IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මම අධ්‍යක්ෂ මතම යැපෙන්නෙ නැති නළුවෙක්

වසරේ විශිෂ්ටතම රංගනය වෙනුවෙන් පිදෙන සම්මානය - හොඳම නළුවා ශ‍්‍රියන්ත මෙන්ඩිස්

පහුගිය සතියෙ උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු සුමති රූපවාහිනී සම්මාන උළලෙදී, ඒ විදිහට නිවේදනය කෙරුණ. ඒ එක්කම වේදිකාව මත පෙනී සිටියෙ ඔහු ශ‍්‍රියන්ත මෙන්ඩිස්. ඊට දවසකට පස්සෙ මම ශ‍්‍රියන්තට කතා කළේ සුබපතන්න. ඊට පස්සෙ කෙරුණු අපේ කතාබහ ගලා ගියේ මේ විදිහට.

 

20160829Shiryantha-1ඔබට සතුටුයිද දැන්?

සතුටුයි, සතුටුයි... සතුට වාගෙම මගෙ හිතුට ලොකු ජවයකුත් ලැබිලා තියෙනවා. ඒ ජවය, මේ රංගන යාත‍්‍රාව ඉදිරියට පදවාගෙන යාමට ලැබුණ ජවයක් විදිහටයි මම සලකන්නේ.

 

රඟපෑම වෙනුවෙන් ගත්තු අප‍්‍රමාණ වෙහෙස අපතේ ගිහින් නැහැ. එහෙම නේද ශ‍්‍රියන්ත.

ඇත්තමයි, රඟපෑම කියන්නෙ ලේ කඳුළු දහදිය වැගිරවීමට. රූපවාහිනිය ඉස්සරහට වෙලා හරි පේ‍්‍රක්‍ෂකාගාරය ඉස්සරහට වෙලා හරි බලන් ඉන්න කොටනම් හිතෙන්නෙ රඟපාන එක හරිම ලේසි දෙයක් කියලා. ඒත් ඇත්තම කතාව නම් මේක මාර කට්ටක්.

 

හොඳයි ඔබ හොඳම නළුවා බවට පත් කළ චරිතය ගැන කතා කරමු?

මයාදුන්න බණ්ඩාරගෙ තිර පිටපතකට අනුව තුසිත ද සිල්වා අධ්‍යක්‍ෂණය කළ විශ්ම භූ සංක‍්‍රාන්තිය කියන ටෙලි නාට්‍යයෙ මට රඟපාන්න තිබුණෙ කර්තේලිස් ගුරුන්නාන්සෙගෙ චරිතය. මේ කර්තේලිස් රැවුල්, කොණ්ඩ වවාගත්ත මනුස්සයෙක්. ඉතින් මටත් සිද්ධ වුණා මගේ කොණ්ඩෙයි, රැවුලයි දෙකම වවන්න. ඇත්තටම මේ චරිතය වෙනුවෙන් මේ රැවුල කොණ්ඩෙ දෙකම මම ස්වාභාවිකවම වවා ගත්තා.

 

ඒ විදිහට එක චරිතයක් වෙනුවෙන් ශරීර ස්වභාවය වෙනස් කිරීම වෘත්තීය නළුවෙකුට ප‍්‍රශ්නයක්නේද?

ප‍්‍රශ්නයක්. ඒත් හොඳ චරිතයක් ලැබුණම ඒ චරිතය වෙනුවෙන්  ඕනැම කැප කිරීමක් කරන්න  ඕනැයි කියලා අපිට හිතෙනවා. ඒ නිසා මම කර්තේලිස් ගුරුන්නාන්සෙ වෙනුවෙන් මගේ කොණ්ඩෙයි, රැවුලයි වැවුවා.

 

කුසුම් රේණුට ඔබව අදුනගන්න පුළුවන් වුණාද?

කුසුම්ට නම් පුළුවන් වුණා. ඒත් සමාජයේ යම් යම් තැන්වලදී හුඟාක් අයටනම් මාව අඳුනා ගැනීම ප‍්‍රශ්නයක් වුණා.

 

මේ නාට්‍යයේදී ඔබට වැඩිපුරම ගැටෙන්න සිදුවුණු නළු නිළියන් කව්ද?

නලින් ප‍්‍රදීප් උඩුවෙල, දමිතා අබේරත්න සහ බිමල් ජයකොඩි. බිමල් රඟපෑවෙ මගෙ පුතාට.... හැබැයි ටෙලිනාට්‍යය පුරාවටම ඔහු රඟපෑවෙ මළ මිනියක් විදිහට.

රඟපාන්න ලැබෙන ඇතැම් චරිත වෙනුවෙන් නළුවෙකුට කරන්න සිදුවන කැපවීම, රඟපාන්න දැරිය යුතු වෙහෙස නිසා රඟපෑම ඔබට එපා වෙන්නත් ඇති.

මම දුක කියන දේ මව් කිරිත් එක්කම උරා බීපු කෙනෙක්. ඒනිසා රඟපෑම වෙනුවෙන්  ඕනෑම දුකක් විඳින්න,  ඕනෑම කැපකිරීමක් කරන්න මට පුළුවන්. ඒක දුකක් වුණත් මම ඒ දුක විඳින්නෙ සතුටින්.

