IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘මංමුලාවී පාර සොයාගෙන දියවන්නාවට යන ගමනේ‘

වාම දේවයගෙ ලවක් දෙවක් නැති කුණුහරුප වරුසාවෙන් නන්නත්තාර වෙච්ච අලි ගැන්සිය ඒකට රිටන් එක දෙන විදිය ගැන ප්ලෑනක් ගහන්න පට් පට් ගාල එදාම සවස සෙට් වුණා.
”අපේ එකා ඉල්ලන් කෑවා නේද?” මතුගම පෙරුමාල් බුවා ඇහුවෙ කිණ්ඩියටය. ”බුලත් හපයෙක්ව දණ ගැස්සුව කියල මාව ඇතුලට ඇරියා. ඒකටම නෙමෙයිනේ මාව ඇතුලට දැම්මේ. බොසාට බැනල ගහන්ඩ එලවපු එකේ ගේමට රිටන් එකනෙ මට දුන්නේ. ඔන්න පුළුවන් නම් වාමදේවයත් ඇතුළට ඇරිය නම් තමයි නියම බුවා” මතුගම පෙරුමාල් කියාගෙන ගියේය. ”දැන් පරණ කේස්වලින් වැඩක් නෑ, රිටන් ගේමට ප්ලෑනක් හදමු” බජට් බුවා අයිඩියා එක දැම්මේය.
”වාමදේවයා කුණුහරුප ඇටෑක් එක දෙන වෙලාවෙ ඔය භාෂාවෙන්ම රිටන් එක දෙන්න පොරක් එදා අපේ ගැන්සියෙ හිටියේ නෑනේ” ජෝන් අංකල් කීවේය.
”පොඩි ප්ලෑනක් නම් තියනවා” බජට් බුවා කීය. මොකක්ද මොකක්ද? අලි ගැන්සිය කුලප්පු වෙන්ට ඇසුවේය. ”ඔය ගස් මර්විය ඉන්නවනෙ. පොර දැන් අපේ බජාර් එකට සෙට් වෙලානෙ ඉන්නේ. ගස් මර්විය කුණුහරුප ඔස්තාර්.  ඕකත් එක්ක කුණුහරුප ඇටෑක් දෙන්න ඉන්නෙ අරක්කු ජොනිය විතරයි. ඌත් දැන් ඇතුලේ. ගස් මර්වියට ඇමැතිකමක් දීල ඉස්සරහ පේලියට අරගෙන මාවදේවයත් එක්ක වලියකට පැටලෙව්ව නම් ගස් මර්විය මාවදේවට දෙයි අම්ම මුත්ත කාලේ අහපු නැති ඒවයෙන්.  ඕක  වාමදේවයගෙ කනේ ඇඟිලි ගහගන්නම දෙයි ආයි කුණුහරුප නොකියන්න” බජට් බුවා කීවේය.
”අම්මප මාර සොමි අයිඩියා එක. ඒ වුණාට ගස් මර්වියට තියෙනවානෙ පෙර වැරැුදි.  ඕකට ඇමැතිකමක් දුන්න නම් ජනම්ස්ල රෙද්ද කරට අරගෙන එයිද දන්නෙ නෑ” ජෝන් අංකල් රිප්ලයි එක දුන්නේය.
කෝකටත් අපි ලොක්කට අයිඩියා එක දාමු කියල අලි ගැන්සිය ජිරාමාර් වුණේය.
අලි ගැන්සිය ජිරාමාර් වෙනකොට ජෙලපියාලගෙ බජාර් එක වාමදේවයගෙ ඇක්ටිං පාරට පුල් හැපි එකේ වාමදේවයට මල් මාලාවක් දාන්න හොයනවා. ඒ වුණාට වාමදේවයා මිසින් වෙලා.
”අප්සට් මූඞ් එකෙන්ම ගිහිල්ල දියවන්නාවටවත් පැන්නද දන්නේ නෑ” ටියුෂන් ගුණයා කීවේය.
හොයමු හොයමු කියල ගැන්සිය මල් මාලයකුත් අරන් වාමදේවයාව හොයනවා.
”අන්න වාමදිවයා” බේරුවල නයා දියවන්නාවේ ජොගින් එක පැත්තට අත දික් කරල ගැන්සියට පෙන්නුවේය. වාමදේවයා ජොගින් එකේ තනියම කියව කියවා වෝකින් පාර දානවාය.
දැන් ගැන්සියම වාමදේවයට කිට්ටු වෙලා බොස්, බොස් කියල සද්දෙ දාපු ගමන් හැරිල බලපු වාමදේවයා, ගැන්සියට කඩා ගෙන පැන්නේ අමු තිත්ත කුණුහරුප වැලකුත් එක්කය. අම්මට සිරි! පිස්සු ඩබල් වෙලා ද? ගැන්සියම තක්බීර් වෙලාය.
මං ටෝක් එක දෙන්නම් කියල කොහොමටත් පැනලා දෙන ජින්පප්පා පපුව ඉස්සරහට දාගෙන ගිහින් වාමදේවයට සද්දෙ දැම්මා.
 ඕයි .....ක දෙන්නෙ නැතිව යනව  ඕයි කියල වාමදේවයා කියපු ගමන් ජින්පප්පා කරකවල අතහැරිය වගේ පැත්තකට දිව්වේය.
හරි මං යන්නම් කියල ජෙල්පියා මල්මාලෙත් අරන් මාවදේවයා ළඟට ෂේප් වෙනකොටම වාමදේවයා ජෙල්පියාටත් කඩාගෙන පැන්නේය.
