IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම නිරූපණ වලට දායක වෙන්නේ තෝරාබේරාගෙනයි

 

වෘත්තීමය ගුරුවරියක වශයෙන් සේවය කරමින් විනෝදාංශයක් ලෙස නිරූපණය ශිල්පිනියක වූ ඇය අමානි කෝට්ටේආරච්චිය. ඇගේ නිරූපණ ගමන පිළිබඳව කතා බහ කිරීමට "සාරවිට" අප සමග මෙලෙසෙ එක් විය.

 

20170101Amani- (10)ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම අමානි කෝට්ටේආරච්චි. මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. අක්කා විවාහ වෙලා ඉන්නේ. මම ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් විදියට සේවය කරනවා.

 

ගුරුවරියක් වශයෙන් කටයුතු කරද්දී නිරූපණ ක්ෂේත්‍රයට යොමුවෙන්නේ කොහොමද?

මම මේ ක්ෂේත්‍රයට එන්නේ ගුරු වෘත්තියට ඇතුළු වෙන්නත් කලින් සිටයි. ඒ මනාලියන් දැක්මක් සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව උදාවීමෙන්.

 

ගුරුවරියක් නිරූපණ ක්ෂේත්‍ර‘යේ නියැළීම පිළිබඳව බොහෝදෙනෙක් චෝදනා කරන්න පුළුවන්. මේ පිළිබඳව ඔබ මේ දරන්නේ මොනවගේ අදහසක්ද?

ගුරුවරියක් හා නිරූපණ ශිල්පිනියක් කියන ක්ෂේත්‍ර දෙක හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. මම මේ ක්ෂේත්‍ර දෙක පටලවගන්නේ නැහැ. ගුරුවරියක් වීම මගේ පොඩිකාලේ ඉඳන්ම තිබුණ ආසාවක්. ඒ සඳහා තවමත් මම ඉගෙනීම් කටයුතු කරනවා. ඒවගේම නිරූපණය කියන්නේ මගේ විනෝදාංශය.

 

ඔබ මේවනවිට නිරූපණයෙන් දායකවෙලා තියෙන වැඩකටයුතු මොනවාද?

මම වැඩිවශයෙන් සහභාගීවෙලා තියෙන්නේ මානාලියන් දැක්මවල් සඳහා තමයි. විවිධ වැඩකටයුතු සඳහා ආරාධනා ලැබුණත් මම ගුරුවරියක් නිසා භාරගන්න දේවල් ගොඩක්දුරට සීමාකරලා තියෙන්නේ.

 

ඔබගේ වෘත්තීයත් සමග නිරූපණයට කාලය වෙන්කරගන්නේ කොහොමද?

ඕනෑම දෙයක් පිළිබඳව හැදෑරීමක් කර ඒ ක්ෂේත්‍රයේ නියැලීම තමයි වඩාත් සුදුසු. නමුත් මම විනෝදාංශයක් විදියට ඉඩක් ලැබෙන වෙලාවට තමයි මේවාට සහභාගීවෙන්නේ. ඒ නිසා මම ඒ පිළිබඳව ඉගෙනීමට වැඩිය යොමුවුණේ නැහැ.

 

ගුරුවරියක ලෙස නිරූපණ ක්ෂේත්‍ර‘යේ නියැළෙනවිට යම්කිසි සීමා තබාගත යුතුයි. ඔබ නිරූපණ කටයුතු කරන්නේ ඒ සීමාව තුළ සිටද?

ඔව් අනිවාර්යෙන්ම. මම දැනට නිරූපණ කටයුතුවලට දායක වෙන්නේ තෝරාබේරාගෙනයි. ඉදිරියටත් එය එසේ සිදුවේවි.

 

වෘත්තියෙන් ගුරුවරියෙක් වෙච්ච ඔබ නිරූපණයට යොමුවෙද්දි, ඒ සඳහා පවුල් පසුබිමෙන් ලැබෙන සහයෝගය කොහොමද?

තාත්තාගේ තමයි ලොකුම ආශාවක් තිබුණේ මම ගුරුවරියක් වෙනවට.මම එයාගේ ආශාව ඉෂ්ට කළාත. ඉන් පසු මගේ ආශාවත් ඉටුකරගත්තා. නිරූපණයට පවුලේ අයගේ අකමැත්තක් නැහැ. එයාලාගෙන් ලොකු සහයෝගයක් තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවද?

මම විවෘත විශ්වවිද්‍යාලයේ උපාධිය නිමකිරීමේ බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ අතරතුර නිරූපණ ක්ෂේත්‍ර‘යේ වැඩකටයුතුත් තෝරාබේරාගෙන කිරීමට තමයි බලාපොරොත්තුව.

 

අතහිත දුන් පිරිසක් ඇති, ඒ අය ගැනත් පුංචි හැඳින්වීමක් කළොත්?

පුංචි තමයි මාව ක්ෂේත්‍රයට ගෙනාවේ. එයා තමයි මුලින්ම මාව මනාලියන් දැක්මක් සඳහා තෝරාගත්තේ. එයාගේ නම ඊෂා මධූ. අම්මා, තාත්තා මතක් කරනවා. ඒ වගේම මගෙ Boyfriend මතක් කරනවා.එයා මගේ ළඟින්ම ඉඳන් ලොකු සහයෝගයක් දෙනවා. සැලොන් දහම්සා එකේ රමේෂා අක්කාව වගේම මගේ පාසලේ ගුරු මණ්ඩලය මතක් කරන්න ඕන.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න

Hair and Makeup - Kalpani Elvigala

20170101Amani- (1) 20170101Amani- (2) 20170101Amani- (3) 20170101Amani- (4) 20170101Amani- (5) 20170101Amani- (6) 20170101Amani- (7) 20170101Amani- (8) 20170101Amani- (9)



අදහස් (0)

මම නිරූපණ වලට දායක වෙන්නේ තෝරාබේරාගෙනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 60 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3111 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 564 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1058 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 766 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 811 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 329 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site