IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘‘මම ගණිකා මඩමක මැඩම් කෙනෙක්’’

රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප‍්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප‍්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන  ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ‍්‍රක්ෂකයින්ට ලබාදුන් රංගන ශිල්පිණියකි.

අවසන් වූ ”මලී” නාට්‍ය වෙතින්ද අපූරු චරිතයක් රඟපෑ දුලීකා, වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙයට වී කරන රංගනය හරිම අපූරුය. එලෙසින් මතකය රඳවන චරිත සමග හමුවන දුලීකා මේ දිනවල තවත් අපූරු රංගනයක නියැලෙමින් සිටින්නීය. ශෂී වීරවංශගේ කතා සංකල්පයකට අනුව ප‍්‍රසන්න ඉත්තෑපාන නිර්මාණය කරන ”පුරකලනි” නාට්‍යයේ රඟපාන ඒ චරිතය ගැනත් හෙට දින බොහෝදෙනා විශේෂිතව කතා කරන බව නම් ඒකාන්තය. ඒ සියල්ලට සාපේක්ෂව අද දවසේ ඇය සමග කළ පිළිසඳරකි මේ.

දුලීකා මේ දිනවල තරමක් විවේකයෙන් ගත කරන බව ආරංචියි?
පුරකලනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වලින් පස්සෙ ටිකක් විවේකයෙන් ඉන්න  ඕනෑ කියලා හිතුවා. ඒත් වේදිකාවේ බර්නාඩාගේ සිපිරිගෙය සහ අතුරුපසට චැට් කියන නාට්‍ය ද්විත්වයේ රඟපානවා.

පුරකලනි නාට්‍යයේ රඟපෑ චරිතය හෙටදින මහත් ආන්දෝලනයක් ඇති කරාවි කියලා කියන්න පුළුවනි නේද?
අනිවාර්යයෙන්ම එහෙම වේවි. අද සමාජයේ බහුලව කතාබහ වෙන, මාතෘකා වෙන ගණිකා වෘත්තිය තේමා කරගත් කතා පුවතක්. මම එහි රඟපාන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන තරුණියන් සිටින තැනක පාලිකාවක ලෙසයි. මෙය අද වන විට අපේ සමාජයේ ව්‍යසනයක් වූ කාරණයක් බවට පත්වෙලා. සෑම තැනකම පාහේ ඔඩු දුවා ඇති මේ සමග මනුෂ්‍ය ජීවිතයට, ජන ජීවිතයට බලපාන විදිය සහ වෙලා තියෙන හානිය ගැන කතා වෙන නිර්මාණයක්. මෙය එක්තරා විදියක අභියෝගාත්මක චරිතයක් වෙන්න පුළුවනි. ඒත් මම ඒ අභියෝගය බාරගත්තා. පියවි සිහියෙන් බලන අය එය අපූරුවට නරඹාවි. ජීවිතය විහිළුවක් කරගත් අය අප රඟපාන මේ චරිත දිහා වැරදි ඇහැකින් බලන්නත් බැරි නැහැ. මීට අමතරව සුසිරන්ද සිල්වාගේ නාට්‍යයකත් රඟපෑවා.

කොහොම වුනත් ඇයි ටික දවසකට ටෙලි තිරයේ රඟපෑමෙන් ඉවත්ව සිටින්න තීරණය කළේ?
දිගටම නාට්‍ය වෙතින් මාව දැකගන්න ලැබුණා. වෙනස් චරිත කළත්, රංග ශිල්පියකු හෝ ශිල්පිනියක ජීවිතේ අලූත් දේ ගන්න, ඒ විවේකය අවශ්‍යයි. මේ නිසා මේ විවේකයේදී බාහිර ස්වරූපයේ සිට වෙනස් වී යළි අවතීර්ණවීම හොඳ බව මගේ අදහසයි.

ඔබ ඔබගෙ බාහිර පෙනුම සමබරව තබාගන්න උත්සාහ ගන්නෙ නැද්ද? ඒ වෙනුවෙන් ගත් විරාමයක්ද මේ?
බාහිර ස්වරූපය චරිතයකට අත්‍යාවශ්‍යම සාධකය නෙවෙයි. රංගනයේ දී අත්‍යාවශ්‍යම සාධකය වන්නෙ කුසලතාවයයි. පෙනුම තිබුණත් කුසලතාවය නැත්නම් වැඩක් නැහැ. ඒත් බාහිර පෙනුමත් වැදගත් වන අවස්ථා තිබෙනවා.

