IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මම මධුරිගේ හිනාවට වශී වුණු කෙනෙක්

2016-09-15-ent-47

එකම සම්මාන උළෙලකදී සම්මාන දෙකකට හිමිකම් කියන්න ලැබෙනවා කියන්නේ කොයි තරම් වාසනාවක්ද? ඒ වාසනාවට හිම්කම් කියන්නට හේමාල් රණසිංහට දෙවැනි වතාවටත් අවස්ථාව ලැබුණා. ඒ හිරැ සම්මාන උළෙලට එක් වූ අලුත්ම සම්මානයක් වන අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළුවාට හිමි සම්මානය සහ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලබාගනිමින්. වැඩ වැඩ නංගියෝ කිය කියා කොච්චර කීවත් ෙකාෙහාමද ඉතින් හේමාල් එක්ක වචනයක් දෙකක් කතා නොකර.

 

මුලින්ම හදසරින් ඔබට සුබ පතනවා. ඒ වගේම මොකද හිතුණේ මේ සම්මාන ගැන?

2016-09-15-ent-48ස්තූතියි හදසරට. ඇත්තටම මම ගොඩක් සතුටු වුණු දවසක්. මට මීට පෙරත් දෙරණ සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය සහ ජූරියේ විශේෂ සම්මානය ලැබුණා. මෙවරත් අනාගතයේ බලාපොරොත්තු තැබිය හැකි සිනමා නළුවාට හිමි සම්මානය සහ ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබුණා. ඉතින් සතුටුයි ඒ වගේම ලොකු වගකීමක් මගේ කරට ආවා කියන හැඟීම මට දැනුණා. මම කවදත් හොඳ නිර්මාණවලට දායක වුණේ. ඉදිරියත් ඒ ආකාරයෙන්ම හොඳ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයින්ට සමීප වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබ සිනමා උළෙල පැවැත්වෙන පරිශ්‍රයට එද්දීම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා ?

ඔව්, ඇත්තටම ඒ තමා මම ලබපු හොඳම සම්මානය. ඔවුන්ගේ ආදරය සජීවීව ලබන්න මම වාසනාවන්ත වුණා. ඒ වගේම මමත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට ගොඩක් ආදරෙයි. ඒ අය සතුටු කරන්න පුළුවන් හොඳ නිර්මාණ තමා මම ඉදිරියටත් කරන්නේ. ඒ ප්‍රේක්ෂක ආදරයට මට දෙන්න පුළුවන් දේ තමයි ඒ අය තෘප්තිමත් වන නිර්මාණ කිරීම.

 

ඔබ බලාපොරොත්තු වුණාද ඒ තරම් ප්‍රතිචාර?

නැහැ, මම ඒ තරම් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුණේ නැහැ. හැබැයි ඒ ප්‍රතිචාර මට ඉදිරියට යන්න ලොකු උත්තේජනයක් වුණා. මම සතුටු වුණා ඒ තරම් ප්‍රේක්ෂක ආදරය මට ලැබීම ගැන. මට කියන්න තියෙන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට හැමදාම මමත් ආදරෙයි.

 

ඔබ මුල්ම සම්මානය ගන්න ආවේ වේදිකාව පිටුපස ඉඳන් ඒ ආවෙත් ප්‍රමාද වෙලා.

ඔව්, මම මගේ නර්තන අංගයට සුදානමින් ඉන්න වෙලාවේ තමා මේ සම්මානය ලැබුණේ. එතන හිටපු අය මට කිව්වා අන්න සම්මානය ගන්න කතා කරනවා කියලා. හැබැයි ඒත් මම දන්නේ නැහැ මට ලැබෙන සම්මානය ගැන. මම මඟ එද්දිත් ඇහුවා. ඒත් කාටවත් ඒ ගැන අවබෝධයක් තිබ්බේ නැහැ. ඒ වගේම මම හරියට ඇඳුමක්වත් ඇඳගෙන නෙවෙයි හිටියේ. එතන හිටපු කෙනෙක් තමා මට මගේ මිතුරා වන උද්දික ප්‍රේමරත්නගේ කෝට් එක දුන්නේ.

 

ඔබේ කොට් එක නොවන නිසාද බොත්තම හරියට දාගන්න බැරි වුණේ?

ඔව් ඔව්. ඇත්තම කියනවා නම් මට ඒ කෝට් එක මදි. ඒ නිසා තමා බොත්තම හරියට දාගන්න බැරි වුණේ.

 

දැනගෙන හිටියද සම්මානය ලැබෙන්නේ මධුරි ඩික්සිත් අතින් කියලා ?

නැහැ. මම වේදිකාවට එද්දී තමා මධුරි වේදිකාවේ ඉන්නවා දැක්කේ. ලංකාවේ හැමෝම ආදරය කරන කෙනෙක් මධුරි කියන්නේ. විශේෂයෙන් මම පෞද්ගලිකව ඇයගේ සිනහවට වශී වුණු කෙනෙක්. ඉතින් මට සතුටුයි ඇය අතින් සම්මානයක් ලැබීම ගැන. හැබයි ඉතින් සම්මානය අතට ගන්නකම් මම දන්නේ නැහැ මට ලැබුණු සම්මානය මොකක් ද කියලා.

