IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මම කලාව කරන්නේ වෘත්තියක් ලෙස නොවෙයි

‘‘විශ්ව’’ ගැන ටෙලිනාට්‍ය නරඹන බොහෝ දෙනාට අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැත. විශ්ව ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ මෙන්ම සිනමාවේ සිටින තාරුණ්‍යයේ ජනප‍්‍රිය චරිතයකි. මේ දිනවල විශ්ව ගැන වැඩිහරියක්ම කතා බහ වන්නේ අමා ටෙලි නාට්‍ය මාලාවේ රඟන චරිතය නිසාය. ඊට අමතරව රූපවාහිනියේ තවත් චරිත හැඩ කරන විශ්ව බාහිරින් දකින පෙනෙන කඩවසම්-හැඩකාර බවට අමතරව ඇතුළාන්තයෙන් වඩාත් යහපත් තරුණයකු බව මේ කතා බහ වෙතින් ඔබට මැන ගත හැකි වේවි.

 

විශ්ව නාත් කොඩිකාර

  විශ්ව ඔබ රඟපෑම තෝරා ගත්තෙ තාත්තා නිසාද? නැතිනම් ඔබේ හැකියාවන් ගැන හිතලද? ඒත් නැතිනම් කඩවසම් බව ගැන හිතලද? ඇත්තටම ක්ෂේත‍්‍රයට එන්න හිතුවේ මුලින්ම හැකියාව ගැන හිතලා නෙවෙයි. තාත්තා පද්මසිරි කොඩිකාර චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් බව ඇත්ත. ඒත් ඒ නිසාම තාත්තාට මාව එතැනට තල්ලූ කරන්න  ඕනෑ වුනේ නැහැ. නමුත් මගේ ආසාව හා උනන්දුව තිබුණා. ඒ විදියට ක්ෂේත‍්‍රයට එද්දී කිසිම හැදෑරීමක් කරලා තිබුණෙ නැහැ. මම හිතාගෙන හිටියෙ රඟපානවා කියන්නෙ හරිම ලෙහෙසි දෙයක් කියලයි. පසු කාලීනව තමයි මට වැටහුණේ මේක අතිශය බාරදුර කාර්යයක් බව. ඒ අනුව ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා යටතේ ගුරු-හරුකම් ලබද්දී තමයි මට මෙහි පුළුල් හා සංකීර්ණ බව හරියටම වැටහුණේ.   වෙනත් අරමුණක් තිබුණෙ නැද්ද? ගෙදරින් ඔබට මොනවගේ අංශයක යන්න කියලද කියලා තිබුණේ? පාසල් අධ්‍යාපනය ලබද්දි කිසිම බලපෑමක් තිබුණෙ නැහැ. නිදහසේ මා කැමති විෂයයන් තෝරාගෙන අධ්‍යාපනය ලැබීමේ නිදහස මට දීලා තිබුණෙ. ඔයා අහවලා වෙන්න, අරයා වෙන්න, මෙයා වෙන්න කියලා දෙමාපියන් මට බල කළේ නැහැ. මට තිබුණේ ඉතා සුන්දර පාසල් සමයක්. අධ්‍යාපනයට අමතරව බාහිර වැඩ කටයුතු වලටත් දායක වුණා. පාසල් තූර්‍ය වාදක කණ්ඩායමෙත් හිටියා. මාත්-අක්කත් ළමා කාලය ඉතා සතුටින් ගෙවූ බව කියන්න පුළුවනි. අම්මා-තාත්තා ලබා දුන් ඒ නිදහස අපි අයුතු ලෙස යොදා ගත්තෙ නැහැ. නළුවකු හෝ ගුවන් හමුදාවට බැඳීමේ ආසාව එදා ඉඳලාම තිබුණු දෙයක්.   ඉන්පසුව රඟපෑම වෘත්තියක් ලෙස තෝරා ගත්තේ ඇයි? වෙනත් වෘත්තියක් ගැන හිතුවෙ නැද්ද? මගේ කලාව කරන්නෙ වෘත්තිය ලෙස තමයි. එයින් ලබන මුදල ප‍්‍රමාණවත් නොවන්න පුළුවනි. නමුත්, ලැබෙන දෙයින් තෘප්තිමත් වීමේ පුරුද්ද මා සතුයි. ලද දෙයින් සෑහීමකට පත්වෙනවා. කලාකරුවෙක් කියලා වෙනසක් මට නැහැ. සාමාන්‍ය මිනිසෙක් විදියට ජීවිතය සරලව ගෙවන්න කැමතියි. 2007 ඉඳලා මම තනි පුද්ගලයකු ලෙස ස්වාධීනව නැගී සිටින්න උත්සාහ ගන්න චරිතයක්.   