IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම නවතයි

දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ හි පැවති සම්මන්ත්‍රණයක දී ය.

වින්ඩෝස් ක්‍රමය ඉවත්කරමින් ඉදිරියට වෙනත් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට ක්‍රියා කරමින් සිටින බව ද මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ විශ්ලේෂණ සමාගමක් වන ගාර්ට්නර් හි පර්යේෂණ අංශයේ  නියෝජ්‍ය සභාපති ස්ටිව් ක්ලින්හන්ස් පවසා ඇත්තේ මෙම තීරණය ධනාත්මක වුවත් එහි යම් අනතුරුදායක තත්වයක්ද  පවතින බවයි.

කෙසේ නමුත් නව ක්‍රමයක් ගැන මයික්‍රොසොෆ්ට් ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමේදී බෝහෝ ගැටළු මතුවිය හැකි බවද ඔහු කියයි. මේ නව හඳුන්වාදීම හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගමට විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුව ඇතැයි ද ඔහු පෙන්වාදෙයි. සෑම වසර තුනකට වරක් මයික්‍රොසොෆ්ට්හි අධ්‍යක්ෂක මණ්ඩලය ඒකරාශි වි මී ළඟ පරිඝණක පද්ධතිය සකස් කරන අකාරය ගැන  සාකච්ඡා කරණ බව ද හෙතෙම කීය.



අදහස් (0)

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙයුම නවතයි

අශෝක රළපනාව Sunday, 10 May 2015 11:10 AM

එ්ක හොදයි. ඒ මොකට උනත් අපිත් ඔට්ටුයි.(නදී)

:       0       0

ගැමුණු Sunday, 10 May 2015 11:42 AM

වින්ඩෝස් 8 වලටත් තාම හොඳ හැටි හුරු නොවූ අපට, ඔය නව මෙහෙයුම් පද්ධතිය පැමිණි පසුව, එයට හුරු වන්නට බොහෝ කාලයක් ගතවේවි.(නදී)

:       0       0

පෙරේරා Sunday, 10 May 2015 12:31 PM

මෙම නව පද්ධතිය පැරණි වින්‍ඩෝස් 7 8 පද්ධති වලටද නොමිලේ ලැ‍බේ. ගූගල් ‍ක්‍රෝම් මෙන් පිටු පසින් යාවත් කාලීන වේ. එවිට 10 ද 11ද නැත්නම් 50 යන්න ඉදිරියට දිස් නොවේ. සමාගමට මෙයත් සමග අවශ්‍ය අවම දෘඩාංග පහසුකම් න‍වීකරණය කල හැක. එවිට එක් කලකදී පැරණි පරිගණක නැවත යාවත් කාලීන නොකල හැකි පරිදි සීමා කල හැක. එමෙන්ම නව පරිගණකයක් සඳහා නව අවසරයක් (ලයිසන් එකක්) ‍මුදල් ගෙවා ලබා ගත යුතු වේ. එවිට අළුත් වැඩ සටහන් සඳහා යාවත් කාළීන කිරීම අනිවාර්ය කල හැක. ඇපල් වැනි සමාගම් තම ජංගම මෙහෙයුම් පද්ධති සඳහා මෙම පැරණි (ඔබ්සොලීට්) කිරීම ඔබ දැක ඇත. (නදී)

:       0       0

ඉන්දික විජේසූරිය Sunday, 10 May 2015 01:01 PM

වින්ඩෝස් නවත්තන්නේ නැහැ. ඒ වෙනුවට වින්ඩෝස් 10 එහෙම්ම තියල, එ්කට වෙනම කෝඩ් නේම් වලින් යාවත්කලින කරන්නයි ඉන්නේ. හරියට ඇන්ඩ්‍රොයිඩ් වගේ.(බ)

:       0       0

සෙනෙවි Sunday, 10 May 2015 01:06 PM

නොමිලේ ලබාදෙන ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක මයික්‍රොසොෆ්ට් වලට වඩා දහස් වාරයක් හොදයි (බ)

:       0       0

සමිත් Sunday, 10 May 2015 01:42 PM

නම සහ ඉන්ටෆේස් එක වෙනස්කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියම දේවි. අපි නොදන්න වින්ඩෝස්. (නදී)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 10 May 2015 03:42 PM

වින්ඩෝස් 10 බීටා ටෙස්ට් පද්දතිය මම පාවිච්චි කරනවා. එය ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. වින්ඩෝස් එක්ස් පි වලට පසු ඇතිවූ සියලුම වින්ඩොව්ස් වලට වඩා හොඳින් ( වින්ඩොව්ස් 8 සාර්ථක නැහැ එයට වඩා වින්ඩොව්ස් 7 හොඳයි (නදී)

:       0       0

ලලිත් Sunday, 10 May 2015 04:13 PM

වින්ඩෝස් තිය මොන ඩොස් ආවත් පහුවදාට ලංකාවේ හොරට ගහපු එක ගන්න තියෙනවා. ඒකනිසා බයවෙන්න දෙයක් නැහැ. (බ)

:       0       0

කවින්ද Monday, 11 May 2015 02:13 AM

මට හිතෙන හැටියට නම් එක්ස් පී වලට පස්සේ ආ වින්ඩෝස් 7 තව ගොඩක් කාලයකට වෙනස් කරන්න ඕනෑ නැහැ. ලෙහෙසියෙන් හසුරුවන්න පුලුවන් නම් තව වෙන මොනවද? (නි)

:       0       0

ජෝර්ජ් Monday, 11 May 2015 09:38 AM

වින්ඩෝස් 8, වින්ඩෝස් 8.1 දෙකම වින්ඩෝස් 7 වලට වඩා අසාර්තකයි. මම වින්ඩෝස් 10 අත්හදා බැලීමේ සංස්කරණය පාවිච්වි කරනවා ඒක වඩා හොදයි මම හිතන්නෙ වින්ඩෝස් එක්ස්.පී වගේ කාලයක් වින්ඩෝස් 10 පවතියි. (නදී)

:       0       0

අතුල Monday, 11 May 2015 03:09 AM

වින්ඩෝස් නවත්වනවා නම් හුළං එන්න 'ඩෝස්' වැඩිපුර දාන්න වේවි. (නි)

:       0       0

ප්‍රසංක Monday, 11 May 2015 04:42 AM

වින්ඩොව්ස් වලට සල්ලි දීල ගත්තු ඒවාට මොකද වෙන්නේ ???? (ම)

:       0       0

පිවිතුරු යහපාල Monday, 11 May 2015 05:39 AM

නිකම් හම්බ වෙන හින්ද දාල බැලුව.. වින්ඩෝස් 10 කියන්නේ ලෝක ලෙඩක්. අනේ ඔයාල ඕන දෙයක් කරගන්න..මගේ හොර කොපිය ඔය කෝකටත් වඩා හොදින් වැඩ කරනවා..(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 695 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3601 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1295 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2242 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site