IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මම ඉෂානි වගේ බොළඳ නැහැ

 

20160902Ishani-2

මේ දිනවල විකාශය වන රූපවාහිනී නාට්‍ය අතර ජනප‍්‍රිය ඉන්දියානු ටෙලි නාට්‍යයක් වන ”සදහටම ඔබ මගේ” පේ‍්‍රක්ෂක ජනප‍්‍රියත්වයේ ඉහළටම ඔසවා තබා ඇති ටෙලි වෘතාන්තයක්. පේ‍්‍රමය, විරහව, වෛරය, ආත්මය කොටගත් දෙහදක පේ‍්‍රමාන්විත ආමන්ත‍්‍රණය රන්වීර් සහ ඉෂානි මේ වෙනකොට නාට්‍ය පේ‍්‍රක්ෂකාගාරයේ ජනප‍්‍රිය චරිත දෙක බවට පත්වී හමාරයි. එහි හඬ කැවීම් අතරතුර අපි ගියා පුංචි තිරයේ ඔබ ආදරය කරන ආදරයෙන් හදබැඳ ගත් ඉෂානිට හඬ දෙන අපේ ඉෂානිව සොයාගෙන.

”ආත්ම ගාණක් යනකම් මම ඔයත් එක්ක හැමදාම ඉන්නවා රන්වීර්....

”ඔයාගේ හැම දුකකදීම, කරදරයකදීම මම ඔයත් එක්ක ඉන්නවා.... සත්තයි....”

”අද වෙනකම් මේ කතන්දරේ රන්වීර්ගේ.... ඒත් අදින් පස්සේ මේක ඉෂානිගේ ආදරේ ඒක පොරොන්දුවක් රන්වීර්”

ඉෂානිගේ පොරොන්දු විශ්වාස කරන්න පුළුවන්ද?

හ්ම්....... එක මම කියනවාට වඩා බලලම තීරණය කරන එක හොඳයි නේද? හැබැයි මම නම් කවදාවත් පොරොන්දු කඩ කරන්නේ නෑ.

ඔබ හොඳින් හඳුනන, හුරුපුරුදු, ලෙංගතු ලයාන්විත හඬ.... ඇය පාරමී රණසිංහ. කවුරුත් ආදරය කරන ඉන්දියානු ඉෂානිගේ චරිතයට හඬ කැවීමෙන් දායකවන අපේ ඉෂානි සඳැල්ල සමග කතාබහකට එකතු වූයේ මෙලෙසිනි.

 

20160902Ishani-1ඔබ පේ‍්‍රක්ෂකයාට නුහුරු නුපුරුදු චරිතයක් නෙමෙයි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

මුලින්ම කියන්න  ඕන මම ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට තමයි සේවය කරන්නේ. නුග සෙවණ, රිවිදින අරුණැල්ල වගේ වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරනවා. ඊට අමතරව හඬ කැවීම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා.

 

ඔබ මුලින්ම කලාවට පිවිසෙන්නේ නිවේදිකාවක් විදිහටද? එහෙම නැත්නම් හඬ කැවීම් ශිල්පිණියක් විදිහටද?

උසස් අධ්‍යාපනයෙන් පස්සේ නිවේදිකාවක් විදිහට හිරු ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එතනින් පස්සේ මට ගුවන්විදුලියෙම හඬ කැවීම් වලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මුලින්ම මට හඬ කැවීම් ශිල්පිණියක් වෙන්න අවස්ථාව ලැබුණේ සිරස ඔඪ හරහා. ඒ කාටුන් එකක පුංචිම පුංචි චරිතයකට.

 

එදා ඒ හඬකවපු පුංචිම පුංචි චරිතයෙන් අද හැමෝම ආදරය කරන ජනප‍්‍රිය චරිතයක් බවට පත්වෙලා?

ගොඩක් සතුටුයි. මීට වසර 15කට ඉහතදී තමයි නිවේදන කලාවට අමතරව, මට වෙළඳ දැන්වීම් වලට හඬ කැවීමටත් අවස්ථාව ලැබෙන්නේ. දෙරණ බෝයිස් ඔෆ් ෆලවර්ස් කතාවෙන් ප‍්‍රධාන චරිතයක් කළා. ඒ විදිහට හඬ කැවීම් ශිල්පිණියක් ලෙස ගුවන් විදුලි නාට්‍ය, වෙළඳ දැන්වීම්, ටෙලි නාට්‍ය රැුසකට දායක වුණා. ඒ අතුරින් සදහටම ඔබ මගේ ටෙලි නාට්‍යයේ ඉෂානිගේ චරිතය පේ‍්‍රක්ෂකයා ඉතා ආදරයෙන් වැළඳගෙන තියෙනවා.

 

ඉෂානිට හඬකැවීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

චරිත් කොතලාවල ප‍්‍රමුඛ එයාලගේ කණ්ඩායම ඉෂානිගේ හඬට සුදුසු හඬක් සොය සොයා ඉන්න කොට තමයි ඒ හඬට මාව තෝරාගැනෙන්නේ.

 

කොහොමද ඉෂානිට ලැබෙන ප‍්‍රතිචාර?

