IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මම Fashion Design - photography කියන දෙකම කළා

2016-12-15-ent-67

පුංචි කාලේ ඉඳන් එකම හීනයක් දැක්ක කෙනෙක් තමා රුෆෙල්ලා ප්‍රනාන්දු කියන්නේ. මොකද ඇයට ඕනෙ වෙලා තිබ්බේ කවද හරි දවසක Fashion Designer කෙනෙක් වෙන්න. පුංචි කාලෙම හිත තුළ ඇතිවුණු ආසාව යථාර්ථයක් බවට පත් කරගන්න රුෆෙල්ලාට පුළුවන්කම ලැබුණා. ඒ දේශීය මෙන්ම ජාත්‍යන්තරයද ජය ගනිමින්. අද වෙනවිට රුෆෙල්ලා ප්‍රනාන්දු කියන නම Fashion Design - photography කියන දෙඅංශයෙන්ම ජාත්‍යන්තරය ජය ගෙන තියෙනවා.

Fashion Design & photography තුළින් ලංකාව ජාත්‍යන්තරයට ගෙන ගිය රුෆෙල්ලා සමඟයි හදසර මේ කතාව...

 

කියන්න රුෙෆල්ලා ඔයා ගැන?

2016-12-15-ent-72මම ඉගෙන ගත්තේ ශාන්ත බ්‍රිජට් කොන්වන්ට් එකෙ අම්මයි, තාත්තයි, අක්කයි මට ඉන්නේ තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. අම්මා ගෘහණියක්.

 

Fashion Designer වලට යොමු වුණේ කොහොමද?

මෙහෙමයි කුඩා කාලේ ඉඳන්ම මම කැමැත්තෙන් හිටියේ Fashion Designer කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉතින් මම පාසලේදීත් Art විෂය ධාරාවන් තමා කළේ. ඊට පස්සේ මම ඕලෙවල් ඉවර වුණ ගමන්ම ඉගෙන ගත්තේ Fashion Design ගැන.

 

ඇයි මේ තරම් Fashion Designer කෙනෙක් වෙන්න ආස කලේ?

මම හිතන්නේ ඒ ආසාව මට ඇතිවුණේ මගේ ආච්චිගෙන්. මොකද එයා අවුරැදු ගාණක්ම ඉතාලි හිටියේ. ඉතින් එයා හරි ෆැෂන්, ඒ වගේම තමා එයා කරන ෆැෂන් අනිත් අයට වඩා වෙනස්. මම පුංචි කාලේ ඉඳන් දැක්කේ ඒවා. ඒ නිසා වෙන්න ඕනේ මට මේ ආසාව ඇති වුණේ.

 

කොහොමද ගෙදරින් ලැබුණු සහයෝගය?

ඇත්තටම ලොකු සහයෝගයක් මට ලබාදුන්නේ මගේ අම්මා තාත්තා. මොකද මම පොඩි කාලේ ඉඳන් ආස කළේ මේ දේට නිසා ඒ අය එයාලගේ වැඩකටයුතු පාඩු කරගෙන පවා මට ලොකු සහයෝගයක් ලබාදුන්නා.

 

දැන් මේ Fashion Design ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කාලයක්ද?

අවුරැදු 10ක් වෙනවා.

 

මුලින්ම රුෆෙල්ලා Fashion Design කළේ?

මුලින්ම මම කළේ 2007 දී නුවරඑළියේ තිබ්බ event එකකට. ඒක කළේ රොසෑන් ඩයස්, නුවරඑළියේ සීසන් එකට තියෙන event එ එකක් ඒක. ඊට පස්සේ මට දිගටම Fashion shows වලට Design කරන්න ලැබුණා. ඒ අතර දෙරණ මිස් ශ්‍රී ලංකා ඒකෙත් මම Fashion Designer කළා.

 

මුලින්ම International event එකකට Fashion Designකළේ මොකක්ද?