පිස්සු කෙලින්ඩ එපා ....කයෝ කියල වාමදේවය ඒ පාරත් කෑ ගැහුවේය.
”වාමදේවයා අර තනියෙම මොනවද කියවන්නේ” බේරුවල නයා ඇසුවේය. ඒ පාරත් මැද්දට පැනපු ජින්පප්පා කිව්වේ වාමදේවයා පොයින්ට බ්ලාස්ට් කියලා කියනවා කියාය. මොකක් ද පොයින්ට බ්ලාස්ට් කියන්නේ කියලා බේරුවල නයා ඇහුවම ජින්පප්පා කිව්වේ ඒක ඉතිං වාමදේවයාගෙන්ම තමයි අහන්න  ඕන” කියලය.
මාවදේවගෙ බ්‍රේන් එක අද අබ්ලික් වෙලා කියල දැන් ගැන්සියම දියවන්නාවට ආයිත් රිටන් වුණා. දියවන්නාවෙදි ගැන්සියට මීට් වුණේ බොරළුගොඩ වත්තෙ ගුණයාය.
”කෝ අපේ වාමදේවයා” බොරළුගොඩ වත්තේ ගුණයා ගැන්සියෙන් ඇසීය.
”අද පුල් අනාථ කෝස්! කිට්ටු කරන්ඩ බෑ. අපිට දෙන්නෙත් ඇම්ඩන්ට දීපු ලැන්වේජ් එකෙන්මයි.” ගැන්සියම කීවේය. ”වාමදේවයගෙ ගේම නම් අයිඩියල් තමයි. ඒ වුණාට මේ වෙලාවෙ පොඞ්ඩක් බ්‍රේන් එක පාවිච්චි කරන්ඩ එපාය. දැන් බලන්ඩ අර පේස්බුක් බජාර් එක වාමදේවයට කෙලල ඇරපු දෙබස් ටික අරගෙන දැනටම මාර ඇටෑක් එකක් දෙනවනෙ. අනික පේස් බුක් කාරයො ටික නිවුටල් එකේ තියා ගන්නෙ නැතිව මේ ගේම උස්සන්න බෑ. කොහෙද මේ වාමදේවයා මාර තුරුම්පු ටිකක් නෙ කෙලල ඇරියේ” බොරළුගොඩ වත්තෙ ගුණයා කියාගෙන ගියේය.
”මොනවද පේස් බුක්කාරයෝ කියන්නේ” ජෙල්පියා ඇසුවේ අම්මත් එක්ක යන පොඩි ළමයි දෙන්නෙකුට අම්මා මාවදේවයව පෙන්නල ”පුතේ ඉක්මනට කන්වලට ඇඟිලි ගහගන්න දියවන්නාවේ අර සීයා එනවා කියලා” මෙහෙම දානකොට අපේ කොල කුඩුනේ. කැම්පේන් එකම බ්ලාස්ට් නේ ගුණයා කීවේය.
”වාමදේවයගෙ ඇක්ටිං පාර නම් පුල් ආසික්. ඒත් දෙබස්ටික පුල් නෝන්ඩි තමයි” කියලා කණ්ණාඩියත් කීවේය. 
”ඉවසල බැරිම තැන තමයි  ඕක කළේ. අනිත් එක ඇම්ඩනුත් මේ දවස්වල දැම්මෙම චණ්ඩි ටෝක්නෙ. ඒකයි වාමදේවයට මල පැන්නෙ” බේරුවල නයා මාවදේවයාව ෂේප් කර ගන්න හිතාගෙන කීවේය. 
”ගතම් අච්චු ගහන ස්පොට් එකෙ මහබුවාව ෂේප කරන්න ඔය ඇම්ඩන්කාරයා දඟලන දැඟලිල්ල දැකලම තමයි වාමදේවයා ජාතික භාෂාවෙන්ම කෙලල ඇරියේ” යාපහුවෙ කලා භූෂණයත් ටෝක් එකට හොට දමමින් කීවේය. 
”පිස්සු ඩබල්ද? මේ වගෙ ගොන්පාට් දාල ඇම්ඩන්ව වැට්ටිලි සුම්මා තමයි. කම්මලේ බල්ලට හෙණ ගැහුවට ගාණක් නෑ වගේ ඇම්ඩන්කරයා  ඕවට හොඳට ප‍්‍රැක්ටිස් පාර දාල ඉන්නේ. පසුගිය කාලේ ඔය යෝධයා පොල් ගෑවේ නෑ. කීයක් බාල්දි ඇතුලෙන්ම ආවද? ඒවට එක්කොම පේස් කරා. දෙනව නම් දෙන්ඩ  ඕනේ ගෙදරම යන ජාතියේ ගේමක් මිසක් මේ වගේ මස්තබාල්දු ගේම් නෙමෙයි” බොරළුගොඩ වත්තේ ගුණයා කීවේය. 
”එහෙනම් ඉතින් ඇම්ඩන්ව ගෙදර යවන ගේමකට සෙට් වෙමු” ජෙල් පියා අයිඩියා පාර දැම්මේය. ගන්ඩ කොලයක් කියල බොරළුගොඩ වත්තේ ගුණයා මුලටම අත්සන් පාරක් දාලා කිව්වේ අනිත් ඔක්කොම බුවාලගේ අත්සන් පාරවල් අරගෙන බම්බුවාට දීපු ගමන් වැඬේ පිනිෂ් කියලා ජෙල්පියා වැඬේ භාර ගත්තේය. පසුවදා ජෙල්පියා කොලෙත් අරගෙන වාමදේවයා මීට් වෙන්න ගියේ ගැන්සියත් එක්කය. වාමදේවයා උදේ පාන්දර ෂෝටකුත් ගහගෙන ආතල් එකේ සින්දු  පාරක් දාගෙන පුල් රිලෙක්ස් ඒකේය. 

