රූප ස්වභාවය හිමි අවුරුදු කුමාරියක් සමගින් මේ බක්මහේදී අපි කතා කරන්න හිතුවා. ඒ රුවංගි රත්නායක. ඇගේ අදහස් මෙසේය.
ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් තමයි මට දෙවනි ස්ථානය ලබාගන්න හැකිවුණේ. ඒ 2010 වර්ෂයේදී.
පළවෙනි වටේ තරගයේදී 500 අධික ප‍්‍රමාණයක් වගේ හිටියා. එහිදී පළවෙනි දවසෙම පළවෙනි වටයෙන් කිහිප දෙනෙක් තෝරලා දෙවෙනි වටයෙනුත් තෝරලා අවසන් වටයට 12 දෙනෙක් තෝරගත්තා. ඒ ඔක්කොම එක දවසින් සිදුවුණේ.
මම පළවෙනි වටේට සහ දෙවනි වටේට ඇන්දෙ රතු පාට චීත්තෙයි හැට්ටෙයි. අවසාන දවසෙදි මැජෙන්ටා වර්ණයෙන් චීත්තෙයි හැට්ටෙයි ඇන්දෙ.
මට ජයග‍්‍රහණ කරන්න පුළුවන් වෙයි කියලා හිතුණා. මොකද ගොඩක් අයගෙන් ප‍්‍රතිචාර ලැබුණා. ඒ රූපවාහිනියෙ අන්තිම වටේ ළං වෙද්දි අනිත් තරග වටවල දේවල් පෙන්නුවා. ඒවා බලලා ලැබුණු ප‍්‍රතිචාර මත මොකක් හරි දිනන අවස්ථාවක් ලැබෙයි කියලා හිතුණා.
ඉතින් මට දෙවෙනි ස්ථානය ලැබෙද්දි ගොඩක් සතුටු හිතුණා. ඒක වචනවලින් කියන්න බැරිතරම්. මට ඒ වෙද්දි එච්චර වයසක් නෑ. ක්‍ෂේත‍්‍රයේ ගොඩක් දේවල් මට පුරුදුත් නෑ. මම ඒ කාලෙ ක්‍ෂේත‍්‍රයේත් නෑනෙ. ඉතින් ඒ තරගයට මුහුණ දෙද්දිත් ලොකු බයක්, පැකිලීමක් මගේ තිබුණා. කොහොම හරි ඉතින් 2වන ස්ථානය ලැබුණා.
අවුරුදු කුමාරි හරහා මට ගොඩක් අවස්ථා ලැබුණා කලා ක්‍ෂේත‍්‍රයට පිවිසීම සඳහා. ඒ රූපවාහිනියෙ නිවේදිකාවක් ලෙස වැඩ කරන්න. ඒ සඳහා පුහුණුවීම්වලට පවා අවස්ථාවක් ලැබුණා. ඒ වගේම රංගනය සඳහා මට පළමුවෙන්ම සම්බන්ධ වෙන්න ලැබුණෙ රූපවාහිනියෙ අධ්‍යක්ෂ කෙනෙක්ම කරපු ”බිනරි” ටෙලිනාට්‍යයට. ඒ ටෙලිනාට්‍යයෙ ප‍්‍රධාන චරිතය නෙමෙයි කළේ. නමුත් එතනින් තමයි මම මුලින්ම රඟපාන්න පටන් ගත්තෙ. පසුව ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසයේ නත්තල් නාට්‍යයක වැඩ කළා. ඒ නාට්‍ය තමයි රූපවාහිනියෙ පළමුවෙන්ම විකාශය වුණේ.
ඉතින් ඒ විදියට අවුරුදු කුමරි හරහා පැමිණි මේ ගමන ජනප‍්‍රිය නිළිය දක්වාම ඇවිල්ලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි.
ධනු විජේරත්න / ඡායාරූප - රුවංගිගේ ෆේස්බුක් ගිණුමෙන්
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මම ඇන්දෙ රතුපාට චීත්තෙයි හැට්ටෙයි