IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මම ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්

2016-10-22-ent-07

මෙවර හදසර කතා බහට සම්බන්ධ කරගත්තේ සිරි පැරකුම් චිත්‍රපටයේ කළු එතනාගේ චරිතයට  පණ පොවමින් සිනමාවට පැමිණි සිනෙති අකිලා. ඇය ඕලු ලෙසින් රංගන දායකත්වය ලබාදෙන අලුත්ම චිත්‍රපටය සෝමරත්න දිසානායකයන්ගේ සරිගම චිත්‍රපටයයි.  ආදරණීය ප්‍රේක්ෂක ඔබට නුදුරැ දිනකදීම මේ චිත්‍රපටය දැක ගන්න පුළුවන්. මේ සිනෙති අකිලා ගේ මෙතෙක් සිනමා ගමන් මඟ ගැන  හදසර සමඟ කළ කතාබහකි. 

 

මේ දවස්වල මොකද කරන්නේ?

2016-10-22-ent-05මේ දවස්වල මගේ අලුත්ම චිත්‍රපටය වන සෝමරත්න දිසානායක මහතා ගේ සරිගම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව මම වැලි ඔටුන්න ටෙලි ඩ්‍රාමා එකේ දෙවන අදියරේ වැඩ වලට ලෑස්ති වෙනවා. ඒ වගේම වෙළඳ දැන්වීම්වලට සහ මනාලියන් දැක්මන් සඳහා දායක වෙන වැඩ තමා.

 

ඔබ වෘත්තිමය රංගන ශිල්පිනියක්  ද ?

ඔව් වෘත්තිමය රංගන ශිල්පිනියක්.

 

කොහොමද කොයි කාලේද ඔබ කලාවට සම්බන්ධ වුණේ?

පුංචිම කාලේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධවෙලා හිටියේ. ඊට පස්සේ තමා උසස් පෙළ කරන අවසන් කාලේ මම සිරි පැරකුම් චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

 

ඉගෙනීම් කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් ද ?

නැහැ. මම තවම ඉගෙනීම් කටයුතු කරනවා. මම උසස් පෙළටත් ජපන් භාෂාව හැදෑරුවා. ඒක මම නතර කළේ නැහැ. දිගටම ජපන් ඉගෙන ගන්නවා. ඒ වගේම මම අදහස් කරගෙන ඉන්නවා ජපන් භාෂාව ඉගෙන ගත්තට පස්සේ දමිළ භාෂාවත් ඉගෙන ගන්න. මම හරි ආසයි දමිළ භාෂාව කතා කරන්න. ඒ වගේම මම හිතනවා දමිළ ඉගෙන ගැනීම රංගන කටයුතුවලටත් වැදගත් වෙයි කියලා.

 

මොකද හිතන්නේ ඒ ලැබුණු අවස්ථාව ගැන?

මට ඒ කාලේ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. සිනමාව කියන්නෙ මොකක්ද කියලත් මට අවබෝධයක් තිබ්බේ නැහැ. හැබැයි මම ආසයි රඟපාන්න. නටන්න ආසයි. සින්දු කියන්න ආසයි ඒත් මේවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මට තේරැමක් තිබ්බ කාලයක් නෙවෙයි. ඒකට විශේෂ හේතුව මම ඒ කාලේ අධ්‍යාපනයටම මුල් තැන දීලා හිටිය නිසා. මගේ කුසලතාව හැර මම තව හදාගන්න ඕන දේවල් ඒ කියන්නේ බාහිර පෙනුම වගේ දේවල් ගැනවත් මට අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ නිසාම තමා සිරි පැරකුම් චිත්‍රපටයේ මම හරි මහතයි. දැන් මාව දකින අයට හිතා ගන්නත් බෑ. ඒ මමද කියලා?

 

කොහොමද ඒ චරිතයට  ලැබුණු ප්‍රතිචාර?

ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම ඒකෙ කළේ කළු එතනා කියන චරිතය. ඒක නපුරැ චරිතයක්. හැබැයි කියන්න ඕනේ ඒ චරිතයට මගේ පෙනුම හරියටම ගැළපුණා. දැන් ඉදිරියට එන සරිගම චිත්‍රපටයේත් මම රඟපානවා. ඉතින් ඉදිරියේදී ඒ චරිත දෙක අතර වෙනස දැක ගන්න පුළුවන්.

 

ගෙදර විස්තර.....

අම්මයි, තාත්තයි මමයි. මම පවුලේ එකම දරැවා. තව දෙයක් කියන්න ඕනේ මට අම්මලා පස් දෙනෙක් ඉන්නවා. ඒ මගේ අම්මගේ අක්කලා නංගිලා. ඒ හැමෝම මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. ලොකු අම්මා, සුදු අම්මා, කුසුම් ලොකු අම්මා, ඉන්ද්‍රාණි ලොකු අම්මා, ලොකු ලොකු අම්මා. මේ අය ඔක්කොම මගේ වැඩවලට සහයෝගය දෙනවා.

 

කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් කැමති වුණාද?

ඔව්. මගේ අම්මා සංගීතයට එහෙම ළැදි කෙනෙක්. එයාට හොඳට සින්දු කියන්න පුළුවන්. පවුලේ හැමෝම කලාවට ලැදියි. ඒ නිසා පුංචි කාලේ මගේ නැටුම්වලට තියෙන ආසාව උනන්දුව දැකලා මාව නැටුම් පන්ති පවා යැව්වා. හොඳින් කලාවේ ඉදිරියට යනවා දකින්න අම්මා ආසා කළා. ඒ නිසා මට ගෙදරින් ලැබුණේ ලොකු සහයෝගයක්.

 

දැනට දායක වුණු නිර්මාණ මොනවද ?

දැනට තිරගත වූ "සිරි පැරකුම්" චිත්‍රපටයත් මේ වසර තුළ තිරගත වීමට නියමිත "සරිගම" චිත්‍රපයත්. ඒ වගේම සුදේශ් වසන්ත පීරිස් මහතාගේ "රන් සයුර" චිත්‍රපටය සහ සෝමරත්න දිසානායක මහතාගේ ම තව චිත්‍රපටයක් කළා. ඊට අමතරව මීට මාස දෙකකට කලින් මම රෑපගතකිරීම් කරලා ආවා. බෙලිහුල් ඔය ප්‍රදේශයේ "රන් දෝලි" කියලා චිත්‍රපටයක් කළා. ඒක ප්‍රියන්ත සමරකෝන් මහතාගේ අධ්‍යක්ෂණයක්. සිනමාවෙන් ඔය නිර්මාණ තමා මම දායක වුණේ.

 

වැඩිපුර කැමති සිනමාවට ද ?

ඔව් සිනමාවට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වගේම පුංචි තිරයටත් කැමතියි. හොඳ නිර්මාණ ලැබුණොත් අනිවාර්ෙයන්ම මම භාර ගන්නවා. මම දැනට කරන වැලි ඔටුන්න කියන ඩ්‍රාමා එකේ නේත්‍රා කියන චරිතය එහෙම ගොඩක් ලස්සන චරිතයක්. මම ඒක රඟපාන්නේ ගොඩක් අාසාවෙන්. නමුත් දැනට මට වැඩිපුර ආරාධනා ලැබිලා තියෙන්නේ සිනමාවෙන්.

 

චරිත තෝරා බේරා ගන්නේ කොහොමද ?

මුලින්ම ඒ චරිතය මට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් මම භාර ගන්නේ නැහැ. එහෙම මට දැනෙන ඕනම චරිතයක් මම භාර ගන්නවා. එහෙම නැතුව කළු චරිතයක්ද සුදු චරිතයක්ද කියලා නම් මම බලන්නේ නැහැ. මට ඕනේ ඒ ලැබෙන චරිතය තුල දෙයක් කරන්න නැතුව චරිතයේ දිග පළල නෙවෙයි.

 

දැනට කරපු චරිත අතර කැමතිම චරිතය මොකක්ද?

