IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මම ඇමැති පුතෙක්...

2016-06-03-ent-229කොහොමද කාංචන ජීවිතේ?

වෙන තරුණයන්ට වැඩිය ටිකක් අවිවේකී ජීවිතයක් වගේම වෙනස් ජීවිතයක් තමා තියෙන්නේ.

 

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල විශේෂයෙන්ම ගංවතුරින් විපතට පත් වූ අය ගැන සොයා බැලුවා, කැලණිය කොළොන්නාව ප්‍ර‍දේශවල. මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කරගෙන ඉන්නවා.

 

කාංචනගෙන් ඇහුවොත් දේශපාලනයට ආවේ තාත්තා දේශපාලනය කළ නිසාද කියලා?

නැහැ. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. මොකද තාත්තා දේශපාලනය කළ නිසාම නෙවෙයි. තාත්තා දේශපාලනය තුළ ඉන්න කාලේ මම දේශපාලනය කළේ නැහැ. අකුරුස්ස ගොඩපිටියේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයත් එක්ක මගේ පියාට දේශපාලනයෙන් සමුගන්න සිද්ධ වුණා, ඇති වූ රෝගී තත්ත්වයක් එක්ක. එතකොට මම දෙවිනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ විදිහට කටයුතු කළේ. ඒ වෙලාවේ ආපු ඉල්ලීමක් එක්ක තමා දේශපාලනයට ආවේ. මගේ ජයග්‍රහණයට තාත්තාගේ දේශපාලනය ඉවහල් වුණා 100% ක්ම. නමුත් පියාට මගේ දේශපාලන ගමනට මැදිහත් වෙන්න බැරි වුණා ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වූ නිසා.

 

දේශපාලනයට ආවේ නැත්නම් ඔබේ වෘත්තිය?

 අනිවාර්යයෙන්ම ව්‍යාපාර කටයුතු.

 

පාසල් කාලය ගැන මතක් කළොත්?

 මම පාසල් තුනකට ගියා. මුලින්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය. එහි වසර 7ක්. දෙවනුව කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. සා/පෙලින් පස්සේ මම උසස් පෙළ කළේ ආසියානු ජාත්‍යන්තර පාසලේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලන්ඩන් A/L කළා. (ඊට පස්සෙ විදෙස් ගතවුණා - විශ්වවිද්‍යල අධ්‍යාපනයට)

 

කැමතිම විනෝදාංශය?

 පාපන්දු, රග්බි, ක්‍රිකට්. මේ ක්‍රීඩා තුනටම අදාළ තරග නැරඹීම තමා ලොකුම විනෝදාංශය

 

කැමතිම ක්‍රීඩාව?

 රගර් ක්‍රීඩාව.

 

කැමතිම ඇඳුම?

පුළුවන් තරම් ගැළපෙන ඇඳුමක් ඇඳීම තමා කරන්නේ.

 

ජාතික ඇඳුම?

පාර්ලිමේන්තුවට

 

යුරෝපීය ඇඳුම?

මිතුරන් අතරට

 

විවේකයක් ලැබුණම ගතකරන්න කැමතිම තැන?

මාතර නිවස

 

නිවාඩුවක් ලැබුණම යන්න කැමති?

යාල වනෝද්‍යානයට.

 

කැමතිම කෑම?

විශේෂ කෑමක් කියලා නැහැ. විවිධ කෑම ජාති කාලා බලන්න කැමතියි.

 

2016-06-03-ent-230ආදරය ගැන මොකද හිතන්නේ?

ආදරය දේශපාලනයත් එක්ක සංකීර්ණයි.

 

දැනට ආදරය කරන විශේෂ කෙනෙක් ඉන්නවද?

නැහැ.

 

කැමතිම වාහනය?

එහෙම වාහනවලට ලොකු කැමැත්තක් නෑ. දැනට මම TOYOTA වර්ගයේ වාහනයක් පාවිච්චි කරන්නේ. මට ගමන් කරන්න පුළුවන් නම් ඒ ඇති.

 

අනාගත ඉලක්ක?

 ඉලක්ක තමා ජයග්‍රහණය කරපු මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට කරන්න පුළුවන් උපරිම දේ කිරීම. ඒ වගේම රටක් හැටියට අපට ලබාගන්න පුළුවන් හැම ජයග්‍රහණයකදීම මට ලබාදෙන්න පුළුවන් දායකත්වය උපරිමව ලබාදෙනවා.

 

දේශපාලනය කිරීම තුළ කාංචන තෘප්තිමත්ද?

ඇත්තටම තෘප්තිමත්. මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් විදිහට අවුරැදු 5ක් කටයුතු කළා, මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු පක්ෂය තුළ. එහිදී දෙවිනුවර සංවිධායක හැටියට විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් වුණා. දැන් විපක්ෂය නියෝජනය කරන්නේ. අපහසුතාවට පත් වූ අවස්ථා නැතුවාම නෙවෙයි. නමුත් දේශපාලනය කිරීම ගැන තෘප්තිමත්.

 

දේශපාලනයට එන්න පෙර ඔබ පියාගේ බලය අයුතු ලෙස පාවිච්චි කරපු අවස්ථා තියෙනවාද?

එහෙම නැහැ. නමුත් ඇතැම් මත ගැටුම් සිදු වූ අවස්ථාවල ඒ දේට මම සෘජුව සම්බන්ධ නොවුණත් මම ඇමැතිගෙ පුතා වීම නිසා එම අවස්ථාවන්හිදී වැඩි චෝදනාවට ලක් වූ අවස්ථා තියෙනවා. බලය අයුතු ලෙස භාවිත කළා කියන ලේබලය වැදිලා තියෙනවා.

 

මතක් කළොත් සිදුවීමක්?

 එක සැරයක් කබීර් හෂීම් ඇමතිතුමාගේ සහෝදරයෙක් එක්ක මගේ මිතුරන් අතර සිදු වූ බහින්බස් වීමක් අවසානයේ සමතයට පත්වුණේ උසාවි ගිහින්.

 

අවසාන වශයෙන් ඔබ ඔබ ගැනම කිව්වොත් ඔබ මොනවගේ කෙනෙක්ද?

පිළිවෙළකට වැඩ කරන්න කැමති, වෙලාවට වැඩ කරන කෙනෙක්. ඉතිං ඒ වගේ දේවල් සිදු නොවන අවස්ථාවලදී කේන්තිත් යනවා. ඉතිං සරලව ජීවත් වෙන්න උත්සාහ කරනවා. 

 

අනූ

 

DESHAYA



අදහස් (0)

මම ඇමැති පුතෙක්...

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 276 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 911 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 48 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1765 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6293 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1846 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site