IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මම ඇත්තටම සතුටින් ඉන්නේ

හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින්  ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත තවත් පිරිසකට ලබාදීමට සමත්ව සිටින්නීය. පසුගිය ජනවාරි මාසයේ ඇරඹි ඒ හඬ පුහුණුවෙහි රිද්මය අභ්‍යාස ලෙස හැදෑරූ පිරිස සමඟ එක්ව මේ මොහොතේදී ඇය සූදානම් වන්නේ එහි අරුත සමාජයට ප‍්‍රකාශ කිරීමටය.

 

‘හදවතේ රිද්මය’ ගෙනෙන නිරෝෂා

බීට්ස් ඔෆ් හාර්ට්  (Beats of Heart) නම් වූ නිරෝෂා සතු හඬ පුහුණු ආයතනය ඉදිරිපත් කරන මේ කටයුත්තට සාපේක්‍ෂව අපි ඇය සමඟ පිළිසඳරකට එක්වෙමු. නිරෝෂා ඔබ විසින් කටහඬ පුහුණු කිරීමේ ආයතනයක් පටන් ගත්තෙ මොන අරමුණකින්ද? මොන කාලයේදීද? කොහොමද එහි කටයුතු සිදුවන්නේ? මේ රටේ රියැලිටි වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා යම් විදියකට මට නිරන්තරයෙන්ම වාගේ ඒවාට දායක වෙන්න ලැබුණා. ඒවාට දායක වූ කෙනෙක් ලෙස අපේ අලූත් පරම්පරාව වෙතින් මා දුටු බොහෝ දේ තිබුණා. ඔවුනට බොහෝදුරට හඬ පුහුණුව සඳහා ලැබී ඇති අවකාශය අල්පයි. එය අපේ රටේ සිදුවන්නෙ ඉතා අල්ප වශයෙන්. එක්කෝ විභාග සඳහා, නැත්නම් වෙනත් සරසවි මට්ටමින් හෝ ආයතන මට්ටමින්. ඒත් ප‍්‍රධානව ගායනය සඳහා කටහඬ පුහුණුව ලැබිය හැකි ආයතනයක් නැහැ. වෙනත් රටවල ලෝක පූජිත ශිල්පීන් ලෝක චරිත බවට පත්ව සිටින්නේ මෙවැනි හඬ පුහුණුව නිරන්තරයෙන්ම ලබන නිසයි.   ඇයි ගායනයට හඬ පුහුණුව වැදගත්? කෙනෙකුට විවිධ ශෛලීන් හඳුනාගෙන වඩාත් නම්‍යශීලීව ගැයීමට නම් හඬ පුහුණුව අභ්‍යාස ලැබිය යුතුමයි. එහෙම නොවනවා නම්  ඕනෑම ශෛලියක ගී ගැයීමේ හැකියාව අසීරු වෙනවා. මේ මඟින් අපේ අරමුණ තනිකරම හඬ පුහුණුව ලබාදී එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රිද්මය ලබාදීමටයි. මේ නිසා තමන්ට ගායනය කිරීමේ පහසුව ලැබෙනවා. ඊට අමතරව ප‍්‍රාසාංගිකව වේදිකාවේ ගී ගැයීමේදී පෞරුෂය කියන දේ වැදගත් වෙනවා. මොකද අද බොහෝ විට සිද්ධ වෙන්නෙ ගීත අසනවාට වඩා ගීත බැලීම නොහොත් නැරඹීමයි. මේ නිසා ප‍්‍රාසාංගික වේදිකාවේදී ගායනය කරනු ලබන විට පේ‍්‍රක්‍ෂකයා තමා කෙරෙහි ඇද බැඳ නතුකර තබා ගැනීමට ආකර්ශනයක් අත්‍යවශ්‍යයයි. ප‍්‍රාසාංගික බව රැුඳෙන්නෙ එවිටයි. අන්න ඒ ප‍්‍රාසාංගික බව උදෙසා පෞරුෂය මෙහෙයවීම වැදගත්. වේදිකාවේදී අපි හැසිරෙන්න කොහොමද කියන දේ ගැන. මෙකී සියල්ල ඒ ඒ අංශ වලට නිපුණ ප‍්‍රවීණයින් ලවා මහාචාර්ය සුනිල් ආරියරත්න, කිෂු ගෝමස්, රෝසි සේනානායක වැනි ප‍්‍රවීණ චරිතවල ගුරු හරුකම් යටතේ ලබා දීම සිදු වෙනවා.   