මම ආසයි "රන් සයුර" චිත්‍රපටයේ සඳලිගේ චරිතයට සහ "සරිගම" චිත්‍රපයේ ඕලු ගේ චරිතයට. ඒ වගේම කැමතිම චරිතයක් තමා වැලි ඔටුන්න කියන නට්‍යයේ නේත්‍රා කියන චරිතය.

 

අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති?

අමතක නොවන අත්දැකීම්  නම් ගොඩක් තියෙනවා. එකක් මතක් කරනවා නම් සිරි පැරකුම් කරන කාලේ අපේ ළමා කාලයට හිටිය තුන්දෙනා සහ අපි හයදෙනා අඹන් ගඟේ රෑපගත කිරීම් කරන කොට කලින් කියල තිබ්බා ගඟේ වාන් දොරටු වහන්න කියලා. නමුත් එයාලගේ අත් වැරදීමකින් කව්රැ හරි නොදැනුවත්ව දොරටු විවෘත කරලා. අපිට දැන් ටික ටික දැනෙනවා වතුර වැඩි වෙනවා. ඊට පස්සේ සෝමරත්න මහතා සහ රේණු මැඩම් හොඳටම බය වෙලා. මුළු සෙට් එකම බය වෙලා පොඩි ළමයි කරේ තියාගෙන. වතුරේ වැටි වැටී අපි ගොඩට ආවේ. ඉතින් අපිට එදා හිතුණේ මේ වතුර පහර මේ තරම් සැර නම් සුනාමි කොහොම එන්න ඇතිද කියලා. ඒ අත්දැකීම නම් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම මී හරක් රංචුවක් මගේ සහ සෙනාලිගේ පස්සෙන් එලෙව්වා. ඒකත් අමතක නොවන බය හිතුණ අවස්ථාවක්.

 

සිනෙති රඟපාන්න කැමති චරිතයක් තියෙනවද?

මම කැමති ගොඩක් ගැමි චරිත කරන්න. ඒ තුළත් ජීවත් වෙන්න උත්සහ දරන ජීවිතේ ප්‍රශ්නවලට මුහුණදෙන, ඒ කටුක අත්දැකීම් මතින් සාර්ථක වෙන චරිත ඒවාට මම කැමැතියි. රන් සයුර චිත්‍රපටයේ මම කරපු සඳලි කියන්නෙත් එහෙම චරිතයක්.

 

ආදරය ගැන අහන්නේ නැතුවම බැහැ?

මම ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්.

 

දැන් ආදරය කරන්න විශේෂ කෙනෙක් ඉන්නවද?

ඔව්. ඒ ගැන මම පස්සේ කියන්නම්.

 

අනාගත බලාපොරොත්තු මොනවද?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ මට. හැමදාම සතුටින් ඉන්න එක  තමා මගේ බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් කියන්න දෙයක් ඇති......

අනිවාර්ෙයන්ම, මට ස්තූති කරන්න ඕනේ සෝමරත්න සර්ට සහ රේණු මැඩම්ට. මාව විශ්වාස කරලා සිරි පැරකුම් චිත්‍රපටයට සහ සරිගම චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තට. මම හැමදාම කියන දෙයක් මගේ කලා ක්ෂේත්‍රයේ අම්මයි තාත්තයි ඒ දෙන්නා. ඉතින් මම හැමදේම කරන්න කලින් ඒ දෙන්නගෙන් අහලා කරන්නේ. ඒ වගේම මගේ අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුම දෙනාත් මාව නිර්මාණවලට සම්බන්ධ කරගත්ත සියලුම දෙනාත් මගේ සියලුම යහළුවන්වත් මේ වෙලාවේ මම ගොඩක් ආදරෙන් මතක් කරනවා වගේම ඒ අයට ස්තූතිවන්ත වෙනවා.

 

නීෂා - ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-10-22-ent-06
2016-10-22-ent-04
2016-10-22-ent-21
2016-10-22-ent-22
2016-10-22-ent-25



අදහස් (0)

මම ආදරයට ගොඩක් ආදරේ කරන කෙනෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 24 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 122 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 625 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 364 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1425 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 321 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39724 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 47 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1242 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site