IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘

(ඩයනා උදයංගනී)

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
 
දැනට පවතින තෙල් මිල මෙම වසර අවසන් වන තුරු ස්ථාවරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
 
ලෝක වෙළඳපලෙහි තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට චෝදනා එල්ල වන නමුත් දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක හා පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් දැරීමට සිදුවන බව ඇමතිවරයා කීවේය.
 
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේදී අද  (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපල ඉන්ධන මිල අඩුවන විට අඩුවන සේම වැඩිවන විට වැඩිවන බව කී ඇමතිවරයා එයින් සාමාන්‍ය ජනතාවට වාසියක් නොලැබෙන බව ද පැවසීය.

ඉන්ධන මිල අඩු වන විට එහි සහනය පොදු ප්‍රවාහන ඇතුළු බොහෝ අංශයන්ගෙන් ජනතාවට නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (22)

‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘

Ravi Sene Wednesday, 24 June 2020 12:57 PM

ඇමැතිතුමා මොනවා කියනවද මන්දා..? මොලේ හෝදන්න වෙලා වගේ...

:       1       203

ජයන්ත මිලානො Wednesday, 24 June 2020 12:59 PM

අනේ කොච්චර දෙයක්ද? එහෙනම් ඔබව පාර්ලිමේන්තු ‍යවන්නම් මේපාර ඡන්දෙන්...

:       0       223

Mahesh Wednesday, 24 June 2020 02:29 PM

ඡන්දයෙන් ගෙදර යන අය කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද?

:       1       139

pradeepa Wednesday, 24 June 2020 02:57 PM

අපේ රට තමයි මේවනවිට තෙල් මිල ඉහළම රට... අද මාලදිවයින් වල පෙට්‍රල් රුපියල් 70, ඩීසල් රුපියල් 60.. ආණ්ඩුව තෙල් විකුණන්නේ කලුකඩකාරයෙක් වගේ අපේ බුද්ධිමත් ජනතාව තවත් ගිහිල්ලා ගහපල්ලා කතිරේ.. තෙල් මිල මේ ගාණටම ගන්න ලැබේවා කියලා..

:       1       426

de silva Wednesday, 24 June 2020 02:59 PM

තෙල් මිල අඩු නොකළොත් ජනතාව අගෝස්තු මාසේ ආණ්ඩුව වෙනස් කරාවි...

:       8       326

Kuma Wednesday, 24 June 2020 03:32 PM

මේ වසර අවසන් වන තෙක් ද, නැත්නම් ඡන්දය අවසන් වන තුරුද? එකක් කරලා කියන්න. ඡන්දය දෙන්න පැත්තක් තෝරා ගන්න එපැයි.

:       0       240

Mr Armstrong Wednesday, 24 June 2020 03:36 PM

මීට මාස 5කට පෙර මතකයි මට සුභාවිත ගීත මගී බස් රථවලට අඳුන්වා, ඊට පස්සේ රෙද්ද පල්ලෙන් බේරෙන කටේ නරිවාදන් වලින් සබන් නොගාම නා ගත්තා... තවත් එවැනි කතාවක් නිවට ලෙසින් කියනවා...

:       1       271

karu Wednesday, 24 June 2020 04:05 PM

ඔව් ඔව් කොන්දොස්තර උන්නැහේ... පානීය දාලා අපේ ඡන්දෙ අරගෙන, ඡන්දෙ දිනුවට පස්සේ දුප්පත් අපිට කෙලවන්න නේද ලැහැස්තිය..? අපිට සජිත් හොඳයි. ඔහේ අාපහු කොන්දොස්තර රස්සාවට යන්න.

:       0       0

Perera Wednesday, 24 June 2020 06:26 PM

ලෝක වෙළඳපලේ තෙල්මිල බොහෝසෙයින් අඩුවෙලා... මම ඉන්න රටේ ඩොලර් 2.10ත් තිබුණු පෙට්‍රල් ලීටරය දැන් මාස 3ක වෙලේ ඉඳන් ඩොලර් 1.75. ඉතින් ඒ වාසිය ලංකාවේ ජනතාවට රජය ලබා නොදෙන්නේ ඇයි...?

:       0       0

de silva Wednesday, 24 June 2020 06:45 PM

මෙතුමා මොනවා කිව්වත් ආණ්ඩුව ජූලි මාසයේ තෙල් මිල රුපියල් 10කින් පමණ අඩුකරාවි... අර 2014දී කළා වගේ, අගෝස්තු ඡන්දෙ තිබෙන නිසා... නමුත් එතකොට ප්‍රමාද වැඩියි.

:       0       0

de silva berlin Wednesday, 24 June 2020 10:18 PM

දැනට මාස 2 1/2 කට කළින් මේ කටින්ම කිව්වා තෙල් මිල අඩුකරනවා කියලා.. දැන් කියන්නේ වෙන කතාවක්... මොහු මහබැංකු කාරයෙකු වන සිරිසේනගේ ගෝලයකු බව මුළුරටම දන්නවා..

:       0       0

jaya Thursday, 25 June 2020 12:25 AM

දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් දැරීමට සිදුවන බව ඇමතිවරයා කීවේය. අනේ මහත්තයෝ... ඕක වහලා දාන්න. අපි බයිසිකලයෙන් යන්නම්...

:       0       0

sadis Thursday, 25 June 2020 01:39 AM

මම මේ බැලුවේ... මෙතුමාගේ කට පිහිටලා තියෙන්නේ කොයි පැත්තේද කියලා..?

