IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මිය ගිය ධීවරයකුට සජිත් කෝටියක වන්දි ඉල්ලයි

මෑතදී මිය ගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ සීයක වන්දියක් ගෙවිය යුතු යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී ප්‍රකාශ කළේය.

ඔහු මියගිය ධීවරයන්ගේ නිවෙස්වලට අද ගියේය.

ධීවරයන්ගේ මරණයට හේතුව නිසි පරිදි කාලගුණ අනාවැකි ඔවුනට නොලැබීම නිසා බව ද, අනාගතයේදී එවැනි දේ සිදු නොවීම සඳහා රජය පියවර ගත යුතු යැයි ද ඔහු අවධාරණය කළේය.

රජය මියගිය ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ගෙවීමට තීරණය කර ඇත.

 

 



අදහස් (0)

මිය ගිය ධීවරයකුට සජිත් කෝටියක වන්දි ඉල්ලයි

රජිත් ඉතාලි Saturday, 15 June 2013 12:31 AM

මට ලෝකෙම තියන කුණුහරුප මතක් වෙනවා මේවට (නි)

:       0       0

ටෙනිසන් Saturday, 15 June 2013 12:47 AM

මියගිය ධීවරයෙකුට රුපියල් කෝටියක් දුන්නොත්, අපේ රටේ පළමු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඔය වගේ ආපදාවක් වුනොත් රටේ මිනිසුන්ට මාස තුනක් විතර බඩගින්නේ ඉන්නවෙයිනේ. (නි)

:       0       0

ශාන් Saturday, 15 June 2013 04:44 PM

සජිත් මහත්තයාට මම සුභ පතනවා (දී)

:       0       0

නීල් Saturday, 15 June 2013 11:52 AM

රුපියල් මිලියන 5619 ක් කිමී 45 ක පාරක් හදන්න කොරියානු කියං නෑම් සමාගමට දෙන ආණ්ඩුවට මියගිය ධීවරයෙකුට රුපියල් කෝටියක් වන්දි ගෙවන එක සුලුදෙයක්. ඒ හැරත් කොළඹ හතේ හොඳම භූමියක කාලගුනේ වගේ නිෂ්පල සුදු අලියෙක් ඉන්න ඕනේ නැහැ. ඒ ඉඩම කාලගුණෙත් එක්කම විකුණලා වන්දි ගෙවන්න පුළුවන්. මෙතන අදහස් දාල තියෙන සම "හරක්" හිතන්නේ මාළු අල්ලන නිසා ධීවරයෙක් වටින්නේ මාලුවෙක් තරම්, රෙදි අපුල්ලන නිසා රෙදි නැන්දා වටින්නේ රෙද්දක් තරම්, ගෙදර උයන නිසා අම්මගේ නුවණ හැඳි මිටේ තරම් කියල. මියගිය ධීවරයෙක් වෙනුවෙන් කීයක් වන්දි ගෙව්වත් වැරදි කල බව පැහැදිලිවම ඔප්පුවී ඇති සියලු බලධාරීන් රටේ යහපත වෙනුවෙන් වහාම ඉවත්විය යුතුයි. (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 03:47 AM

අමාලි සිල්වා, ඔයා තමා නියම ප්‍රතිචාරය දීලා තියෙන්නේ. (නි)

:       0       0

දමිත් Saturday, 15 June 2013 12:13 PM

අර ඒ කාලේ හොයා ගත්ත ඒවා දෙන්න (අ)

:       0       0

සදුනි Saturday, 15 June 2013 04:46 AM

හොද යෝජනාවක් සජිත්. (නි)

:       0       0

සදුනි Saturday, 15 June 2013 04:49 AM

නියමයි සජිත් මහත්තයා (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 05:09 AM

සජිත් මහත්තයාට බැරිද මේ අයට වන්දි ගෙවන්න? මිනිස්සු කොච්චර නම් සිත පැහැදෙයිද? (නි)

:       0       0

ජයා Saturday, 15 June 2013 05:08 AM

මුහුදු යන්න බය සජිත් බොරදියේ මාළු බානවා. (අ)

:       0       0

ප්‍රභා Saturday, 15 June 2013 05:27 PM

මෙයත් මේ බන්නේ මාළු. ඒත් බොර දියේ.(නදී)

:       0       0

බණ්ඩාර Saturday, 15 June 2013 05:16 AM

කාලගුණය ගැන 100% නිවැරදිව කියන්න පුළුවන් තාක්ෂණයක් කිසිම රටකට නැහැ. එය ඔවුන්ගේ ඉරණම (නි)

