(අංජුල මහික වීරරත්න)
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
ඊට අදාල චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි මාලර් තන් ටයික් (Marlar Than Htaik) මහත්මිය වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (10) පිරිනමනු ලැබීය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුලු රජයට සිය කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය.
එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල යොමු කිරීම පිළිබඳවද ස්තූතිය පළ කළ තානාපතිවරිය, ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බව සඳහන් කළාය. භූ කම්පනයෙන් පසු මියන්මාරයේ වත්මන් තත්ත්වය පිළිබඳවද තානාපතිවරිය මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත කරුණු පැහැදිලි කළාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මියන්මාර් තානාපති කාර්යාලයේ Winh Wint Khaus Tun, Lei Yi Win යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මියන්මාරයට ඩොලර් මිලියනයක්
බද්රානි Thursday, 10 April 2025 07:06 PM
ලෝකයා ඉදිරියේ ධනවත් නම්බුකාරයින් ලෙස පෙනී සිටින අපි මීට වඩා ලොකු ගාණක් මියන්මාරයට ලබා දිය යුතුව තිබුණා නේද..? මොනවා වුණත් මියන්මාරය පාලනය කරන මිලිටරි ජුන්ටාව හරි හොඳයි අප්පා...!