ඔබ ගැන හරියටම පේ‍්‍රක්‍ෂකයා කතා කරන්න පටන් ගත්තෙ කොහොමද? විවිධ චරිත රඟපාන්න ලැබුණා. ඒත් මුලින්ම රඟපෑ, ශාන්ත සොයිසා මහතාගේ පබළු ටෙලිනාට්‍යයේ චරිතයේ සමහර තැන් මගේ ජීවිතයට තරමක් දුරට සමීප බවයි මගේ හැඟීම.   ආගමේ වැඩ කටයුතු වලටත් බෙහෙවින් සමීපයි කියලා ආරංචියි? එය පාසල් කාලයේ ඉඳලාම තිබූ දෙයක්. ඇත්තටම අපේ පවුලෙන් ආ පුරුද්දක් ලෙසත් එය හඳුන්වන්න පුළුවනි. ඇත්තටම ආගම මගේ ආධ්‍යාත්මයට සමීප කර ගන්න බොහෝ දුරට උත්සාහ ගන්නවා.   මේ දිනවල ඔබ ගැන වැඩිපුර කතා වන්නෙ ‘‘අමා’’ නාට්‍යයේ චරිතය නිසා. ඒ ගැන විශේෂයෙන් කතා කළොත්? ඇත්තටම එයත් ශාන්ත සොයිසා මහතාගේ අධ්‍යක්‍ෂණයක්. නිෂ්පාදනය රංග අයියගෙ. කතාව මහේෂ් රත්සර මද්දුම ආරච්චිගෙ. මේ චරිතයට අමතරව නිල්වලා ආයතනය වෙනුවෙන් සඳුන් රාජකරුණා මහතා අධ්‍යක්‍ෂණය කරන ‘‘චායා’’ ටෙලි නාට්‍යය සහ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘‘සුළිය’’ කියන ටෙලි නාට්‍යයේ රඟපෑමට එක්ව සිටිනවා. ඊටත් අමතරව සුසිරන් සිල්වා මහතාගේ නාට්‍යයක රඟපෑමටත් එක්ව සිටිනවා.   විශ්ව මේ විදියට රඟපාන චරිත අතරේ ඔබ ඔබගෙ ජීවිතය එබී බලා යමක් කතා කළොත්? ජීවිතය ගැන, ආදරය ගැන හිතන විදිය ගැන? තාරුණ්‍යය හොඳින් ගෙවා දැමීමට මට පවුලෙන් පසුබිම සැකසී තිබෙනවා. මගේ අම්මා නිතරම කියන්නෙ මොන දේ කළත්, ආගමට මුල් තැනදී කටයුතු කරන්න වරදින්නෙ නැහැ කියලා. ඇත්තටම එය සැබෑ සත්‍යයක්. ජීවිතයෙ යථාර්ථය සහ හරය බැඳී තිබෙන්නේ ආගම සමගයි. තරුණයකු ලෙස විනෝද වෙනවා. නමුත් සීමාව ඉක්මවා යන දේ වෙන්නේ නැහැ. ජීවිතයේ ළමා කාලය වගේම මෙතෙක් ගෙවූ ජීවිතය සතුටින් ගෙව්වා. එය කාලය එක්ක අර්ථවත් කරගැනීම වෙතින් වටිනාකමක් ලැබෙන බව අදහසයි. ආදරය ජීවිතයේ කොටසක්. විටෙක මම ආදරයෙන් පැරදුනා. ඒ දවස මට අමතක නොවන දවසක්. ඒත් එදා ගැන හිතනකොට අද එය මට දැනෙන්නේ වෛරයකින් තොර සුන්දර වෙන්වීමක් හැටියටයි.   රංගනය ගැන ඔබ වටහාගෙන ඉන්නෙ කොහොමද? සමාජයේ අප ගැටෙන සියළු චරිත ග‍්‍රහණය කර ගැනීම වැදගත්. මොකද අපට කරන්න වෙන්නෙ එයින් චරිතයක් මිස අමුතු චරිත නෙවෙයි. මේ චරිත අධ්‍යනය කරන්න කියන දේ මට මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා නිතර කියූ දෙයක්. සැබැවින්ම මම ඒ සියල්ල අධ්‍යනය කරන්න කැමති කෙනෙක්. ඒ අධ්‍යයනයේ ඵලය ලබන්න පුළුවන් අදට වඩා හෙටටයි.   තාරුණ්‍යය අරුත්බර කළා කියලා ඔබ, ඔබ ගැන ආඩම්බර වෙනවාද? සත්තකින්ම ඔව්. මම ආගමට-දහමට අනුව හිතට එකඟවම ජීවත්වූ කෙනෙක්. ඉදිරියටත් එහෙමයි. දෙමාපියන්ගෙ සිත් සතුටු කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා.   අන්තිමට කියන්න ‘සැබෑ’ ජීවිතයේදී ‘අමා’ කෙනෙක් සමීප නැද්ද? ඇත්තටම නැහැ.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

