IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මම රංගනයෙන් සහ නිරූපණයෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ

2016-10-07-ent-01

"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය, පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කර ගෙන තිබේ. තනාෂාගේ කුළුඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂකයන්ට දැකබලා ගත හැකිවන අතර, ඒ නලින් රාජපක්ෂගේ "රන් දේදුන්න" චිත්‍රපටය හරහාය.

 

මේ දවස්වල කාර්යබහුලයි කියලා ආරංචියි?

2016-10-07-ent-06ඔව්, මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. මොකද මගේ පළමු වැනි චිත්‍රපටය වන ,රන් දේදුන්නක්, චිත්‍රපටයේ ප්‍රිමියර් එක තිබෙනවා මේ මාසෙ 20 වැනිදා. ඉතිං ඒ සඳහා සූදානම් වෙනවා.

 

මීට අමතරව වෙනත් වැඩකටයුතු නැද්ද?

ඊට අමතරව මම චිත්‍රපට දෙකකට සම්බන්ධ වුණා. මොහාන් නියාස්ගේ "බඹර වසන්තේ" සහ චන්න පෙරේරාගේ "පුංචි වීරයෝ" කියන චිත්‍රපට දෙක.

 

ඉදිරියේදී ඒවා තිරගත වෙන්න නියමිතද?

ඉදිරියේදී "බඹර වසන්තේ" චිත්‍රපටය බොහෝදුරට තිරගත වෙයි කියලා හිතනවා. "පුංචි වීරයෝ" චිත්‍රපටයේ ඩබින් ඉවර වුණෙත් ළඟදී. ඒකට ටික කාලයක් ගත වෙයි.

 

ඔබේ පළමු චිත්‍රපටය වන "රන් දේදුන්නක්" ගැන කතා කළොත්?

මුලින්ම ඒකට අවස්ථාව ලැබුණ හැටි කියනවානම්, රොශාන් අයියා තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. මිස් ශ්‍රී ලංකා තරගාවලියේදී මාව දැකලා, ඒකෙ අධ්‍යක්ෂකට කියලා. එහෙම තමයි මට අවස්ථාව ලැබුණේ.

 

ලැබුණු අවස්ථාව පිළිබඳව කිවුවොත්, දැනුණු දේ පිළිබඳව කිවුවොත්?

ඇත්තටම ගොඩාක් සතුටු හිතුණා. ආසාවක් තිබුණා මේ චිත්‍රපටක් සඳහා රංගනයෙන් දායක වන්න. ඉතිං මේ අවස්ථාව ගැන ගොඩක් සතුටු දැනුණා.

 

සිනමා නිර්මාණයක් සඳහා මුල්ම අවස්ථාවේදී දායක වෙද්දි අභියෝගයක් වුණේ මොනවාද?

රංගනයම අභියෝගයක් වුණා. මොකද මම කිසිම දෙයක් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන දැනගෙන හිටියෙ නැහැ. මගේ ගොඩක් අඩුපාඩු තිබුණා. ඒකට නලින් රාජපක්ෂ අයියා සහ රොෂාන් අයියා ඇතුළු "රන් දේදුන්න" කණ්ඩායම ගොඩක් උදවු කළා. මගේ රංගනය පැත්තෙන් වගේම, ඩබින්වලදීත් ගොඩක් උදවු කළා.

 

නිරූපණ ක්ෂේත්‍රය තුළින් ක්ෂේත්‍රයට පිවිසි ඔබට දැන් ආපු ගමන් මග ගැන හිතෙන්නේ කොහොමද?

මගේ මුල්ම වෙළෙඳ දැන්වීම තමයි %නේචර් සීක්‍රට්^ වෙළෙඳ දැන්වීම. ඒකත් එක්ක බලද්දි දැන් වෙළෙඳ දැන්වීම් ගොඩකට දායක වෙලා තියෙනවා. ඒවගේම මියුසික් වීඩියෝ කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඉතිං මේ දිහා බලද්දි ගොඩක් සතුටක් දැනෙනවා. කෙටි කාලයක් තුළදී චිත්‍රපට තුනක් සඳහා දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතිං ගොඩක් සතුටුයි.

 

නිරූපණය සහ රංගනයද හීනය වුණේ?

පුංචි කාලේ ඉඳන්ම ආසාවක් තිබුණෙ නිරූපණය පැත්තටයි. හැබැයි කාලයක් යද්දි රංගනය කියන දේටත් ආසාවක් ඇති වුණා. හැබැයි ගොඩක් ආස වුණේ නිරූපණ ශිල්පිනියක් වෙන්න.

 

නිරූපණය ශිල්පිනියක් වෙන්න දෙමාවුපියන්ගෙන් අවසර ලැබුණද?

