IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මයික්‍රෝ කාර් කම්හල පොල්ගහවෙල

ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකළස් කිරීමේ කටයුතු සිදුවන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මෝටර් රථ නිශ්පාදන කර්මාන්තශාලාව පසුගියදා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරිණි.

පොල්ගහවෙල පිහිටා ඇති මෙම ස්වයංකී‍්‍රයව මෝටර් රථ එකලස් කිරීමේ පහසුකම් ඇති කර්මාන්තශාලාවේ හිමිකාරීත්වය දරන්නේ ශී‍්‍ර ලංකාවේ මයික්‍රෝ සමාගමයි.

කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මයික්‍රෝ සමාගමේ සභාපති ලෝරන්ස් පෙරේරා,නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් හා සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගීව සිටියහ.

මයික්‍රෝ සමාගමේ නවතම නිමැවුම වන මයික්‍රෝ වෑන් රථය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හදුන්වාදීමද මෙහිදී සිදුවිය.මයික්‍රෝ මෝටර් රථ සමාගම බංගලිදේශය වෙත ප‍්‍රථම වතාවට අපනයනය කිරීමට නියමිතව තිබෙන රථ වාහන තොගයක තොරතුරු ඇතුළත් ලිපිලේඛනයන් ජනාධිපතිවරයා වෙත ලබාදීමටද මයික්‍රෝ සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා මහතා කටයුතු කළේය.

සංවර්ධන ඉලක්කයන් සපුරා ගැනීම සදහා නව නිශ්පාදනයන් ඉතා වැදගත් වන්නේයැයි උත්සව සභාව අමතමින් ආචාර්ය සරත් අමුණුගම මහතා ප‍්‍රකාශ කළේය.

මයික්‍රෝ සමාගම ශී‍්‍රලංකාවේ අනන්‍යතාවය අන්තර්ජාතික තලය වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටින්නේයැයි සමාගමේ සභාපති ආචාර්ය පෙරේරා පැවසුවේය.

 



අදහස් (0)

මයික්‍රෝ කාර් කම්හල පොල්ගහවෙල

ඉන්දික Thursday, 24 April 2014 01:32 AM

ඕක කාගෙද කියලා අපි දන්නවා (නි)

:       0       0

චානක Wednesday, 23 April 2014 05:18 PM

මම නම් මොකුත් කියන්නේ නැහැ (දී)

:       0       0

ඉන්දික Wednesday, 23 April 2014 10:48 AM

ඉතා හොඳයි! (නදී)

:       0       0

ගමගේ Wednesday, 23 April 2014 10:51 AM

අරයට යන කොමිස් එක අඩු කරා නම් තවත් හොඳයි. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 23 April 2014 12:09 PM

ගමගේ, අරයට මෙයාට කොමිස් ගිහිල්ල හරි රටේ මොනවා හරි වෙනවා. ඉස්සර වුණේ කොමිස් යන එක විතරයිනේ! (ස)

:       0       0

උපාලි Wednesday, 23 April 2014 11:39 AM

ඉස්සර වැඩ නොකර හොරකම් කලා. අද ටිකක් වියදම වැඩි උනත් රටේ සංවර්දනයත් නිෂ්පාදනයක් වෙනවා. ඒවායේ ප්‍රතිපල තව ටිකක් කල් යනකොට දකින්න ලැබේවි. වැඩ නොකර ඉන්කොටත් රජයට බනිනවා. වැඩ යනකොට කොමිස් ගහනවා කියනවා. අනේ මෙහෙම රින ආකල්ප තියන මිනිස්සුන් එක්ක තමයි රටක් ගොඩනගන්න වෙන්නේ. අපේ ඉන්නවා අදිවේගී මාර්ගයේ යන ගමන්ම රජයට බනින අයත්.(නදී)

:       0       0

රංග ජයවර්ධන Wednesday, 23 April 2014 12:24 PM

කොච්චර කාර් කොම්පැනි ඇරියත් කාර් වල මිළ නම් විදේශ රටවලින් ආනයනික මිලමයි. මොකක්ද ඒකට හේතුව. පොඩි මිනිහට වාහනයක් ගන්න ඉඩ දෙන්නේම නැද්ද? නැතිනම් මාර්ග තදබද ඇතිවෙයි කියලා බයයිද? කොච්චර මාර්ග හැදුවත් වැඩක් නැ. අපි යන බස් එක එදා වගේම අදත් කොටනවා.. මේ මොන ඉලව්වක්ද? (නදී)

:       0       0

සාගර Wednesday, 23 April 2014 11:44 AM

ඇත්තටම මෙම කම්හල ආරම්භ කළේ කවදද? (ස)

:       0       0

හේවාවිතාරණ Wednesday, 23 April 2014 11:49 AM

ඉන්දියාව මෙන් ලංකාවටද පිටරටින් ආනයනය කරන වාහන නැවත් විය යුතුය. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 23 April 2014 12:47 PM

ඉන්දියාවේ හදන වාහන එයාලගේ රට ඇතුලේ මිල ගොඩක් අඩුයි. හැබැයි අපේ රටේ හදන ඒවා ආනයනික වාහනවල මිලට ගොඩක් සමානයි... හේතුව තමයි රජය ලංකාවේ එකලස් කරලා නිපදවන වාහන වලට විශේෂ බද්දක් අය කරනවා. (ස)

