IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


මියන්මාරයට වෛද්‍ය බල ඇණියක් යවන්න

(අංජුල මහික වීරරත්න)

හමුදාවේ වෛද්‍ය බළකායේ වෛද්‍යවරුන් අතුළු කණ්ඩායමක් මියන්මාරයේ සහන කටයුතු සඳහා වහාම යවන්නැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දාලා සහන සහන කණ්ඩායමට අවශ්‍ය උපකරණ ලබාදී මියන්මාරයේ තාවකාලික රෝහලක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මියන්මාරයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධයෙන් ලංකා රජය කනගාටුව පළ කර තිබෙනවා.

මියන්මාරය ලංකාව සමග කිට්ටු සම්බන්ධයක් තිබෙන රටක්.ථෙරවාදී බුදු දහම සමඟ වන සමීප සම්බන්ධය අපට සහ මියන්මාරයට අන්‍යෝන්‍ය වශයෙන් තිබෙනවා.

අමරපුර සහ රාමඤ්ඤ නිකායන් දෙකේම සම්බන්ධය තිබෙන්නේ මියන්මාරයටයි.

ථෙරවාදී බෞද්ධයන් සමඟ ළඟම සම්බන්ධය තිබෙන රටේ මෙවැනි විපතක් ඇති වූ විට අප තවදුරටත් ඔවුන්ට සහාය දිය යුතු බව මා යෝජනා කරනවා.

 



අදහස් (23)

මියන්මාරයට වෛද්‍ය බල ඇණියක් යවන්න

යෝගා Monday, 31 March 2025 05:12 PM

හරි හරි, අපේ අනාගමික NGO කුක්කන්ගෙනුයි ජූලි චන්ගෙනුයි අහලා ඕකේ වුණොත් කරන්නම්...!

:       34       21

ලලනිTuesday, 01 April 2025 08:29 AM

හලෝ යෝගා, එතකොට ඔහෙගෙ මේ මහ ලොකු මහල්ලා සිංප්රැපූවෙන් අර්ජුන් ඇලෝසියස් ගේන්නෙත් එහෙමද?

:       4       8

ලව්සික්Tuesday, 01 April 2025 08:31 AM

නරකද යෝගා මුත්තගෙ ඔය ප්‍රකාශෙත් අල් ජසීරා එකේම දැම්මනං..!

:       2       7

ලක්විදුTuesday, 01 April 2025 08:35 AM

ඔව් ඔව්, මෙයා හිටියනං මේ වෙනකොට, බලඇණියකුත් යවලා, උපදේශකයො බාං දෙක තුනකුත් පත්කරලා පට්ට ගානක් ගසාකාලා….!

:       3       5

Rata Perata Monday, 31 March 2025 05:20 PM

ඒක දැන් ඉන්න රජය කරාවි. ඔය නිකන් බයිලා ගහන්නේ නැතිව ඉන්න. පුළුවන් නම් අර අර්ජුන් ඇලෝසියස්ව ගෙනැල්ලා දෙන්න...

:       34       50

Asela Monday, 31 March 2025 05:22 PM

රනිල් සහ ඔහුගේ මුතුන් මිත්තන් බුද්ධ ශාසනයට ඉමහත් සේවයක් කළ බවත් ඔවුන්ගේ පෞද්ගලික දේපළ පරිත්‍යාග කළ බවත් කවුරුන් හෝ කියයිද? ඔහු ප්‍රතිපත්තියෙන් සහ වටිනාකමින් බෞද්ධයෙකි. ඔහු හැර බුද්ධාගම, ඉතිහාසය, දේශපාලන විද්‍යාව කියවා ඇති වෙනත් දේශපාලනඥයෙකු මම දැක නැත. කෙසේ වෙතත්, විවිධ කඳවුරුවල වහලුන් ඔහු සමඟ වැරැදි සොයා ගනී... නමුත් අහෝ, කිසිවෙකු ඔහුට කිසිම දෙයකට නඩු පවරන්නේ නැත..

:       36       31

කව්ද බෝයි Monday, 31 March 2025 05:46 PM

පුදුම කරච්චලයක්නේ මේක... කොයි වෙලෙත් ටකේ හොල්ලන එකමයි වැඩේ...!

:       34       31

අකිල Monday, 31 March 2025 05:53 PM

රටේ මිනිස්සු තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල ඉඳලා මැරුණු එකට පාර්ලිමේන්තුවේ හිනාවෙවී... ප්‍රකාශ කරපු ගොයියා තමයි ඔය... එයාට තියෙන්නේ අවදානේ ගන්න ආසාවක්...!

:       25       39

ලූට මූස් Monday, 31 March 2025 07:51 PM

කව්ද ටොමියෝ මේ…?

