IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘මයුරා මැදුර හිටපු ජනපතිට දෙන්නේ නෑ‘

නාවල පිහිටි පීකොක් මන්දිරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට නොදෙන බවත්, තමා එම තීරණයට එළඹියේ ව්‍යාපාරික පැත්තෙන් බවත්, ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා කියයි.

‘රට බේරා ගත් නායකයා විදියට හිටපු ජනාධිපතිට මගේ ඒ ගේ පදිංචියට දෙන්න හිතුවා. නමුත් ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එය මගේ ව්‍යාපාරයන්ට බාධාවත්. මට හිටපු ජනාධිපතිත් ඕනෑ. මේ රජයත් ඕනෑ. ඒ නිසා මා ඔහුට ගේ දෙන්නේ නැහැ.‘

 රහස් පොලිසිය පීකොක් මන්දිරය ගැන තමාගෙන් ප්‍රශ්න කළ බව ද, ඊට අදාළ සවිස්තර තොරතුරු ලබා දුන් බව ද ඔහු පවසයි.

පීකොක් මන්දිරය තමා වෙනත් පාර්ශ්වයකට විකුණා ඇත්දැයි සොයා බලන ලෙස තවත් ලිපියක් රහස් පොලිසියට බාර දුන් බව ද ඔහු පවසයි.

 



අදහස් (0)

‘මයුරා මැදුර හිටපු ජනපතිට දෙන්නේ නෑ‘

යසස් Monday, 20 April 2015 12:17 PM

මොකද දන්නෙ නැහැ වෙන්න ඇත්තේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 April 2015 12:28 PM

මේවා යට තිබෙන මගඩි කවුද අප්පේ දන්නේ? (නි)

:       0       0

සෙනරත් බණ්ඩාර Monday, 20 April 2015 12:28 PM

ඒඑස්පී මහත්තයා මේකෙන් මුළු රටේම ප්‍රසිද්ධ වුණා (නි)

:       0       0

ජනිත් Monday, 20 April 2015 12:36 PM

දෝරේ ගලායන යහපාලනය මෙයද? (නි)

:       0       0

සමන් Monday, 20 April 2015 12:36 PM

මේක තමයි යහපාලනය. (නි)

:       0       0

නිරාන් Monday, 20 April 2015 12:41 PM

යහපාලනය නිසා බේරිලා ඉන්න පුළුවන්. ඔබතුමාගේ නායකයාගේ කාලේ මේ දෙය වුණා නම්... දැන් තේරෙනවද යහපාලනයේ වෙනස (නි)

:       0       0

ප්‍රියනාත් Monday, 20 April 2015 12:43 PM

ඔය වගේම දෙන්නම් කියලා පස්සේ නොදෙන එකක් තවත් කෙනෙකුටත් කළා නේද? (නි)

:       0       0

කලීල් Monday, 20 April 2015 12:47 PM

තේරුන එක ලොකු දෙයක් (නි)

:       0       0

ලීල් Monday, 20 April 2015 12:51 PM

නිරාන්, යහපාලනය හොඳ හින්දද " රට බේරාගත් නායකයා විදියට හිටපු ජනාධිපතිට මගේ ඒ ගේ පදිංචියට දෙන්න හිතුවා. නමුත් ව්‍යාපාරික පැත්තෙන් බැලුවොත් එය මගේ ව්‍යාපාරයන්ට බාධාවත්. මට හිටපු ජනාධිපතිත් ඕනෑ. මේ රජයත් ඕනෑ. ඒ නිසා මා ඔහුට ගේ දෙන්නේ නැහැ" කියලා ලියලා තියෙන්නේ? (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 21 April 2015 03:14 AM

මහින්ද රාජපක්ෂ මහතාට ගෙය නොදෙන ලෙසට යහපාලන මාෆියාව දැඩි තර්ජන බලපෑම් කර ඇති නිසා ඒ. එස්. පී. ලියනගේ මහතා අසරණ බව පැහැදිලිය.යහපාලන මාෆියාවට අවනත නොවන ඕනෑම කෙනෙකු දුෂණ මර්ධන ලේබලය අලවා දන්ගෙඩියට යවන්නට යාන්ත්‍රණය සකසා ඇතිබව නොදන්නේ නුපන් දරුවන් පමණි. (ස)