ඒ කියන්නෙ ඔබගෙ බාහිර පෙනුම ඔබගෙ රංගනයට බාධාවක් වුණේ නැද්ද?
මේ තාක් මේ ගමනට එය බාධාවක් වුණේ නැහැ. මාව අවශ්‍ය චරිතය සඳහා අවශ්‍ය නිර්මාණකරුවන් මාව ගන්නවා. මම ඊට උපරිම දායකත්වය ලබාදෙනවා. ඒත් චරිතය සඳහා බාහිර පෙනුම අත්‍යාවශ්‍ය චරිතයක් නම් මට ඒ වෙනුවෙන් කැප වෙන්නත් වෙනවා. එය කාලය අනුව සිදුවන දෙයක් වේවි.

නමුත් බොහෝ තරුණ රංගන ශිල්පිනියන් වයසින් මුහුකුරා ගිය චරිත නිරන්තරයෙන් තෝරා ගන්නෙ නැහැ. ඒත් ඔබ ඊට වඩා වෙනස්?
මට වයස නෙවෙයි වැදගත්. මට ලැබෙන පරාසය තුළ කළ හැකි චරිතය පමණයි.

ඔබට රූපය වැදගත්ම නැද්ද?
මට අවශ්‍ය ඊට වඩා නිරෝගීකමයි. රූපය තිබුණත් නිරෝගී නැත්නම් වැඩක් නැහැ. එතැනින් එහා මම ජවසම්පන්නව රඟපානවා. මගේ රාජකාරිවල යෙදෙනවා. බටහිර රටවල පවා හැකියාවට මිස රූපයට මුල්තැන දීලා නැහැ. ඒ නිසා උදේ ඉඳන් මට රූපය ගැන හිත හිතා කාලය වැය කරන්න  ඕනත් නැහැ.

අද දුලීකාගේ ජීවිතය ගැන කතා කළොත්? මොනවගේද ගෙවෙන්නෙ?
රංගන ශිල්පිණියක් කියා වෙනස් ජීවිතයක් මට නැහැ. සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය චරිතයක්. රඟපෑම ගැන කතා බහ වෙනවා ඇති. ඒත් මම මගේ ජීවන රටාව තුළ ඉඳගෙන මට ආවේනිකව වෙනස් විදියට ජීවත් වෙනවා ඇති.

මොකක්ද ඔබට ආවේනික ජීවන රටාව?
මම මනුස්සවාසයට ආසයි. පැවරී ඇති රාජකාරිවලින් මිදුණු අවස්ථාවලදී විශේෂිත අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. බලය හැකියාව පහසුකම් අඩු ජනතාව වෙසෙන තැන්වලට ගිහිල්ලා හැකි විදියට උදව් කරනවා. මම හිතන්නෙ ඒක සමාජ වගකීමක්. එහෙම නැතිව කාගෙන්වත් ලකුණු දාගන්න නෙවෙයි. මේ සියල්ලට අමතරව පෞරෂ සංවර්ධන උපදේශිකාවක ලෙසත් කටයුතු කරනවා. රංග ශිල්පිනියක යනු නිරන්තර ඉගෙනීම් කරන කෙනෙක්. මගේ වැඩිපුර හැදෑරීම් කරන අතරේ, සමාජය වෙනුවෙන් ඉටුවිය යුතු දේත් සිද්ධවේවි. එය එක්තරා වගකීමක් ලෙසයි මම දකින්නෙ.

ඔබ මෙලෙසින් අදහස් දැක්වුවත්, අද නිළිය කියන සමහර අය ගැන සමාජය කතාවන්නෙ යහපත් දැක්මකින් නොවෙයි. ඇයි එහෙම වෙන්න හේතුව?
එතැන වැරැද්ද තියෙන්නෙ මේ නිර්මාණකරණ අය අතරමයි. හුදෙක් වෙළඳ පරමාර්ථ සඳහා පමණක් අද පිරිසක් පැමිණ සිටිනවා. ඔවුන් නාට්‍ය නිර්මාණය කරනවා වෙනුවට කරන්නෙ නාට්‍ය ගහන එකයි. නිර්මාණ කිරීම හා ගහන එක අතර වෙනස බොහෝයි. ගණිකා වෘත්තියේ යෙදෙන අයත් ඒ ගහන නාට්‍යවලට අරගෙන. ඉතිං එයාලා ශිල්පිණියො නෙවෙයිනෙ. එයාලා මෙතැනට ඇවිත් එයාලගෙ වෘත්තියට වටිනාකමක් ගන්න හිතාගෙන කටයුතු කරනවා. එයාලා මෙතැනට ආවාට එයාලගෙ මුල් වෘත්තිය අමතක කරන්න බැරුව ඇති. ඇත්තටම එයාලා එනවත් නෙවෙයි. මෙතැනට ගෙනැත්දාලා.