මංමුලාවී පාර හොයා ගෙන දියවන්නාවට යන ගමනේ
මංමුලාවුණු තවත් බුවෙකි දැන් අපෙ කර උඩ ඉන්නේ 
ඇම්ඩන් නිතරම පාර වසන්නේ 
බැරිම තැනේ කුණු හම්බ කියන්නේ
හොයමින් පාරක් මේ යන ගමනේ 
තවමත් නැත ඉවරයක් දකින්නේ
මංමුලාවුණු 
පාර අසන්නේ අන්තිම වරටය
පාර හොයන්නේ විජහට යන්ටය 
ට‍්‍රයි එක දෙන්නේ පාර හොයන්ටය
නැතිනම් වෙන්නේ කපෝති වෙන්ටය 
මං මුලාවී 

”අම්මට සිරි ආතල් සින්දු පාරක්නෙ දාන්නේ” ජෙල්පියා කීය. 
”ආයිබෝං කිව්වා” ගැන්සියම කීවේය. 
”ආයිබෝං... ආයිබෝං ගැන්සියම මේ කුකුලා අතේ අරන්” 
වාමදේවයා ඇහුවේ මොකුත් නොදන්නා බබාපාට් එකෙන් ”ඊයේ මාර ඇක්ටිං පාරක්නේ. ටීවීවල වාමදේවයා  රූපෙත් එක්ක හෙඞ්ලයින් එකේ ආ ජෙල්පියා ටෝක් එක පටන් ගත්තේය. 
”අර යෝධයා මට ටෝක් කරන්න දුන්නෙම නෑනේ. මට බැරිම තැන තමයි මං දන්න ඒව ටික කෙලල ඇරියේ. තව මතක් වුණා නම් ඒවත් කියනව. මට නප්පියට නැගල හිටියේ” වාමදේවයා බබාහුකුම් පාරක් දමමින් කීවේය. ”වාමදේවයා ඊයේ හරියට වන් ෂොට් වගෙයි ආ” කණ්ණාඩියා කීවේය.
මාවදේවයා ඊයේ කියපු දෙබස් ටික අල්ලගෙන පේස් බුක් බජාර් එක වාමදේවයව පට්ට ගහනව කියල කියන්නේ” බේරුවල නයා කීවේය.
”පේස් බුක්කාරයින්ගෙ ....ලට  ඕකුන්ට මතක් වෙන්නෙ මං විතරමද? අනික මං කුණුහබ්බ කිව්වා නෙමෙයි, කියවුණා. එතකොට අර ප‍්‍රජා ශාලාවට හාමුදුරුවරු ආපු පළවෙනි දවසෙම ඔය ගස් මර්වියා හාමුදුරු කෙනෙකුගෙ මොකක්ද එකක් මිරිකල හාමුදුරුවො ස්පි‍්‍රතාලෙ හිටිය මතක නැද්ද? මං කුණු හරුප කිව්ව විතරයි. ගස් මර්විය කුණුහරුප කරලත් පෙන්නුවෙ. පේස් බුක්කාරයින්ට  ඕව මතක නැද්ද?” වාමදේවයා කියාගෙන ගියේ ඌරු ජුවල් එකේය. 
”මේ වැඩෙන් වාමදේවයට ඊළඟ පාර අප්සෙට් එකක් වෙයිද? මොකට  ඕකට හොට දැම්මද?” ජින්පප්පා ඇසුවේය.
”පිස්සු ඩබල් තමයි. කුණුහරුප කරල පෙන්නපු ගස් මර්විය ලැයිස්තුවෙ නම්බර් වන් ආවේ එහෙනම්. ජනම්ස්ල කැමැතියි  ඕවට. මට තවමත් එස්.එම්.එස්. එනවා ජනම්සලගෙන් එළකිරි ඇක්ටිං කියලා. වෙන එකක් තියා අපේ චින්තකයත් මැසේජ් එකක්් එවල තියෙනව එයාගෙ රෙකෝඞ් එක කැඩුව නේද කියල අහල” වාමදේව ගැන්සියට ආන්ස්වර් එක  දුන්නේ පුල් හැපි එකේම.
