IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ.

2016-04-12-ent-84

"සිරස සුපර් ස්ටාර්" හා "ශක්ති සුපර් ස්ටාර්" තුළින් ඔබ හඳුනාගත් ඇය මේ වනවිට සිය අනන්‍යතාව ගීත ක්‍ෂේත්‍ර‘ය තුළ සනිටුහන් කර හමාරය. සතියේ දිනවල දහවල් 02.00 ට සිරස එෆ්.එම් ඔස්සේ විකාශනය වන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතයද, සිරස ටී.වී. ඔස්සේ විකාශය වන "මේ ආදරයයි" තේමා ගීතයද ගායනා කළ ඇය මීනා ප්‍රසාදනීය.

 

2016-04-12-ent-83මුලින්ම අපි කතා කරමු මේ දිනවල අහන්න ලැබෙන "මං ආදරේ" ගුවන් විදුලි නාට්‍ය‘යේ තේමා ගීතය සහ "මේ ආදරයයි" තේමා ගීත දෙක ගැන?

"මං ආදරෙයි" නිහාල් වික්‍රම එදිරිසූරිය තමයි මට එයට ආරාධනා කළේ. ගීතය රචනා කළේ මං ආදරෙයි ගුවන් විදුලි නාට්‍යය ලියන නිදුක් මධුෂික. එයට සංගීතය සැපයුවෙ ජයසිරි අමරසේකර. %මං ආදරේ^ නාට්‍ය‘යේ තේමා ගීතයට මම පෞද්ගලිකව කැමතියි. එයත් වැඩි වශයෙන් ජනප්‍රිය වුණා. "මේ ආදරයයි" මම කැමැත්තෙන් කළ ගීතයක්. වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබුණා. එයට සිරස ටී.වී. ආරාධනා කිරීම ගැන සතුටුයි. සිඩ්නි චන්ද්‍රසේකර මහත්මයා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සුසාර දිනාල්ද මතක් කළ යුතුයි.

 

ඔබගේ හඬ දායකත්වය වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ තේමා ගීතවලින්?

මම තේමා ගීතවලට තමයි වැඩි වශයෙන් දායක වෙලා තියෙන්නෙ. මගේම ගී නිර්මාණ සිදුවෙන්නෙ හරිම අඩුවෙන්. ඒකට හේතුව මට ලැබෙන හැම ආරාධනාවක්ම මම භාර ගන්නෙ නැහැ. මට ගැළපෙන නිර්මාණ පමණයි මම භාර ගන්නෙ. නමුත් මම ගී නිර්මාණයක් සිදු කළොත් මට මාධ්‍යවලින් සහයෝගය ලැබෙනවා. මගෙන් නිර්මාණයක් ප්‍රේක්ෂකයන් අතරට ආපු නැති නිසා වෙන්න ඇති තේමා ගීතවලට දායක වෙනවා කියලා දැනෙන්නෙ.

 

ඒකට හේතුව ආර්ථික වටිනාකමක් ලබාගත නොහැකි එකද?

හේතුව මම කැමති ගීත නිර්මාණ නොලැබුණ එක. මම ආසාවෙන් කළ නිර්මාණ තමයි තියෙන්නෙ. ට්‍රේන්ඩි එකට යන්න මම ආස නැහැ. එයයි හේතුව විදියට මම දකින්නෙ. ආර්ථික වටිනාකමක් බලාගෙන මම ගීත නිර්මාණය සිදු කරන්නෙ නැහැ.

 

ඔබ සීඩී පටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා නේද?

ප්‍රවීණ සංගීතඥයන් වගේම නව පරපුරේ අය එක්කත් මම වැඩකරලා තියෙනවා. ගීත නිර්මාණවලට මට ආරාධනා ලැබෙනවා. මම කැමති නැහැ මම අකමැති ගීතයක් මගේ වොයිස් එකෙන් අහන්න. මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ. මේ කාලේ සී.ඩී. පටයක් නිර්මාණය කළා කියලා වාණිජ වටිනාකමක් ගන්න බැහැ. ගායිකාවක් ලෙස සීඩී පටයක් කළ යුතුයි කියලයි මම හිතන්නෙ. එයට විශාල පිරිවැයක් වැය වෙනවා. අද තාක්ෂණය දියුණුයි. මට අවශ්‍ය හොඳ ගීත නිර්මාණය කිරීම පමණයි.

 

රියලිටි මාවතේ පැමිණ ඔබේම අනන්‍යතාවයක් එක්ක මේ යන ගමන හා මතක් කළ යුතු පිරිස ගැන කතා කළොත්?

සිරස සුපර් ස්ටාර් තුන්වන අදියරේදී මම ඉවත් වුණේ දොළොස් වැනියා විදිහට. ශක්ති සුපර් ස්ටාර් තරගයේ අවසාන වටයට මට යන්න හැකියාව ලැබුණා. මට තරගයකින් මේ තරම් මිනිසුන් අතරට යන්න හැකිවේවි කියලා මම හිතුවෙ නැහැ. එහෙත් දෙවියන්ගේ ආශිර්වාදය දෙමවුපියන්ගේ ආශිර්වාදය හා මට උදව් කළ සියලු දෙනාගේ සහයෝගයෙන් මම මේ ගමන යනවා තනියම. මම යන ගමනේදි මට ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහය අමතක කරන්න බැහැ. විශේෂයෙන් සුරේෂ් මාලියද් මතක් කළ යුතුයි. ඒ වගේම මාව විශ්වාස කරලා මට පළමු චිත්‍රපට ගීතයක් ලබාදුන් සංඛ දිනෙත්ටත්, මගේ පෙම්වතාටත්, මගේ නිවසේ සියලු දෙනාටත් මම ස්තුති වන්ත වෙනවා. මාත් එක්ක හිටපු මාව විශ්වාස කළ හැමෝම මතක් කළ යුතුයි.

 

ඉඳුනිල් සින්දු

 

2016-04-12-ent-80
2016-04-12-ent-81



අදහස් (0)

මම තෝරා බේරා ගෙන වැඩ කරන්නේ.

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 129 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 524 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 103 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 550 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 330 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 969 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38163 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site