පුරකලනි නාට්‍යයේ කතා වන්නෙත් මේ කතිකාවත නේද?
අද දක්නට ලැබෙන ඒ ව්‍යසනය ගැන අපූරුවට කතාවෙන නිර්මාණයක්.


ස්තුතිය - ශෂී වීරවංශ මහත්මියට

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 



අදහස් (0)

‘‘මම ගණිකා මඩමක මැඩම් කෙනෙක්’’

රුවන් Friday, 04 January 2013 10:12 AM

මෑත කාලයේ මගේ ප්‍රියතම නිළිය ඔයයි. සුබ පැතුම් (ස)

:       0       0

අජිත් Sunday, 13 January 2013 01:04 PM

ඇය ඉතා හොද නිලියක් (දී)

:       0       0

දිසානායක Saturday, 12 January 2013 10:15 PM

මම ඔබ රගන අයුරු බලා සීටීමට පින් කළෙමි. (නි)

:       0       0

අනුලා Wednesday, 26 December 2012 12:35 PM

මම අසාම නිලියක් ඔබ, ඔබට සුභ අනාගතයක් (දී)

:       0       0

චරිත අළුත්ගේ Monday, 21 January 2013 12:38 PM

ඔබ ලංකාවේ බිහිවුණ අති දක්ෂ රංගන ශිල්පිණියක් (ස)

:       0       0

සනත් Tuesday, 25 December 2012 10:00 PM

දුලීකා කියන්නෙ ඇත්තටම රඟපාන්න පුලුවන් නිළියක් නිසා කට්ටිය මොන තරම් කැමතිද කියලා පේනවනෙ. ටෙලිනාට්‍යයක් දෙකක් එලියට දාගත්තම මම තමා නිළිය කියලා හිතන් ඉන්න අය තමා 95% ඉන්නෙ.ඔබට සුබ ගමන්..!(නු)

:       0       0

ගයාන් Wednesday, 26 December 2012 10:19 PM

යකඩෝ! අදුරන්නත් බැහැනේ දැන්. (නි)

:       0       0

දනිශා Sunday, 30 December 2012 12:59 AM

ඔබ ගොඩක් දක්ෂයි.. නිහතමානී.. අපේ අනිත් නිලියන්ටත් ආදර්ශමත් චරිතයක්.. ඔයාට සුභම සුභ අනාගතයක් අක්කේ..!(නු)

:       0       0

සුනේත්‍රා Thursday, 03 January 2013 08:59 PM

ඔබට සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

සන්ද්‍යා Monday, 24 December 2012 08:04 AM

අති විශිෂ්ට නිළියක් . රඟපෑම නියම ආකාරයෙන්ම කරනවා. අපි ගොඩක් කැමතියි ඔයා රඟපානවා බලන්න. ඔබට ජය (ස)

:       0       0

ගයාන් Friday, 28 December 2012 01:48 PM

ඉතාමත්ම දක්ෂ නිලියක්.. මලී ටෙලිනාට්‍යය ‍ඒකට හොදම උදාහරණය..!(නු)

:       0       0

නිශ්ශංක Tuesday, 25 December 2012 12:35 PM

ඔබේ රංග හැකියාව අති විශිෂ්ටයි(නු)

:       0       0

ෂෙරීෆ් Monday, 24 December 2012 11:30 PM

මම ඒත් මාතෘකාව දැක්කහම හිතුවේ ඇත්තටමයි කියලා. (නි)

:       0       0

නිලන්ත Monday, 14 January 2013 01:53 PM

සුභපතනවා ඔබට (දී)