ඔව්. දෙමවුපියන්ගේ කැමැත්ත තිබුණා. මම "මිස් ශ්‍රී ලංකා" තරගය සඳහා සහභාගි වෙද්දිත් ඔවුන්ගේ උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඊට පස්සේ මම ලංකාව නියෝජනය කරමින් "මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්" තරගාවලියටත් ගියා. ඒ සඳහා ගෙදරින් කිසිම අකමැත්තක් තිබුණෙ නැහැ. ඒ අයගෙන් ලොකු සහායෝගයක් ලැබුණා.

 

නිරූපණයෙන් දායක වූ තරග මොනවාද?

මම ලංකාවේ එක තරගයක් සඳහා පමණයි දායක වුණේ. ඒ %දෙරණ මිස් ශ්‍රී ලංකා^. ඒකෙන් මට දෙවැනි ස්ථානය ලබා ගන්න අවස්ථාව උදා වුණා. ඊට පස්සේ ජාත්‍යන්තර තරගයක් සඳහා "මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්" තරගය සඳහා දායක වුණා. තරගවලින් නම් මේ සඳහා පමණයි දායක වෙන්න අවස්ථාව ලැබුණේ.

 

නිරූපණයට පිළිගැනීමක් තියෙනවාද?

පිළිගැනීම මිනිස්සු අතරනම්, මම හිතන්නෙ නැහැ ගොඩක් හොඳයි කියලා. හැබැයි නිරූපණයට තැනක් තියෙනවා. ගොඩාක් අලුත් අය මේ දවස්වල දකින්න ඉන්නවා. වෙනදාට වඩා ගොඩාක් තරග තියෙනවා. මම හිතනවා ක්ෂේත්‍රය තුළම නිරූපණයට හොඳ තැනක් තියෙනවා කියලා.

 

ක්ෂේත්‍රයට තිබෙන තැන ඇයි ප්‍රේක්ෂකයන් හෝ රසිකයන් තුළ නැත්තේ?

මම හිතන්නෙ ගොඩක් අය ක්ෂේත්‍රය පිළිබඳව ලොකු යාවත්කාලීන වීමක් නැති නිසා තමයි එවැනි දෙයක් උදා වෙලා තියෙන්නෙ.

 

ටෙලිනාට්‍ය සඳහා නොගොස් සිනමාවට පමණක් සීමා වෙන්නද තීරණය කරන්නෙ?

දැනට මම හිතන්නෙ සිනමාවෙන් පමණක් ඉදිරියට යන්න.

 

ඇයි එවැනි තීරණයක් ගෙන තිබෙන්නෙ?

ඇත්තටම ටෙලිනාට්‍යවලට ගොඩක් කාලය වැය වෙනවා. ඉතිං මම හිතන්නෙ නැහැ එකම දෙයක් බදාගෙන කරන්න පුළුවන් කියලා. ඒක නිසා තමයි චිත්‍රපට පැත්තෙන් විතරක් යන්න තීරණය කරේ.

 

රංගනය සීමා වුණාම නිරූපණයෙන් ඈත්වෙනවාද?

නිරූපණයෙන් ඈත් වෙන්න අදහසක් නැහැ.

 

රංගන ශිල්පිනියක් වී වාණිජ වශයෙන් ඉදිරියක් තියෙනවාද?

මම රංගනයවත්, නිරූපණයවත් කරන්නේ ආදායම් මාර්ගයක් විදියට නෙමෙයි. මගේ පුංචි කාලේ ඉඳන්ම තිබුණු ආසාව නිසායි. මම රංගනයෙන් සහ නිරූපණයෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

 

ඉදිරි බලාපොරොත්තුවක් එහෙම ඇතිනේ?

ඔව්, අනිවාර්යෙන්ම. ඉදිරියේදී රංගනයෙන් සහ නිරූපණයෙන් ගොඩක් හොඳ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ ගමනේදී මතක් කරන්න පිරිසක් ඇත්නේ?

විශේෂයෙන් මතක් කරනවා මගේ අම්මව සහ නංගිලා තුන්දෙනා ඇතුළු මගේ පවුලේ හැමෝමත්, මගේ චිත්‍රපට අධ්‍යක්ෂකවරු, මාත් එක්ක රංගනයෙන් දායක රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් යන සියලුම දෙනාට ස්තූති වන්ත වෙනවා, මාව විශ්වාස කරල මාත් එක්ක මෙච්චර දුරක් ආවාට.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-10-07-ent-07
2016-10-07-ent-05
2016-10-07-ent-04
2016-10-07-ent-03
2016-10-07-ent-02
 



අදහස් (0)

මම රංගනයෙන් සහ නිරූපණයෙන් යැපෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 315 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1033 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 215 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1034 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 407 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1052 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site