:       0       0

mohomed Thursday, 25 June 2020 03:33 AM

පාර්ලිමේන්තුවට තෙල් මිල අඩුකරන්න කියලා බයිසිකලයෙන් ගිය ඔයා ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේමද?

:       0       106

ana Thursday, 25 June 2020 04:30 AM

2021 ජනවාරි පළවෙනිද අඩු කරනවාද? වැඩි කරනවාද? කෙලින් කියන්න. වෙනස් කරනවා කීවාම දෙපැත්තක් තියෙනවා.

:       0       3

Mahesh Thursday, 25 June 2020 05:56 AM

මිල සූත්‍රය අපහාස කරකර හිටියා... දැන් කොහොමද උත්තර දෙන්නේ? මෙහෙම මිනිස්සු පත්කර ගත්ත අපේ මෝඩකම.. බොරුව වපුරලා කරපු දෙයක්...හෙණ ගහනවා මිනිස්සුන්ව මෙහෙම මරමර සල්ලි හම්බකරන එකට. ඇවිල්ලා කරපු කිසිම දෙයක් නැහැ. දැන් ඊගාව තුරුම්පුව ජාතිවාදේ අවුස්සන එක තමයි..

:       0       306

de silva Thursday, 25 June 2020 06:39 AM

පොදු ප්‍රවාහන සේවය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. යතුරුපැදිය පෙට්‍රල් ටිකක් ගහගෙන වැඩට යන්න පෙට්‍රල් මල අඩුකරන්නෙත් නැහැ. දේශපාලකයන්ගේ ප්‍රාඩෝවලට නම් පිනට පෙට්‍රල් ආණ්ඩුවෙන් ලැබෙනවා. පිල් මාරු කරකර හැමදාම ඕවා කිය කිය ඉන්න බැහැ.., හම්බන්තොට ඉන්න සියලු දෙනාම බයියො කියලද ඔබ හිතන්නේ? අලුත් විදිහට හිතන්න අලුත් පරපුර ඕවාට හැමදාම අහුවෙන්නේ නැහැ.

:       0       218

SamkaFriday, 26 June 2020 04:20 AM

හම්බන්තොට ජනතාවට අපි කියන්නේ... 8 වැනි පන්තියට ඉස්කෝලේ ගිය අයව පාර්ලිමේන්තු යවන්න එපා. මෙයාත් මෙහෙම කෙනෙක්... නූගත් කමට බොරු විහිළු කිය කියා. මහජනතාව මුලා කරකර. ගෙම්බො වගේ එහෙට මෙහෙට පැන පැන... හැමදාම පාර්ලිමේන්තුවේ ඉන්නවා. රටට අබ සරණයි.

:       0       0

de silva Thursday, 25 June 2020 09:20 AM

මේක මහා කරුමයක්... මධ්‍යම පාන්තිකයින් වන අපි අද ලොකු අමාරුවක වැටිලා ඉන්නේ... ලොකු ව්‍යාපාරිකයින්ට ආණ්ඩුව 4% පොලියට ණය දෙනවා ව්‍යාපාර වැඩිදියුණු කරන්න. සමෘධි ලාභීන්ට සමෘධියට අමතරව රුපියල් 5000 ලැබෙනවා. බඩුමිල අහස උසට.. ඒ මදිවට පෙට්‍රල් ටිකවත් අඩුවට දෙන්නේ නැහැ. හිත හදාගෙන හරි බඩගින්නේ ඉන්න පුළුවන් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණු පරිදි රට ආරක්ෂා කරනවා කියලා පේනවානම්... නමුත් MCC එක අහෝසි කළේ නැහැ සමාලෝචනය කරමින් සිටිනවා. මිනීමරු කරුණාව නළවනවා. මහබැංකු හොරු තවම නිදැල්ලේ... අපේ විදේශ ශ්‍රමිකයෝ අනාථ කඳවුරුවල දුක් විඳිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත දේශපාලකයින්, නිලධාරීන් යහතින් සිටිද්දී අගෝස්තු මාසෙදී කතිරෙ ගහනකොට මධ්‍යම පාන්තිකයාට වෙන දිශාවක් බැලීම හැර වෙන විකල්පයක් ඔබලා ඉතුරුකර නැත..

:       0       108

ගමරාල Thursday, 25 June 2020 12:22 PM

දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජතෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20ක්ද, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35කද පාඩුවක් සිදුවන බව ඇමැතිවරයා කීවේය. පසුගිය දිනවල තෙල්මිල කිසිදා නොවූවිරූ ලෙසට පහත බැස තිබිණි. එම අවස්ථාවේ තෙල්මිලට ගෙන ගබඩාකර ගත්තා නම් ටිකක් හෝ ලාභයක් ලැබීමට තිබුනේ නැද්ද? ලෝකයේ තෙල් සඳහා මිලක් අය නොකර නොමිලයේම ලබාදී ප්‍රවාහනයත් ඒ රටවලින්ම නොමිලයේම කළත් ලංකාවේ ඔය කියන සංස්ථාව නම් කිසිදාක ලාභ ලබන්නේම නැත...

:       0       0

Demuni Uduwara Thursday, 25 June 2020 03:15 PM

අපිට මේක හරියන්නේම නැහැ. රට කොලණියක් වෙනකම් බලන් ඉන්න තමයි වෙන්නේ...

:       0       0

Bamunuarachchi Friday, 26 June 2020 01:09 AM

වෙනස් කරන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 493 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1339 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 989 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1647 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1455 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1688 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 936 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 413 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site