 

තව තත්පර කිහිපයක් ප්‍රමාද වුණා නම්, ඔබට ඒ අවස්ථාව අහිමි වෙනවා එහෙම වුණානම්.?

එහෙම වුණානම් ඉතින් මම ගොඩක් දුක් වේවී, පසුතැවේවී. නමුත් ඉතින් එහෙම වුණේ නැහැ. මට වාසනාව තිබ්බා ඇය අතින් සම්මානය ගන්න.

 

ඔබ සුදානමින් හිටි නර්තන අංගය ඊට පස්සේ වේදිකාව වර්ණවත් කළා. ඒ නර්තන අංගය ගැනත් කතා කරමු?

ඔව්, මට මෙහෙම නර්තන අංගයක් කරමු කිව්වේ හිරැ රෑපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්ත සහ මගේ මිතුරා දමිත්. නමුත් මම කිව්වා මේක ලෙහෙසි දෙයක් නම් නෙවෙයි මොකද අපි තෝරාගත්තේ අපේ රටේ ඉන්න සහ හිටපු දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් හය දෙනෙක් ඉදිරිපත් කරපු සිනමා ගීත 6ක්. ඉතින් ඒ අයට හානියක් නොවන විදියට තමා මට මේ දේ කරන්න ඕනේ වුණේ. ඉතින් හිතේ ලොකු තිගැස්මක් තිබ්බා. ඒ තිගැස්ම එදා වේදිකාවේ නර්තන අංගය ඉදිරිපත් කරලා අවසන් වෙනකම්ම මගේ හිතේ තිබ්බා.

 

ලැබුණු උණුසුම්ම ප්‍රතිචාරය?

මට සම්මාන උළෙලට එද්දිම ලැබුණේ උණුසුම් ප්‍රතිචාර. ඉතින් උණුසුම මට මුළු සම්මාන උළෙල පුරාම තිබ්බා.

 

ඔබ කීවා ඔබ සම්මානයක් ලබා ගන්නවා අම්මා දකින සජීවී අවස්ථාව කියලා ?

ඔව්, මගේ හීන විශ්වාස කළ එකම ගැහැනිය ඇය. ඉතින් වේදිකාවේ උඩ ඉන්න මට දැනුණා මගේ අම්මා කොයි තරම් සතුටු වෙනවද කියලා. මවගේ සහ පුතුගේ අතර තියෙන බැඳීමත් එක්කම මට ඒ වෙලාවේ දැනුණ දේ කියන්න වචන නැහැ. ඒ තරමටම මම සතුටු වුණා වගේම මට දැනුණා ප්‍රේක්ෂකාගාරයේ වාඩි වෙලා මගේ අම්මා මගේ දිහා බලාගෙන ලබන සතුට.

 

ඔබේ අනාගත බලාපොරොත්තු?

හැමදාම වගේ හොඳ නිර්මාණවලට ඉදිරියටත් දායක වෙන්න වගේම මම කෙරෙහි තබලා මට මේ ලබාදුන්න සම්මානයට මට ලබාදෙන්න පුළුවන් දේ මම උපරිමයෙන් ලබාදීම තමා මගේ එකම අරමුණ සහ එකම බලාපොරොත්තුව.

 

අවසාන වශයෙන් ඔබට යමක් කියන්න ඇති?

ඔව්. විශේෂයෙන්ම මාව මේ සම්මානවලට පාත්‍ර කළ ජූරි සභාවට සහ ආදරණීය ප්‍රේක්ෂක්යින්ට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම අපේ සිනමා ක්ෂේත්‍රයට මෙවැනි සම්මාන උළෙලක් කළ හිරැ ආයතනයටත්, මාව නිර්මාණ සඳහා යොදා ගත්ත සියලුම අධ්‍යක්ෂවරැන්ට සහ නිෂ්පාදකවරැන්ටත් ස්තූතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මා එක්ක රඟපෑ සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ. මොකද මේ කිසිවක් මම තනිව කරපු දේවල් නිසා ලැබුණු සම්මාන නෙවෙයි. සාමූහිකව අපි කණ්ඩායම් විදියට වැඩ කිරීම් තුළ ලැබුණු දේවල්. ඉතින් අවසානයේදීත් මම නැවතත් කියන්නේ මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට මම ආදරෙයි.

 

මාව සම්මානනීය කළ සියලු දෙනාටම ස්තූතියි.

 

 අනූෂා රණසිංහ

 



අදහස් (0)

මම මධුරිගේ හිනාවට වශී වුණු කෙනෙක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 249 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 738 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 64 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 617 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 295 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 854 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39482 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1175 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site