IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මම ප්‍රංශයෙත් නිරූපිකාවක් විදිහට වැඩ කළා - සිල්වියා

20160706Silvia-1මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ නව පරපුරේ යොවුන් මෝස්තර නිරූපිකාවක වූ සිල්වියාය. මීට වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ඇය, මේ වනවිට ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්ව සිටින්නීය. නිරූපිකාවකට අමතරව රංගන ශිල්පිනියක ලෙසද මේ වනවිට කටයුතු කරමින් සිටින සිල්වියා, සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව අපි සමගින් ඇය මෙලෙස දොඩමළු වූවාය.

 

20160706Silvia-7නිරූපණ ක්ෂේත්‍රයට ඔබ සම්බන්ධ වුණේ කොහොමද?

එක සිදු වුණේ අහම්බෙන්. ඒ 2010 අවුරුද්දේ මම වැඩිදුර උසස් අධ්‍යාපනය හදාරන්න ප්‍රංශයට ගියා. එහිදී එක්තරා වැඩකටයුත්තකදී මට ප්‍රංශයේ ප්‍රවීණ ඡායරූප ශිල්පියෙකු ෆොටෝ ෂූට් එකකට සහභාගී වෙන්න ලැබුණා. ඒ ෂූට් එක ගොඩක් හොඳට සිද්ධ වුණා. ඊට පස්සෙ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ඕනා කියන කැමැත්ත ආවේ. ඉතින් මම නිරූපණය පිළිබඳව ඉගෙන ගත්තා. ඔය විදිහට තමයි මම අහම්බෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

ප්‍රංශයේදීත් ඔබ නිරූපිකාවක් විදිහට වැඩ කළාද?

ඔව්. අර ෆොටෝ ෂුට් එකෙන් පස්සෙ විවිධ ක්ෂේත්‍රවල පිරිස් මට හඳුන ගන්න ලැබුණා. ඊට පස්සෙ ඔවුන් 'යුරෝපියන් මැගසින් ප්‍රඩක්ට්ස්' කිහිපයකටම නිරූපිකාවක් ලෙස වැඩ කරන්න අවස්ථාව ලබාදුන්නා. අවුරදු 5ක් තිස්සේ මම ප්‍රංශයේ නිරූපිකාවක් විදිහට වැඩ කළා.

 

ලංකාවට ආවාට පස්සේ ඔබට නිරූපිකාවක් විදිහට වැඩ කරන්න ලැබුණේ කොහොමද?

ලංකාවට ඇවිල්ලා නම් මම දැනට වැඩ කරලා තියෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ලංකාවට ආවාට පස්සෙ මම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෝ කිහිප දෙනෙකු සමග ෆොටෝ ෂුට් කළා. එහිදී මාව නිරූපිකාවක් විදිහට බොහෝ දෙනෙකු හඳුන ගත්තා. දැනට මම 'එයා තමයි මෙයා' හා 'ඔන්න බබෝ පිස්සෝ එනවා' කියලා DVD චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. ඒ වගේම මම කරපු මියුසික් වීඩියෝ කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ ගීතයක රූප රචනාවටත් මම පෙනී හිටියා.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මේක ගොඩක් හොඳ ෆිල්ඩ් එකක්. ඒත්, කිහිප දෙනෙකු කරන වැඩ නිසා මේ ෆිල්ඩ් එක නම දැන් කැත වෙලා තියෙනවා. ඒ වගේම නිරූපිකාවන් පිළිබඳව විවිධ මත ඇතිවෙලා තියෙනවා. නමුත්, මම දකින විදිහට තමන් හරි දේ කරනවා නම්, හොඳ නිර්මාණ සඳහා දායක වෙන්න අවශ්‍යතාව තියෙනවා නම් මේ වෘත්තිය හොඳ තැනක්. ඒ වගේම හොඳ ගෞරවයක් තියෙන රැකියාවක් කියලාත් මම හිතනවා.

 

නිරූපිකාවක් වීම ගැන මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් තියෙනවා මට. 

 

ඔබ දේශීය වගේම විදේශීයවත් නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා?

මම ප්‍රංශයේ අවුරුදු 5කට වඩා වැඩි කාලයක් නිරූපිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. ප්‍රංශයේ හා ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රය ගත්තොත් ගොඩක් වෙනස්කම් මම දකිනවා. ලංකාවේ නිරූපිකාවක් ගැන කතා කළොත් තියෙන්නේ අඩු වටිනාකමක්. එත් ප්‍රංශයේදී ඒ තත්ත්වය මම දකින්නේ නැහැ.

 

නිරූපිකාවක් විදිහට අනාගත ඉලක්ක තියෙනවාද?

හොඳ නිර්මාණවලට හැම වෙලාවෙම දායක වෙන්න මම කැමතියි. ඒ වගේම  නිරූපණ ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කරන නිර්මාණවලට දායක වෙලා වැඩ කරන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම කවදහරි ලංකාවේ නිරූපණ කලාව ජාත්‍යන්තරයට රැගෙන යන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

 

උදව් කළ අය?

නම් වශයෙන් සඳහන් කරන්න අමාරුයි. ලොකු පිරිසක් ඉන්නවා. නමුත්, නම් නොකිවාට ඔවුන් හැම දෙනාවම මේ වෙලාවේදී ඉතා කෘතවේදීව මතක් කරනවා.

බුද්ධික සේනාධීර  

ඡායාරූප - ප්‍රභාත් වික්‍රමසිංහ (Siyeera Studio)

Makeup - නිලූක ලියනගේ

20160706Silvia-2 20160706Silvia-3 20160706Silvia-4 20160706Silvia-5 20160706Silvia-6



අදහස් (0)

මම ප්‍රංශයෙත් නිරූපිකාවක් විදිහට වැඩ කළා - සිල්වියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 714 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 536 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1622 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 299 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 501 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1368 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38920 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site