IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


මම කාලය අරන් හොඳ ගීත ටිකක් නිර්මාණය කළා

2016-08-26-ent-145

අසූව දශකය හැත්තෑව දශකය මෙන්ම සුභාවිත ගීතයේ ස්වර්ණමය අවදියට අයත්ය. ඒ අලූත් අලූත් ගීත මෙන්ම අලූත් අලූත් ගායන ශිල්පීන්ද මේ දශකයේදීත් මතු වූ බැවිනි.

ප‍්‍රියනාත් රත්නායකද එබන්දෙකි. අද අපි ඔහුත් සමඟ සංවාදයක යෙදෙමු

 

ඔබ මුල්ම ගීතය ගායනා කළේ,

2016-08-26-ent-1471988 දී,

 

මොකක්ද ඒ ගීතය?

ලතා මඩුලූ සේ බැදුණු අපේ

ආදර මල් දම් පියලි හැලී

ඔබ මා පැතූ පෙම මිලින වෙලා

සුසුමට තුරුලූව නිවී ගියා........

ඔය ගීතයත් සමඟ තවත් ගීත තුනක්ම මම හා පුරා කියලා ගායනා කළා. නින්ද නැති සිතේ, ගෙයින් ගෙයට පිඬු සිඟා වඩිනවා, සඳ දහසක් පවසනා කියන ගී තුන තමයි අනෙක් ගීත. මේ ගී හතරම තැටිගත කරල පරිත්‍යාග තැටියක් විදියට ගුවන් විදුලියට බාර දුන්නා. ලතා මඬුලූ ගීතය තමයි නිතර නිතරම ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වුණේ. ප‍්‍රියනාත් රත්නායක කිව්වම ලතා මඬුළු සේ ගීතයක් මතක් වෙනතුරුම මේ ගීතය ගුවන් විදුලියෙන් නිතරම ප‍්‍රචාරය වුණා.

එතකොට ඔබ ගුවන් විදුලියේ ශ්‍රේණිගත සරල ගී ගායකයෙක් නෙමෙයි.

ලතා මඬුලූ සේ ගායනා කරන කාලේදී නම් එහෙම සරල ගී ගායකයෙක් නෙමෙයි. ඒත් පස්සෙදී මම සරල ගී පරීක්ෂණයෙන් සමත් වුණා.

එතකොට ප‍්‍රියනාත්ට සංගීත දැනුමක් නැහැ.

මම පානදුරේ ලලිත කලා ආයතනයෙන් සංගීතය ඉගෙන ගත්තා. මගෙ ගුරුවරයා වුණේ මැදගංගොඩ කියන සංගීතඥයායි.

 

එදා සුභාවිත ගීතයට තිබුණු තැන?

ඒ කාලේ තිබුණෙ ගුවන් විදුලියෙ වෙළෙඳ සේවයයි, ස්වදේශීය සේවයයි විතරයි. මේ වායෙ ප‍්‍රචාරය කරන ගීතවල සංගීතය, පද රචනය, ගායනය කියනා හැමදේම ප‍්‍රමිතිගත වුණා. ඒ නිසා ප‍්‍රචාරය වුණු හැම ගීතයක්ම හොඳ විශිෂ්ට ගීත.

මේ වෙද්දී ප‍්‍රියනාත් ගේ හඬින් ගීතවත් වුණු ගීත ගණනින් එකසිය පනහක් විතර

 

ඔය වෙද්දී කැසට් සංගීතය බොහොම ජනප‍්‍රිය වුණා. හිතුනෙ නැද්ද කැසට් එකක් කරන්න.?

මොකද නොහිතී. මම ලතා මඬුලූ නමින් මගෙ පළවෙනි කැසට් එක කළා.

 

මං හිතනවා ඒක ඔබේ ජයග‍්‍රහනයක්?

ජයග‍්‍රහනයක් වගේම වාසනාවක්. මොකද ඔයවෙද්දි මං හරිම දුප්පත්. දවසක් මම සිලෝන් ස්ටුඩියෝ එකට ගිහින් සරත් ද අල්විස් මුණගැහුණා. මගේ ආර්ථික තත්ත්වයේ තියෙන දුප්පත් කමත් මගේ කටහෙඬ් සහ ගායනයේ තියෙන පෝසත්කමත් තේරුම්ගත්තු සරත් ද අල්විස් මට නොමිලේ කැසට් එකට අවශ්‍ය ගීත ටික කරල දෙන්න පොරොන්දු වුණා. පුළුවන් වුණු කාලෙක උදව්වක් කරන්න පුළුවන් කෙනෙකුට උදව් කරන්න කියන අවවාදයත් එක්ක.

 

ලතා මඬුළු කැසට් පටයෙන් අලූත් ගීත රචකයො එහෙම බිහිවුණාද?

ඇයි උපුල් ශාන්ත සන්නස්ගල, උපුල්ගෙ පළවෙනි ගීතය ගායනා කළේ මම. කොටින්ම උපුල්ට සිංදුවක් ලියන්න කියලා ආරාධනා කළේ මම.

 

ඇයි ඔබට එහෙම දෙයක් හිතුණේ?