:       0       0

නදීකා Monday, 20 April 2015 12:55 PM

මොකක්ද අප්පේ මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

විකුම් Monday, 20 April 2015 01:11 PM

මට නම් හිතාගන්නත් බැහැ මේ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

බණ්ඩා Monday, 20 April 2015 01:16 PM

හදපු මන්දිර වෙන තැන්වල තියෙනවා කියන්නේ. ගිහින් පදිංචි වෙන්නකෝ (නි)

:       0       0

දිලිප් Tuesday, 21 April 2015 03:35 AM

නීතියේ පාලනයට අදාල කරුණු වලට බාහිරින් අත පෙවීම් අනුමත කල නොහැකියි.දේශපාලනයේ වියරුව එළිපිට . අඳබාලයන් මෙන් කටයුතු කිරීම අප්‍රසන්නයි.(අ)

:       0       0

බණ්ඩාර Monday, 20 April 2015 01:18 PM

අපෝ ඕක නැතිවුණාට වෙන හොඳ මන්දිර තියෙනවානේ! (නි)

:       0       0

අවන්ති Monday, 20 April 2015 01:19 PM

නිරාන්ට නම් යහපාලනයෙන් ගොඩක් දේවල් ලැබිලා වගෙයි. (නි)

:       0       0

චන්න Monday, 20 April 2015 01:20 PM

කළකම් පටිසන් දෙන කාලයක් ලබලා තියෙන්නේ. (නි)

:       0       0

නිරාන් Tuesday, 21 April 2015 03:54 AM

ලිලා............. එයාට මේ විදිහට බය නැතුව කතා කරන්න ශක්තිය ලැබුනෙ යහ පාලනේ නිසා තමයි. නැත්නම් සුදු වෑන් ගච්චාමි තමයි. (ස)

:       0       0

ජොනතන් Tuesday, 21 April 2015 03:59 AM

කළකම් පලදේ, මිනිසුන් ඉදිරියේ පල්වෙන හැටි, ඔහු කල සියලු ජඩකම් පසු පසින් හඹා එන හැටි එයයි බුදුදහම, කොටි සටන පැරදුවේ කොටින්ගේ දේපල ගන්නයි. නැතුව රටට ආදරේට නෙවෙයි. (ස)

:       0       0

සාරදා Monday, 20 April 2015 01:26 PM

නිරාන්, ඔහොම කතාකරන්න එපා (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 20 April 2015 01:30 PM

මහින්ද මහත්තයාට ඔය මන්දිර අවශ්‍ය නැහැ.එතුමාට හැමදාටමත් මෙරටේ කළගුණදත් ජනතාවගේ හදවත් මන්දිරය තිබෙනවා.ඒ වගේම මොන කෙනෙහිළිකම කළත් මහින්ද මහත්තයා එන ගමන් මඟ වළකන්න මේ කාටවත් බැහැ.මඩ ගහන්න ගහන්න,කෙනෙහිළිකම් කරන්න කරන්න එතුමාට එකතුවෙන ජනතාව වැඩිවෙනවා. (නි)

:       0       0

විකුම් රංගන Monday, 20 April 2015 01:32 PM

කලින් කිව්වේ ව්‍යාපාරික ප්‍රශ්නයක් ගැන නෙමෙයි. ගෙයි පදිංචිවීමේ ගිවිසුමට අත්සන් කිරීම පිළිබද ප්‍රශ්නයක් නේද? බොරු බයිලා වලින් වැඩක් නැහැ. දැන් අපිට වැටහෙනවා (නි)

:       0       0

හිමාලි Monday, 20 April 2015 01:35 PM

කාටද මේවා තේරෙන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 20 April 2015 01:36 PM

අවන්ති , යහපාලනයට පින්සිද්ධවෙන්න අද සුදු වෑන් එන්නේ. පුවත්පත් කලාකරුවන් ඇතුලු සියළුම මාධ්‍යවේදීන් නිදහසේ තමන්ගේ රාජකාරිය කරනවා කාටවත් බයනොවී. කාගේවත් දුරකථන ටැප් කරන්නේ නැහැ. කෝටි ගණන් වංචා නැහැ. බදු මිල අඩුවෙලා. පෙට්‍රල් ඩීසල් මිල අඩුවෙලා.ගර්භණී මවුවරුන්ට පෝෂණ මල්ලක්. මේ ටිකයි. මේවා ඔයාට නොපෙනෙනවා නම් එක්කෝ ඇස් කන් වැඩ කරන්නේ නැහැ. නැත්නම් හිතේ තියෙන කුහකකම වෙන්න ඕනෑ (නි)