ඉන්දියාවේ ගෝවාවලදී. එහිදී මම Fashion Design කළේ මිස් ගෝවා වුණු Swapna pujari ගේ looks 18 කියලා. ඒක තමා මගේ මුල්ම International event එක

 

කොහොමද ලැබුණු ප්‍රතිචාර

2016-12-15-ent-73ඉතාම ඉහළයි. මොකද මම Fashion Design - photography කියන දෙකම කළා. ඉන්දියාවේ අය ගොඩක් කැමති වුණා ගැහැනු ළමයෙක් මේ වගේ Fashion Design - photography කියන දෙකම කරපු එක ගැන. අනිත් එක මම looks 18 කින් කරපු නිසා ඒකත් විශේෂ දෙයක් වුණා.

 

එහිදී අමතක නොවන දේ?

ගෝවාවල ප්‍රසිද්ධ Magazine එකක් තියෙනවා Planet goa කියලා. එකේ මම කරපු Fashion Design එකෙන් cover page එක කළා. ඊට පස්සේ මට එයාලගේ ඒ Magazine එකේ මගේ Article එකක් පවා කළා. ලංකාවේ කෙනෙක්ගේ පළමු වතාවට තමා ඒකේ article එකක් පවා ගියේ. ඉතින් ඒ වගේ ගොඩක් අත්දැකීම් මම ලැබුවා.

ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා මිස් ඉන්දියා වුණු අනුෂ් මලික්ව සහ  top model කෙනෙක් වන සනී මැන්ගෝකාල්ටත් Fashion Design කරන්න. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා Italian Fashion Designer කෙනෙක් එක්ක වැඩ කරන්න. එයා ලංකාවට ඇවිත්  shoot එකක් කළා. ඒක මැලේසියාවල ඉතාලි ඇතුළු රටවල් හතක launch වුණා.

 

ඊට පස්සේ රුෆෙල්ලා සහභාගී වුණු events මොනවද?

ඔව්, ගිය අවුරැද්දේ මම සහභාගී වුණා පැරිස් වල තිබ්බ Sri Lankan top model of the year එකේ Official  Designer විදියට ඊට පස්සේ මට Guest  Designer විදියට ආරාධනා කරලා තිබ්බා මාලදිවයිනේ තිබ්බ Bride of Maldives එකට. ඒ වගේම Sri Lanka in Europe 2015 එකේ  Evening Dress Design කළේ මම. ඒ වගේම මට අවස්ථාව ලැබුණා 69 වැනි කෑන්ස්  film festival එකට සහභාගී වන VIP කෙනෙක්ට ඇඳුමක් කරන්න.

ඒ විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න Fashion Designer ලට නොලැබුණු අවස්ථා කිහිපයක්ම මට ලැබුණා. ඒ අතර ප්‍රින්ස් චාල්ස් ගේ 41 වැනි ඇනිවසරි එක වෙනුවෙන්. එහෙ කරන  London fashion week show එකට මට අවස්ථාව ලැබුණා ලංකාවේ කෙනෙක්ට පළමු වතාවට තමා මේ අවස්ථාව ලැබුණේ. ඒක මට ලොකු දෙයක් මගේ මේ ගමන යන්න.

 

ලැබුණු ජයග්‍රහණ ගැන කතා කළොත්?

මේ අවුරැද්දේ New York Fashion Awards වල Fashion  photography පැත්තෙන් semi final වෙනකම් ආවා. Beffta Uk Awards වල photography වලින් රටවල් 310කින් මුල් 10 දෙනා අතරට එන්න පුළුවන් වුණා. තව මේ සැරේ තියෙන Asian Awards වලට nominate  වෙලා තියෙනවා. දෙසැම්බර් අන්තිම එද්දී ඒක තියෙන්නේ.

 

දැන් මේ Fashion Design කියන ක්ෂේත්‍රය රුෆෙල්ලා කොහොමද දකින්නේ?

