IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා

2016-05-05-ent-55

සුපර් ස්ටාර් ගායන තරු පරපුරේ මුල්ම ගායකයෙකු ලෙස මංජුල පුෂ්පකුමාර හැඳින්විය හැකිය. කලක් තිස්සේ තමන් පැමිණි මඟ සහ සංගීත කටයුතු සමග කතාබහකට ඔහු "අද" හා සම්බන්ධ විය.

 

2016-05-05-ent-54මේ දවස්ටිකේ කාර්යබහුලයි නේද?

මේ දවස් ගොඩක්ම කාර්යබහුල වෙලා ඉන්නෙ සංගීත ප්‍රසංග නිසයි. ඊට අමරතව මම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. ඉතිං එහි වැඩ කටයුතු කරගෙන යනවා.

 

සංගීත කණ්ඩායම පිළිබඳව කතාකළොත්?

සංගීත කණ්ඩායම ගැන කතා කරනවා නම් ඒක කලින් තිබ්බේ "ආයුබෝවන් ශ්‍රී ලංකා" කියලා. කලින් හිටියේ වෙන නායකයෙක්. දැන් ඒක "ආයුබෝවන් ශ්‍රී" වෙලා මගේ නමින් කරගෙන යනවා. එයට හොඳ ප්‍රතිචාර හිමිවෙමින් පවතිනවා. මොකද වෘත්තීයමය වශයෙන් සංගීත කණ්ඩායම් සාමාජිකයන් කිහිපදෙනෙක් තමයි ඉන්නේ. අද කාලෙ ගොඩක් සංගීත කණ්ඩායම් බිහිවෙන්නේ සංගීතය ඉගෙනගත්තෙ නැති අයත් එක්කනේ.

 

ඒකපුද්ගල ගීතවලින් ඈත් වෙලාද ඉන්නේ?

නැහැ. මම වැඩේ අත්හැරලා නහැ. කොහොමත් අත්හරින්නෙත් නැහැ. මම එළිදැක්වූ "තෙරුවන් සරණයි" කියන ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒකෙ වචන ටිකත් එක්ක මිනිසුන් අතරට ගිය ගීතයක් කියලා ගොඩක් අය කියනවා. ඊටපස්සෙ තමයි"තනි වෙලා මා" කියන ගීතය කළේ. "තනි වෙලා මා" කියන ගීය ගැන විශේෂයෙන් කියන්න ඕනේ. ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ජනප්‍රිය ගුවන් විදුලි නිවේදකයෙකුගේ ජීවිත කථාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද වීඩියෝවක්. ඒ කෙනාගේ නම නම් කියන්නේ අමාරුයි. ඊට අමතරව මේ අවුරුද්දේ තව ගීත කිහිපයක් එන්න තියෙනවා.

 

රියලිටි තරු බිහිවෙනවා, නැතිවෙනවා. මේ පිළිබඳව රියලිටි තරුවක් ලෙස ඔබගේ අදහස කුමක්ද?

මට නම් කිසිදු ගැටලුවක් නැහැ. මම දැනට ඇවිල්ලා අවුරුදු එකොළහක් වෙනවා. තාම හොඳට මාව පිළිගන්නවා. ඇත්තටම කිව්වොත් දැන් රියලිටි කියන දේ මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ. මම තරුවක් වුණේ ලංකාවේ මුල්ම රියලිටි වැඩසටහන වුණු "සිරස සුපර් ස්ටාර්" එකෙන්. ඒ තුළින් අපට ජනප්‍රියත්වයක් ලැබුණා. අපේ දොළොස් දෙනාටම ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන්න බැරි වුණත් කිහිප දෙනෙක් මේ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරු වී හමාරයි. දැන් මේ කියන රියලිටි තරගවලින් ඉදිරියට එන කාටවත් ස්ථාවරයක් ගොඩනගාගන්න අමාරුයි. රියලිටි උණුසුමත් එක්ක ආවාට ඒ උණුසුම නැතිව ගියාම ඒ අයව හොයාගන්නත් නැහැ.

 

රියලිටි තරගවලින් දිගින් දිගටම තරු බිහිකරන එකද මෙවැනි දෙයක් සඳහා හේතුවක් වෙන්නේ?

අපි මෙහෙම හිතමුකෝ. මමත් රියලිටි තරගවල මුල්ම එකෙන් එන්නේ නැතිව 10 වෙනි එක වගේ එකකින් ආවොත් මටත් වෙන්නේ ඒ ටිකම තමයි. මොකද අපි බිහිවුණු පළමු වැනි වැඩසටහන මිනිසුන්ට ගොඩක් හිතට දැනුණු දෙයක් වුණා. මිනිසුන් කෙටි පණිවුඩ එව්වෙත් හදවතින්. දැන් ඒ දේත් බිස්නස් එකක් වෙලානෙ තියෙන්නේ. දැන් ඒ දේ මිනිසුන්ට වදින්නේ නැහැ. බලෙන් වද්දනවා. මගේ පෞද්ගලික මතය වන්නේ රියලිටි තරගවලින් ගායකයන් බිහිකරන එක ඇති කියන එකයි. මොකද සින්දු අහන්නත් කවුරුහරි ඉන්න එපැයි. ඉස්සර මගේ ගීතයක් ආපු කාලයේ මාධ්‍යවලින් ඉල්ල ඉල්ල ගීතය දැම්මේ. දැන් අපේ සිංදුවක් දාගන්නත් හරි අමාරුයි. ඒ වගේ තැනකට මේ දේ ගෙනත් තියෙන්නෙ රූපවාහිනී ආයතනම තමයි.

