IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ අයි. පී. එල්. ශූරතාව දිනති

හයවැනි වරටත් පැවැති ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) ශූරතාව දිනාගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය. කොල්කටාහි ඊඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගණයේ අද (26) පැවැති අවසන් මහ තරගයේදී රෝහිත් ශර්මාගේ නායකත්වයන් යුත් මුම්බායි පිල විසින් මහේන්ද්‍ර සිං දෝනි මෙහයෙවූ චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 23 කින් පරාජය කරන ලදි.

මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර මුම්බායි පිල 2010 වසරේ අනු ශූරයන් බවට පත්ව සිටියේය.

ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් පිල නොසිතූ ලෙස අමාරුවේ දැමීමට ලසිත් මාලිංග (22/2) ප‍්‍රමුඛ මුම්බායි පන්දු යවන්නෝ සමත් වූහ.

ලසිත් මාලිංග පළමු  ඕවරයේදීම චෙන්නායි පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙදෙනා වන මයික් හසී (1) සහ සුරේෂ් රයිනා (0) පිටියෙන් ඉවත් කිරීමට සමත් වූ අතර මිචෙල් ජොන්සන් දෙවැනි  ඕවරයේදී සුබ‍්‍රමනියම් බද්‍රිනාත් (0) දවාගැනීමට සමත් විය.

ඉනිමේ පළමු පන්දු 10 යේදී ලකුණු 3 කට කඩුලූ 3 ක් බිඳ වැටීමෙන් අසරණ වූ චෙන්නායි පිලට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට මුරලි විජේ සහ ඞ්වේන් බ‍්‍රාවෝ සමත් වූ නමුත් 6 වැනි  ඕවරයේ අවසන් පන්දුවේදී බ‍්‍රාවෝ දැවී යාමෙන් පසුව පන්දු 9 කදී තවත් පිතිකරුවන් දෙදෙනකු දැවී ගියේ ලකුණු 39 කට කඩුලූ 6 ක් ලෙස ලකුණු පුවරුව වෙනස් කරමින්, චෙන්නායි බලාපොරොත්තු සියල්ලම සීසී කඩ විසුරුවා හරිමිනි.

පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල 16 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී ලකුණු 100 කට කඩුලූ 5 ක් දැවී අසීරු තත්ත්වයක සිටියදී වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් කිරන් පොලාඞ් පන්දු 32 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් ලකුණු 148 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

මුම්බායි පිලට ඉන්දීය රුපියල් කෝටි 10 ක් හෙවත් ශ‍්‍රි ලංකා රුපියල් කෝටි 24 ක ද, චෙන්නායි පිලට ඉන්දීය රුපියල් කෝටි 7.5 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක ද, මුදල් ත්‍යාග හිමිවේ.

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 148
(දිනේෂ් කාර්තික් 21, අම්බාටි රයිදු 37, කිරාන් පොලාඞ් නොදැවී 60, හර්බජාන් සිං 14, ඇල්බි මොර්කල් 12/2, ඞ්වේන් බ‍්‍රාවෝ 42/4)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 125
(මුරලි විජේ 18, ඞ්වේන් බ‍්‍රාවෝ 15, මහේන්ද්‍ර සිං දෝනි 63, ලසිත් මාලිංග 22/2, මිචෙල් ජොන්සන් 19/2, හර්බජාන් සිං 14/2)

 

(ඡයාරූපය: අයි. පී. එල්. වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි)

 

 



අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් කී‍්‍රඩකයෝ අයි. පී. එල්. ශූරතාව දිනති

චමින්ද Monday, 27 May 2013 09:24 AM

දැන් කුණු බිත්තර එහෙම ලෑස්තිද දන්නේ නැහැ. (නි)

:       0       0

සුරේෂ් Monday, 27 May 2013 02:29 PM

බොදු බල සේනාව කයිවරු ගහනවා විතරයි. කෝ දැන් ගහනවා කියපු කුණු බිත්තර සේනාව කලාද ඒවා. බොදුබල සේනාව මිට කලින් බොරු කියනවා දැකලා නද්ද්ද. නිකන් වැඩක් බලන් යනවා බොදුබල සේනාව යන්න.(නදී)