මේ ප‍්‍රසංගය කුමක්ද? මගේ ප‍්‍රමුඛත්වයෙන් බිහිකළ ‘‘බීට්ස් ඔෆ් හාට්’’ ආයතනය සිසු සිසුවියන් එලෙසින් අභ්‍යාස ලබා හැකියාවන් පෙන්නුම් කරන ප‍්‍රාසාංගික මොහොත හැටියට එය හඳුන්වන්න පුළුවනි. එය පැවැත්වෙන්නෙ මෙම 2 වැනිදා (අද) බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සවස 6.00 ට මේ ළමුන්ගේ දක්‍ෂතා ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම හරිම අපූරුවට සිදුවේවි. ඉන්පසු ඔවුනට සහතිකපත් බෙදාදෙන මේ මොහොත සඳහා අපි විවිධ ක්‍ෂේත‍්‍ර වලට අයත් විශාල පිරිසකට ඇරයුම් කර තිබෙනවා.   මේ සියල්ල අතරේ ගෙවෙන ඔබගේ ජීවිතය මොන වගේද? සත්තකින්ම හරිම කාර්ය බහුල කාලයක්. මට මං වෙනුවෙන් වඩා මම ආසාවෙන් හිතාගෙන හිටපු දෙයක් මේ. ඒ නිසා ඒකට වැඩිපුර කාලය යොමු කරවන අතරේ දේශීය විදේශීය ප‍්‍රසංග වලට සහභාගී වෙමින් කාලය ගෙවනවා. ඊට අමතරව එදා සිට කළ සමාජ සත්කාර නවතා නැහැ. පිළිකාවට ගොදුරු වී ඇති ළමුන් බේරා ගැනීමේ මෙහෙවරේ සහායිකාවක ලෙසද, ශූර ගොවියා පළාත් නියෝජිතවරියක කටයුතු කරනවා. මේ සියල්ල නිසා ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්.   ගෙවී ගිය ජීවිතයේ සිදුවූ සියල්ලට සාපේක්‍ෂව දුක්වූ සතුටු වූ අවස්ථා තියෙනවද? හැමෝගෙම ජීවිත වලට සතුට එනවා. ඒ වගේම දුකත් එනවා. එය ස්වාභාවිකයි. ඒ සියල්ල අපට අහක් කරන්න බැහැ. ඒ සියල්ල අතරේ මොන දේ හෝ වේවා ජීවිතය දිහා සුබවාදීව සහ යහපත් දැක්මක් ඇතිව බලන්න පුළුවනි නම්? හිතන්න පුළුවන් නම්? යහපත් ජීවිතය කියන්නෙ එයටයි. අනෙක ජීවිතේ කියන්නෙ හරි කෙළින් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. වෙනස් වීමට නිරන්තරයෙන් ලක් වෙනවා. ඒ සියල්ල හොඳට ගෙන උපේක්‍ෂාවෙන් බැලීම තමයි හොඳම දේ.   නිරෝෂා මේ ගෙවී ගිය කාලයේදී ඔබ ගීතයෙන් කළ කී දේ ශ‍්‍රාවකයින්ට හදවතට දැණුනා කියලා හිතනවාද? සත්තකින්ම ඔව්. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එදා ඉඳලා අද දක්වා මට ලැබෙන ප‍්‍රතිචාර සහ ගායනය සඳහා ලැබෙන ආරාධනා අනුව මට එය කියන්න පුළුවනි. ඔව්. සහතිකයි. මම හදවතට දැනෙන්න ගායනා කළා. ඒ නිසාම මම සමාජයේ ආදරයට නිරන්තරයෙන් යොමු වු බව කියන්න පුළුවනි.   ඒ විදියට ඔබ ගැයූ ගීත අතරින් ඔබගේ හදවතට ස්පර්ශ වූ ගීතය ගැනත් සඳහනක් කළොත්? ඇයි ඒ ගීතය සමීප කියලත් කිව්වොත්? මා ගැයූ ගී සියල්ලටම යම් යම් විදියට ආදරෙයි. කැමතියි. ඒ අතරින් ජීවිතයේ හැබෑවට සමීපව ආදරයට සමීපව ‘‘සිනාතොටක් විය’’ ගීතයටත් පුන්සඳ රෑට ගීතයටත් වඩාත් ඇල්මක් දක්වනවා. යම් කිසි දුරකට ජීවිතයේ අත්දැකීම් මුසුවූ නිසා ඒ ගීත හදවතේ රිද්මයෙන්ම ගැයෙන්න ඇති.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

