IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


මම ගයනා කරපු හැම ගීතයක්ම මට විශේෂයි

2016-06-24-ent-144

චිත්‍රපට පසුබිම් ගායනයට නැතුවම බැරි හඬක් හිමි උරේෂා රවිහාරිගේ උපන්දිනේ අද. උපන් දිනේට මොකද කරන්නේ සහ මේ දවස්වල වැඩ කටයුතු ගැන හදසර අපි උරේෂා එක්ක කතා කළා. 

 

2016-06-24-ent-140කොහොමද ඉතින් ජීවිතේ 

ගොඩාක් හොඳින් සතුටින් ගත කරනවා 

 

උපන් දිනේට උරේෂාගෙන් රසික රසිකාවියන්ට මුකුත් නැද්ද ?

ඇයි නැත්තේ. මගේ අලුත්ම ගීත දෙකක් නිකුත් කරනවා අද. එකක නම් video එකකුත් තියෙනවා. ඒ ශෘංගාර සන්ද්‍යාව ගීතයේ. අනෙක් ගීතය මේ සිහිනය. ඒ ගීතයේ නම් Audio පමණයි නිකුත් වෙන්නේ. 

 

අපි ඒ ගීතවල පද රචනය සහ සංගීතය ගැනත් මතක් කරමු?

ශෘංගාර සන්ද්‍යාව  ගීතයේ පද - ෂෙහාන් ගලහිටියාව.  සංගීතය - සංඛ දිනෙත්. මේ සිහිනය ගීතයේ පද  - නෙලූ  ප්‍රනාන්දු. සංගීතය - දර්ශන වික්‍රමතුංග. 

 

අපි රූප රචනාව ගැනත් මතක් කළොත්

ඔව් ඇත්තටම මට ඒ ගැන කියන්න ඕනේ. දැන් බොහොමයක් රූප රචනා තුළ තියෙන්නේ කිසියම් කතාවක්. ඇතැම් රූප රචනා දිහා බැලුවම ඒ හරහා ගීතයේ අර්ථයට හානියක් වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ මේ ශෘංගාර සංද්‍යාව ගීතයට එහෙම කතාවක් එකතු කළේ නෑ. ගීතය ගයනා කරන්නෙත් මම විතරයි රූප රචනාවේ ඉන්නෙත් මම විතරයි.

 

මේ දිනවල උරේෂා ගී ගයන ආදරණීය කතාවක් තිරගත වෙනවා  ඒ ගැනත් මම කියන්න ඕන.

මම  මේ අවස්ථාවේ ප්‍රියන්ත කොළඹගේ  සහ චමින්ද ගමගේ මතක් කළ යුතුයි. මට මේ චිත්‍රපටයට ආරාධනා කළේ ඒ අය. ගීත තුනක් මම ගායනා කළා. එකිනෙකට වෙනස් ආදරය තුළ තියෙන සතුට දුක හැඟීම්බර බව ඒ ගීත තුළ අන්තර්ගතවෙලා තියෙනවා. ආදරණීය කතාවක් චිත්‍රපටය සැබැවින්ම ආදරණීයයි. ‍

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර 

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අද වෙනකොට දින 16ක් තිරගත වීම ආරම්භවෙලා. ඉතින් සතුටුයි. මොකද සංගීතමය චිත්‍රපටයක්. 

 

සංගීත අධ්‍යක්‍ෂණය කළේ සිනමාවට නවකයෙක්

ඔව් උදාර සමරවීරගේ පළමු සංගීත අධ්‍යක්‍ෂණය. නමුත් ඔහු ඉතා හොඳින් චිත්‍රපටය පුරාම සංගීතය එක් කරලා තියෙනවා. එහි සාර්ථකත්වය ප්‍රේක්‍ෂකයින්ටම දකින්නට පුළුවන් චිත්‍රපටය බැලුවොත්. 

 

දැනට උරේෂා චිත්‍රපට කීයක ගීත ගයනා කරලා තියෙනවද?

චිත්‍රපට 104 ක විතර 

 

ඒ අතරින් කැමතිම ගීතය 

මම ගයනා කරපු හැම ගීතයක්ම මට විශේෂයි සහ මම කැමතියි. ඒ අතරිනුත් ගීතයක් ගැන කියනවනම් පායන ඉර පාන කාගේ  ගීතයට කැමතියි. 

 

හේතුව 

ඒ ගීතය තුළින් මම අලුත් ජීවයක් ලැබුවා කියලා මට හිතුණා. ඒ වගේම මගේ සංගීත ගුරුවරයා විදියට මම සලකන රෝහණ වීරසිංහ මහතා තමයි සංගීතවත් කළේ. පද පෙළ බන්දුල නානායක්කාරවසම්ගේ. චිත්‍රපටය අංජලිකා. අධ්‍යක්‍ෂණය - චන්න පෙරේරා මේ සියලු එකතුවටම මම කැමතියි. 

 

ඔබ මෑත කාලේ ඉන්න වාසනාවන්තම ගායිකාවක් කිව්වොත් උරේෂා මොකද කියන්නේ? 