:       0       0

හේමන්ත Monday, 20 April 2015 01:38 PM

දිව දෙකේ මිනිස්සු. මහින්ද මහත්මයාට අනුන්ගේ පිලේ ඉන්න ඕනෑ නැහැ. එතුමා මේක ඉල්ලුවෙත් නැහැ. මේක දේශපාලනයට අහුවුණ ගැටයක්! (නි)

:       0       0

සෙනරත් Monday, 20 April 2015 01:38 PM

තමන්ගේ ගෙදර තමන්ට ඕනෑ කෙනාට දෙන්නත් බැහැ. ඡන්දෙන් බැරිවෙලාවත් දිනුවොත් හොඳ හොඳ සෙල්ලම් පෙනේවි. මේ කවුරුත් අද සෙල්ලම් දමන්නේ රට කොටියාගෙන් බේරාගත් නිසයි. (නි)

:       0       0

ටියුඩර් Monday, 20 April 2015 01:40 PM

ඔබතුමා මොකද මේ හැටි පාච්චල් වෙන්නේ? ගන්නකෝ කොළඹින් හොඳ ගෙයක්. (නි)

:       0       0

සෝමා Monday, 20 April 2015 01:41 PM

ආරංචියේ හැටියට මන්දිරය හුණු පෝරණුවක් වගේ රස්නෙලු. ඒක ඇත්තද කියලා බලන්න යන්න අපිට ඉඩදෙන්නේ නැහැනේ. (නි)

:       0       0

රෝහිත් Tuesday, 21 April 2015 09:29 AM

අනේ අබියෝ, ෆොන්සේකා යුද්දෙදි කරපු එළකිරි වැඩට ආණ්ඩුව පට් පට් ගාල එළකිරි විදියට සැලකුව. එයා සුදු කොඩි කිය කිය රටට විරුද්ධව රෙදි උස්සාගෙන ගොම හලාගෙන දැඟලුවට ජම්පර ඇඳන් හිරේ ලගින්න උනා. ඔයා කොහොමද ද්‍රෝහී ෆොන්සේකව රටට ද්‍රෝහී නොවෙච්චි හිටපු ජනාධිපති එක්ක සසඳන්නේ? ඔයා අබින් කෑවට අබියෝ අපි හරි සිහියෙන් අරිද? (බ)

:       0       0

උෂාන් Monday, 20 April 2015 01:45 PM

අපේ රටේ ඉන්නේ බහුතරය කළගුණ නොදන්නා අය. (නි)

:       0       0

යසස් Monday, 20 April 2015 01:47 PM

අනේ දෙවියනේ, රජෙකුට වෙච්ච දේ! මට ඇත්තටම ඔබ ගැන දුකයි (නි)

:       0       0

හිරුන් Tuesday, 21 April 2015 04:47 AM

අනේ මේ යුද්ධ කරපු අපිව මේ රටේ මිනිස්සුන්ට නොපෙනෙන හැටි. එදා හමුදාවේ කොල්ලෝ නෙවෙයි යුද්ධ කලේ මහින්දයි සන්ධානෙයි කියලනේ හැමෝම අද කියන්නේ. එ්ක අමතක මිනිස්සුන්ට යහපාලනයක් තිබුනට වැඩක් නෑ. (ස)

:       0       0

මෙත්සාර Monday, 20 April 2015 01:47 PM

ටියුඩර් මහත්තයෝ, අරගත් ගෙටවත් පදිංචියට යන්න බැරි, මේ එක එක්කෙනාගේ ඇස්වහයි කටවහයි හින්දනේ. ඕකවත් තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිමල් Monday, 20 April 2015 01:51 PM

සිහින මන්දිර කඩාවැටෙන හැටි .... (නි)