මම ඇත්තටම සතුටින් ඉන්නේ

මාලක Tuesday, 04 September 2012 03:05 AM

දයා, ඔයා මොන ලෝකෙද ඉන්නේ? (නි)

:       0       0

දිල්රුක්ෂි Friday, 14 September 2012 12:00 PM

ඔයාගේ සෑම ගීතයකටම මම ආසයි. ඔයාට තියෙන්නේ ලස්සන කටහඩක්. (නි)

:       0       0

රවිනු Sunday, 02 September 2012 04:47 PM

ගොඩාක් හොදයි (දී)

:       0       0

ශ්‍රී සර Friday, 07 September 2012 11:11 AM

නිරෝෂා ගායනා කරන ලස්සන ගීත තියන බව ඇත්ත. ඒ උනාට මේ අය මේ ආයතන පටන් ගන්නෙ සල්ලි හම්බකරගන්න මිසක්, ගායනය පුහුණු කරන්නද කියලා සැකයි. තමන්ට ගායනය හැකි වූ පමණින් අනිත් අයට උගන්වන්න බැහැනේ. අඩුම ගානේ කිසිම සංගීත ඩිප්ලෝමාවක් උපාධියක් තියනවද? තමන්ගේ හැකියාවට මිලක් නියම කලාට කමක් නැහැ, නමුත් සදාචාරාත්මකව. තමන්ගේ ගායන හැකියාවෙන් ගීත ගායනා කරල මුදල් ඉපැයුවට කමක් නැහැ.(ස)

:       0       0

පාලිත Wednesday, 05 September 2012 01:56 PM

මෙයා අවුරුදු 12 දි සිංදු කියන්න ආවා අපි කරපු සංගීතයකට ..ඒ පොඩි ළමයයි අද නිරොෂයි බලපුවහම අනේ මන්දා......................(ස)

:       0       0

වජිර Sunday, 02 September 2012 05:10 PM

මගේ ප්‍රියතම ගායිකාව .සුභ පැතුම්..(ස)

:       0       0

සමන් Monday, 03 September 2012 09:29 AM

අපි ඔයාට ගොඩක් ආදරෙයි නිරොෂා‍‍‍...(ස)

:       0       0

ගයාන් Monday, 03 September 2012 09:23 AM

ඔයාගේ සිංදුත් ලස්සනයි..ඔයත් ලස්සනයි‍‍‍ (ස)

:       0       0

තරංග Friday, 14 June 2013 12:17 PM

කෙනෙකුගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. එයා රට වෙනුවෙන් කළ දායකත්වය සහ මිනිස්සුන්ගේ හදවතට සමීප ගීත ගායන කළ එකයි අපිට වැදගත්. ඔබට ජය (නි)

:       0       0

මේරියන්ස් Thursday, 13 September 2012 06:31 AM

නිරෝෂා, පුංචිකාලෙ ඉදලම මම ඔයාගෙ ගීතවලට ගොඩක් කැමතියි. තවත් ලස්සන ගීත අපි වෙනුවෙන් ගයන්න. බුදු සරණයි. (නි)

:       0       0

දුමින්ද Monday, 03 September 2012 09:50 AM

නිරොෂා අක්කේ..ඔයාට අපෙන් සුභ පැතුම්..(ස)

:       0       0

හේමන්ත Sunday, 02 September 2012 06:04 PM

සැමදාම සතුටින් ඉන්න (දී)

:       0       0

හේමන්ත Friday, 07 September 2012 07:36 PM

මෙයාලගේ රූපයට අපි කැමතියි. මේක්අප් වලට අකමැතියි. (නි)

:       0       0

කමණී Sunday, 09 September 2012 03:02 AM

සතුටු වෙනවා මිසක් දුක් වෙන්න ඔයාට හේතුවක් නැහැනේ. (නි)

:       0       0

ජයතිලක Friday, 07 September 2012 12:28 PM

නිරෝෂා නංගි ඔයාට හදවතින්ම සුබපතමි ........... (දී)

:       0       0

කේ. පැස්කුවල් Friday, 07 September 2012 08:07 PM

ගීතවලින් පමණක් නෙවෙයි සහෘදය..!!(නු)

:       0       0

ටුආන් Sunday, 02 September 2012 06:47 PM

ලංකාවේ පළමු වතාවට මේක අලුත් වැඩක්. (නි)

:       0       0

ප්‍රවීන් Sunday, 02 September 2012 07:12 PM

සාරියට තමයි නිරෝෂා ලස්සන (දී)