ඇත්තටම ඔව්. මටත් එහෙම හිතෙනවා. මොකද මට ච?ිත්‍රපට රුසක ගීත ගයනා කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ඒ දේවල්වලට සම්මාන ලැබුණා. ඇගයීම්වලට ලක් වුණා. ඉතින් මේ තරම් දුරක් එන්න ලැබීම වාසනාවක් විදියට මමත් දකිනවා.

 

උරේෂා ගේ පියා අපිට ඉන්න ප්‍රවීණ නිවේදකයෙක්. ඔබ නිවේදන කලාවට ආස නැද්ද?

නැහැ. ඇත්තටම මම කුඩා කාලෙදිත් කරලා තියෙන්නේ සින්දු කිය කියා නටන එක. ඒ නිසා තමයි මගේ මව්පියන් මාව සංගීත පැත්තට යොමු කළේ. මම අදත් කැමතිම මගේ තාත්තගේ නිවේදන විලාසයට. නමුත් මගේ ලොකු ආසාවක් නැහැ. 

 

නිවේදන කටයුතු කරලම නැද්ද?

තියෙනවා. මම ගුවන් විදුලියේ සහන නිවේදිකාවක් විදියට තේරුණා. හැබැයි මාස තුනක කාලයක් තමා මම ඒ සඳහා ගියේ.

 

දැන් හැදෙන ගීත ගැන මොකද හිතෙන්නේ 

හොඳ ගීතත් නිර්මාණය වෙනවා. එක රැල්ලකට යන ගීතත් තියෙනවා. මම කොහොමත් රැල්ලට ගීත ගයනා කරන්නේ නෑ. ඒ දේවල්වලට මම පෞද්ගලිකව අකමැතියි. නමුත් තනි මට ඒවා වෙනස් කරන්න බෑ.

 

අලුතින් බොහෝ අය එනවා ක්‍ෂේත්‍රයට. ඒ ගැන මොකද හිතෙන්නේ? 

ඇත්තටම ඒක හොඳයි. මොකද ඕනෑම ක්‍ෂේත්‍රයක පැවැත්ම තියෙන්නේ අලුත් අය ආවොත් තමයි. අනික් දේ තමයි අපේ කාලේ වගේ නෙවෙයි.  ක්‍ෂේත්‍රයට එන්න විවිධ මාවත් තියෙනවා. දක්‍ෂයින් ඒ හරහා බිහිවෙනවා. මම ඒ අලුත් අය සමඟ වැඩ කරලා තියෙනවා. ඒ ගැන සතුටුයි. 

 

ඔබේ නිර්මාණ ඇතුළත් ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද ?

බොහෝ දෙනෙක් ඔය දේ අහනවා. මාත් දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 25 ක්. මම ආවේ අවුරුදු 8 දී. ඉතින් මගේ හිතෙත් අදහසක් තියෙනවා ප්‍රසංගයක් කරන්න. ලබන වසරේදී නම් අනිවාර්ෙයන්ම ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරි වැඩ කටයුතු මොනාද?

මම ගීත ගයනා කළ චිත්‍රපට 20ක් විතර තව එන්නත් තියෙනවා. ඒ වගේම ප්‍රියන්ත කොළඹගේ ගේ දේදුණු ආකාසේ චිත්‍රපටයෙත් මම ගීත ගයනා කරනවා. තව සෝමරත්න දිසානායක මහතාගේ අලුත්ම චිත්‍රපටය ස රි ග ම ප  ඒ චිත්‍රපටයෙත් මම ගී ගයනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය රැසක තේමා ගීත ලැබිලා තියෙනවා. 

 

පවුලේ විස්තර 

මගේ මහත්තයා රැචිර නදීර. ඔහු විශේඥ වෛද්‍යවරයෙක්. මේ දිනවල විදෙස් ගතව ඉන්නේ. පුතා සසෙන් ප්‍රවිවෙක් දැන් එයාට අවුරැදු තුනහමාරක් වෙනවා. ඒවගේම මගේ ආදරණීය අම්මා තාත්තා මතක් කරන්නම ඕනේ. මොකද එදා වගේම අදත් මගේ සෙවණැල්ල වගේ ඉඳන් මට සහයෝගය දෙනවා. 

 

කොහොමද රැචිරගෙන් ලැබෙන සහයෝගය 

ඇත්තටම ඒ ගැනත් කියන්නම ඕන. මම  හරි වාසනාවන්තයි ඔහු වගේ කෙනෙක් ලබන්න. මට මේ සියලු කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. 

 

අනාගත බලාපොරොතු මොනවද?

හොඳ ගීත කරන්න තමා මගේ බලාපොරොත්තුව. ඒවගේම මගේ දරැවා එක්ක මගේ මහත්තයා එක්ක හොඳින් යහපත් විදියට ජීවත් වීම.

 

අනූෂා රණසිංහ

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 

DESHAYA

 

2016-06-24-ent-143
2016-06-24-ent-142
2016-06-24-ent-141



අදහස් (0)

මම ගයනා කරපු හැම ගීතයක්ම මට විශේෂයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 152 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 198 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 189 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 223 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1249 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 805 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site