:       0       0

කෝලිත Monday, 27 May 2013 09:25 AM

දැන් ඉතින් මාලිංගට ලැබෙන සල්ලි දිහා කුහකකමින් බලන්න එපා. එය ඔහුට හිමි දෙයක්. අපි ඒ ගැන සතුටු වෙමු. වුවමනා නම් හදිස්සියකට ණයක් ඉල්ලගන්න කෙනෙක් ඉන්නවා කියලා හිතාගෙන (නි)

:       0       0

ඒන්ජල් Monday, 27 May 2013 09:39 AM

ඊයේ මැච් එකේ මොකද වුණේ කියලා ඕනෑ පොඩි එකෙක් දන්නවා. මහත්වරුන්ගේ ක්‍රීඩාවට ගිය කල! දැන් ඒක මහත් හොරුන් ගේ ක්‍රීඩාව වෙලා. (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 27 May 2013 03:10 PM

මාලිංග නැත්නම් බඩුම තමා.(නදී)

:       0       0

චතුරි Monday, 27 May 2013 10:12 AM

ඇයි අපේ ටීම් එකට හරියට සෙල්ලම් කරන්න බැරි? ඕකා හින්ද තමයි ගිය පාර වර්ලඩ් කප් එක පැරදුනේ.(නදී)

:       0       0

රූමි, නිව් යෝර්ක් Monday, 27 May 2013 10:35 AM

ඒකාධිපති ජයලලිතාට සහ ජාතිවාදීන්ට අපේ මලිංගගෙන් දීපු කනේපහරට අපගේ උණුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

ලක්මා සෙව්වන්දි Monday, 27 May 2013 10:42 AM

දෙමළ ජාතිවාදය වෙනුවෙන් පුරසාරම් දෙඩු චෙන්නායි ආණ්ඩුවට හොද පාඩමක් කියා දුන්නේ ලසිත් මාලිංගයි. ඔහුට ජාතියේ උත්තමාචාරය හිමිවිය යුතුයි.(නදී)

:       0       0

ජෙරී Monday, 27 May 2013 11:07 AM

සල්ලි දෙනව නම්, බොල් දාන්නම්, අර මණුස්සයාගේ ඔයිට ඉස්සරලා මැච් එකේ අවසාන ඕවරය බලන්න, කැතේ උපත. ඇයි ඔය වගේ අපේ රටේ අවසාන මැච් වල බෝල් කරන්න බැරි. ඉරිසියාවක් නෑ. අපිත් ගොඩක් ආදරය කල කෙනෙක්. එත් දැන් එපාවටම එපා වෙලා. අයියෝ සල්ලි.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Monday, 27 May 2013 05:54 PM

මාලිංගගේ ඉන්ද්‍රජාල. සන්තෝෂයි. අයි.පී.එල් වල ශ්‍රී ලංකා ලාංඡනය.(නදී)

:       0       0

ජසීම් Monday, 27 May 2013 12:02 PM

මාලිංග! මාලිංග !! මාලිංග !!! නියම වීරයා.(නදී)

:       0       0

නිශ්ශංක Monday, 27 May 2013 12:02 PM

අපේ රටේ නම තවත් වර්ණවත් කලා මුළු ලෝකේ පුරා. මාලිංග ඔබට අපේ උණුසුම් සුබ පැතුම්. ඔබගේ පළවෙනිම ඕවරය අති විශිස්ටයි (නි)

:       0       0

අනුර Monday, 27 May 2013 01:05 AM

යන්තම් ඇති. මාලිංග යන්තම් ජාමේ බේරගත්තා. දැන් එතින් සල්ලි නේද? (නි)

:       0       0

උදය Monday, 27 May 2013 01:43 AM

සමහරු ලංකාව වෙනුවෙන් කරන්න අවශ්‍ය දෙය ජයලලිතට කළා (නි)

:       0       0

චමින්ද Monday, 27 May 2013 07:18 PM

මාලිංග පළමු විකෙට් 2 ගත්ත නිසා තමයි මැච් එක දිනුවේ.(නදී)

