IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මෙම සීඩී පටය ලැබෙන මුදල අපි ලංකාවේ ළමා නිවාසවලට උදවු කරන්න යොදවනවා

රෙගේ සංගීතයෙන් ලංකාවේ නාමය විදෙස් රටට ගෙන ගිය සංගීත කණ්ඩායමක් ලෙස 'ජය ශ්‍රී' සංගීත කණ්ඩායම හැඳින්විය හැකියි. ලොව සුපතල නම රැන්දූ 'ජය ශ්‍රී' සංගීත කණ්ඩායමේ හතරවැනි ඇල්බමය මේ වෙන විට  එළිදක්වා තිබෙනවා. ඒ පිළිබඳව කතා බහ කිරීමට එහි සාමාජික රෝහිත ජයලත් 'සාරවිට' සමග එක්වූ මොහොතකි මේ.

20160526Jayasri-5මේ දවස්වල අලුත් තොරතුරු පිළිබඳ කතා කළොත්?

දැන් යුරෝප්වල 'Summer Season' එක පටන් ගන්න නිසා අපි ගොඩක් ලයිව් ෂෝ, සංචාර එක්ක ටිකක කාර්ය බහුල වෙලා ඉන්නේ.

 

අලුත් වැඩකටයුතු මොනවාද?

අපේ මියුසික් වැඩ ලංකාවට විතරක් නෙමෙයි. අපි ජාත්‍යන්තර මට්ටමේ ගොඩක් රටවලට සංචාරය කර නිසා අපිට ගීත ඇල්බමයන් එළිදක්වන එක ගොඩක් වැදගත්. කඩල කනවා වගේ තනි ගීත එළියට දානවාට වඩා වැඩිය හොඳයි ගීත ඇල්බමයක් එක පාර එළිදක්වන එක. ලංකාවේ වුණත් අපේ ෆෑන්ස්ලා ගොඩක් ඉන්නවා අපේ ඇල්බම් තියාගෙන අහන සහ ඇල්බම් එකතු කරන අය. ඒක අපිට ගොඩක් වැදගත් සහ අපේ බෑන්ඩ් එකේ ප්‍රොෆයිල් එකටත් ඒක වැදගත්.

 

ලංකාවේ ඇල්බම් මාර්කට් එකක් නැති කාලේ ඔබේ සංගීත කණ්ඩායමේ හතරවැනි ඇල්බමය වන  'Love' ගීත ඇල්බමය එළිදැක්වූයේ ඇයි?

ලංකාවේ හොරට සීඩී ගහන නිසා තමයි සීඩී පට ආයතනය ඒවා ලොකු ගණන්වලට විකුණන්නේ. ඒ නිසා තමයි අපි රුපියල් 300ක් වැනි අඩු මුදලකට මෙම සීඩී පටය විකුණන්නේ. එයින් ලැබෙන ලාබය අපි ලංකාවේ ළමා නිවාසවලට උදවු කරන්න යොදවනවා.

 

Rock meets Reggae ප්‍රසංගය නැවත පවත්වන්නේ නැද්ද?

ඒ ප්‍රසංගය අපි ලංකාවේ දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඔබගේ සංගීත කණ්ඩායමෙහි සිටින සාමාජිකයන් ගැන කතා කළොත්?

'ජයශ්‍'^ සංගීත කණ්ඩායම සාමාජිකයන් හත්දෙනෙකුගෙන් සමන්විතයි. ඩ්‍රම්ස් වාදනය කරන්නේ සුමල්, එයා ලංකාවේ කෙනෙක්. keyboard play කරන දෙන්නා බංග්ලාදේශ් වල. Passion Play කරන්නේ අප්‍රිකානු ජාතික කෙනෙක්. Lead Guitar Play කරන්නේ ඕස්ට්‍රේලියන් ජාතිකයෙක්. ඇත්තවශයෙන්ම කිව්වොත් අපේ සංගීත කණ්ඩායම හැදිලා තියෙන්නේ ආසියාව, අප්‍රිකාව, යුරෝපය යන මහද්වීප තුන එකතු කරලයි.

 

ඔබගේ සංගීත ශෛලිය ලංකාවේ ප්‍රේක්ෂයන්ට හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවාද?

අපේ ශෛලිය 'World music' යනුවෙන් තමා හඳුවන්න පුළුවන්. එයට හේතුව වන්නේ අපේ සංගීත කණ්ඩායම නිර්මාණය වී තිබෙන ආකාරය. අපේ සංගීත කණ්ඩායම Reggae ආභාසයක් තියෙන කණ්ඩායමක් වුවත්  එය අපේම දෙයක් විදිහට අපි කරලා තියෙනවා. ඒක නිසා අපේ සංගීත කණ්ඩායම හඳුන්වන්නේ 'World Asian Reggae' සංගීත කණ්ඩායම යනුවෙනුයි.

