මම හුඟක් හොඳින්.
ඔයාට ඉන්දියාවෙත් ලංකාවෙත් ගොඩක් රසිකයෝ ඉන්නවා. ඒකට ඔයා ආසාද?
ඔව්. මම ඒකට කැමැතියි. ගොඩක් අය ඔටෝග්රාප්ස් අරගන්නවා. ඒක හරිම ආසා හිතෙන දෙයක්.
ඔයාට ඇත්ත ජීවිතේදි ඉෂි අම්මා එක්ක තියෙන සම්බන්ධෙ මොනවගේද?
එයා හරිම ස්වීට් කෙනෙක්. එයා මට ගොඩක් ආදරෙයි. එයා ගිය වතාවෙ ලංකාවට ආපු වෙලාවෙ මටත් තෑගි අරන් ඇවිත් තිබුණා. හරිම හොඳයි.
එතකොට ශගුන් අම්මා?
එයාත් ගොඩක් හොඳයි. හැබැයි නාට්‍යයේදි නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නැහැ. එයා හරි දුෂ්ට චරිතයක්නෙ කරන්නෙ.
කොහොමද පාසල් වැඩකටයුතුත් රඟපෑමේ කටයුතුත් පටලවගන්නෙ නැතිව වැඩ කරන්නෙ?
ගොඩක් වෙලාවට රූපගත කිරීම් තියෙන්නෙ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා. ඉතින් ඉස්කෝලෙ වැඩ එච්චර පාඩු වෙන්නෙ නෑ. අනික මම වෙන බාහිර ක්‍රියාකාරකම්වලටත් වෙලාව වෙන් කරගෙනයි ඉන්නෙ.
මොනවද ඔය බාහිර ක්‍රියාකාරකම්?
මම කථක් නැටුම් ඉගෙන ගන්නවා. ඒ වගේම ස්කේටින් ක්‍රීඩාවත් කරනවා.
ඔයා ලොකු වුණාම මොනව කරන්නද කැමැති?
මට නිළියක්, ගායිකාවක් වගේම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න අවශ්‍යයි.
ඉස්කෝලෙදි කැමැතිම විෂයන් මොනවද?
ගණිතයයි සමාජ අධ්‍යයනයයි.
එතකොට ඉස්කෝලෙත් නැති රූපගත කිරීමුත් නැති විවේක වෙලාවට මොනවද සාමාන්‍යයෙන් කරන්නෙ?
ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක කාලය ගතකරනවා. ඒ වෙලාවට අපි කරන්නෙ පින්තූර පාට කිරීම, චිත්‍ර ඇඳීම වගේ දේවල්.
ඔයා රංගනය පැත්තට එන්න ඕන කියලා තීරණය කළේ ඔයාමද? නැත්නම් අම්මා තාත්තා කිව්වද?
මමයි තීරණය කළේ. දවසක් අපි සාප්පුවක ඉන්න කොට අම්මා ළඟට ආපු කෙනෙක් කිව්වා මෙහෙම වෙළෙඳ දැන්වීමකට ඔඩිෂන් එකක් තියෙනවා කියලා. ඉතින් මම ඒකට ගියා. ඒ කාලෙ මම ගොඩක් පුංචියි. ඇත්තටම අම්මා දන්නෙත් නෑ මම ඒකට ගියා කියලා. කාලෙකට පස්සෙ ඒක ටීවි එකේ පෙන්නද්දි තමා අම්මාත් දැනගත්තෙ.
රජිත / සේයාරූ - සුමුදු
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම රගපාන එක අම්මා දන්නෙත් නෑ