:       14       25

පොඩිඑකා Monday, 31 March 2025 07:53 PM

ඇයි අනේ මේ විපතක් වුණු වෙලාවේ ඔහේ එහේ ගිහිං උපදෙස් දීලා ඒ රට ගොඩගන්නේ නැත්තේ?

:       7       24

සමරිස්සා Monday, 31 March 2025 07:54 PM

මාර අහවල් එකක් වුණානේ මේක…!

:       6       23

වින්සන්ට් කජ්ජා Monday, 31 March 2025 08:12 PM

සර්, සර් කජු පටෝපු වොක්ස්වැගන් එකක් යවමුද? නැත්තන් ෆ්රී වයි-ෆයි...?

:       8       29

ප්‍රභාත් Monday, 31 March 2025 08:25 PM

මේකාව දැක්කාම අර මපට් ෂෝ එකේ ඉන්න ‘කර්මිට්’ කියන ගෙම්බාව මතක්වෙන්නේ මට විතරයිද?

:       8       25

amila Tuesday, 01 April 2025 04:59 AM

මහ ලොකු ප්‍රශ්නයක් තියනවා නේද?

:       0       0

maalaka Tuesday, 01 April 2025 05:48 AM

හ හ හා

:       1       5

Chathuri Tuesday, 01 April 2025 06:53 AM

ඔහේ කිව්වත් නැත්තත්. මේ රජය දන්නවා. ඒවා කරන හැටි. නමුත් දැන් රජය මුල් තැනදෙන්නෙ රටේ ජනතාවට. නාකීනඩේත්. එක්ක ගිහින් ඒහේ. රෝහලක් අරින්න. මෙයාට තියෙන්නෙ චිනටවත් න්ෂ්ති කැක්කුමක්. අද බලයතිබුනානම්. හොදනම ගන්න කෝටිගනනින් අත දිග ඇරලා දීලා. මොකද ජනතාව ඉන්නවානේ බර අදින්න. අපේ රටත් දුප්පත් මහ පරිමානයෙන් අව්ශය. නැහැ. පුලුවන් විදියට උද්ව් කරයි නාකි රනිල් සහ නාකි මයිනා හොරා කාලා රජසැවිදලා. මුදල් නාස්ති කරපු නිසා. දැන් ඔය කියන තරම්දේවල් කරන්න බැ හැ. ම්‍යින පැටව් එක්ක යන්න වෙන වැඩක් නැහැනේ. කොන්ක්‍රිට්. ගල් අදින්න පුලුවන්නෙ

:       2       3

පොඩිඑකාTuesday, 01 April 2025 04:04 PM

නියමයි චතුරි.!

:       0       2

චින්තන Tuesday, 01 April 2025 07:57 AM

ඔයා හිතාගෙන ඉන්නේ තාමත් ජනාදිපති කියලද? අනේ පිං ගවයා ගෙදරට වෙලා ඉන්න .

:       2       7

අරවින්ද මොණරවිල Tuesday, 01 April 2025 09:22 AM

මියන්මාරයට කජු කිලෝ කීයක් විතර යැව්වොත් ඇතිද සෑර් .......?

:       2       8

Chandima Tuesday, 01 April 2025 09:33 AM

මෙයා රජාට ඇදලද? නැතිනම් අන්දරේට ඇදලද?

:       1       7

Perera Tuesday, 01 April 2025 09:53 AM

අනේ සීයෙ ඔහේ ඉන්නවා කියලා අපිට අඟවන්න සැරින් සැරේ පද අරින්න ඕන නෑ.

:       1       7

දර්ශන Tuesday, 01 April 2025 10:38 AM

මොන ස්ත්‍රී ලිංගයක්ද යකෝ මේකා මේ කියන්නෙ?

:       1       6

prasanna Tuesday, 01 April 2025 12:25 PM

හොර උපාධි ,ගැන කබරයෝ ටික ඇවිස්සිලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ආසියා රග්බි සම්මේලන ලොක්කා ක්‍රීඩා ඇමති හමුවෙයි
2025 අප්‍රේල් මස 18 21 0

ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා


ජනපතිගේ ප්‍රකාශය අයුතු බලපෑමක්
2025 අප්‍රේල් මස 18 320 1

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍


ඔන්ලයින් පනත විසි කරන නව පනත ගැසට්ටුවට
2025 අප්‍රේල් මස 18 166 0

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.


ජනපතිගේ ප්‍රකාශයට කොමිසමෙන් 21 තීරණයක්
2025 අප්‍රේල් මස 18 488 2

ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්


සැමියාගේ පොරෝ පහරින් බිරිය මරුට
2025 අප්‍රේල් මස 18 215 0

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.


අපේක්ෂා රෝහලේ කෝටි 40ක් පුස්කන්න අැරලා
2025 අප්‍රේල් මස 18 245 1

මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 207 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 384 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1133 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site