IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘මම රැහේ උන් සමගයි‘

‘දේශපාලනඥයෙක් විදියට මමත් යම්කිසි කාලයක් පත්තරකාරයෙක් විදියට පොළොන්නරුව සමූහ වාර්තාකරු ලෙස වැඩ කළා. ඒ නිසා මමත් යම් කොටසක් ඒ අත්දැකීම් ලබා තිබෙනවා. ලංකාවේ පත්තරකාරයෙක් ජනාධිපති වෙච්චි පළවැනි වතාව මෙය ලෙස මම හිතනවා. රැහේ උන්ට සලකන්න ඕනේ රැහේ උන්ගේ නායකයා වුණාම‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30) කොළඹ මහවැලි කේන්ද්‍රයේදී මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ 6 වැනි නියෝජිත සමුළුව අමතමින් පැවසීය.

පූර්ණ කාලීන ප්‍රාදේශිය ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සමුළුව හා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ සම්මන්ත්‍රණය ද එහිදී පැවැත්විණි.

‘මාධ්‍යවේදීන් ඇතැම් අවස්ථාවල බොහෝ පීඩාවට ලක්වෙනවා. මේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍යවේදීන් වගකීම ඉටු කිරීමේදී ජනතාවගේ අයිතිය සුරක්ෂිත කළ යුතුයි. තොරතුරු දැනගැනීමේ පනත පසුගිය කාලයේ සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. පොළොන්නරුව ප්‍රාදේශිය වාර්තාකරුවන් කොළඹ ඉන්න මාධ්‍යවේදීන් දන්නවා මම මන්ත්‍රී කෙනෙක් ඇමැති කෙනෙක් ලෙස ඉන්න විට මගෙන් කිසිම හිරිහැරයක් නොවුණු බව. රජය මාධ්‍යවේදියාගේ අයිතිය සුරක්ෂිත කරනවා. මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ සංදේශය අනුව වෘත්තීය ඉල්ලීම් ලබාදීමට කටයුතු කරනවා‘ යැයි ද ජනපති කීය.

වීඩියෝ - සෙනරත් බණ්ඩාර

DSC_5832 DSC_5842 DSC_9657 DSC_9673

ඡායාරූප - ඉෂංක සුනිමල්



අදහස් (0)

‘මම රැහේ උන් සමගයි‘

ධම්මි Wednesday, 30 November 2016 02:38 PM

නෑයන්ට සංග්‍රහ කරන හැටියෙන්ම ඒබව පේනවා (බ)

:       0       0

සිසිර පැරිස් Wednesday, 30 November 2016 03:14 PM

සමහර මාධ්‍යයට කුණු රහ ඕනයි කියපු කටින්ම දැන් මාධ්‍ය වර්ණනා කරනවා එයාල ගැන හොද කියල අනික් අයට මඩ ගහනවානම් මාධ්‍ය හොඳටම රසකරනවා කියයි (බ)

:       0       0

පද්මිණි Wednesday, 30 November 2016 05:45 PM

පසුගිය දිනක ‘පත්තර මුල් පිටුවල තියෙන්නේ ආණ්ඩු පෙරළන්න හදන මඩ‘ කියලා කට ගන්නත් ඉස්සර මෙන්න දැන් කියන කතාව... (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 December 2016 02:32 AM

මේ ප්‍රවෘත්තිය ඇහුනාම මට හිතුනා පරණ පත්තර ටිකක් අවුස්සලා බලන්න ඇත්තටම අතිගරු ජනාධිපතිතුමා ඉස්සර කාලේ කියපු විදිහටම ජනමාධ්‍යවේදියෙකු විදිහට සේවය කරලා තියෙනවාද කියලා. නමුත් එතුමා කියලා තියන නිසා එහෙම සේවය කරලා ඇතැයි කියලා අපට හිතන්න පුලුවන්. නමුත් පහුගිය දවස්වල එතුමාම මාධ්‍යවේදීන්ට දිගට හරහට පහර දුන්නා මට මතකයි පත්තර මුල් පිටුවලින් රට පෙරළන්න හදනවා කියලා. අනේ මන්දා අදහස් දෙකක් එක පාරටම ඇත්ත වෙන්නේ කොහෙමද කියලා. (නි)

:       0       0

ජනහිත Thursday, 01 December 2016 03:20 AM

හරියට හරි. ටික ටික ඔය එන්නේ හොඳ මඟට බව සක්සුදක් සේ පැහැදිලියි. රැහේ උන්ගේ සමහරවිට බරපතල ගැටළු තියෙන්න පුළුවන්. එ්ත් ඒවා නිසා රැහේ නැති කරගන්න හොඳ නැහැ. අමාරුවෙන් හරි රැහේ එකමුතු කරගත්තොත් අපි ගොඩ. (නි)

:       0       0

අසංග Wednesday, 30 November 2016 09:45 AM

මොකද අප්පේ මෙච්චර ආදරයක්. දැන්ද මතක් වෙලා තියෙන්නේ අතීතය. (බ)

