IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මම කොටට අඳින්නෙ නැහැ කියන්නේ නැහැ

2016-08-09-ent-75කෞෂල්‍යා ගමගේ කියන්නේ නිරූපණ නුපුරුදු කෙනෙකු නොවේ. විලාසිතා දැක්මන් තුළින් ක්ෂේත්‍රයට පිවිසි ඇය මෙවර 'සාරවිට තරු' කතාබහට එක්විය.

 

2016-08-09-ent-73කොහොමද මේ දවස්වල කාර්ය බහුලද?

කාර්ය බහුලකමක් නැහැ. සාමන්‍ය විදිහට කාලෙ ගෙවෙනවා. එයට හේතුව මම නිරූපණ ක්ෂේත්‍රයේ පමණක් යෙදී සිටීමයි.

 

නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?

වෘත්තීමය වශයෙන් නිරූපිකාවක් වෙන්න තමයි කැමැත්ත තියෙන්නේ. මම කලින් රැකියාවක් කළා. නමුත් මේ වෙන කොට නිරූපණ කටයුතුවල පමණක් නිරතවී සිටිනවා.

 

වැඩිපුර Bridal පැත්තටද කැමැත්තක් තියෙන්නේ?

එහෙම හිතනවා. මම ගොඩක්ම කරලා තියෙන්නේ Bridal Model තමයි. ළඟදි තමයි Fashion පැත්තට යොමු වුණේ.

 

රංගනයට කැමැත්තක් නැද්ද?

කැමැත්තක් තියෙනවා.ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවා.

 

නිරූපණය පිළිබඳව හැදෑරීමෙන් පසුවද ක්ෂේත්‍රයට එක්වුණේ?

නැහැ. ඒ පිළිබඳව කිසිම හැදෑරීමක් කළේ නැහැ. මම Freelance Model කෙනෙක් හැටියට තමයි 2012 වර්ෂයේදී පටන් ගත්තේ.

 

විනෝදාංශයත් නිරූපණයමද?

ඔව්. රැකියාවයි, විනෝදාංශයයි දෙකම නිරූපණය තමයි.

 

මේ ක්ෂේත්‍රයට පොඩි කාලේ සිටම කැමැත්තක් දැක්වුවද ?

පොඩි කාලේ නිරූපණයට එහෙම ආසාවක් තිබුණේ නැහැ. උසස් පෙළින් පස්සේ තමයි තමයි ඒ පැත්තට යොමුවුණේ.

 

මේ ක්ෂේත්‍රය  හොඳයි කියල හිතනවද?

හොඳයි. ඒක කරන විදිහ අනුව තමයි. ඒක නරක විදිහට කරන්නත් පුළුවන් හොඳ විදිහට කරන්නත් පුළුවන්. මම දකින විදිහට ඒක හොඳ දෙයක්.

 

අලුතෙන් එන අයට ක්ෂේත්‍රය තුළ මාර්කට් එකක් ගොඩනැගෙනවාද?

තමන්ම හදාගන්න දෙයක් තමයි මාර්කට් එක කියන්නේ. එක එක්කෙනාගේ තියෙන දක්ෂතාව අනුව තමයි මාර්කට් එකක් ගොඩනැගෙන්නේ. එක රැයෙන් ජනප්‍රිය වෙන්නත් පුළුවන්. නැත්නම් හෙමින් හෙමින් ගමනක් යන්නත් පුළුවන්.

 

ෆේස්බුක් නිරූපිකාවන් නේද අලුතෙන් ඉන්නේ?

මෙහෙමයි ගොඩක් තරුණියන් නිරූපණය කියන දේට කැමතිනේ. ෆේස්බුක් ඔස්සේ ගොඩක් කට්ටිය රැවටෙනවා. මම නම් කියන්නේ හොඳට හොයලා බලලා, ෆේස්බුක්වලින් ආවත්, කොහොම Contacts හැඳුනත් හොයලා බලලා කරන්න ඕන දෙයක්.

 

ඒ කියන්නේ ඔබත් තෝරා බේරාගෙන වැඩවලට දායක වෙනව කියන එකද?

ඔව් අනිවාර්යෙන්ම.

 

නිරූපණය තුළ කොට ඇඳුම් අඳින්නේ නැහැ කියලා ප්‍රතිපත්තියක් තියෙනවාද?

මගෙත් යම් කිසි ප්‍රතිපත්ති තියෙනවා. මම කොටට අඳින්නෙ නැහැ කියන්නේ නැහැ. ඒක දායක වෙන නිර්මාණයත් එක්ක තමයි තීරණය වෙන්නේ. අඳින්නෙ නැහැ කියලා කියන්නේ නැහැ. මොකද මම කවදාහරි එහෙම ඇන්දොත් ඒක මට ප්‍රශ්නයක් වෙනවානේ.  

 

අප රටේ සංස්කෘතියත් එක්ක නිරූපණය කියන දේ පිළිබඳ වෙනස් ආකාරයට නේද බොහෝ අය දකින්නේ?

අපේ රටේ සංස්කෘතියත් එක්ක නිරූපණය කියන්නේ අමුතු දෙයක් තමයි. ඒත් ඒක කලාත්මක විදිහට බැලුවොත් මම හිතන්නේ නැහැ ඒකේ වැරැද්දක් තියෙනවා කියලා. ඒක වෙනස් වෙන්නේ මිනිස්සු බලන කෝණය අනුවයි.

 

නිරූපිකාවක් හැමතිස්සෙම කැපිලා පෙනෙන්න විලාසිතා කරන්න ඕනද?

මම සාමාන්‍ය ජීවිතයේදී නිරූපිකාවක් කියන එක ඔළුවට අරගෙන නැහැ. සාමන්‍ය ගමනකදී මම අනවශ්‍ය විදිහට අඳින්නේ පලඳින්නේ නැහැ. ෆොටෝ ෂූට් එකකදී විතරක් ඒකට ආදාළ දේ අඳිනවා.

 

ගෙදරින් කැමතිවුණාද නිරූපණයට එද්දී?

මුලින්ම අකමැත්තක් තිබුණා. ක්ෂේත්‍රයට පැමිණි දා සිටම කිසිදු වැරදි දෙයක් නොකරපු නිසා ඒ සඳහා අවසරය ලැබිලා තියෙනවා.

 

උදවු කරපු අය?

මුලින්ම පවුලේ අය. අම්මා, තාත්තා, නංගී අයියා. රූපලාවණ්‍යා ශිල්පීන් හැමෝම සහ මට වචනයකින් හරි උදවු කරපු හැමෝම මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

2016-08-09-ent-74 2016-08-09-ent-76 2016-08-09-ent-71 2016-08-09-ent-72

 

  

 

 

 

 



අදහස් (0)

මම කොටට අඳින්නෙ නැහැ කියන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 7 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 45 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 82 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 626 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 535 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 733 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site