:       0       0

ශාහිම් Tuesday, 25 December 2012 11:11 PM

"මලි" ටෙලිනාට්‍ය හි ඔබේ චරිතය විශිෂ්ටයි.(නු)

:       0       0

මොරීන් Wednesday, 02 January 2013 08:39 AM

ඔයාගේ රඟපෑම ඉතාම ඉහලයි. කොහොමද එහෙම රඟපාන්නේ කියලා හිතාගන්නත් බෑ (ස)

:       0       0

ලසන්ත Friday, 28 December 2012 11:24 PM

දක්ෂ නිළියක්. සුභ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රිකා Monday, 24 December 2012 09:38 AM

නංගි, ඔබගේ රංගනය අති විශිෂ්ටයි. (නි)

:       0       0

පුබුදු Monday, 24 December 2012 09:44 AM

ගොඩක් දක්ෂ නිළියක්, අපේ සුබ පැතුම් (ස)

:       0       0

නිලන්ත Thursday, 03 January 2013 11:06 AM

ඔබ ඉතාම දක්ෂ චරිතාංග නිළියක් , සුබ පැතුම් (ස)

:       0       0

අනු Monday, 14 January 2013 02:29 PM

ඔබගේ රගපම ඉතාම හොදයි (දී)

:       0       0

චතූ Thursday, 03 January 2013 04:09 PM

ඔබට සුබ අනාගතයක් !!!!!! (ස)

:       0       0

තිලක් Wednesday, 26 December 2012 12:14 AM

සොයුරියනි, ඇත්තෙන්ම ඔබ දක්ෂ කෙනෙක්. (නි)

:       0       0

තිලක් Wednesday, 26 December 2012 12:10 AM

ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

sriyani kodikara Tuesday, 25 December 2012 02:02 PM

මම දැකපු දක්ෂම රංගන ශිල්පිනිය ඔබ තමයි..!(නු)

:       0       0

ජානක ගුණසේකර Monday, 24 December 2012 10:21 AM

ඇත්තටම ගරු කරන නිලියක්..!(නු)

:       0       0

ජනක Thursday, 27 December 2012 05:12 AM

ලස්සනයි. (නි)

:       0       0

ඩින්ගි Saturday, 29 December 2012 12:45 AM

ඔබ අතිවිශිෂ්ට නිළියක්. (නි)

:       0       0

කුමාරි Tuesday, 08 January 2013 09:20 AM

විශිෂ්ට නිලියක් (දී)

:       0       0

ටානියා Monday, 24 December 2012 10:43 AM

ඔබ දක්ෂ නිළියක්. මම ඔබව අගය කරනවා. (නි)

:       0       0

ධම්මික Monday, 24 December 2012 06:01 PM

ඔබ විශිෂ්ටයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

අමිල Wednesday, 02 January 2013 05:25 PM

මමත් ගොඩක් කැමති නිළියක්. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ශලින්ත Thursday, 24 October 2013 01:01 AM

සුපිරි නිලියක් ....(අ)

:       0       0

සමන්ත Wednesday, 26 December 2012 03:03 PM

ඔබ ලංකාවටම ආඩම්බරයක් අක්කේ (ස)

:       0       0

මිහිරානි Monday, 07 January 2013 12:16 PM

මගේ ආසම නිළිය ඔබයි. මම සුභ පතනවා ඔබට (දී)

:       0       0

සංජීව තුෂාර ගමගේ Saturday, 29 December 2012 01:40 AM

සද අමාවකයි නාට්‍යයේ ඇස් නොපෙනෙන චරිතයකින් පටන් අරන් ඉසුරු භවන ලස්සන චරිතයකින් අප මෝහනය කළ දුලීකා නංගියේ ඔබ නියම චරිතාංග නිලියක්.. අපෙන් සුභ පැතුම්..!(නු)

:       0       0

තිමිණි විරසේන Saturday, 19 January 2013 08:44 PM

බුදු සරණයි

:       0       0

ගී.... Monday, 24 December 2012 10:56 AM

ඒ චරිතයත් ලස්සනට කරන්න. ඔබට සුභපැතුම් (දී)

:       0       0

රුවන් Monday, 24 December 2012 06:14 PM

මම දැක ඇති දක්ෂතම නිළිය ඔබයි. එසේම චරිතය ගැනත් කිසිදු දිනෙක කිසිදු නරක දෙයක් මම අසා නැත. (නි)

