IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මම කරන හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්

2016-12-01-ent-94

තරුණ පරපුර අතර, අතිශය ජනප්‍රිය යොවුන් ගායන ශිල්පී සමිත සිරිමාන්න පසුගියදා සිය අලුත්ම ගීතය එළිදක්වනු ලැබීය. ‘පින් මදිද දන්නේ නෑ’ ඔහුගේ අලුත්ම ගීතය වන අතර, එය සමිතගේ පස්වැනි ගීතය හා වීඩියෝවද වේ. මේ ඒ සිය අලුත්ම ගීතය පිළිබඳව සමිත ‘සාරවිට’ අපිට දැක්වූ අදහස්.

 

අලුත් ගීතය ගැන කිව්වොත්?

2016-12-01-ent-93‘පින් මදිද දන්නේ නැ’ තමයි මගේ අලුත්ම ගීතය. ලිව්වේ හා සංගීතවත් කළේ චතුර වනිගසේකර. රූප රචනාවේ තිර පිටපත රචනා කළේ මම. එය අධ්‍යක්ෂණය කළේ චතුර රත්නායක. මෙහි රංගනයෙන් මා සමග දායක වෙන්නේ ජනප්‍රිය ටෙලි හා සිනමා නිළි විනු සිරිවර්ධනයි.

 

ගීතයට ලැබෙන රසික ප්‍රතිචාර?

ඉතා ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට මෙම ගීතය රූපවාහිනි හා එෆ්.එම් නාළිකා කිහිපයකම අසන්නටත් දකින්නටත් ලැබෙනවා. ඊට අමතරව ජනප්‍රිය වෙබ් අඩවි කිහිපයකත් මේ ගීතය නරඹන්නටත් භාගත කරගන්නත් පුළුවන්. දැනටත් මෙම වෙබ් අඩවි හරහා විශාල පිරිසක් මේ ගීතය නරඹලා තියෙනවා.

 

සමිතගේ මේ කී වෙනි ගීතයද?

මම නිර්මාණය කරපු පස්වැනි ගීතය. මගේ පළමු ගීතය තමයි ‘මේ ඇසින්’, ඊට පස්සේ ‘පෙනේනා තෙක් මානයේ’, ‘සිත ඔබ ගැන’ හා ‘මේ දුක’ කියන ගීත මම එළිදැක්වුවා. අන්තිමට කළේ දැනට එළිදක්වලා තියෙන ‘පින් මදිද දන්නේ නෑ’ ගීතය. මගේ අලුත්ම ගීතයක් ලබන වසරේ මාර්තු මාසයේදී එන්න තියෙනවා.

 

‘පින් මදිද දන්නේ නෑ’ ගීතය ඔබගේ අනෙකුත් ගීතවලට වඩා වෙනස්ද?

‘පින් මදිද දන්නේ නෑ’ කියන ගීතය වගේම මා විසින් මීට පෙර එළිදැක්වූ ගීතවලට වඩා වෙනස්. ඇත්තටම, මම කරන හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස් නිර්මාණ. මේ ගීතයෙන් පස්සේ මා විසින් එළිදක්වන්න සැලසුම් කරලා තියෙන ගීතය තවත් වෙනස් ආරේ ගීතයක්. මම හැම වෙලාවෙම කරන නිර්මාණවල වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද, එකම විදිහේ ගීත රසවිඳින්න රසිකයෝ කැමති නැහැ. අන්න ඒ කාරණ නිසා තමයි මම හැම වෙලාවෙම විවිධත්වයට තැන දෙන්නේ.

 

ස්තුතිය?

අලුත් ගීතයට දායක වුණ සියලුම දෙනාට මේ වෙලාවේදී ස්තුති කරන්න ඕනා. විශේෂයෙන්ම, චතුර අයියාට. ඒ වගේම විනු ඇතුළු මේ නිර්මාණයට දායක වුණ සියලු දෙනාට ස්තුති කරන්න ඕනා. ඒ වගේම මේ ගීතයට මේ වනවිට ඉතා හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම අද මේ තැන ඉන්නේ මා වටා ඉන්න රසික පිරිස නිසා. ඔවුන් සියලු දෙනාටම බොහොම ස්තුතියි කියලා කියන්න ඕනා.

 

බුද්ධික සේනාධීර

 

2016-12-01-ent-98
2016-12-01-ent-97
2016-12-01-ent-96
2016-12-01-ent-95



අදහස් (0)

මම කරන හැම නිර්මාණයක්ම එකිනෙකට වෙනස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 522 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4106 0

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 1964 3

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8678 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1472 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 422 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40083 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site