IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත.

මේ අනුව ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

රජය මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් හා විශේෂඥයින් පිරිසක් සමග ඊයේ (17)පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම සංචාරණ සීමා පැනවෙන්නේ වෙසක් සමයේදී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා යයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය 13 වැනිදා රාත්‍රියේ සිට ඊයේ(17)අළුයම දක්වා ද රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක විය.

මේ අතර පළාත් අතර සංචරණ සීමාද රාත්‍රී 11 සිට අළුයම4.00දක්වා වූ සංචරණ සීමාද ලබන 31වැනි දා දක්වා අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .

සංචරණ සීමා පැනවෙන කාලසීමාවන්හිදී එම නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් විසි දහසක් පමණ රටපුරා සීරුවෙන් තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර හැඳුනුම්පතේ අංක අනුව නිවෙස්වලින් බැහැර වීමේ ක්‍රමවේදයද ලබන 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.

 



අදහස් (6)

මෙම සති අන්තයේ සිට දින පහක් යළි සංචරණ සීමා

සිරිබිරිස් Monday, 17 May 2021 12:46 PM

කරන්න ඕනෑදේවල් නිසි වේලාවට කරන්නේ නැතුව දැන් ගිනි අරගෙන දඟලනවා.

:       0       0

Ran Monday, 17 May 2021 01:51 PM

ඔය හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන ආකාරයට පනවන සංචරණ නීති බල්ලට දමා කූඩැල්ලන් ගුලි ගුලි පිටින් ඉන්නා මාතලේ රිවර්ස්ටන් කඳු මුඳුනේ ඇති සුළං කපොල්ල නැරඹීමට ගිය සෙනසුරාදා සිය මිතුරු කැලක් සමග ගිය වයඹ පළාතේ බලවත් ඇමති වරයෙකුගේ දියණිය කූඩැල්ලන් කෑම හේතුවෙන් රෝගාතුරවී දඹුල්ල රෝහලේ පිහිටි හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) ඇතුලත් කර ඇති බව වාර්තාවී තියෙනවා දැක්කේ නැද්ද ? "එක රටක් එක නීතියක්" කීවට වැඩේ කෙරෙන්නේ එක එක්කෙනාගේ උවමනා, එපාකම් අනුව බවයි අපට නම් පෙනෙන්නේ...

:       0       0

Ran Monday, 17 May 2021 02:17 PM

සංචරණ නීති උල්ලංඝනය කරපු හිටපු මන්ත්‍රී වරයෙක් වගේම මාධ්‍ය වේදියෙක් පොලිසියට අහුවුණු සිද්ධියක් ප්‍රවෘත්තිවල අපි දැක්කා. පොලිස් නිලධාරියා එයාගෙන් හැඳුනුම්පත් ඉල්ලුවාම එයා කියනවා " මම අහවලා" කියලා. ඒ කියන්නේ "මන්ත්‍රී කෙනෙක් නැත්නම් මාධ්‍ය වේදියෙක් වෙලා හිටියා කියලා ඒ පුද්ගලයාට නීතිය නවන්න කියලද එයා කියන්නේ...? මේ වගේ මිනිස්සු කරේ තියාගෙන යන අයටයි තලන්න ඕනැ.

:       0       9

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 17 May 2021 04:56 PM

ඇත්තටම මොනවද මේ බලධාරීන් කරන පිස්සු වැඩ...? මේක සෙල්ලමක් වගේ එක එක්කෙනාට ඕන විදිහට වැඩකරන්න පුලුවන් අවස්තාවක්ද..? අවසානයට මේ වගකීමක් නැති වැඩවලින් රටට වෙන විපත මේ අයට පේන්නේ නැද්ද...?

:       0       8

Laksitha Monday, 17 May 2021 05:31 PM

නැතිනම් වෙසක් පෝකුර බලන්න පුලුවන්...

:       0       4

jayath Wednesday, 19 May 2021 06:02 AM

මේවා කලින් කරන්න තිබුණු වැඩ කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොහොර සහනාධාරය පරක්කු වූ හේතුව ජනපති කියයි
2025 අප්‍රේල් මස 26 74 0

යල කන්නයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මුළුමනින්ම මුදල් වෙන් කර තිබෙන නමුත් එහි යම් ප්‍රමාදයක් සිදු වුණේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය ලේඛන සක


විජිත ලක්වැසියන්ගේ ගෞරවය පාප් වහන්සේට පිරිනමයි
2025 අප්‍රේල් මස 26 280 0

ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස වතිකානයට ගිය විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට අද අවසන් ගෞරව දැක්වීය.


සුව ඇමති හදිසි රෝහල් නිරීක්ෂණයක
2025 අප්‍රේල් මස 26 155 0

වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික් මහ රෝහල් හතර උතුරු පළාත් සභාවේ සහ රජයයේ මුලිකත්වය යටතේ සැලසුමකට අනූව සංවර්ධනය කර ගුණාත්මක සෞ


චීන ව්‍යායාම වැඩසටහනක් නිදහස් චතුරස්‍රයේ
2025 අප්‍රේල් මස 26 114 0

ශ්‍රී ලංකාවේ චීන ජනරජ තානාපති කාර්යාලය මඟින් සංවිධානය කළ, ලෝක Thai chi දිනය සැමරුම අද (26) නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේ දී පැවැත්විණි.


ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 729 1

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 348 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 858 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 389 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 543 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site