:       0       0

බර්නාඩ් Tuesday, 25 December 2012 02:50 PM

අනුර ඔබේ කතාවට මම එකගයි.. සුනෙත්‍රා දුලීකා මාරපන කියන නිලියට ආදරේ කරන අයයි එසේ කියන්නේ එයට ආදරේ කරන රසි‍කයෝ ඔබ කලබල කරන්න එපා..!(නු)

:       0       0

හේසර Thursday, 03 January 2013 05:02 PM

බුද්ධිමතුන්ගේ මෙවන් දක්ෂතා ඇත්තෙන්ම බලන්න ආසයි. (නි)

:       0       0

ආනන්ද Tuesday, 08 January 2013 09:46 AM

මම කැමතියි ඔයාගේ රඟපෑම් වලට නියමයි. (ස)

:       0       0

නිසල Sunday, 20 January 2013 05:30 PM

ඇය ලංකාවට ආඩම්බරයක්. (නි)

:       0       0

යසිත Thursday, 10 January 2013 07:58 AM

මම ගොඩක්ම කැමතියි ඉසුරු භවන ටෙලිනාට්‍යයේ ඔයාගේ රඟපෑම් වලට (ස)

:       0       0

සුනේත්‍රා Tuesday, 25 December 2012 04:07 AM

දූලිකාට ප්‍රශ්නයක් නොවුණු ඇයගේ රූපය ගැන ඇයි මේ අනෙක් අයට ‍මෙච්චර අමාරුවක්? (නි)

:       0       0

රමේෂා Thursday, 27 December 2012 08:36 AM

ඔබ ඇත්තෙන්ම හොද නිළියක්. සුභ පැතුම්! (නි)

:       0       0

විදුර Saturday, 05 January 2013 01:12 PM

සියළු බැදීම් වලින් නිදහස්ව සිටින ඔබ විශිෂ්ඨයි (ස)

:       0       0

ධම්මි Friday, 18 January 2013 08:25 AM

ඇත්ත ඇත්ත කතාව ඇත්ත (ස)

:       0       0

තුෂාන්ත Thursday, 27 December 2012 09:03 AM

ඔබ අපට දිදුළන තරුවකි. (නි)

:       0       0

දිසානා Thursday, 27 December 2012 09:07 AM

ඔබ අතිවිශිෂ්ඨයි. අපට ඔබ ආඩම්බරයක්. ඇත්තටම ටිකක් කෙට්ටු වෙන්න බලන්නකෝ. (නි)

:       0       0

මහේෂා Friday, 28 December 2012 09:39 AM

ඔයා රගපාද්දී, අපිට හිතෙන්නෙ නැහැ ඒක රගපෑමක් කියලා. ඒ තරම්ම තාත්විකයි. (නි)

:       0       0

මහේෂා Friday, 28 December 2012 09:39 AM

ඇත්තටම දුලීකා, ඔබ මලී ටෙලිනාට්‍යයේ කළ රගපෑම අති විශිෂ්ටයි. (නි)

:       0       0

තරංග Sunday, 06 January 2013 01:40 PM

ඔබගේ රංගනය ඉතාමත් තාත්විකයි අක්කේ. (නි)

:       0       0

අනුර Sunday, 23 December 2012 05:54 PM

සුබ පැතුම් , මාලනී නිලි රැජිනගේ පස්සේ ඉන්න රැජින ඔයයි (ස)

:       0       0

අචිනි Monday, 24 December 2012 12:36 PM

ඔබ සැබෑම දක්ෂ නිළියක් , සුබ පැතුම් .! (ස)

:       0       0

රුක්සලා Sunday, 23 December 2012 06:19 PM

දැන් ලස්සන වෙලානේ !!! (ස)

:       0       0

සුනිල් Thursday, 27 December 2012 10:04 AM

මලී කතාවේ ඔබගේ රගපෑම විශිෂ්ටයි. (නි)

:       0       0

ජයසිරි Monday, 31 December 2012 08:49 AM

රිදීතිරයේදී අපිව හිනස්සවලා අපේ ලේ පිරිසිදු කරනවාට ඔබතුමියට බොහොම පින්. (නි)

:       0       0

ශම්මි Saturday, 12 January 2013 02:03 PM

ඇති විශිෂ්ට රංගන ශිල්පිනියක් ඔබ (දී)