 

සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ලැබෙන සහයෝගය කෙසේද?

ගොඩක් සහයෝගයක් ලැබෙනවා. අප්‍රිකානු සහ බංග්ලාදේශ් සාමාජිකයන් දෙදෙනා අප සමග සංගීත වැඩකටයුතු කරන්නේ අවුරුදු 20ක කාලයක සිටයි. ඒ කියන්නේ අපි 'ජයශ්‍රී' කියන සංගීත කණ්ඩායම හදන්නත් පෙර. කියන්න බැරි සහෝදරකමක් එක්ක තමා අපි එකට වැඩ කරන්නේ. මමයි මල්ලියි කණ්ඩායමේ නායකයා කියලා අපි 'මුදුන්' මුකුත් ගන්නේ නෑ. අරයා,මෙයා සමග ප්‍රමුඛ සංගීත කණ්ඩායමක් කියලා අපි හඳුවන්නේ නෑ. සල්ලි ගැන බැලුවත්, අපි සංගීත ප්‍රසංගයක් කරලා වියදම් අයින් කරලා බෙදාගන්නවා. ඒ නිසා අපේ සංගීත කණ්ඩායම සහෝදරත්වයකින් තිබෙන සංගීත කණ්ඩායමක් කියා හඳුන්වන්න පුළුවන්.  අපි ප්‍රථම වතාවට 'ජයශ්‍'^ සම්පූර්ණ සංගීත කණ්ඩායම  සංගීත ප්‍රසංගයකට ලංකාවට ආවා. Unique Sound  System එක්ක අපි ලංකාවට ආවේ. ගොඩක් අය පුදුම වුණා අප්‍රිකානු අයත් එක්ක අපි කොහොමද සිංහල සිංදු Play  කරන්නේ කියලා. අපි මෙහෙට ඇවිත් ඒක පෙන්නුවා. ජාත්‍යන්තර තලයක අපි ඉන්නවානම්, අපි ඉන්නේ මොන හේතුවක් නිසාද? කියලා. අපි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ, කාවවත් කොපි කරලා නොවෙයි. අපේම සංගීත රටාවක් හදාගෙන. ඒක නිසා තමයි අපි අද ජාත්‍යන්තර මට්ටමේ Festival වලට අපට ආරාධනා ලැබෙන්නේ. African Festival වලට අපිට අනිවාර්යයෙන්ම ආරාධනා ලැබෙනවා. ඒකට හේතුව අපේ Sound එක අහන්න පුලුවන් අපෙන් විතරක් නිසා.

 

'ජයශ්‍රී' කණ්ඩායම වෙනුවෙන් ලැබී ඇති සම්මාන මොනවාද?

'World Music Awards' එක අපිට ලැබුණා. ඒක ගැන ගොඩක් සතුටුයි. රටවල් හැත්තෑ හතකින් සංගීත කණ්ඩායම් එකසිය ගාණක් අතරින් 'ජයශ්‍රී' පළමු ස්ථානය දිනාගත්තා. විනිසුරු මඬුල්ලෙන් ඒ අය ඇහැව්වේ ඇයි මේ අය දින්නේ කියලා?. 'ජයශ්‍රී' කියන අයගේ Sound එක අහන්න පුලුවන් මේ අයගෙන් විතරයි, මේ සංගීතය ඒ අයටම ආවේණිකවූ සංගීතයක්  කියලා කිව්වා. ඊට අමතරව, Goldsen Award (ශ්‍රී ලංකාව), Austrian World Music Award (ඔස්ට්‍රියාව), Austrian Amadeus Award - Best Dancefloor single (ඔස්ට්‍රියාව), SLO Awards Reggae Category-SLBC (ශ්‍රී ලංකාව) Derana Music Video Awards-Best International Collaboration (ශ්‍රී ලංකාව), Derana Music Video Awards-Best Cricket song video Winner (ශ්‍රි ලංකාව) යන සම්මාන අපි ලබාගෙන තියෙනවා. හැබැයි අපි සංගීතය කරන්නේ සම්මාන ගන්න කියලා හිතාගෙන නෙමෙයි. මේ සම්මාන අපි බලෙන් තරග කරලා දිනාගත්ත දේවල් නෙමෙයි. මේ සඳහා තරග කරන ලෙස ආරාධනා ලැබුණේ ඒවායේ සංවිධායකයන්ගෙන්මයි.  නමුත් සම්මාන ලැබුණාම ජාත්‍යන්තර මට්ටමට අපිට වටිනවා. අපිව Book කරන්න ගියහම අපේ Profile එකට වැදගත් වෙනවා. අනික අපේ සංගීත කණ්ඩායමට වෙනමම Identity එකක් තියෙනවා. ඒයට හේතුව අපේ හැම ගීතයක් තුළින්ම පණිවුඩයක් නිර්මාණය වෙන නිසා.

