IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මම ගිය අවුරුද්දෙම එංගලන්තයේ හිටියෙ. ලංකාවට ආවෙම නැහැ.

2016-12-13-ent-22

සෙනාලි ෆොන්සේකා කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ "සිරිපැරකුම්" චිත්‍රපටයේ "සිරිමල් එතනා" චරිතයයි. මන්ද ඒ චරිතයට අපි අදටත් ආදරය කරන නිසාවෙනි. "සිරිමල් එතනා" චරිතය රඟපෑ සෙනාලි මේ දිනවල නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටියි. ඒ අතරතුර ඇය භාරගත් කලාකටයුතු කිහිපයකට දායක වීමට නියමිතව ඇති බවද පැවසෙයි. කෙසේනමුත් ඒ පිළිබඳ දැනගැනීමට අපි සෙනාලිව සම්බන්ධකර ගතිමු.

 

ලංකාවට නිවාඩුව ගතකරන්න ආවට කාර්යයබහුල වෙලා නේද?

2016-12-13-ent-21මම ලංකාවට එන්නෙ කාලෙකට පස්සෙනේ. ඉතිං ඒක නිසා කාර්යබහුල වෙනවා. පසුගිය දවස් ටිකේ එංගලන්තෙ Bio Medical (ජීවවිද්‍යා වෛද්‍ය වෘත්තියෙන්) අංශයෙන් මම අධ්‍යාපන කටයුතු හැදෑරුවා විද්‍යාඥවරියක් විදිහට. මගේ උපාධිය අවසන් කරලා විවේක කාලයක් අරගෙන චිත්‍රපටයකට හෝ මොනයම් වැඩකටයුත්තක් සඳහා හරි දායක වෙන්න හිතාගෙන මම ලංකාවට ආවා.

 

ඒ කියන්නෙ නැවතත් ලංකාවෙන් යනවා?

මම පුංචි කාලෙ ඉඳන්ම හැදුණෙ වැඩුණේ එංගලන්තෙ. ඉතිං ඒක නිසා මට එංගලන්තයට යන්න වෙනවා. මගේ පවුලෙ අය ඉන්නෙ එහෙ නිසා. නමුත් වැඩි කාලයක් ලංකාවෙ ඉන්න තමයි මගේ බලාපොරොත්තුව සහ ආශාව.

 

මෑතකදී නිර්මාණවල දකින්නට නොලැබුණත් අමතක චරිතයක් ඇති නේද?

තාමත් මට ගොඩක් අය නගා කියල තමයි කතා කරන්නේ. ඒ මොකද මම දායක වුණු "සිරිපැරකුම්" චිත්‍රපටයේ "සිරිමල් එතනා" කියන චරිතය නිසයි. තාමත් එදා වගේම අදත් හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. මම ගොඩක් පුදුම වෙනවා අදටත් ඒ චරිතයට රසික ප්‍රතිචාර ලැබීම ගැන. මොකද, චිත්‍රපටය තිරගත වෙලත් දැන් අවුරුදු කිහිපයක් වෙන නිසා. ඒ මගේ මුල්ම සිනමා චරිතයයි. ඒ නිසා මට ඒ දේ ගොඩක් වටිනවා. ඒ වගේම කවදාවත් අමතක නොවන චරිතයක්. ඒ තරම් මට හිතට වදිනවා. ඒ නමින් අඳුරනවා කියන එක මට ලොකු ආඩම්බරයක් සහ සන්තෝෂයක්.

 

වෘත්තීමය මට්ටමේ රංගන ශිල්පිනයක් වෙන්නෙ නැද්ද?

මගේ පවුලේ පසුබිම නිසා හෝ මම කලාවට ගොඩක් ආදරෙයි. මම සන්තෝෂයෙන් ඉන්නෙ කලාවත් එක්ක වැඩකටයුතු කරද්දියි. කොච්චර මහන්සි වුණත්, රූගත කිරීමකදී සෙට් එකක ඉන්න එක මට හරි සන්තෝෂයි. නමුත් මම හිතන්නෙ නැහැ ඒක කවදාවත් මට වෘත්තීය මට්ටමෙන් කරන්න පුළුවන් වෙයි කියලා. රටවල් දෙකක ඉන්න නිසා ලබාගන්න මුදලට වඩා ප්‍රමාණයක් මම වියදම් කරනවා ලංකාවට එන්න විතරක්. ඒක නිසා මට ඒ දේ කරන්න පුළුවන් කියල හිතන්නෙ නැහැ. මම යම්කිසි වැඩකටයුත්තක් බාරගනිද්ද ගොඩක් හිතනවා, හොයනවා. මොකද මම කලාව විකුණන්න ආස නැහැ. ඒක නිසා කලාවට ලොකු ගෞරවයක් තියෙනවා. එන හැමදෙයක්ම කරලා සල්ලි හොයන්න කියන තැන නෙමෙයි මම ඉන්නේ. මට හොඳයි කියල හිතෙන චරිතයක් කරන්න තමයි ලොකුම ආසාව. වෘත්තීය පැත්තට වඩා කලාව කියන්නේ මගේ සිහිනය සහ ආශාවයි.

 

කලා නිර්මාණ අතපසු වෙද්දි දුකක් දැනෙන්නෙ නැද්ද?