:       0       0

ජයරත්න Wednesday, 30 November 2016 10:06 AM

සුබවාදීව හිතමු. රැහේ නායකයො කිව්වොත් කිව්වම තමයි. (බ)

:       0       0

විකී Wednesday, 30 November 2016 10:18 AM

ඡන්දෙ ළඟයි. මාධ්‍යවේදීන්‍ෙගේ උදව්ව ඕනෑ (බ)

:       0       0

කසුන් Wednesday, 30 November 2016 10:40 AM

එ්ක නිසා වෙන්න ඇති රටේ ජනාධිපති වෙලා පත්තරෙන් රටේ තොරතුරු දැන ගන්නේ !! (බ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 30 November 2016 10:41 AM

ජනාධිපති තුමෝ, දැන් බයිලා කියා කියා ඉන්න කාලය ඉවරයි. දැන් ඉතින් සැබෑ වෙනස ඇතිකරන්න බලන්න ඔය වටේට ඉන්න හොර නඩේ පැත්තකට කරලා. (බ)

:       0       0

සෙනරත් Wednesday, 30 November 2016 10:56 AM

නොකරපු රස්සාවල් ? ග්‍රාමසේවක වැඩෙත් කරලා, මාධ්‍ය වැඩෙත් කරලා, ගොවිතැනත් කරලා. මම හිතන්නේ ඔය ඔක්කොම අමාරු වැඩ කියල හිතල වෙන්න ඇති දේශපාලනයට ආවේ. (බ)

:       0       0

ලක්ෂි Wednesday, 30 November 2016 10:56 AM

ඔබතුමා පත්තර කියවන කෙනෙක් නිසා ලංකාදීප එසැණ පුවත්වල පාඨක අදහස් කියවනව අැති කියල හිතනව. ඔබතුමාට හැදෙනවනම් එ් ටිකමත් අැති. (බ)

:       0       0

අනුර Wednesday, 30 November 2016 11:01 AM

මාධ්‍යවේදීන්ට බනින්න ජනපතිතුමාට බැරි මාධ්‍යවේදීන් එතුමා ගැන කරන විවේචන සහතික ඇත්ත නිසා නේද (බ)

:       0       0

හිරාන් Wednesday, 30 November 2016 11:02 AM

අනේ මරු කියවනවා. මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකළා (බ).

:       0       0

රුචී Wednesday, 30 November 2016 11:25 AM

වැඩ කරපු පත්තරේ නම මොකක්ද ? (බ)

:       0       0

දසුන් Wednesday, 30 November 2016 11:49 AM

එහෙනම් ඇයි අර මේ ළඟදි දවසකදී පොළොන්නරුවේ මාධ්‍යවේදියෙක්ට පොලිසියෙන් ගැහුවම කතා නොකළේ (බ)

:       0       0

ගුණසිරි Wednesday, 30 November 2016 12:56 PM

පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ක්‍රියාකාරිත්වයන්ට අනුව ඔබ රැහේ වුන් සමඟ බව අපට පැහැදිලියි . (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 30 November 2016 01:15 PM

අනේ ජනාධිපති තුමෝ ,ඔබ තුමා කතාවට හරිම දක්ෂයි,එ්ත්... ක්‍රියාවට හරිම දුර්වලයි, බලන්නකෝ අපේ මහින්ද ජනාධිපතිතුමා .මොනවද එතුමාගේ පලාතට නොකළේ කියලා.,වරායවල් හැදුව, අධිවේගී මාර්ග හැදුව , ගුවන්තොටුපොල්වල් හැදුව, කොළඹ වගේම ගමත් දියුණු කළා. කෙටියෙන්ම කියන්වනවානම් පොළොන්නරුවට එන පාරත් මහින්ද මහත්තයනේ හැදුවේ. ඉතින් ජනාදිපති තුමෝ ඔබතුමාට උතුරුමැද පළාතේ මිනිස්සුන්ට දැනෙන පලදායි වැඩක් තාමත් කරන්නන බැරි වුනානේ. (බ)

:       0       0

රූපවතී Thursday, 01 December 2016 08:18 AM

අනේ යන්ඩ මහත්තයෝ ..ඔයාට හපාකන්න බැරි අත ඉඹින්න මතක් වෙලා තියෙන්නේ දැනුයි ..? ඔය මෙච්චර කාලයක් හිටියේ මේ ගෙන්ද ගම් පොලවේ පය ගහල මොකද මෙච්චර කාලයක් පරක්කු වුනේ ..? අපේ දේශ පාලකයෝ හරියට දක්ෂයි ...වචන හසුරුවන්න ...අවාසි වේගන යනකොට ..හරියට බැලන්ස් කරලා ...කොයි පැත්තෙන් හරි මල්ලට හලා ගන්න දක්ෂයෝ හැමදාම රටේ වැජඹුනා..අදත් එහෙමයි ....? (බ)

:       0       0

රේණුක Wednesday, 30 November 2016 02:12 PM

වැඩ කරපු පත්තරෙත් කිව්වනම් තවත් වටිනවා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 1029 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 689 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 253 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1942 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1759 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 544 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site