:       0       0

ජෙනී Monday, 20 April 2015 01:57 PM

මේ මන්දිරය තිබෙන්නේ පාසලක් අසළ ජනාකීර්ණ පෙදෙසක. දැන් ඉතින් ආරක්ෂාවට කියලා ඔය පැත්තම ආරක්ෂක කලාපයක් කළා නම් කොහොමද මිනිස්සු රාජගිරිය වගේ පෙදෙසක එදිනෙදා ජීවත්වෙන්නේ. (නි)

:       0       0

සමන්ති Monday, 20 April 2015 02:07 PM

නාන තටාකයේ වැලි ටික විකිණුවත් ලාබයිනේ. (නි)

:       0       0

නුවන්සර Monday, 20 April 2015 02:08 PM

මට නම් මේක තනිකරම 'වන් මෑන් ෂෝ' එකක් වාගේයි. (නි)

:       0       0

ජගත් Monday, 20 April 2015 02:22 PM

ඔබතුමා මොකද මේ හැටි පාච්චල් වෙන්නේ?පැත්තකට වෙලා ඉන්නකෝ.දෙපාරක් කළානේ.තව මදිද? (නි)

:       0       0

මැක්ස් Tuesday, 21 April 2015 04:55 AM

ජොනතන් වගේ හිතන මිනිස්සුත් මේ රටේ ඉන්නවා නේ? ඉදිරියට මේ රටට වෙන වින්නැහිය ගැන හිතා ගන්න පුලුවන්. (ස)

:       0       0

හිමාලි Monday, 20 April 2015 02:29 PM

පුදුමය කියන්නේ පහුගිය කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුත් තමන්ටම කියලා මහා මන්දිර හදාගෙන තියනවා. ඒත් මේ හිටපු ජනාධිපතිතුමාට ඉන්න ගෙයක්වත් තවම හදාගෙන නැහැ. (නි)

:       0       0

බ්ලෙයාර් Monday, 20 April 2015 02:32 PM

එයාගේ කතාවෙන් මට නම් හොඳටම පැහැදිලි වෙන්නේ ව්‍යාපාර කරගෙන යන්න බැරිවෙනවා වගෙයි මේ ගෙය දුන්නොත්. (නි)

:       0       0

ඇසළ Monday, 20 April 2015 02:59 PM

රහස් පොලිසියට මොකක්ද ප්‍රශ්න කරන්න තිබෙන අවශ්‍යතාවය පුද්ගලික ගෙයක් කාටවත් පදිංචියට දෙන එක ගැන හෝ විකුණන එක ගැන? (නි)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:03 PM

නියම සේරිවාණිජ කෙනෙක්නේ! (නි)

:       0       0

සිරිසේන Monday, 20 April 2015 03:22 PM

මේක හරියට පළමු ශ්‍රේණියේ දරුවන්ගේ සෙල්ලමක් වගෙයිනේ (නි)

:       0       0

සරත් Tuesday, 21 April 2015 05:49 AM

එතකොට අර ස්විමින් පුල් එකට වැලි පිරෙව්වේ අහවල් එහෙකටද? හදිසියේම දොරවල් වෙනස් කළේ කාගේ උවමනාවටද? (බ)

:       0       0

අමිල නුවන් Monday, 20 April 2015 03:46 PM

බයවෙලා වගෙයි ඉන්නේ. මහින්දට ජය වේවා! (නි)

:       0       0

මැගී Monday, 20 April 2015 03:54 PM

ඔය කියලා තියෙන්නේ ගේ දුන්නොත් එයාට ප්‍රශ්න ඇතිවෙනවා කියලනේ.මේ වැඩෙන් මහින්ද තවත් ජනහිත දිනාගන්නවා (නි)

:       0       0

තුෂාර Tuesday, 21 April 2015 06:16 AM

හැමෝම තමන් ගැන හිතන්න ඕනේ. මේ වගේ අයගෙන් පරිස්සම් වෙන්න ජනාදිපති තුමනි. (ස)

:       0       0

මාපලගම පත්මා Monday, 20 April 2015 04:59 PM

මයුරා මැදුරට ඇවිල්ලා මයුරාසනයේ විරාජමාන වෙන්න හිටියත් ඒකත් හබක්... (නි)

:       0       0

අබියා Tuesday, 21 April 2015 06:53 AM

අැයි ෆොන්සේකාට දුන්නේ එළකිරි මන්දිරයක් ජම්පරයකුත් සමග. (ස)

