශාන්ත ජයසුන්දර Thursday, 24 August 2023 05:19 PM

ලංකාවේ දැනට ජීවත්වන ප්‍රෙශර් පරපුර ඔවුන්ගේ නෑදෑයින් විය යුතුයි....!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 131 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 39 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 129 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 329 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2003 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3794 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 354 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site