”අපි ඇලට් වෙලා ආවෙ ඇම්ඩන්ව ගෙදර යවන ගේමට සෙට් වෙලා. මේකට අත්සන් පාරක් දාන්නා කියල කොලය වාමදේවයට දුන්නා.
”මේක ෂුවර් ගේමක්. ඔක්කොම බුවාලගෙ අස්සන් අරගෙන බම්බුවට දුන්නාම ගේම ක්ලෝස්” හයි මොරාල් පිට ජෙල්පියා කීවේය. 
”පිස්සු පීකුදු තමයි බොලාගෙ මෙමරිවල නැද්ද ඉස්සර අපි අත්සන් කරල බාරදීපු ලියුම්වලට මොකද වුණේ කියලා.
ඉස්සෙල්ලම ජෝන්කාරයා අයින් කරන්න කියල ඔක්කොම බුවාල අත්සන් කරල ලියුමක් දුන්නා. අද වෙනකම් ඒක ආගිය අතක් නෑ. ඊට පස්සෙ අපේ බොරළුගොඩ වත්තෙ ගුණයට අපේ ලීඩර්ෂිප් එක දෙන්න කියල අත්සන් කරල ලියුමක් දුන්නා. ඒකත් ආගිය අතක් නෑ. ඊට පස්සෙ බජට් බුවාට. ඒකත් මිසිං. ඊළඟට ගතම් එක අච්චු ගහන තැන මහබුවා අයින් කරන්න කියල දීපු ලියුම කෝ වුණාද? අන්තිමට මේකට වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි.  ඕව හරියන්නෙ නෑ. දෙන්ඩ  ඕන මං දීපු ජාතියේ ගේමමයි. ඩබල් ටි‍්‍රබල් කරල. නැත්නම් හරියන්නෙ නෑ” කියල වාමදේවය ගැන්සියට දුන්නෙ කොරවෙන ටෝක් එකක්ය.



අදහස් (0)

‘මංමුලාවී පාර සොයාගෙන දියවන්නාවට යන ගමනේ‘

සොපී Friday, 05 June 2015 06:49 AM

ආතල් ටෝක්ස්නේ ......ජනම්ස්ලා ෆුල් ප්‍රීතියෙන් ......! (නි)

:       0       0

ක්‍රිස්ටි Friday, 05 June 2015 06:57 AM

සුපිරි කතාවක් (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 05 June 2015 07:28 AM

වාම දේවයිනි, ඒ සඳහා වඩාත් හොඳින් මුවහත්වීමට නම් ගැන්සියේ මනාප අවසරය ලබාගෙන බත් මුඛය පාදගනු යෙහෙක! (නි)

:       0       0

නිහාල් Wednesday, 03 June 2015 07:17 AM

නියම ලිපිය! සුපිරියි! (නි)

:       0       0

කරුණාදාස Friday, 05 June 2015 05:36 AM

නියමයි හොඳේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 450 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 211 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1598 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 414 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2477 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37140 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site