IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


මම ලබන ආත්මෙදි ප්‍රාර්ථනා කරන්නෙත් ලංකාවේ නැත්නම් ඉන්දියාවේ ඉපදෙන්න කියලා

2016-07-30-ent-08

කොහොමද අභිෂේකා ජීවිතේ?

2016-07-30-ent-07ජීවිතේ සතුටින් ගත කරනවා. මේ දිනවල නම් ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. මොකද මම Music වලින් Master එකක් කරනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා.

 

නිවේදන කටයුතු වලින් ඈත් වුණාද?

මම කලාවට පුදුම ආදරෙයි. ඒ අතරිනුත් වැඩියෙන්ම කැමති සංගීතයට. ඉතින් සංගීතයට මුල් තැනක් දෙන්න ඕනේ නිසා තමයි නිවේදන කටයුතු වලින් පොඩ්ඩක් ඈත් වුණේ.

 

මේ දවස්වල මොනවද කරන්නේ?

උදයකාන්ත වර්ණසූරිය මහතාගේ අලුත් film එකේ මම යුග ගීතයක් ගායනා කළා අමල් පෙරේරා එක්ක. ඒ වගේම මම මෙතෙක් ගායනා කරපු ගීතවලට වඩා වෙනස් ගීතයක් කළා. ඒක ළඟදීම අහන්න ලැබෙයි.

 

ඒ ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු

ඔව්, ඒ ගීතය ලිව්වේ මනුරංග විජේසේකර. සංගීතවත් කළේ දිලුම් තේජන හෙට්ටිආරච්චි.

 

ඔබේ පියා කාලෙකට පස්සේ සිනමාවට ඇවිත් නේද?

ඔව්, තාත්තා කලින් නම් ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙලා හිටියා. මේ දවස්වල අලුත් film එකකට සුදානම් වෙනවා. ඒ සෝමා ජයකොඩි මහත්මිය ලියූ මදාරා නවකතාව සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කරනවා. තාත්තා තමයි ඒක නිෂ්පාදනය කරන්නේ.

 

එතකොට ඒ චිත්‍රපටයට ඔබේ දායකත්වය කොහොමද?

මම ඒ film එකට පසුබිම් ගායනයෙන් තමා සම්බන්ධ වෙන්නේ.

 

ඔබ එහි රඟපාන්නේ නැද්ද?

මට සුමිත්‍රා මහත්මිය ආරාධනා කළා මදාරා චරිතය කරන්න. නමුත් මම රංගනයට එතරම් කැමැත්තක් නැහැ. මේ දවස්වල අපි මදාරා කෙනෙක් හොයනවා. මම හදසර අවස්ථාවක් කරගන්නවා මදාරා චරිතයට කැමති ඒ චරිතය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් 0727262559 අංකයට කතා කරන්න කියලා.

 

අභිෂේකාට කොහොමද ලැබෙන ප්‍රතිචාර?

මම අවුරැදු 10 ඉඳන් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඉස්සර නම් වැඩිපුර මට ප්‍රතිචාර තිබුණේ ගැහැනු ළමයින්ගෙන් සහ වැඩිහිටි අයගෙන්. දැන් නම් තරැණ අයගේ ප්‍රතිචාර ලැබෙනවා. මම අවුරැද්දට ගීතයක් හරි දෙකක් හරි කරන්නේ. ඒත් ඒවාට හොඳ ප්‍රතිචාර තියෙනවා.

 

රියැලටි වැඩසටහන් ගැන මොකද හිතෙන්නේ?

මම දකින්නේ හොඳ දෙයක් විදියට. මොකද ඒ හරහා ජීවිතය ගොඩදා ගත්ත අය ඉන්නවා. Star කෙනෙක් වෙන්න පුළුවන්, නමුත් ඒ දේ රැකගන්න තමා අමාරු. හැබැයි මම දකිනවා තමන්ට පුළුවන් මොකක්ද තමන්ට ඉන්න රසිකයින් කොයි වගේද කියන එක අවබෝධ කරගෙන නිර්මාණ කරන පිරිසක් ඉන්නවා. හරි මඟ තෝරාගෙන ගමන යන අය විදියට මම දකින්නේ ඉතින් එයාලගේ ගමන දුර ගමනක් බව පෙනෙනවා.

 

කලාවට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි, මම ලංකාවට හරි ආදරෙයි. ඒ වගේම මට දැනෙනවා ඉන්දියාව එක්ක මගේ මොකක්දෝ සම්බන්ධයක් තියෙනවා කියලා. මම ලබන ආත්මෙදි ප්‍රාර්ථනා කරන්නෙත් ලංකාවේ නැත්නම් ඉන්දියාවේ ඉපදෙන්න කියලා. ඒ මම කලාවට තියෙන ආදරේ නිසා. බලන්න ඉන්දියාවේ පුංචි ළමයි පවා කොයි තරම් දක්ෂද කියලා. ඉන්දියාව කියන්නේ කලාවේ උල්පත. ඒ තරමට මම ආදරෙයි.

 

ඔබ ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ අම්මා ව්‍යාපාර ක්ෂේත්‍රයේ නිසාද?

