IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි

2016-09-22-ent-83

"අනගී" වෙළෙඳ දැන්වීම් තුළින් අතිශය ජනප්‍රියත්වයට පත් තනාෂා සතරසිංහ මේ වනවිට සිනමා නිළියක ලෙස කටයුතු කරන්නීය. නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන ඇය පසුගිය වසරේදී "මිස් ශ්‍රී ලංකා" තරගයටද ඉදිරිපත්ව ජයග්‍රහණ කිහිපයක්ද අත්කරගන්නට සමත් වූවාය. තනාෂාගේ කුලුඳුල් සිනමා රංගනය තවත් නොබෝ දිනකින් ප්‍රේක්ෂක අපට දැකබලා ගත හැකි අතර, ඒ නලින් රාජපක්ෂගේ "රන් දේදුන්න" චිත්‍රපටය හරහාය.

 

තනාෂා මේ දිනවල ටිකක් කාර්යබහුල කෙනෙක්?

2016-09-22-ent-81ඔව්, මගේ පළමු සිනමා රංගනය වන "රන් දේදුන්න" තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ නිසා එහි වැඩ කටයුතුත් එක්ක ටිකක් විතර කාර්ය බහුල වෙලා තියෙනවා. ඊට අමතරව භාරගත් වෙළෙඳ දැන්වීම් කිහිපයක් සහ ගීත රූප රචනා කිහිපයක මේ දිනවල වැඩ කරනවා.

 

"රන් දෙදුන්න" ඔබේ පළමු සිනමා රංගනය?

ඔව්, මීට අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ වුණේ. කාලයක් ගියා මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න. "රන් දෙදුන්න" චිත්‍රපටයෙන් පස්සේ මම තවත් චිත්‍රපට දෙකක වැඩ කළා. එකක් මොහාන් නියාස්ගේ "බඔර වසන්තේ", අනික තමයි චන්න පෙරේරාගේ "පුංචි වීරයෝ". "රන් දෙදුන්න" චිත්‍රපටයෙන් පස්සේ මේ සිනමා නිර්මාණ හරහත් ඉදිරියේදී මගේ ආදරණීය රසික, රසිකාවියන්ට මාව දැකගන්න පුළුවන් වේවි.

 

මේ චිත්‍රපටවල ඔබ රඟපාන චරිත ගැන කිව්වොත්?

"රන් දෙදුන්න" චිත්‍රපටයේ මම රඟපාන්නේ රොෂාන් රණවනගේ පෙම්වතිය විදිහට. වෘත්තියෙන් එයා මාධ්‍යවේදිනියක්. "බඔර වසන්තේ" චිත්‍රපටයේ මම රඟපාන්නේ රෙක්ස් කොඩිප්පිලි අංකල්ගේ දුව විදිහට. එයාගෙ තාත්තාට සල්ලි තියෙන ඉඩම් අයිතිකාරයෙක්. "පුංචි වීරයෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ පොඩි ළමයි තුන් දෙනෙක්. මම එහි ප්‍රධාන චරිතය නිරූපණය කරන පොඩි ළමයෙක්ගෙ අක්කා කෙනෙක් විදිහට තමයි රඟපාන්නේ.

 

ඇයි ඔබ චිත්‍රපට රංගනයට පමණක් සීමාවෙලා ඉන්නේ?

චිත්‍රපටවලට පමණක් දායක වෙන එක හොඳයි කියලා මට හිතුණා. ඒ වගේම තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මෙගා ටෙලි නාට්‍යයකට කාලයක් හොයාගන්න එක ලොකු අපහසුවක්. ඒකයි ටෙලි නාට්‍යය රංගනයට මම කැමති නැත්තේ. අන්තිමට කළේ %තිමිරගිර^ ටෙලි නාට්‍යයට. ඊට පස්සේ ගොඩක් ආරාධනා නම් ආවා ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න. නමුත්, තියෙන කාර්ය බහුලත්වයත් එක්ක ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා.

 

නමුත්, ඔබ ගීත රූප රචනාවල නම් අපි නිතර දකිනවා?

ඔව්. ඒත්, මම ගීත රූප රචනාවලටම පමණක් සීමා වෙලා නැහැ. ඉඩ ලැබෙන පරිදි තමයි ඒ වැඩවලටත් දායක වෙන්නේ. අනික මම තෝරා බේරා ගැනීමක් කරනවා ගීත රූප රචනා වුණත්. මට ගැළපෙන නිර්මාණයක්ද, ඒ ගීතය කාගේ ගීතයක්ද, ගීත රූප රචනාව කරන පිරිස කවුද කියන දේවල් මම බලනවා.

 

ජනප්‍රිය වුණ ඔබගේ ගීත රූප රචනා මොනවද?

ශිහාන් මිහිරංගගේ "දිනෙක මගේ", සුභානි හර්ෂනි මුතුකුමාරණගේ "ඔබ හමු නොවුණා නම්", ශෂිකා නිසංසලාගේ "මල්සර හී සරෙන්" හා චිලී තිවංකගේ "සිත නතර වෙලා" කියන ගීත ජනප්‍රිය වුණා.

 

නිරූපකාවක් විදිහට ලොකු ගමනක් ඇවිත් නේද?

ක්ෂේත්‍රයට ආවේ මම මීට අවුරුදු තුනකට විතර කලින්. අද ක්ෂේත්‍රය තුළ නමක් දිනාගෙන තියෙනවා. ඒ වගේම බොහෝ පිරිසක් නිරූපිකාවක් විදිහට මාව අඳුනනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ කෙටි කාලය තුළදී මට නිරූපිකාවක් විදිහට යම් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න ලැබුණ එකට. ඒ වගේම මට ලොකු ආසාවක් තිබුණා රූප රාජිනියක් වෙන්න. ඒ හීනයත් සපල වුණා.

 

2016-09-22-ent-82
2016-09-22-ent-80
2016-09-22-ent-79
2016-09-22-ent-78



අදහස් (0)

මම රඟපාන්නේ චිත්‍රපටවල විතරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1332 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1501 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 928 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 405 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1336 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site