IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම කැමති නැහැ සිපගන්න, බදාගන්න දර්ශනවලට

2016-12-23-ent-88

නිරූපණ ක්ෂේත්‍රය තුළින් අද බොහෝ දෙනා කැපී පෙනෙන චරිතයන් වී හමාරය. එවන් තැනැත්තියක ලෙස සෙෂිනි නිමාෂා හැඳින්විය හැකිය. කෙටි කාලයකින් ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වට පත් ඇය සමග කරනු ලැබූ කතා බහකි මේ.

 

ඔබව හඳුන්වා දුන්නොත්?

2016-12-23-ent-94මම සෙෂිනි නිමාෂා හේවාපන්න. ගෙදරට වෙලා ඉන්නවා. විනෝදාංශයක් විදිහට නිරූපණ කරන්න පටන් ගත්තත්, දැන් ඒක වෘත්තියක් වෙලා තියෙනවා. ඒත් එය වෘත්තියක් කරගන්න කැමති නැහැ.

 

ක්ෂේත්‍රයට පිවිසියේ කොහොමද?

මුලින්ම "Hot N Spicy Cricket Song" එකෙන් තමයි ෆීල්ඩ් එකට ආවේ. ඊට පස්සේ මියුසික් වීඩියෝ දෙකක් කළා.

 

ලැබුණු ආරාධනා මොනවද?

මට මියුසික් වීඩියෝ සඳහා ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් මම ඒ දේවල් භාරගත්තේ නැහැ. මොකද මම කැමති නැහැ සිපගන්න, බදාගන්න දර්ශනවලට. ඒ වගේ දේවල් නැති ගීත එන්නෙ නැහැනේ. මොකද අද කාලේ තියෙන සිංදුවල එවැනි දර්ශන අනිවාර්යෙන්ම තියෙනවා. ඒ නිසා වීඩියෝ සඳහා දායක වෙන එක නතර කරලා තියෙන්නේ. ඒ වගේ නැති දෙයක් ආවොත්, භාර ගන්නවා. ඊට පස්සේ මම ක්ෂේත්‍රයෙන් ටිකක් නැවතුණා. මොකද මට කලකිරීමක් ඇති වුණා.

 

වෙළෙඳ දැන්වීම සඳහා ලැබුණු අවස්ථා?

ක්ෂේත්‍රයෙන් ටික කාලයක් ඈත්වෙලා ඉද්දී නිරූපණය කරන යාළුවෙක් වන මාලන් මට කතා කරලා කිව්වා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා TVC එකක. එනවද කියලා ඇහුවා. මම බැහැම කිව්වා. නමුත් එයා බලකරලා මාව එයට දායක කර ගත්තා. ඊට පස්සෙ ඒකෙන් තේරිලා ඩයලොග් වෙළෙඳ දැන්වීමක් කළා. ඊට පස්සේ මම හිතුවා මට ගැළපෙන දේවල් පමණයි කරන්නෙ කියලා. මගේ චරිතයට හානිවන දේවල් කරන්නේ නැහැ. ගොඩක් දේවල් හොයලා බලලා තමයි කරන්නේ. නොදන්න දේවල්වලට යන්නෙත් නැහැ. ඊට පස්සේ එතන ඉඳන් කළේ බ්‍රයඩල් ෂෝ විතරයි. මොකද බ්‍රයිඩල් කරද්දි චරිතයට හානිවෙන්නෙ නැහැනේ. ෆිල්ම් සඳහානම් ගොඩක් ආරාධනා ලැබුණා. නමුත් මම දායක වුණේ නැහැ. ලැබුණු හැමදේම භාරගත්තනම්, අද මීට වඩා හොඳ තැනක ඉන්න තිබුණා. ඒත් මම කළේ මට ගැළපෙන දේවල් විතරයි.

 

ඔබ හිතනවාද ලංකාවෙ සිප ගැනීම් සහ බදාගැනීම් නැති නිර්මාණ බිහිවෙයි කියලා?

ඒ ගැන මම දන්නවා. ඒක නිසයි මම එවැනි දේවල් කරන්නෙ නැහැ කියලා තීරණය කරලා තියෙන්නේ.

 

එවැනි තීරණය මත නිරූපණය ක්ෂේත්‍රය තුළ රැඳී සිටින්න පුළුවන් කියලා හිතනවාද?

මට රැඳී ඉන්න උවමනාවක් නැහැ. නමුත් කැමැතියි. ඒ වුණාට මගේ චරිතෙ නැති කරගෙන ක්ෂේත්‍රය තුළ රැඳී ඉන්න මම කැමැති නැහැ. මොනදේ වුණත් මට මගේ නම සහ චරිතය වැදගත්. ඒදේ නැති වෙනවානම් මම ක්ෂේත්‍රයෙන් සමුගන්නවා.

 

ඉදිරි බලාපොරොත්තු?

කාටත් කරදයක් නොවී හොඳින් ජීවත් වෙන්න තමයි බලාපොරොත්තුව.

 

මතක් කළ යුතු පිරිස?

මුලින්ම මගේ අම්මා තමයි මතක් කරන්න ඕන. මට ලැබෙන වැඩ සඳහා මම යන්න අදිමදි කරනවා. එතකොට අම්ම තමයි කියන්නේ යන්න ඒ දේවල් කරන්න කියලා. එයා මට ලොකු බලාපොරොත්තුවක් දෙනවා. ඒ වගේම මගේ තාත්තා ගොඩක් සහයෝගයක් ලබා දෙනවා. එයාවත් මේ වෙලාවෙ මතක් කරන්න ඕනේ. මිගාර, බිෂාන්, තනුෂ්ක, තිලංක, කෞෂානි, ඉෂානි සහ මගේ පුංචි මතක් කළ යුතුයි. මගේ පුංචි තමා මට හැමදේම අරන් දෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - දිස්න ධර්මරත්න

Dress design By – නයන නිලංක

Hair & Makeup - ඉන්දික බ්‍රයිඩල්

 

2016-12-23-ent-93
2016-12-23-ent-92
2016-12-23-ent-91
2016-12-23-ent-90
2016-12-23-ent-89



අදහස් (0)

මම කැමති නැහැ සිපගන්න, බදාගන්න දර්ශනවලට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 70 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 255 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 241 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 589 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 87 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 188 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26057 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site