IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


මයිකල් පෙල්ප්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

ලන්ඩන් නුවරදී දැන් පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ඇමරිකාවේ පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලවලදී රන් පදක්කම් වැඩිම ගණනක් දිනාගත් ක‍්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීය. ෆෙල්ප්ස් ඇතුළු ඇමරිකානු පිහිනුම් ක‍්‍රීඩකයෝ ඊයේ (31) පැවැති මීටර 200X4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත්වුහ. පෙල්ප්ස් ඔලිම්පික් තරග බිමේදී දිනාගත් 19 වැනි රන් පදක්කම මෙයවේ. ඒ අනුව සෝවියට් දේශයේ ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා ලැරීසා ලැටිනිනා රන් පදක්කම් 18 ක් දිනාගනිමින් පිහිටුවා තිබු වාර්තාව 27 හැවිරිදි පෙල්ප්ස් විසින් බිඳ දමන ලදි. 1964 දී ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ලැරීසා මෙම වාර්තාව පිහිටු වු අතර එය වසර 48 ක් තරම් පැරැුණි විය. අවසන් වරට 2008 වසරේ පැවැති බීජිං ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පෙල්ප්ස්, පිහිනුම් ඉසව් අටකදී රන් පදක්කම් අටක් දිනා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක වැඩිම රන් පදක්කම් දිනාගත් ක‍්‍රීඩකයා ලෙසද වාර්තාවක් තැබීය. පෙල්ප්ස් දිනාගත් එම රන් පදක්කම් අටේදී ලෝක වාර්තා හයක් සහ ඔලිම්පික් වාර්තාවක් ඇතුළත් වීම කැපී පෙනේ. මාර්ක් ස්පිට්ස් 1972 වසරේ පැවැති මියුනිච් ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් රන් පදක්කම හතක වාර්තාව පෙල්ප්ස් විසින් 2008 බීජිං නුවරදී බිද දමන ලදී. මෙවර ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර 200 සමනළ ආර (පිරිමි) ඉසව්වේ සහ මීටර 400 කේවළ මිශ‍්‍ර ඉසව්වේ (පිරිමි) රන් පදක්කම් පෙල්ප්ස් ට අහිමිවිය.  සමනළ ආර ඉසව්වේ රිදී පදක්කම හිමි වු පෙල්ප්ස්ට, මීටර 400 කේවළ මිශ‍්‍ර ඉසව්වේ හිමි වුයේ සිවුවැනි ස්ථානයයි. මීටර 200 සමනළ ආර ඉසව්වේදී හොඳ කාලයක් ලබා ගැනීමට තමන්ට අවස්ථාව තිබු බවත්, තමන්ගේ ක‍්‍රීඩා දිවියට උදව් කළ සැමට ස්තූතිවන්ත වන බවත් පෙල්ප්ස් පැවසීය.



අදහස් (0)

මයිකල් පෙල්ප්ස්ගෙන් තවත් ලෝක වාර්තාවක්

ජූඩ් යොහාන් Wednesday, 01 August 2012 06:05 PM

ඔබ විශිෂ්ඨයි.

:       0       0

අමිල කටුනායක Wednesday, 01 August 2012 06:30 PM

අපිට වැඩක් නැහැ. (ස)

:       0       1

අමිල Thursday, 02 August 2012 09:14 PM

මම ඔහුව අගය කිරීම හෝ නොකිරීම පිළිබදව සනත් ඉන්දිකට ඇති ප්‍රශ්නය මොකක්ද? (නි)

:       0       0

සනත් ඉන්දික ඉතාලිය Thursday, 02 August 2012 02:08 PM

අමිල එහෙම කියන්න එපා . දක්ෂයව අගයකරන්න පුරුදුවෙන්න ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉන්න දක්ෂයන් වැඩිදෙනෙක් ආසිතියතිකයෝ, ශ්‍රී ලාංකිකයෝ එයාල දක්ෂයන් අගයන නිසා නේද අපේ කට්ටිය ඒ වගේ තැන්වල ඉන්නේ අන්තවාදියෙක් වෙන්න හදන්න එපා !!(නු)

:       0       0

අනුර Wednesday, 01 August 2012 10:31 PM

කොහේ මොන රටක කෙනෙක් වුවත් ඔබ විශිෂ්ඨයි. (නි)

:       0       0

ඉන්දික Wednesday, 01 August 2012 10:45 PM

නියමයි. (නි)

:       0       0

කෙවින් Thursday, 02 August 2012 08:38 AM

ගොඩක් සතුටුයි... ඔබට තවත් වාර්තා අතරට යන්න ලැබේවා..!!(නු)

:       0       0

සජී Thursday, 02 August 2012 10:05 AM

අති දක්ෂයෙක්...... (නි)

:       0       0

චමින්ද Thursday, 02 August 2012 04:43 PM

රන් පදක්කම් 19 ක් ගත්තේ නෑ , ෆෙලේප්ස් අර ගත්තේ 15 රන් , සිල්වර් 2 සහ ලෝකඩ 2 = එකතුව 19 , එක තමා වාර්තාව (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහකුඹුක්කඩවල නිවෙසක දඩ මස් : ඡාවාරමා පැන යයි
2024 ඔක්තෝබර් මස 16 808 0

වන සතුන් දඩයම් කර විවිධ ප්‍රදේශ වලට මස් බෙදාහැරිමේ නිරත මහකුඹුක්කඩවල ජයරාජපුර ප්‍රදේශයේ මහා පරිමාණ ජාවාරම්කරුවකුගේ නිවසේ තිබූ මස් තොගයක් සිය බාරයට


ඇලෝසියස්ගේ දෙවන ඇපැලත් විසි වෙයි
2024 ඔක්තෝබර් මස 16 959 1

රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාව යටතේ මාස හයක සිර දඬුවම් නියම වූ ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්


යුද්ධයේ වේදනාවත් සාමයේ සතුටත් හොඳට දන්නවා
2024 ඔක්තෝබර් මස 16 1171 0

යුද ගැටුම් නිසා ඇති වන අහිතකර බලපෑම සහ අමිහිරි මතක සියැසින් දැක තිබෙන අතරම සාමකාමී පරිසරයක ඇති සුව කිරීමේ බලයද අත් දැක තිබෙන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයි


යාන් ඔය රක්ෂිතයේ හෝටලයක් හදන්න හෙළි කළ පිරිසක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 16 683 2

සීගිරිය සහ පිදුරංගල පව්වේ සිට මීටර් හාරසීයක් පමණ දුරකින් පිහිටා ඇති යාන් ඔය දෙපස අධි පරිසර සංවේදී අභයභූමි රක්ෂිතයේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා වනය හ


ලංකාවට ඖෂධ හදන්න කියුබාවේ අවධානය
2024 ඔක්තෝබර් මස 16 1455 4

⁣ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය සඳහා කියුබා රජයේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අග්‍රාමා


ඉන්දීය මගී ගුවන් යානා10 කට බෝම්බ තර්ජන
2024 ඔක්තෝබර් මස 16 2230 0

ගත වූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 523 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 473 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1492 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site