:       0       0

ජගත් Monday, 20 April 2015 07:38 PM

යහපාලනයක් ඇති කරනවා කිව් රජයකින් අපි බලාපොරොත්තු වුනාද මේ වගේ ගොන් විහිළු. සිංහලය කවදත් මෝඩයෝ ඡන්දයකදී බලන්නේ දේසපාලනයේ මතු පිට විතරයි. අපි අපිම ඇරගන්න අතර අන්න කොටි බුද්දීමත්ව මේ අවස්ථාවන් ප්‍රයෝජනයට අරන් උන්ගේ ඉලක්කය සපුරා ගන්නවා. වර්ගරාජා පෙරුමාල් යාපනයට ඇවිත්. ඩයස්පෝරාව ඥානවන්තව එයාලගේ කොටස කරනවා. අපේ චන්ද්‍රිකා රනිල් මංගල ගහපු ගැට වල සිංහලය හිර වුනා. මෝඩයෝ කව්ද කියල තේරේවි ටික දවසකින්. (අ)

:       0       0

වසන්ත Monday, 20 April 2015 11:57 PM

නරි බෑනා නාටකයට අනුව බැලුවොත් දෙන්නම ඕනේ .නරියෙක් ද දිව දෙකේ සතෙක් ද කියා හිටගන්න බැරුව ඉන්නේ ..(අ)

:       0       0

හසිත් Tuesday, 21 April 2015 12:11 AM

මගේ පුද්ගලික අත්දැකීම් අනුව අපේ දකුණු පළාතේ මහගෙදර තාත්තාගේ ඉඩම් ආදියට කුලියට දීලා සහ , නෑදෑයන්ට අනුකම්පාවට පරිහරණය කරන්න ඉන්න දීලා අන්තිමේ අපිට නවතින්න වුනේ පොලිසි උසාවි වලින්. තරහ වෙන්න එපා. අනුන්ගේ දේපල ගැන තණ්හාව තිබෙන මිනිස්සු වැඩියෙන්ම ඉන්නේ දකුණු පළාතේ!. නෑදෑයන් මැරෙනකන් බලන් ඉන්නවා දරු පවුල් බය කරලා ඉඩ කඩම් උදුරා ගන්න. මේ පළාතේ බහුතරයක් මිනිස්සුන් ට ජානමය ප්‍රශ්නයක් මේක .ඉඳහිට ඒ පැත්තේ අඳුරන ගෙදරකට ගොඩ වැදුනොත් ඒ ගෙදර ඉඩම් නඩු හබ ගැනමයි කියවිල්ල. ඒ එස් පි මහත්තයා පහුවෙලා ඔය දේවල් කල්පනා කරන්න ඇති. (අ)

:       0       0

අමීන් Tuesday, 21 April 2015 12:20 AM

දෙනවා කියලා දැන් මොකද පස්ස ගහන්නේ? (නි)

:       0       0

ඉඳුනිල් Tuesday, 21 April 2015 01:36 AM

මේවා නම් කැත වැඩ මහත්තයෝ. දෙනවා කිවුවා නම් දෙන්නකෝ (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 01:47 AM

හිමාලි, එතුමා හදාගත් නිවස තමයි තංගල්ලේ කාල්ටන් නිවස. හැබැයි එතුමාට හිටපු ජනාධිපතිවරයෙක් හැටියට කොළඹින් නිල නිවසක් ලැබිය යුතුවුවත් එම වගකීම හිතාමතා පැහැරහරිමින් සිටිනු පමණක් නොව එතුමන්ට අගෞරව කරනු පිණිස නාඩගම් නිර්මාණය කිරීමක්ද මේ දිනවල අපට පෙනීයයි (නි)

:       0       0

නිරෝෂ Tuesday, 21 April 2015 01:48 AM

පුදුම කතානේ මේවා! (නි)

:       0       0

අසේල Tuesday, 21 April 2015 01:49 AM

එතුමාට බැරිද කොළඹින් හොඳ ගෙයක් සල්ලි වලට ගන්න? (නි)

:       0       0

දුමින්ද Tuesday, 21 April 2015 02:03 AM

උණු හින්ද බොන්නත් බැහැ.කිරි නිසා විසි කරන්නත් බැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1050 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1132 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 829 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 498 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 905 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site