:       0       0

සෑම් Wednesday, 23 April 2014 12:49 PM

තායිලන්තය, මැලේසියාව වගේ රටවල් දැන් වාහන එකලස් කිරීමේ ඉහලින්ම ඉන්නවා. නමුත් ඒ රටවල් වලට පෙර (70 දශකයේ )ලංකාවේ වාහන එකලස් කළා.(උපාලි) ෆියට්, (යු එම් සී ) මැස්ඩා ගලවිලවත්තේ කම්හලේ එකලස් කළා. නමුත් රාජ්‍ය ආයතන හැරුන කොට ඒවාට වෙන ගැනුම්කරුවන් හිටියේ නැහැ. 77 න් පසු විවෘත ආර්ථිකයෙන් පසු ඒවා නිකන්ම නතර උනා. (නදී)

:       0       0

විජිත් Wednesday, 23 April 2014 12:16 PM

ඉන්දික, ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනේ. සහතික ඇත්ත. (ස)

:       0       0

ගුනේරිස් Wednesday, 23 April 2014 01:15 PM

කාට කොමිස් ගියත් කමක් නැහැ මේවා සාමාන්‍ය මිනිසුන්ට ගන්න පුළුවන් ගානකට විකුනන්න. මේ ගාණටම ඉන්දීයාවේ වාහන ගෙන්නලා අපේ රට විනාශ නොකර ඊටත් වඩා අඩුවෙන් ඇයි අපිටම හදාගන්න බැරි ? (ස)

:       0       0

දුමින්ද Wednesday, 23 April 2014 01:21 PM

වැඩේ හොදයි . හැබැයි මයික්‍රෝ වාහන වල අමතර කොටස් මිල අඩුකරලා අමතර කොටස් ලබා ගැනීමට රටපුරා අළෙවි සල් ඇරියානම් වාහන තවත් ඉහලට යයි (දිල්)

:       0       0

ලංකා Wednesday, 23 April 2014 01:38 PM

මමත් ආසයි මයික්‍රෝ කාර් එකක් ගන්න. ඒත් අපේ රටේ ලීසිං සමාගම් කැමති නෑ මේ කාර්වලට ලීසිං දෙන්න. ඒගොල්ලෝ කියන්නෙම ඉන්දියොවේ වාහන ගන්න කියලා. (ස)

:       0       0

ධම්මිකා Wednesday, 23 April 2014 01:19 PM

මේවා සාමාන්‍ය මිනිසුන්ට ගන්න පුළුවන් ගානකට විකුණන්න. මේ ගානටම වෙන රටවලින් වාහන ගෙන්නලා අපේ රට විනාශ නොකර ඊටත් වඩා අඩුවෙන් ඇයි අපිටම හදාගන්න බැරි ? (දිල්)

:       0       0

නිශාර්ඩ් පෙරේරා Wednesday, 23 April 2014 01:32 PM

මයික්‍රෝ සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතාට අපි හුඟක් කෘතඥ වෙන්ට ඕන එතුමාගේ හොඳ උතුම් අධිෂ්ඨානයක් තිබුණා තමන් ඉගෙන ගත්තු දෙයින් තම මවු බිමට, රටේ තරුණයන්ට යහපතක් වෙන විදියේ සේවයක් කරන්ට ඕන කියලා. ඒ අධිෂ්ඨානයේ සහ කැපවීමේ සාර්ථක ප්‍රතිපල අද අපේ රටේ අය භුක්ති විඳිනවා. තව තවත් නව නිර්මාණ කරන්ට එතුමාට ශක්තිය දහිරිය ලැබේවායි ප්‍රර්ථනා කරමි.(දිල්)

:       0       0

කමනි Wednesday, 23 April 2014 01:45 PM

සුබ පැතුම්. සිය රට දේ සිරි සැප දේ. ඉන්දියාවෙන් ගෙන්වන වාහන නතර කරලා අපේ දෙයක් ගන්න. (ස)

:       0       0

වගේගොඩ සීලානන්ද නා හිමි ඉතාලි Wednesday, 23 April 2014 02:36 PM

ප්‍රශ්න ගොඩක් මැද්දේ වසර විස්සකට ඈත සිට ආපු ගමනක්. උත්සාහයේ, අධිෂ්ඨානයේ ප්‍රතිපල ආචාර්ය ලෝරන්ස් මහතා අද දකිනවා. මට ලොකු සතුටක්. වසර විස්සකට ඈත සිට මගේ මිතුරෙක්. ලංකාවේ සැමට ලොකු ආඩම්බරයක්. සුබ අනාගතයක් වේවා. ඔබ ඇතුළු සැමට තෙරුවන් සරණ ලැබේවා. (ස)

:       0       0

රෝයි Wednesday, 23 April 2014 02:39 PM

ලෝරන්ස් මහත්මයාට සුබ පතනවා අපමණ කැප කිරීමකින් ඉහලට ආව එක, එදා අත දෙන්න කවුරුවත් හිටියේ නැහැ, ඔය වාහන බංගලිදේශයට දෙන්න කලින් අපේ රටේ පාවිච්චියට දෙන්න. ඉන්දියාවේ කොච්චර අඩුයි ද වාහනයක මිල, මෙහෙම කර්මාන්ත ශාලා ඇරලා බෙල්ල ගාවට හිරවෙනකන්ම බදු ගැහුවොත් හරියන්නේ නැහැ. බදු සහන දෙන්න ඕන මෙන්න මේ වගේ උදවියටයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 0 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 727 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 413 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 316 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2513 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32772 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site