:       0       0

තලල්ලේ Monday, 27 May 2013 06:59 AM

මාලිංග නිසා ජයලලිතා හොද පාඩමක් ඉගෙනගන්න ඇති (නි)

:       0       0

සනත් Monday, 27 May 2013 07:03 AM

අවසන් තරගයේ පරාජය චෙන්නායි පිලට හිමි වුණේ කවුරු නිසාද කියා තේරෙනවානේ.(හසී සහ රයිනගේ දැවීම). ජාතිවාදය එක්ක පටන් ගත්ත තමිල්නාඩුවට ශුරතාවය අහිමි කලෙත් එයාලගේ ජාතිවාදී ගොදුරක් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් අතින් වීම අපුරුයි. (නි)

:       0       0

ශිරෝම් Monday, 27 May 2013 01:24 PM

මාලිංග, ඔය වගේම තමන්ගේ රට ගැනත් හිතුවානන් නේ හොඳ .(නදී)

:       0       0

නිල්මිණි Monday, 27 May 2013 01:32 PM

මට නම් මෙයාව දැන් පෙන්නන්න බැහැ.(නදී)

:       0       0

නවීන් Monday, 27 May 2013 07:31 AM

මාලිංග, ජයලලිතාට දීපු දඩුවම ලංකාවේ ඉදන් කෑ ගහපු අයට කරන්න පුලුවන්ද ? (නදී)

:       0       0

යොහාන් Monday, 27 May 2013 07:40 AM

මෙන්න මාලිංගගේ මැජික්.(නදී)

:       0       0

සජිත් Monday, 27 May 2013 01:45 PM

හරිම සතුටුදායක දෙයක් සිදු වුණේ. ජාතිවාදීන් පැරදවීම ඉන්දියාවේත් ශ්‍රී ලංකාවෙත් වෙන්නේ හරි හරියට (නි)

:       0       0

තරිදු Monday, 27 May 2013 07:57 AM

නියමයි මහේන්ද්‍ර සිං දෝනි 0 දාපු එක අපිට ලොකු සතුටක්. හොද උගත් පාඩමක්.(නදී)

:       0       0

ගාමිණී ම.ජයලත් Monday, 27 May 2013 08:13 AM

මාලිංග අවසන් තරඟයේදී කල දස්කම් ජයලලිතාට හා තමිල්නාඩුවට හොඳ අතුල් පහරකි. දැන්වත් තමිල්නාඩුව පතත් චින්තනයෙන් මිදිය යුතුයි. (නි)

:       0       0

චන්දන Monday, 27 May 2013 08:22 AM

මාලිංගට සුබ පැතුම්! (නි)

:       0       0

සුරේෂ් තලල්ල Monday, 27 May 2013 08:23 AM

මාලිංගට පලවෙනි ඕවර එක දීපු එක තමයි රෝහිත් ශර්මා කරපු හොදම එක. මොකද මාලිංගට විකට් ගන්න පුළුවන් පලවෙනි ඕවර වලයි අන්තිම ඒවගෙයි තමයි. මේ මැච් එකේ විතරයි මාලිංගට නියම තැන් වල බෝල් කරන්න ලැබුනේ . කෝ දැන් අර මාලිංගට බැනපු අය (නි)

:       0       0

අමිල Monday, 27 May 2013 02:04 PM

අයි.පී.එල්. හින්දා ටෙස්ට් තරග අත්හැරපු එක තමයි මාලිංග කරපු කැත වැඩේ (නි)

:       0       0

මඩු Monday, 27 May 2013 08:39 PM

සල්ලි පස්සේ යන මාලිංග.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 27 May 2013 08:53 AM

ජයග්‍රහණය කරපු කණ්ඩායමට අපේ කොල්ලෙක් සෙල්ලම් කරලා විස්කම් පාපු එක අපිට මොනතරම් ආඩම්බරයක්ද. (නි)

:       0       0

සදුන් Monday, 27 May 2013 02:19 PM

කෝ අපේ මාලිංගට බැනපු අය.(නදී)

:       0       0

සාන්ත Monday, 27 May 2013 09:05 AM

කෝ දැන් මාලිංගට අපහාස කරපු සිංහලයෝ? ජයවේවා 'මාලිංග' (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 613 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 656 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2407 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 478 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site