IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මම මූලිකත්වය දීලා තියෙන්නෙ මගේ රැකියාවට

2016-09-07-ent-16

පාසල් යන අවධියේ සිටම කලා කටයුතුවලට සම්බන්ධ වූ සංජු රවිශ්මි වර්තමානය වනවිට නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නීය. විනෝදයට කලා කටයුතුවලට සම්බන්ධ වී සිටින සංජු දැනට පෞද්ගලික ආයතනයක සේවය නිතරව සිටින්නීය.

 

සංජු ක්ෂේත්‍රයට ආවේ?

2016-09-07-ent-15මම පාසල් යන අවධියේමයි. 2012 අවුරුද්දේ විතර ඇති. රූපලාවණ්‍ය ශිල්පිනියකගෙන් ආරාධනාවක් ලැබුණා දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "රූ මායා" කියන වැඩසටහනට නිරූපිකාවක විදිහට වැඩ කරන්න. ඒ තමයි මගේ පළමු නිරූපණ කටයුත්ත.

 

ඔය අතරේද අවුරුදු කුමරි තරගවලටත් ඉදිරිපත් වුණේ?

2015 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනි නාළිකාව මගින් සංවිධානය කළ "අයි.ටී.එන්" අවුරුදු කුමරිය තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ආවා. මේ අවුරුද්දෙ ස්වර්ණවාහිනි නාළිකාව සංවිධානය කළ "ස්වර්ණ කුමරිය" තරගයේ පළමු තැන දිනාගත්තා.

 

අවුරුදු කුමරියක් වූ පමණින් බොහෝ දෙනෙකුට රංගන වරම් ලැබෙනවා. ඔබටත් එහෙම අවස්ථා ලැබුණාද?

ඔව්. මම දැනට ටෙලිනාට්‍යය දෙකක රඟපාලා තියෙනවා. ඒ ටෙලිනාට්‍යය දෙකම විකාශය වුණේ ස්වාධීන රූපවාහිනි නාළිකාව තුළ. "ආදර වැස්සක්" හා "මේඝා" කියන ටෙලිනාට්‍යය. "ආදර වැස්ස" ටෙලිනාට්‍යයේ මා රඟපෑවේ රිතු අකාර්ෂාගේ හොඳම යාළුවා විදිහට. චරිතේ නම වුණේ "සංජු" කියලා. "මේඝා" ටෙලි නාට්‍යයේ "චාපා" කියන චරිතේ තමයි මම නිරූපණය කළේ. ඉදිරියේදී තවත් ටෙලිනාට්‍යය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත්, මගේ රැකියාවත් එක්ක ඒ වැඩකටයුතුවලට ඉඩක් සොයා ගන්න එක තමයි දැන් අමාරුම වැඩේ වෙලා තියෙන්නේ.

 

සංජු කියන්නේ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

නිරූපිකාවක්. රංගනය පැත්තට මම වැඩිපුර යොමු වෙන්න අදහසක් නැහැ.

 

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට යොමු වෙන්නේ නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. දැනට මම "ඩයලොග්" ආයතනයේ වෙළෙඳ දැන්වීමකට පෙනී ඉඳලත් තියෙනවා.

 

ඔබේ ඉලක්ක මොනවද?

ලොකු ඉලක්ක මට නැහැ. මගේ රැකියාව හොඳින් කරගෙන යන්න තමයි මගේ ලොකුම ඉලක්කය. ඊට අමතරව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් හදාරනවා. ඒ උපාධිය සම්පුර්ණ කරන එක මගේ තව ඉලක්කයක්.

 

රැකියාවක් කරන අතරවාරයේ කලා කටයුතුවලට ඉඩක් සොයා ගන්න එක අපහසුයි නේද?

මෙහෙමයි. මගේ මූලිකත්වය දීලා තියෙන්නේ රැකියාවට. කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ "හොබි" එකක් විදිහට.

 

උදවු කළ පිරිසකුත් ඇති?

මාව නිරූපණය ක්ෂේත්‍රයට යොමු කළ "සැලෝන් ෂයෝමා". අම්මා, තාත්තා දෙන්නා. මගේ ආච්චි. ඇය තමයි මාව අවුරුදු කුමරිය තරගයට යන්න උනන්දු කළේ. මගේ පාසල් මිතුරු මිතුරියන් වගේම මගේ නැදෑයෝ සියලු දෙනාත් මට ගොඩක් උදවු කරනවා.

 

2016-09-07-ent-14
2016-09-07-ent-13
2016-09-07-ent-12



අදහස් (0)

මම මූලිකත්වය දීලා තියෙන්නෙ මගේ රැකියාවට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 1 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 583 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1213 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2801 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3168 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site