ලොකු දුකක් තිබුණා. මම ගිය අවුරුද්දෙම එංගලන්තයේ හිටියෙ. ලංකාවට ආවෙම නැහැ. මොකද ඒ කාලෙදි මගේ අන්තිම විභාග කිහිපයක් තිබුණා. ඒ කාලෙදි ගොඩක් චිත්‍රපටවලට ආරාධනා ලැබුණා. සෝමරත්න මාමගෙම අලුත් චිත්‍රපටය "සරිගම", ඒ වගේම බෙනට් රත්නායක මහත්මයාගේ අලුත් චිත්‍රපටයක් සඳහාත් ආරාධනා ලැබුණා. ඒත් රටින් පිට ඉගෙන ගැනීමේ කටයුතු නිසා මට ඒ දේවල් ගිලිහිලා ගියා. නමුත් කියනවනේ ලැබෙන්න තියෙන දේ ලැබෙයි කියලා. මඟහැරිච්ච දේවල් ගැන හිතල වැඩක් නැහැ. මම අධ්‍යාපනය පැත්තෙනුත් හොඳට ඉගෙන ගැනීමේ කටයුතුවල නිරත වුණා. ඒක නිසා මට දුකක් නැහැ. මොකද නැති වුණා කියන දේ වෙනුවට මට ලැබුණු දෙයක් තියෙන නිසා. ඉදිරියට හොඳ නිර්මාණ ලැබෙයි කියල මම හිතනවා.

 

ඉදිරි කටයුතු?

මම දැන් තීරණය කරල තියෙනවා ගොඩක් කල් ලංකාවේ ඉන්නවා කියලා. ඉතිං මම නිර්මාණ කිහිපයක්ම බාරගත්තා. වෙනස් චරිත. මම කලින් කිව්වා වගේ "සිරිපැරකුම්"එකේ "සිරිමල් එතනා" චරිතයනේ ගොඩක් අයට මතක. ඒ වගේම හාත්පසින්ම වෙනස් තවත් චරිතයක් ගැන කියන්න පුළුවන් වෙයි. මේ දවස් වල රූගතකිරීම් කරනවා. බලමු ලබන අවුරුද්දේ. මගේ රසික රසිකාවියන්ට මාව අවුරුදු තුනක් තිස්සේ එච්චර දකින්න ලැබුණෙ නැහැනේ. දැන් ගොඩක් නිර්මාණවල දැකගන්න පුළුවන් වෙයි.

 

අද වනවිට කර්මාන්තය තුළ විවිධ වූ වෙනස්කම් වෙලා තියෙනවා නේද?

ඇත්තටම ගොඩක් සන්තෝෂයි. විවිධාකාර නිර්මාණ අද කාලෙ බිහිවෙලා තියෙනවා. ඉස්සර වගේ එකම කතන්දරය පැති දෙකක් වෙනස් කරලා නෙමෙයි. ඒ නිසා සන්තෝෂයි. නමුත් පොඩි දුකක් තියෙනවා, ටෙලිනාට්‍ය හැදෙනවා වගේ චිත්‍රපට හැදෙන්නෙ නැති එක ගැන. නමුත් චිත්‍රපටත් වෙනදට වඩා ගොඩාක් හොඳ තැනක තියෙනවා. කලාවට ආදරය කරන කෙනෙක් විදහට, මමත් කලාවේ රසිකාවියක් විදිහට සන්තෝෂ වෙනවා. ටෙලිනාට්‍ය වල තිබෙන කතන්දර චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයන් අතරට එනවානම් තවත් සන්තෝෂ වෙනවා.

 

ආදරය කරන රසිකයන් වෙනුවෙන් මොනවද කියන්නේ?

මුලින්ම කියන්න ඕන මම අද මෙතන ඉන්නේ රසික රසිකාවියන් නිසා. දැන් අවුරුදු තුනක් වෙනවා සිරිමල් එතනගේ චරිතය කරලා. නමුත් ඒ ඉඳන් අද වෙනකන් මේ අවුරුදු තුනට මම ලොකුවට දෙයක් කළේ නැහැ. අදටත් මාව මතක හිටින්නේ ඒ මට තියෙන ආදරේ නිසා. ඒ වගේම පුවත්පත් මාධ්‍යවේදීන්, වැඩසටහන් කරන අය, ඡායාරූප ශිල්පීන් අද මාව රසිකයන් අතරට අරන් යනවා. මේ හැමකෙනාම නැත්නම් මම හිතන්නේ නැහැ මට මෙච්චර දුර ගමනක් සහ අවුරුදු තුනක කාලයක් ලොකු දෙයක් නොකර මේ විදිහට රැඳී සිටින්න පුළුවන් කියලා. ගොඩාක් ස්තූතිවන්ත වෙනවා රසික රසිකාවියන් ඇතුළු මේ හැමදෙනාටම. ඒ අය ලබාදෙන සහයෝගය ගොඩක් වටිනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-12-13-ent-20
2016-12-13-ent-19
2016-12-13-ent-18
2016-12-13-ent-17
2016-12-13-ent-16
2016-12-13-ent-15
 



අදහස් (0)

මම ගිය අවුරුද්දෙම එංගලන්තයේ හිටියෙ. ලංකාවට ආවෙම නැහැ.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 227 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 383 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 641 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site