මම කලාව කරන්නේ වෘත්තියක් ලෙස නොවෙයි

සිසිර කුමාර Monday, 17 September 2012 08:58 AM

දේශපාලනය වගේම අධ්‍යාපනයක් නොලබා උනත් කල හැකි රැකියාවක් නිසා හැමෝම මේ වෘත්තියට කැමතියි ? (ස)

:       0       0

සුරාජ් Monday, 17 September 2012 09:06 AM

ඔයා ඉන්න හැම ටෙලිනාට්‍යයකටම මම හරි ආසයි.සුභ පතනවා..(ස)

:       0       0

දුමින්ද Sunday, 16 September 2012 06:25 PM

සුභ අනාගතයක්! (නි)

:       0       0

අශෝක Saturday, 29 September 2012 07:23 PM

මෙන්න තරැණියන්ට ආදර ඉල්ලුම් පත් යවන්න හොඳ අවස්තාවක්...!(නු)

:       0       0

සඳමාලි Thursday, 20 September 2012 01:51 PM

ලංකාවේ ඉන්න වයසක කොලු නළුවෝ අතර ඇත්තටම කොලු ගතියට රගපාන ඔයාට අපි හරිම කැමති (ස)

:       0       0

නිශාන්ත Saturday, 06 October 2012 09:57 PM

ඔබගේ රගපෑම් විශිෂ්ටයි. ‍වසරේ ‍හොදම සහ ජනප්‍රියම නළුවා වෙන්න සුබ පතනවා...!(නු)

:       0       0

විමලසිරි Monday, 17 September 2012 02:22 PM

අධ්‍යක්ෂක වරුනි පිනට වැඩ කරන කලාකරුවෙක් හම්බ උනා (දී)

:       0       0

සුරාජ් Monday, 17 September 2012 10:06 AM

ඔයා තමයි මම කැමතිම නළුවා .සුභ පැතුම්.(ස)

:       0       0

ප්‍රියංගිකා Thursday, 20 September 2012 10:06 AM

අති සාර්ථක නළුවෙක්.. සුභ පැතුම්..!(නු)

:       0       0

දොරීන් ප්‍රියදර්ශණී Thursday, 20 September 2012 09:59 AM

අති සාර්ථකයි.. තවදුරටත් නිර්මාණවල යෙදෙන්න ඒවගේම ගැමි චරිතවලට හිත යොමුකරනවා නම් හොදයි..! (නු)

:       0       0

ක්‍රිෂාන් Monday, 01 October 2012 10:36 PM

අයියේ, ඔයා පබළු එකෙයි, අමා එකෙයි නියමයි. මම හිතන්නේ ඔයා මේ පාර හොදම නළුවට එයි කියලා. සුභ පැතුම්! (නි)

:       0       0

සූරි Wednesday, 19 September 2012 02:06 PM

හොඳයි .(ස)

:       0       0

මන්නුක Wednesday, 19 September 2012 07:51 PM

අයියා මම ඔයාට සුභ පතනවා..!(නු)

:       0       0

සුමාලිකා Wednesday, 19 September 2012 07:44 PM

මගේ සුභ පැතුම්..!(නු)

:       0       0

නිමාලි Wednesday, 19 September 2012 07:51 PM

ඔබ ඉතාම හොද නළුවෙක්.. (නු)

:       0       0

තරුෂ Monday, 17 September 2012 07:29 PM

ලන්කාවේ වෘත්තියක් ලෙස නලුකම හෝ කලාවට සම්බන්ධ කවර හෝ ක්ෂේත්‍රයක නිරත වන අය ආර්ථික අතින් ශක්තිමත් නැහැ. එම නිසා වෘත්තියක් ලෙස නොකරන එක හොඳයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 02:50 PM

