IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මම කෙනෙක්ට ගොඩාක් ආදරය කරනවා. දැනට ඒ ඇති

2016-06-24-ent-155

2016-06-24-ent-154නිපුණිකා ආයෙත් කලා කටයුතු පටන් ගත්තා නේද?

ඔව්, ආරාධනා බොහොමයක් ලැබුණා. ඉතින් ආයෙත් රඟපෑම් කටයුතු පටන්ගත්තා.

 

මේ දවස්වල දායක වන නිර්මාණ මොනවද?

සඳරුවන් ජයවික්‍රමගේ අලුත් නාට්‍යයේ සහ නිල්වලා ආයතනයේ නාට්‍යයක රූපගත කිරීම්වලට සහභාගි වෙනවා.

 

රඟපෑම් කටයුතුවලින් කොච්චර කාලයක් ඈත්වෙලා හිටියද?

වසර 2ක කාලයක්

 

ඇත්තටම ඇයි කලාවෙන් ඈත් වුණේ?

කලාවෙන් ඈත් වුණේ මගේ උපාධිය සම්පුර්ණවීමත් සමඟ මට ඊට සරිලන රැකියාවක් ලැබුණා. මටත් වුවමනාවක් තිබ්බා ඉගෙන ගත්ත දේ තුළින් රැකියාවක්‌ කරන්න. ඒ නිසා තමයි ඈත් වුණේ.

 

රුකියාවයි රඟපෑමයි දෙකම කරන්න හිතුනේ නැද්ද?

ඔව්, එහෙම කරන අයත් ඉන්නවා. නමුත් මම හිතුවේ හැමවෙලාවෙම කරන දේට උපරිම සාධාරණයක් කරන්න. කලා කටයුතුවලදී ලොකු කැපවීමක් කරන්න ඕන. ඉතින් මට හිතුණා මේ දෙකම කරන්න ගිහින් එක්‌ දෙයකට අසාධාරණයක්වෙයි කියලා. ඒ නිසා කලාවට පොඩි සමුදීමක් දීලා රැකියාවට යොමු වුණා.

 

දැන් ආයේ රැකියාවට යන්නේ නැද්ද?

නැහැ. මම ආයේ කලා කටයුතු පටන් ගත්තේ රැකියාවට සමුදීලා

 

ආයෙත් කාලෙකින් රඟපෑමට සමුදීලා රැකියාවට යොමු වෙයිද?

එහෙම වෙන එකක් නෑ. මට ඕන වුණා මම ඉගෙන ගත්ත දේ තුළින් රැකියාවක් කරන්න ඒ අත්දැකීම ලබාගන්න. ඉතින් මම ඒ දේ කළා. ඒ ගැන මට සතුටුයි.

 

රඟපෑම් කටයුතු වලින් ඈත්ව සිටීම ගැන දුකක් නැද්ද?

ඇත්තටම කලාව කියන්නේ ගොඩක් සුන්දර තැනක්. මම හැම නිර්මාණයකම වැඩ කළේ ඉතා සතුටින්. රැකියා පරිසරය ඊට හාත්පසින්ම වෙනස්. හැබැයි මම ඒ කාලය තුළ රැකියාව කළෙත් ඉතා සතුටින්. හැබයි පුංචි දුකක් නොතිබුණාම නෙවෙයි.

 

රඟපෑම් කටයුතුවලින් ඈත්ව සිටීම ගැන පසුතැවෙනවා ද?

අනේ නෑ. මොකද මම හිතනවා මගේ ජීවිතේ මට හැමදෙයක්ම හරි වෙලාවට ලැබුණා කියලා. ජීවිතය ගැන මම කවදාවත් පසුතැවෙන්නේ නෑ.

 

පුංචි තිරයෙන් දකින ඔබට රිදී තිරයෙන් ආරාධනා නැද්ද?

තවම මට සිනමාවට ආරාධනා ලැබුණේ නැහැ. බලමු ඉදිරියේදී හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත්. ඒ දේවල්වලට දායක වෙනවා.

 

නිපුණිකා කොහොමද චරිත තෝරාගන්නේ?

කොහොමත් මම මගේ සීමාව ඇතුළත වැඩකළ කෙනෙක්. මට දෙයක් කරන්නට පුළුවන් ගෙදර අයත් එක්ක එකට ඉදගෙන බලන්න පුළුවන් නිර්මාණ පමණයි මම භාර ගන්නේ. මට බාල මල්ලි කෙනෙක් ඉන්නේ. ඉතින් මම කරන කියන දේවල් වක්‍රාකාරව හරි ගෙදර අයට බලපානවා. ඒ නිසා ඒ හැමදෙයක් ගැනම හිතලා තමයි මම චරිත දැනට කළේ. ඒක ඉදිරියටත් එහෙමයි.

 

දැනට කරපු චරිතවලින් කැමතිම චරිත මොනවද?

සඳසාවි ටෙලිනාට්‍යයේ ප්‍රියන්වදා චරිතය සහ පබසරා නාට්‍යයේ පබසරා කියන චරිත දෙකටම මම කැමතියි.

 

නිපුණිකා ආදරය ගැන කතා කළොත්?

ආදරය ගොඩක් හොඳයි.

 

මේ කාලයේ ආදරය ලබනවාද?

හ්ම්ම්... ආදරය කරනවා කිවුවොත් හරි

 

ඒ කියන්නේ පෙම්වතියක්. ඒ ගැන කියන් නැද්ද?

මම කෙනෙක්ට ගොඩාක් ආදරය කරනවා. දැනට ඒ ඇති. ඒ කවුද කියලා පස්සේ කියන්නම්

 

අනාගත බලාපොරොත්තු?

මගේ ජීවිතේ එහෙම ලොකු බලාපොරොත්තු නෑ. මම දවසේ වැඩ කටයුතු ලැබෙන විදියට භාරගෙන ඒවා හොඳින් කරන්න උත්සහ කරන කෙනෙක්. දැනට මම යම් වැඩ කොටසක් භාරගෙන තියෙනවා ඒ දේවල් සතුටින් කරගෙන සතුටින් ජීවත් වීම තමා බලාපොරොත්තුව

 

අනූෂා රණසිංහ

 

DESHAYA



අදහස් (0)

මම කෙනෙක්ට ගොඩාක් ආදරය කරනවා. දැනට ඒ ඇති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 21 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 414 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 911 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 835 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 141 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


ඇමෙරිකාවට පහර දෙන්න පැකිලීමක් නෑ
2024 ඔක්තෝබර් මස 04 861 0

දකුණු කොරියාවෙන් හෝ ඇමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරු දීම සඳහා කිසිම පැකිලීමකින් තොරව න්‍යෂ්ටික අවි භාවිත කරන බව උතුරු කොරියානු නායක ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site