 

ඔබට ඒ පන්නරය ලැබුණේ වේදිකාවෙන්ද?

හරියටම හරි.... මම වේදිකාවට පුදුම විදිහට ආදරෙයි. ඒ නිසාම තිත්ත කුසලාන. අමෘතය වගේ පානය කරන්න මට පුළුවන්. ඒ තිත්ත රසයෙන් මට දැනෙන්නෙ පුදුම රහක්. මම අදටත් වේදිකාව හැර නොයන්නේ අන්න ඒ නිසයි.

 

ශ‍්‍රියන්ත මෙන්ඩිස් හොඳම නළුවා වුණේ, පළමුවෙනි වතාවට නෙමෙයි?

අපොයි නෑ. මීට කලිනුත් මට හොඳම නළුවාට හිමි සම්මාන ලැබිලා තියෙනවා. බැද්දෙගෙදර, දඬුබස්නාමානය, බෝගල සවුන්දිරිස්, දෑකැති මුවහත, සත්ගුණාලංකාරය, සතර දෙනෙක් සෙන්පතියෝ, ධවල කඩුල්ල කියන ටෙලිනාට්‍යවල රංගනය වෙනුවෙන් මට සම්මාන හිමිවුණා.

 

20160829Shiryantha-2එහෙනම් මට කියන්න, ඔබ නැවත නැවතත් හොඳම නළුවා වීමේ රහස ගැන?

මට යම් චරිතයත් ලැබුණම මම චරිතය ගැන අධ්‍යයනය කරනවා. ඒ චරිතයේ ස්වභාවය, ඒ චරිතය ජීවත්වුණු කාලය, අදාළ පරිසරය, සමාජීය ජීවිතය වගේ බොහෝ දේවල් මම අධ්‍යයනය කරනවා. එහෙම කරලා මම ගෙදරදී මේ චරිතය ගැන කලින් පුහුණුවීමක් කරනවා. මම දර්ශන තලයට යන්නේ සන්නද්ධ වෙලා. දැනුමින් වගේම පෙර පුහුණුවෙනුත් සමහර වෙලාවට මම තිර පිටපතින් බලාපොරොත්තු වුණාටත් වැඩියෙ සාර්ථක විදිහට අදාළ දර්ශනයට පෙනී හිටල තියෙනවා. අන්න ඒක තමයි හොඳම නළුවා වීමේ රහස.

 

ඒ කියන්නෙ ඔබ අධ්‍යක්‍ෂටත් උගන්නන නළුවෙක්?

නෑ.... අපි ඒක මෙහෙම කියමු මම අධ්‍යක්‍ෂ මතම යැපෙන්නෙ නැති නළුවෙක් කියලා. මොකද ටෙලිනාට්‍යයක් කරද්දී අධ්‍යක්‍ෂගෙ ඔලූවෙ යම් යම් දේවල් තියෙනවනෙ.... නමුත් දක්‍ෂ නළුවෙකුට පුළුවනි, අධ්‍යක්‍ෂට අවශ්‍ය දේ ඔහු බලාපොරොත්තුවූවාටත් වඩා හොඳින් කරන්න. එහෙම කරනවට අධ්‍යක්‍ෂවරු වුණත් කැමතියි.

 

මේ දවස්වලත් ඔබ බොහොම කාර්ය බහුල නළුවෙක්.?

ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ ‘ආදරයේ සුවඳ අරන්’, තුසිත සිල්වාගේ ‘මන්දාරම් පුර’ කියන නාට්‍යවල රඟපානවා. මානසික අර්බුදයකින් පෙළෙන මිනිසෙක්ගෙ අමුතුම චරිතයක් තමයි මම රඟපාන්නෙ. එතකොට වේදිකාවෙ හංකිති දහතුන. මම ඒකෙ රඟපාන්නෙ ස්නායු රෝගයකින් පෙළෙන නඩුකාරයෙක්ගෙ චරිතයක්.

එතකොට පෝරිසාදයා කියන නිර්මාණයෙ දාරක පේ‍්‍රමය නිසාම හිරගත වෙන පියෙකුගෙ චරිතයක් රඟපානවා. අනික ජය ශ්‍රී ඇමැතිතුමා. මේකෙ මම රඟපාන්නෙ බල්ලකුගෙ හදවතක් සවිකරගත් ඇමැතිවරයකුගෙ චරිතයක්.

එහෙම කියපු ශ‍්‍රියන්ත බොහොම බරට හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාවෙන් තේරුණේ ලබන අවුරුද්දෙත් හොඳම නළුවා විදිහට සම්මානයට පාත‍්‍රවෙන්න තරම් මේ රැඟුම් ප‍්‍රබල වේවි කියලයි.

 

ශාන්ත කුමාර විතාන



අදහස් (0)

මම අධ්‍යක්ෂ මතම යැපෙන්නෙ නැති නළුවෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 160 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 2337 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 882 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 2577 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1549 8

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 2821 7

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39327 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25642 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 339 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1121 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site