 

රැල්ලක් තුළ එකම ආරේ ගීත බිහිවන එක ගැන ඔබේ මතය?

මම සුපර් ස්ටාර් ආපු කාලයේ තිබ්බේ වෙනම ගීත රැල්ලක්. ඊටපස්සෙ කාලයක් යද්දි රිඟින් ටෝන් රැල්ල ආවානේ. මේ රිඟින් ටෝන් රැල්ලේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. මොකද මේකෙන් කලාකරුවාට වඩා ආදායමක් ලබන්නේ වෙනත් අය. නමුත් මේ දේ තුළින් කලාකරුවෙකුට වාහනයක් පැදලා ගෙයක් දොරක් හදාගෙන ඉන්න පුළුවන් කියන තත්ත්වයක් හැදුණා. එක පැත්තකින් වුණු හොඳක් ඒක. තව පැත්තකින් ඇති වන අවාසියක් තමයි රූපවාහිනිය තුළ හෝ ගුවන් විදුලිය මගින් තමන්ගේ ගීතයක් වාදනය කරගන්න අමාරු තත්ත්වයක් උදාවෙනවා. අපි ඒ ගීය රිඟින් ටෝන් සඳහා නොදුන්නත් මාධ්‍ය ආයතන හිතනවා අපි රිඟින් ටෝන් හරහාත් ඒ ගීතයෙන් මුදල් හම්බ කරනවා කියලා. ලංකාවේ පැරණිතම ප්‍රවීණ ගායක ගායිකාවන් හිටපු කාලයේ තිබුණු තරගය අඩුයි. නමුත් ඒ කාලේ බිහිවුණු චරිත දිහා බලද්දි අද කාලයේ චරිත බිහිවෙනවා කියලා කියන්න අමාරුයි. අද එක දවසකට ගීත කීයක් එළිදක්වනවාද කියලා බලන්න. එක මියුසික් චාර්ට් එකක එක ගීතයක් සතියක් තියාගන්න බැරි කාලයක් වෙලා තියෙනවා. මොකද ගීත එන්න එන්නම එළිදක්වන නිසායි. මේ දේවල්වලින් ගොඩගියපු අය ඉන්නවා. මගේ රිඟින් ටෝන්වලින් කෝටි ගණන් හම්බ කරපු අය ඉන්නවා. මට නම් මහ ලොකු දෙයක් වෙලා නැහැ.

 

ඔබ කියන්නේ රිඟින් ටෝන්වලින් වෙනත් අය හම්බ කරනවා කියලද?

ඒ කට්ටිය අපට කරන්නෙ බොරුනෙ. බොරුවට එක එක දේවල් හදලා පෙන්නනවා. ගායකයා සිංදු කියන්න ඕනනේ මේක ලස්සන වෙන්න. ඉතිං ගොඩක් ගායකයන්ට ලොකු ආසාධාරණයක් වෙනවා. දැනටත් මම ගිවිසුම් අත්සන් කරලා තියෙන්නෙ අවුරුදු දෙකකට. නමුත් මහ ලොකුවට වෙන දෙයක් නැහැ. අලුතෙන් එන කෙනෙකුට හරි අමාරුයි. අදටත් කවුරුත් කියන්නෙ නැහැ රිඟින් ටෝන්වලින් හම්බ කරන්න බෑ කියලා. නමුත් ඒකෙන් හම්බ කරන්නෙ ගායකයා නෙමෙයි වෙනත් අයයි. ගායක ගායිකාවන්ට හම්බ විය යුතු දේවලුයි හම්බ වෙන්නේ නැත්තේ. උදාහරණයක් විදිහට කිව්වොත් අපට 10 ක් හම්බවෙන්න තියෙනවා කියලා. නමුත් හම්බවෙන්නෙ ඒකෙනුත් භාගයයි. ඒ වගේ ආසාධාරණයක් වෙනවා.

 

ඔබ වටා රසික කොට්ඨාසයක් ගොඩනැගුණානේ. ඉතිං ඒ අයට මොනවාද කියන්න තියෙන්නේ?

මම ඉදිරියට ආවෙ ගොඩක් අමාරුවෙන්. දැනට අවුරුදු එකොළහක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. ඒ කාලෙ හිටිය රසික පිරිසම අදත් මට ඉන්නවා. මොකද අපට සාමාන්‍ය මිනිස්සු නැත්නම් සින්දු කියන්න බැහැ. ඒ අයට හැමදාම ගොඩක් ස්තුති කරනවා. හැමදාම මගේ සින්දු අහලා හොඳ නරක කියන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 



අදහස් (0)

මම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 1 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 722 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1467 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 1349 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 383 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 342 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38451 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site