සරසවි දියනියෝ පොතේ තිබුණු ගීත ඛණ්ඩයක් දැක්කාම මට හිතුනා මෙයාට ලස්සනට ලියන්න පුළුවන්නෙ කියලා.

 

මොකක්ද ඒ ගීතය

සිතුම් පොබකළ සමන් මල් යායේ

දුහුල් සළුතිර මුවාකළ යාමේ

ඔහුට පිදු සිත තුරුළට ආ දා

එය රිදවන්න එපා

 

විශාරද එඞ්වඞ් ජයකොඩිගෙ සංගීතයට චරිතා ප‍්‍රියදර්ශනී සමඟ යුග ගීතයක් විදිහටයි මේ ගීතය ගැයුවෙ. මේ සිංදුව බොහොම ජනප‍්‍රිය වුණා. නන්දන වින්දන කියන රූපවාහිනී වැඩසටහනේ මේ ගීතය විකාශය වුණා.

 

කැසට් එකෙන් පස්සෙ?

හොඳයි, චිත‍්‍රපටවලට ටෙලි නාට්‍යවලට සංගීතයෙන් වගේම ගායනයෙනුත් දායක වුණා. ප‍්‍රසංගවලට ගී ගයන්න ලැබුණු අවස්ථා වැඩිවුණා. නමුත් ඔබ කාලයක් ලංකාවෙ දකින්න හිටියෙ නැහැ. මගෙ දරුවන්ට උගන්නන්න ඕනෙ වුණා ඒ හින්දා මට සිද්ධ වුණා වැඩි වැඩියෙන් සල්ලි හොයන්න. ඒ නිසා මම ඩුබායිවලට ගියා රස්සාවක් කරන්න. ඒ ගිය ගමන ආපහු ආවෙ 2011දී

 

එතන ඉඳන් 2016 වෙනකන් අවුරුදු පහක් ගතවෙලා ඇයි ඔබ උකටලී වුණේ. ගීතය ගැන කළකිරිලද?

නෑ කිසිදෙයක් ගැන කලකිරිලා වැඩක් නෑ. කළයුත්තේ අපි අලූත් දෙයක් හොඳ දෙයක් නිර්මාණය කිරීමයි ඉතින් මම කාලය අරන් අලූත් ගීත නිර්මාණය කළා. ඒ ගීත එකතුව සීඞී තැටියක් වශයෙන් ඉදිරිපත් කිරීම සැප්තැම්බර් 10 දා සවස 6ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී සිදුවෙනවා.

 

මොකක්ද මේ අලූත්ම සී.ඞී. තැටියෙ නම ඔබ වෙනුවෙන් මා.

 

කව්ද මේකට දායක වෙන්නෙ සමන් වෙලගෙදර, නදී විජේසිංහ, කිත්සිරි වඩුගේ, ශ්‍රීයානි පෙරේරා, හේමසිරි හල්පිට, එච්.එම්. රත්නායක, හඞ්සන් සමරසිංහ, සම්පත් බණ්ඩාර, සමන් ප‍්‍රියදර්ශන, නිරන්ජන් නානායක්කාර, මයික් ප‍්‍රනාන්දු, විමලසිරි ගමගේ ගීත රචනයෙනුත් දර්ශන රාජමන්ත‍්‍රී, රෝහණ වීරසිංහ, සෝමපාල රත්නායක, සමින්ද වීරසිංහ සංගීතයෙනුත් දායක වෙනවා.

 

ඔබ සරත් ද අල්විස්ගෙ ඉල්ලීම ඉටුකළා වගේ පේනවා.

ඔව්. මම අලූත්ම ගීත රචකයන්ට ඔවුන්ගෙ පළමු ගී පද රචනය ගීතයක් කරගන්න උපකාර කළා. මේ ගී එකතුවෙ සුවිශේෂ ගීතයක් ගැන කතා කරමු සුදු නෙළුම හොඬ දරා මහමායාදේවී සුබ සිහිනේ නිවන් මඟ ලොව පසක් කරමින් සමිඳු වඩවන පෙරහැරේ විදි සරණා පෙරුම් පුරනා ඇත්කුලේ මහ රිජින්දා කියලා අලියා ගැන ගීතයක් මේ ගීත එකතුවෙ තියෙනවා. අලියා කියන්නෙ මං බොහොම ආදරය කරන සතෙක්. නමුත් අද අලියා බොහොම අසරණ වෙලා. අලිමංකඩෙන් යන කොට කෝච්චියට අහුවෙනවා. වට්ටක්කයක් කනකොට හක්කපටස් පිපිරෙනවා. පහුගිය අවුරුද්දෙදිම අලි එකසිය හතළිස් පහක් මළයි කියලා පත්තරේ තියෙනවා මම දැක්කා, මේ ලස්සන සතාගැන මගෙ හිතේ තියෙන්නෙ දුකක්. ඒ නිසා මම අලියා ගැන සිංදුවක් කිව්වා.

 

ශකුවි

 

2016-08-26-ent-146



අදහස් (0)

මම කාලය අරන් හොඳ ගීත ටිකක් නිර්මාණය කළා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 300 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1344 0

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 964 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1555 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 606 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2018 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site