:       0       0

දයා-සවුදි Monday, 03 September 2012 05:47 PM

ලස්සන රුවක්, ලස්සන කටහඩක් ති‍යාගෙන ඇයි ඔයා තවමත් තනියෙන් ඉන්නේ? (නි)

:       0       0

සම්පත් Monday, 10 September 2012 10:04 PM

ඔයාගේ ගීත වල තේරුම දැනෙන්නෙ දැන් තමයි. මම හිතුවෙ ගීත රචකයාගේ අදහස් විතරයි කියලා. සුභ අනාගතයක්! තෙරුවන් සරණයි! (නි)

:       0       0

චන්දි Tuesday, 04 September 2012 12:09 PM

ඇත්තටම ‍ඔයාගේ සිංදු ඇත්තටම ලස්සනයි අක්කේ...(ස)

:       0       0

වෙනුර Wednesday, 12 September 2012 12:47 AM

නියම වැඩක්. ඔබට සතුට සහ ජය! (නි)

:       0       0

සයීඩ් කියානි Thursday, 06 September 2012 11:21 AM

මම ඇත්තටම ඔයාට සුභ පතනවා..!!(නු)

:       0       0

මධු Wednesday, 12 September 2012 01:28 PM

ලස්සන හඩක් තියෙන, අහගෙන ඉන්න ආසා සිංදු කියන කෙනෙක්. ඔබට ජය! (නි)

:       0       0

විජිත Saturday, 08 September 2012 12:16 AM

ඔබේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නැත... ඔබේ ගීත ඉතාම ලස්සනයි.. කංකලුයි..!!(නු)

:       0       0

කල්‍යාණි Sunday, 02 September 2012 10:05 PM

ෆොටෝ ටික නම් නියමයි (දී)

:       0       0

සදුන් Sunday, 02 September 2012 10:22 PM

මම නිරෝෂාගේ ප්‍රේක්ෂකයෙක්.. මම කැමතියි එයා ගායනා කරන සිංදුවලට..!(නු)

:       0       0

චම්මි Thursday, 06 September 2012 01:08 PM

ඔබගේ හඩ ඉතාම මිහිරීයි.. මම සුභ පතමි..!! (නු)

:       0       0

රංජිත් Wednesday, 05 September 2012 05:51 PM

නිරෝෂා පුංචිකාලෙ ඉදලම මම ඔයාගෙ ගීතවලට ගොඩක් කැමතියි.. තවත් ලස්සන ගීත අපි වෙනුවෙන් ගයන්න.. බුදු සරණයි..!!(නු)

:       0       0

නිමල් Monday, 03 September 2012 01:28 AM

මම නිරෝෂාට කැමතියි. (නි)

:       0       0

ලියනගේ Monday, 03 September 2012 01:46 AM

මම කැමති ඉතා අපූරු හඩක්. (නි)

:       0       0

කමල් Monday, 03 September 2012 03:00 AM

නිරෝෂා, ඔයාගේ සිංදු ඇත්තටම ලස්සනයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 08 September 2012 06:37 PM

විජිත කන්කළු හිංදද කරාබු දෙකක් දාලා නැත්තේ..!!(නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 06 September 2012 01:26 PM

මම නිරෝෂාගේ සිංදු වලට කැමතියි. නමුත් නිරෝෂාට අකමැතියි. (නි)

:       0       0

පනාගොඩ Monday, 03 September 2012 04:51 AM

අහන්න සතුටුයි (දී)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 08 September 2012 06:46 PM

කන් කළුයි.. දත් සුදුයි..!(නු)

:       0       0

මංජුල Monday, 03 September 2012 06:09 AM

ඇත්තටම ලස්සනයි. (නි)

:       0       0

රුකී Monday, 03 September 2012 07:20 AM

හරිම ෂෝක් (දී)

:       0       0

සුබාෂිනි Wednesday, 05 September 2012 02:33 AM

මෙවැනි වෙනස් අදහනු බැරි ලෝකය සිරගෙයක් නිරෝ‍‍‍.....ඔයාට විතරක් නෙමෙයි අපිටත් එහෙම තමයි...(ස)

:       0       0

ශානා Sunday, 02 September 2012 04:27 PM

මේක්අප්ස් කිලෝ ග්‍රෑම් එකක් විතර පාවිච්චි කරලා වගෙයි මට නම් පේන්නේ. (නි)

:       0       0

සතිස් Saturday, 08 September 2012 08:20 PM

මෙම පිංතූරවල ඉන්නේ නිළියක්ද ගායිකාවක්ද? අනේ මංදා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 20 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 190 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 371 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 359 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 358 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site