එහෙමමත්ම නැහැ. මට එක එක හීන තිබ්බා. ඒ වගේම මම විවිධ ක්ෂේත්‍ර වලින් ඉගෙන ගෙන තියෙනවා. ඒ ඉගෙන ගත්ත හැමදේම එකතු කරලා කරන්න පුළුවන් දෙයක් තමා මේ සැලුන් ක්ෂේත්‍රය. ඒ වගේම අම්මාගෙන් පස්සේ අම්මගේ ව්‍යාපාර කටයුතු භාරගන්න ඉන්නෙත් මම විතරයි.

 

කොහොමද දැන් "අභී සැලෝන්" එකේ වැඩ කටයුතු?

ඇත්තටම මගේ සැලෝන් එක තියෙන්නේ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා එකේ uptown එකේ. මම හිතුවට වඩා සාර්ථක වෙලා තියෙනවා. අපි ගාවට එන අය දිගින් දිගටම එනවා. ඒ අපි කෙරෙහි තබා ඇති විශ්වාසය නිසා.

 

පවුලේ විස්තර?

මගේ සැමියා නිරාන් අලහකෝන්. එයා ඉංජිනේරැවරයෙක් විදියට වැඩ කරන්නනේ. අපිට ඉන්නවා අවුරැදු 2යි මාස 6ක පුංචි දුවෙක්. එයාගේ නම ෆෙයාරි අභිලාස්‍යා අලහකෝන්. ඒ වගේම මගේ අම්මා තාත්තා ගැනත් මතක් කරන්නම ඕනේ. ඒ දෙන්නා නිසා තමා අපි අද මේ තැන ඉන්නේ. අපේ වැඩකටයුතුවලට උපරිම සහයෝගයක් දෙනවා. මේ දිනවල මගේ අම්මා තාත්තා රට ඉන්නේ. ඉතින් මහත්තයාගේ අම්මා තාත්තා මාතලේ ඉඳන් ඇවිත් අපිට උදව් කරනවා.

 

මහත්යගෙන් ලැබෙන සහයෝගය?

හොඳ සහයෝගයක් ලැබෙනවා. අපි සතුටින් ජීවත් වෙනවා.

 

 

අපිට හැකිවුණා නිරාන් සමඟත් පොඩ්ඩක් කතා කරන්න

 

නිරාන් කොහොමද අභිෂේකා

කෙටියෙන්ම කියනවා නම් යුතුකම් හරියට ඉෂ්ඨ කරන බිරියක්, නිතර ඇය කාර්යබහුලයි නමුත් ඇය ගෙදර අමතක කරන්නේ නැහැ. එයාගෙන් වෙන්න ඕනේ යුතුකම් සතුටින් ඇය කරනවා. ඉතින් එහෙම බිරියක් ලැබීම ගැන මම සතුටු වෙනවා.

 

අලුත් ගීතයක් කරද්දී දෙන්නා කතා වෙනවද?

මෙහමයි, මට නම් ලොකු සංගීත දැනුමක් නැහැ. එයා කරන Music Video කරද්දී නම් අපි කතා කරනවා.

 

නිරාන් වැඩිපුර කැමති අභිෂේකා කලාවෙන් ඉදිරියට යනවටද? ව්‍යාපාර කටයුතු කරනවටද?

එයා ඉතින් වැඩිපුර කැමති සංගීතයට. ඉතින් ඒකට මගෙන් බාධාවක් නැහැ. නමුත් මම දකින්නේ එයාට ව්‍යාපාර පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා.

 

කලාවයි ව්‍යාපාරයි කරන කෙනෙක් බිරියක් වීම ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි, මොකද ඇය මේ හැම දෙයක් එක්කම පවුල කියන දේ හොඳට අවබෝධ කරගෙන තියෙනවා. ඉතින් අද ඉන්න තැන ගැන සතුටුයි.

 

අවසාන වශයෙන් දෙන්නගෙන්ම අහන්නේ අනාගත බලාපොරොත්තු මොනවද?

අපේ එකම බලාපොරොත්තුව අපේ දුව. එයාට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න ඕනේ. ඉතින් එයා ගේ පාසැල් කටයුතුවලට පහසු විදියට අපි කොල්ලුපිටිය පැත්තේ පදිංචියට යන්න තමා සැලසුම් කරගෙන ඉන්නේ. මොකද දැන් ඉන්නේ අපි මාලබේ නිසා පොඩ්ඩක් ගමන් අපහසුතා තියෙනවා. මේ දවස්වල අපි දෙන්නටම තියෙන එකම බලාපොරොත්තු ඕක තමා.

 

අනූෂා රණසිංහ / ඡායාරූප - සුමුදු හේවාපතිරණ

 

2016-07-30-ent-06
2016-07-30-ent-05



අදහස් (0)

මම ලබන ආත්මෙදි ප්‍රාර්ථනා කරන්නෙත් ලංකාවේ නැත්නම් ඉන්දියාවේ ඉපදෙන්න කියලා

තිලක් Sunday, 31 July 2016 01:06 AM

හික් හික්... අනේ මේවට අපිට නම් හිනා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 155 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 189 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 311 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1127 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2536 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site