:       0       0

අනුරුද්ධ Friday, 18 January 2013 10:07 AM

ඇත්තෙන්ම ඔබ වැනි දක්ෂ රංගන ශිල්පිනියන් අපේ ලංකාවට අවශ්‍යම කාලයක් මේ.ඔබේ දක්ෂතාවයෙන් නවක දක්ෂයින්ටත් අත්වැලක් දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා.ඔබට ජය (ස)

:       0       0

අජික් නරුණාරකත්න Friday, 28 December 2012 05:31 PM

ඩිංගිරිගේ චරිතයට අනුගතවූ ඔබේ විශිෂ්ඨ චරිතාංගන ශිල්පිනියක්.. ඔබට අපේ උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

මනුල Monday, 24 December 2012 08:01 PM

තව ටිකක් කෙට්ටු වෙන්න බලන්නකෝ. (නි)

:       0       0

ශ්‍රියාණි Wednesday, 26 December 2012 06:17 PM

ඔබට සුභ අනාගතයක්. ඇත්තෙන්ම ඔබ අපට ආඩම්බරයක්. (නි)

:       0       0

සරත් Friday, 04 January 2013 02:10 PM

මගේ කැමතිම නිළිය . ඉතාම දක්ෂයි ..... (ස)

:       0       0

ප්‍රියන්ති Friday, 28 December 2012 05:39 PM

විදේශවල ජීවත් වෙන අපේ නිවහනට ඩිංගිරි අම්මාගේ චරිතයෙන් පුංචි තිරයෙන් පැමිණි සාර්ථක රංගනයක යෙදෙන දූලීකා මාරපන සහෝදරියට අපේ සුභ පැතුම්..!(නු)

:       0       0

බණ්ඩාර Monday, 24 December 2012 01:35 PM

ඇත්තටම නව පරපුරේ දක්ෂතම නිළිය ඔබයි. (නි)

:       0       0

සුජීව Sunday, 23 December 2012 08:04 PM

මේ කවුද අප්පා (ස)

:       0       0

බුද්ධි Monday, 24 December 2012 01:41 PM

ඇත්තටම අද සිටිනා දක්ෂතම නිළිය ඇයයි. එහි විවාදයක් නැත. (නි)

:       0       0

අලුත්ගේ Sunday, 23 December 2012 08:09 PM

ඔබ ඇත්තෙන්ම නිහතමානී, සුන්දර, අග්‍යග්‍රණ්‍ය කලාකාරිනියක්. (නි)

:       0       0

දූෂික Tuesday, 01 January 2013 06:30 PM

දක්ෂ නිළියක්..!(නු)

:       0       0

මධු Tuesday, 01 January 2013 06:30 PM

ඔබ ඉතාම දක්ෂයි.. අපි ඔබට සුභ පතනවා..!(නු)

:       0       0

මානෙල් Tuesday, 01 January 2013 06:26 PM

සුභ පැතුම්!(නු)

:       0       0

හිල්ම් Sunday, 23 December 2012 08:38 PM

ඔබ නියම කළා කාරිනියක්. ඔබට තෙරුවන් සරණයි (දී)

:       0       0

චානි Monday, 31 December 2012 10:53 AM

ඔබ ඇත්තෙන්ම අපූරු මිතුරියක්. (නි)

:       0       0

චමත් Friday, 04 January 2013 11:29 PM

ඇත්තෙන්ම ඔබගේ රංගනය ඉතාම අනර්ඝයි. ටෙලි නාට්‍ය හා නාට්‍ය වල එම චරිත වලට ඔබ හරිම අපූරුවට පණපොවනවා. බ'ර්නාඩාගේ සිපිරිගෙය මම නැරඹුවා. එහිදීත් ඔබගේ රංගනය කදිමට ප්‍රදර්ශනය වෙනවා. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ජයන්ත Monday, 07 January 2013 01:31 PM

ඔබට සුභ පැතුම්! (ස)

:       0       0

අමාලි Monday, 24 December 2012 02:17 PM

ඇත්තමයි ඔයා රඟපාද්දි බලන් ඉන්න ආසයි (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:56 AM

ඔබේ රංගනය අති සාර්ථකයි.සුබ පතමි (ස)