 

ලංකාව තුළ සංගීත ක්ෂේත්‍රයේ තාක්ෂණික මට්ටමේ අඩුපාඩු තිබෙනවාද?

තාක්ෂණික මට්ටම අඩු කාලයක් තිබුණා. අද ඇත්තටම ගෙදරක වුණත් පරිගණකයයි, දැනුමයි තියෙනවා නම් ඒ දේවල් කරගන්න පුලුවන්. මම දකින එකම දේ තමා, සංගීත තාක්ෂණය ගැන ඉගෙන ගන්න තියෙන විශ්වවිද්‍යාල සහ පාසල් අඩුයි කියන එක. ගොඩක් අය කාගෙන් හරි ඉගෙන ගන්නවා, නැත්නම් අන්තර්ජාලය තුළින් ඉගෙන ගන්නවා. මේ දෙකම නැත්නම් පිටරට යන්න ඕනා. ලංකාවේ සහ පිටරට Sound Technician කෙනෙක් ගත්තොත්, පිටරට කෙනා  දන්නවා Mixer එකට අත තියන්නේ ඇයි? මේ Nob එක කරවන්නේ ඇයි? කියලා. ඒ දැනුම ලංකාවේ අයට තියෙනවා කියලා මම හිතන්නේ නෑ. නමුත් සීමිත පිරිසක් ඇති. පිටරට අය ගත්තොත් ඕනෑම Subject එකක් අවු. 3ක් ප්‍රමාණයක්වත් ඉගෙන ගන්න ඕනා. ඒදේ ලංකාවේ අයට නෑ.

 

'ජයශ්‍රී' සම්පූර්ණ සංගීත කණ්ඩායමේ ප්‍රසංග ලංකාව තුළ වැඩි වශයෙන් පවත්වන්නට නොහැකි හේතුව?

අපි හත්දෙනෙක්ව ටිකට් දීලා ලංකාවට ගෙන්වන එක ලොකු වියදමක් ලංකාවේ අයට. Rock meets Reggae කියන ප්‍රසංගය %ජයශ්‍රී^ පටන් ගන්නටත් පෙර මගේ තිබුණු ලොකුම සිහිනයක් තමා පිටරට සහෝදරයොත් එක්ක ලංකාවට ඇවිත් ප්‍රසංගයක් කරන එක. අපි මුළු ලෝකේ වටේම ගියා, කොරියාවේ ඉඳන් කැනඩාවට ගියා. හැබැයි අපේ රටට එන්න බැරිවුණා. ඇත්තටම හේතුව තමා අපේ මුළු සංගීත කණ්ඩායම ලංකාවට ගේන්න ගොඩක් වියදමක් දරන්න වෙන එක.

 

ඔබ ගීත ඇල්බමයක් එළි දක්වන්නේ මුදල්මය හේතුවක් ඇතිවද?

සංගීතයෙන් මුදල් හම්බ කරන්න පුලුවන්. නමුත් මුදල් අපි පස්සේම යන සංගීත කණ්ඩායමක් නෙමේ. ප්‍රසංග වලින් අපිට සල්ලි හම්බවෙනවා. අපේ බලාපොරොත්තුව අලුතින් එළිදක්වන ඇල්බමය ලොකු ගණනකට විකුණන්න නොවෙයි. ඒකට හේතුව CD කොපි කරලා රු. 100 විකුණන අය ඉන්නවානේ. ඒක නිසා අපි ඒ ගාණනටම අපි කාඩ්බෝඩ් කේස් එකක් ඇතුලට දාලා ඇල්බම් එක වෙළෙඳපළට නිකුත් කරනවා. Copy එකට වඩා ඔරිජිනල් එක ගන්න පුලුවන්නේ අඩු ගාණටම. එතකොට copy ගහන එකත්  අඩුවෙලා යයි.

 

ලංකාවෙ රසිකයන් ගැන කතා කළොත්?

ලංකාවේ රසියකයන් ගොඩක් අපි ළඟින් ඇසුරු කරනවා. ප්‍රසංග වලදී හමුවෙනවා,ෆේස්බුක් වලින් චැට් කරනවා. ඒ අය හැමදාමත් අපිත් එක්ක ඉන්නවා. ඒ අයට අපි හැමදාම ආදරය කරනවා.

ඩිලාන් ක්‍රිෂාන්ත

20160526Jayasri-1 20160526Jayasri-2 20160526Jayasri-3 20160526Jayasri-4

 



අදහස් (0)

මෙම සීඩී පටය ලැබෙන මුදල අපි ලංකාවේ ළමා නිවාසවලට උදවු කරන්න යොදවනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 310 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 233 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 607 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 274 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 89 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 274 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25416 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site