රන්වීර් - ඉෂානි කියන්නේ ටෙලිනාට්‍යකරණයේ අලූත්ම පෙම් යුවල විදිහට හැමෝගෙම ආදරය දිනාගත් චරිත දෙකක්. ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. චරිත් කොතලාවල ප‍්‍රමුඛ එයාලගේ කණ්ඩායමට වගේම, දෙරණ සභාපති ලක්සිරි වික‍්‍රමගේ මහත්මයා මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා. මං ගැන ලොකු විශ්වාසයක් කියලා තමයි මේ චරිතය මට භාර දුන්නේ. ලැබෙන ප‍්‍රතිචාරත් එක්ක ඉෂානිට මගේ හඬ තුළින් සාධාරණයක් වෙනවා ඇති කියලා හිතනවා. ඒ වගේම මම කරන චරිතයට උපරිමයෙන් කැප කරලා ඒ විශ්වාසය රැුකීම තමයි මගේ එකම උත්සාහය. තව දෙයක් තමයි මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඒ වැඩ අතරේ හැම දේම කළමණාකරණය කරගෙන මේ චරිතය කරන්න මට සහය දෙන දෙරණ හඬ කැවීම් අංශයේ කණ්ඩායම ආදරයෙන් සිහිපත් කරනවා.

 

ඉෂානි කියන ඔබ හඬකවන චරිතය ගැනත් කතා කරමු.

ඉෂානි කියන්නේ අහිසංක, ඉක්මනටම රවට්ටගන්න පුළුවන් චරිතයක්. සමහර වෙලාවට මටම හිතෙනවා ඇයි ඉෂානි මෙච්චරම බොළඳ කියලා. කටහඬ තුළිනුත් ඒ අහිසංකකම, බොළඳකම ඉස්මතු කරන්න චරිත් අයියට වුවමනා වුණා. ආදරය, දුක, සතුට, වෙන්වීම්, දරාගැනීම, හැලහැප්පීම් මේ සියල්ල එක්කම ඉෂානි කියන චරිතය ඉදිරියේදී වෙනස්ම විදිහකට දැකගන්න ලැබේවි. හිතන්නෙවත් නැති සිදුවීම්වලට ඉෂානිටත් රන්වීටර්ටත් මුහුණ දෙන්න සිදුවෙනවා. කුඩා කාලයේ ඉඳලා ඉෂානිට ආදරය කරන රන්වීර්ගේ ජීවිතේ කොයි විදිහට වෙනස් වේවිද කියලා බලන්න, දවසින් දවස උණුසුම වැඩියි. අවසානය වනතෙක් ඉෂානි එක්ක ආදරයෙන් රැුඳෙන්න කියලා ආරාධනා කරනවා.

 

අද අපේ ටෙලි නාට්‍යවලට වඩා ඉන්දියානු ටෙලිනාට්‍යකරණයේ රැුල්ලක් දකිනවා. ඉන්දියානු ටෙලිනාට්‍ය හඬ කැවීම් ශිල්පිනියක් විදිහට ඔබට කෙනෙක් දෝෂාරෝපණයක් කළොත්?

ඉනිදියානු ටෙලිනාට්‍ය කොහොමත් අතිශයෝක්තියත් එක්ක එන දෙයක්. අපේ ටෙලි නාට්‍ය කලාවට වඩා එයාලගේ බැඳීම්, එයාලා ආදරය ගැන හිතන විදිහ, වත්කම් ගැන හිතන විදිහ, කතාකරන ආකාරය, එයාලගේ හැඟීම් ප‍්‍රකාශකරන ආකාරය මේ හැම දෙයක්ම පේ‍්‍රක්ෂකයාට ලබා දෙන්නේ අතිශයෝක්තියකින්. ඇඬුවත් ඒක දැනෙන්න අඬනවා. මම දකින විදිහට වඩා වෙනස් විදිහකට තව කෙනෙක් දකින්න පුළුවන්. විවිධ වූ මතයන් දරන්න පුළුවන්. ඒක එකිනෙකාගේ කැමැත්ත. මේ නාට්‍යවල ලොකු හරයක් මම දකින්නේ නැහැ. බොළඳයි. ඉන්දියානු නාට්‍ය තුළ තියෙන්නේ මතුපිට තියෙන සුන්දරත්වය පමණයි. මෙහි යම් රසයක් තිබෙනවා. ඇබ්බැහිවෙන එකනම් අනුමත කරන්නේ නැහැ. කොරියානු නාට්‍ය, ඉන්දියානු නාට්‍ය මේ සියල්ලේම මතුපිට අර්ථයෙන් පේ‍්‍රක්ෂකයාට, අසන්නාට නාට්‍ය විචිත‍්‍රවත් නම් ඉබේටම පේ‍්‍රක්ෂකයා නාට්‍ය කරා ඇදෙනවා.

 

20160902Ishani-3මොනවද අලූත් වැඩ?

දෙරණ රේඩියෝහි විකාශය වන ජනප‍්‍රියතම ගුවන් විදුලි නාට්‍ය වන ”සේයා” සේයාගේ චරිතයට හඬකවන්නෙත් මම. ඒ චරිතයටත් ඉහළ ප‍්‍රතිචාර ලැබෙනවා.

 

වෘත්තිය වශයෙන් මූලික තැන දීලා තියෙන්නේ නිවේදනයටද? හඬකැවීම් වලටද?

නිවේදනයට. ජාතික රූපවාහිනිය කවදාවත් දාලා යන්නේ නෑ. දාලා යන්න මට හේතුවකුත් නැහැ. විශේෂයෙන්ම ශිෂ්ඨ මාධ්‍ය භාවිතය වගේම මට ගැලපෙන මට හරියන එකම තැන රූපවාහිනිය. ඒ නිසා මගේ වෘත්තියට කැපකිරීමෙන් වැඩ කරනවා.

 

පාරමී රණසිංහ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී කොයිවගේ චරිතයක්ද?

ඉෂානි වගේ නම් බොළඳ නැහැ.

 

නදීෂා අතුකෝරළ

 

20160902Ishani-4



අදහස් (0)

මම ඉෂානි වගේ බොළඳ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 222 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 672 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1162 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 163 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 689 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 799 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site