ඔයා දකිනකොට මට හිතෙනවා ලබන ආත්මේ හරි නළුවෙක් වෙන්න.(ස)

:       0       0

දුල්මි Monday, 17 September 2012 02:57 PM

ඇත්තටම විශ්ව අයියගේ රඟපෑම අළුතින් ඇවිත් ඉන්න අය‍ට වඩා හොඳයි. විවිධ චරිත වලින් අපි හමුවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..(ස)

:       0       0

පූර්ණිමා Thursday, 20 September 2012 11:15 AM

සුභ පැතුම් අයියා..(ස)

:       0       0

ශිරෝමි Monday, 17 September 2012 11:10 AM

මම ඔයාට ගොඩක් කැමතියි. ඔයා ගොඩක් ලස්සනයි .සුභ පැතුම්...(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 17 September 2012 03:12 PM

ඔබ වැනි කලාකරුවන් දුර්ලභයි (දී)

:       0       0

ටානියා Monday, 17 September 2012 11:11 AM

සුභ පැතුම්..(ස)

:       0       0

සුමේධ Friday, 21 September 2012 12:40 PM

මගේ හොදම රංගන ශිල්පියා මොහුයි. සුභ පැතුම්! (නි)

:       0       0

විජේ Tuesday, 18 September 2012 10:24 AM

මම ඇත්තටම ඔයාට ආදරෙයි මල්ලියෝ... (ස)

:       0       0

කාංචනා Thursday, 20 September 2012 11:49 AM

ඔයාගේ රඟපෑම අතිවිශිෂ්ඨයි. ඒත් ඇයි ඔයා පාරේ යනකොට නියපොතු කන්නේ (ස)

:       0       0

චම්මි ඉතාලියෙ සිට Wednesday, 17 October 2012 02:20 AM

අලුත් පරපුර නියෝජනය කරන දක්ශ රන්ගන ශිල්පියෙක්. අද ඈවිත් ඉන්න සීනිබෝල නලුවන් අතරේ ඔබ සබෑම දක්ශයෙක්. ඔගගේ ඉදිරිය දීප්තිමත්(නු)

:       0       0

සඳා Monday, 17 September 2012 03:26 PM

විශ්ව..ඔයාට සුභ පතනවා..ඔයා දක්ෂ නළුවෙක් (ස)

:       0       0

රමනි Monday, 17 September 2012 01:48 AM

විශ්ව මල්ලී ඔයා ගොඩක් හොඳට රඟපානවා..මම හිතන විදියට ඔයා ලංකාවේ නොම්මර 1 වෙනවා. සුභ පැතුම් මල්ලී...(ස)

:       0       0

දිල් Sunday, 07 October 2012 11:50 AM

ඔබේ රගපෑම් විශිෂ්ටයි. (නි)

:       0       0

ජයනි Wednesday, 19 September 2012 04:03 PM

විශෟව අයියේ, ඔයාගේ රගපෑම නම් අතිශයින් තාත්විකයි. සුභ පැතුම්! (නි)

:       0       0

අනූ Wednesday, 10 October 2012 03:29 PM

අපි ආසයි ඔයා ඉන්න ටෙලිනාට්‍ය බලන්න..සුබ අනාගතයක් ඔයාට (ස)

:       0       0

නිර්මාල් Friday, 21 September 2012 02:04 PM

මම ඔබට සුභ පතනවා ඉදිරියෙ එන සුමති සම්මාන උළෙලෙදි සම්මානයක් ලබා ගන්න..!(නු)

:       0       0

ශානි Thursday, 04 October 2012 01:16 PM

සුබ පැතුම් (ස)

:       0       0

මාධව Tuesday, 18 September 2012 12:02 PM

ඇත්තටම ඔබේ රඟපෑමට මම කැමතියි .ඔබට අවංකවම සුභ පතනවා.. (ස)

:       0       0

මහේෂ් Thursday, 20 September 2012 04:01 AM

සුභ අනාගතයක්! (නි)

:       0       0

නලීන් Wednesday, 19 September 2012 06:01 PM

ඇත්තටම හොදයි. (නි)

:       0       0

රවි Wednesday, 19 September 2012 06:02 PM

ඔබ දක්ෂයෙකි. ඉදිරියේදී ගැමි චරිතයක් කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 44 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 199 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1038 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2731 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1100 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1080 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site