මම මේ ක්ෂේත්‍රයට එද්දී Fashion Designerලා හිටියේ නැහැ. කිහිප දෙනෙක් විතරයි හිටියේ. අද වෙනකොට නම් ඒක වෙනස්. ගොඩක් දෙනා ඇවිත් ඉන්නවා මේ ක්ෂේත්‍රයට.

 

අභියෝගයක් වුණු අවස්ථා මොනවාද?

International event වලට සහභාගී වෙනවා කියන්නේ එක අතකින් අභියෝගයක් තමා. මොකද අපේ රටට මේ Fashion Design කියන දේ අලුත් නිසා. අපි හැම වෙලාවෙම අලුත් දෙයක් කරන්න ඕනේ හොඳට හිතලා බලලා. වෙන රටවල් වලට ඒ අත්දැකීම තියෙනවා ඒ නිසා ඒ අයට ඒ තරම් ලොකු දෙයක් නොවන තැන් වලදීත් අපිට ඒක අභියෝගයක් වුණු අවස්ථා වැඩියි.

 

එදාට වඩා අද ලංකාවේ Fashion Designවලට පිරිස උනන්දුවක් තියෙනවද?

අනිවාර් යෙන්ම එදාට වඩා වෙනස්. මම මේ ක්ෂේත්‍රයට මීට වසර 10කට කලින් එද්දී ගොඩක් වෙලාවට තිබ්බේ කඩේ මහලා තියෙන ඇඳුමක් මිලදී අරගෙන අඳින එක. නමුත් අද ඒක වෙනස් වෙලා තියෙනවා ගොඩක් වෙලාවට එකිනෙකට වෙනස් තමන්ටම ගැළපෙන ඇඳුමක් නිර්මාණය කරගෙන අඳින්න තමා කැමති. ඒ හරහා දැන් වැඩිදෙනා පෙළඹිලා ඉන්නේ Fashion Designer ලා හරහා තමන්ට ඕනේ ඇඳුම නිර්මාණය කරගන්න.

 

Fashion Design - photography වලින් තියෙන අත්දැකීම් එක්ක ඇකඩමි එකක් කරන්න අදහසක් නැද්ද?

මම කලින් ෆැෂන් ලෙක්චර් කළා. ඊට පස්සේ නිතර විදෙස් ගත වෙන්න සිද්ධ වෙන නිසා ඉන් ඈත් වුණා. නමුත් ආයේ පටන් ගන්න අදහසක් තියෙනවා. මොකද මේ Fashion Design - photography කියන්නේ ලෙක්චර්වලට සීමා වුණු දෙයක් නෙවෙයි. මේ දේවල් ප්‍රායෝගිකව කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. දැන් මේ Fashion Design - photography ගැන උගන්වන තැන් එදාට වඩා තියෙනවා නමුත් ප්‍රායෝගිකව හදාරන්න තැන් අඩුයි. ඒ නිසා මම හිතාගෙන ඉන්නවා මේ ලැබුණු අත්දැකීම් එක්ක ප්‍රායෝගිකව Fashion Design - photography ගැන හදාරන්න තැනක් පටන් ගන්න. ඒ දේ ඉදිරියේදී අනිවාර් යෙන්ම මම කරන දෙයක්.

 

ඉදිරි වැඩ කටයුතු මොනවද?

ඔව් අලුත් චිත්‍රපටයක් කරන්න ඉන්නේ ලක්ෂාන් එදිරිසිංහ. ඒක නම් කරලා තියෙන්නේ LOVE IN PARIS. ඒකේ රෑගත කිරීම් ජනවාරි මුල පටන් ගන්න ඉන්නේ පැරිස්වල. එහි වැඩ කරන්න මට කතා කළා. ඒක වෙනස් අත්දැකීමක් වෙයි.

 

I අනූෂා රණසිංහ

 

2016-12-15-ent-70
2016-12-15-ent-69
2016-12-15-ent-66
2016-12-15-ent-74
 



අදහස් (0)

මම Fashion Design - photography කියන දෙකම කළා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 431 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 623 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 376 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 322 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1025 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site