:       0       0

නිලුෂිකා Friday, 28 December 2012 07:27 PM

අක්කි ඔයා කෑගල්ලෙ කොන්වන්ට් එකේ කෙනෙක් වීම එකෙ ඉගෙන ගත් අපි හැමෝටම ආඩම්බරයක්.. ඔයාගේ රංගනය හරිම ඉහළයි..!(නු)

:       0       0

දිල්හානි Monday, 07 January 2013 05:22 PM

සුභපතනවා මම ඔබට (දී)

:       0       0

ධම්මික පතිරණ Tuesday, 25 December 2012 06:49 PM

‍ඔයා 80 අපේ නාට්‍ය කණ්ඩායමේ කෙනෙක්ද?(නු)

:       0       0

සෑම් Monday, 24 December 2012 08:45 PM

විශිෂ්ට නිළියක්! සුභ පැතුම්! (නි)

:       0       0

ගංගා Sunday, 30 December 2012 03:04 PM

ඔබ ගොඩක් නිහතමානී කෙනෙක්. මම ඔබට සුභ පතමි. (නි)

:       0       0

රුවන් ආර් සමරක්කොඩි Thursday, 03 January 2013 07:40 PM

අපේ අනිත් නිලියන්ටත් ආදර්ශමත, ම‍ෙ‍ග් උණුසුම් සුභ පැතුම්..!(නු)

:       0       0

උපුල් Tuesday, 25 December 2012 10:13 AM

බොහොම හොද නිලියක්.. සුභ පැතුම්.,!(නු)

:       0       0

නිලූෂා Thursday, 27 December 2012 08:24 PM

ඔබ අතිදක්ෂ කාන්තාවක්. මම ඔබව අගය කරමි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 23 December 2012 10:05 PM

ලංකාවට පහළවුණ දක්ෂතම නිලියක්. මහත් උණ එක පාඩුවක් නොකරගෙන ඕනම චරිතයක් දක්ෂ ලෙස රගපානවා..... දිගටම රගපාන්න.... ඔබට ජය....!(නු)

:       0       0

පිටිගල Sunday, 23 December 2012 10:12 PM

ඔබේ රංග හැකියාව අති විශිෂ්ටයි (දී)

:       0       0

කපිල Sunday, 23 December 2012 10:59 PM

මම ඇත්තෙන්ම ඔබේ රංගන දිවියට සුබ පතනවා (ස)

:       0       0

ජගත් ලියනගේ Thursday, 27 December 2012 08:42 PM

ඔයා දැං ගොඩක් ලස්සන වෙලානේ..?(නු)

:       0       0

අනුරාධ Saturday, 01 February 2014 11:30 PM

මගේ කැමතිම වගේම මං දැකලා තිබෙන දක්ෂම නිළිය ඔබතුමියයි. එහි ආයේ විවාදයක් නැහැ. (නි)

:       0       0

ලහිරු Wednesday, 02 January 2013 02:04 PM

ඔබ විශිෂ්ට රංගන ශිල්පිනියක් (දී)

:       0       0

උපාලි Monday, 24 December 2012 12:58 AM

මහත ටිකක් අඩු කර ගත්තනම් නේද හොඳ (ස)

:       0       0

ප්‍රියංගනී Thursday, 27 December 2012 01:59 PM

දක්ෂයි.. දක්ෂයි.. ගොඩක් දක්ෂයි.. ඔබට දිගු ගමනකට ආසිරි..!(නු)

:       0       0

මංජුල Tuesday, 25 December 2012 08:39 PM

මම ඔබගේ මිතුරෙක් වෙනවා වසර දොළහකට පමණ පෙර.. ඔබ විශිෂ්ඨයි...!(නු)

:       0       0

අසිත් කුමාර Tuesday, 25 December 2012 08:45 PM

අපට ඉන්න දක්ෂම නිළියක්..!(නු)

:       0       0

විජේසිංහ Thursday, 17 January 2013 10:29 AM

නිලියන්ට තියෙන පාඨක උනන්දුව ? මහජන නියෝජිතයන් කරවමුද මේ අය ? (ස)

:       0       0

රංගනා Saturday, 29 December 2012 10:37 PM

වාව්.. නියමයි..!(නු)

:       0       0

විජේසිංහ Thursday, 17 January 2013 10:30 AM

ඔබගේ රංගන හැකියාව ඇති විශිෂ්ටයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 537 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 651 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 254 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1062 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 899 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site