:       0       0

අනුර Saturday, 15 June 2013 12:35 PM

සජිත් මහත්තයෝ, මිනිස්සු මෝඩ නැහැ හොදේ (නි)

:       0       0

දිස්නා Saturday, 15 June 2013 05:27 AM

අපේ මිනිස්සු හැමදාම කඹ අදිනවා.වැඩක් කරන කෙනෙක්ට කරන්න දෙන්නෙත් නැහැ.හැමෝම එකමුතු වෙලා විපතට පත් වුන අයට උදව් කරන්න බලන්න. (නි)

:       0       0

බිමල් Saturday, 15 June 2013 05:38 AM

වැසි දෙවියන්ට ස්තුතියි. (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 07:00 AM

අද කාලගුන වාර්තව ‍කොහොමද දන්නෙ නැහැ (නි)

:       0       0

නිමල් Saturday, 15 June 2013 07:03 AM

සජිත මැතිතුමා හරි. අද රුපියල් ලක්ෂයකින් මොනවද කරන්න පුළුවන්? දේශපාපලකයෙකු වෙනුවෙන් ගෙවන වන්දියම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුටත් ගෙවිය යුතුයි. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 01:08 PM

මොකෝ අනුර වහෙන් ඔරෝ කියන්නේ ? (අ)

:       0       0

මුණසිංහ Saturday, 15 June 2013 07:12 AM

කරුණු දෙකක් කියන්න තියෙනවා 1. සජිත් මහත්මයාගේ ආණ්ඩුවක් තිබුනා නම් මෙම කෝටිය ගෙවනවද? ගෙවන්නේ කොහොමද? 2. ධීවරයෝ වැඩි දෙනෙක් මෙම කාලගුණ තත්වය දැනගෙන මුහුදු ගියේ නැහැ. හිතුවක්කාර අය තමා මුහුදු ගියේ. තිත්ත ඇත්ත තමා එය. (නි)

:       0       0

හේරත් Saturday, 15 June 2013 06:12 PM

සර්, කෝටිය කියන්නේ බින්දු කීයක්ද? ටියුෂන් පන්තියක් එහෙම ළඟ නැතුව ඇති.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 07:09 PM

වන්දි දෙනවා කියලා පොරොන්දු වෙලානේ තියෙන්නෙ. තවත් මොනවද ඉල්ලන්නෙ? (නි)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 07:30 AM

කෝටියක් වන්දි ගෙවන්න කොහේ තියෙන සල්ලියක්ද? (නි)

:       0       0

රොකි Friday, 14 June 2013 07:11 PM

සජිත් මහත්තයාට පුළුවන්ද ඒ ගාණ දෙන්න? පුළුවන් නම් දෙන්නකෝ. කොච්චර පිනක්ද? (නි)

:       0       0

නිල්මිණි Friday, 14 June 2013 07:13 PM

මිය ගිය ධීවරයෙකුගේ ජීවිතය ලක්ෂයද වටින්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 15 June 2013 07:59 AM

අනේ සජිත් මහත්තයෝ, ඔයදේවල් කරන්න ගියොත් රට විතරක් නොවෙයි, වහල්ලු විධියට අපේ මිනිස්සුන්වත් විකුනන්න වෙනවා චීන්නුන්ට . එක නිසා කට පියාගෙන ඉන්න බලන්න. (අ)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Saturday, 15 June 2013 06:34 PM

නීල්, ඔබ නම් මන්ද බුද්ධිකයෙක්. මා සිතන විදියට ඔබ අඩු වයසෙන් උපන් කෙනෙක් (නි)

:       0       0

චන්ද්‍ර Saturday, 15 June 2013 08:10 AM

මේ කාලගුනේ වෙනස් වෙන්නෙත් දැන් රජයේ වරදින් නිසා කියලයි සමහරු හිතා ඉන්නේ (නි)

:       0       0

සරත් ඩු Friday, 14 June 2013 07:30 PM

මියගිය සියලු දෙනාට නිවන් සුව පතනවා! එක අතකින් බැලුවම දෙන්න බැරිකමක් නැහැ.සුනාමිය ඉවර වෙලා අවුරුදු කීයක්ද? ඒකට ගොදුරු වුන මිනිස්සු තවම ඉන්නවා ගෙයක් නැති. (නි)

:       0       0

ප්‍රසාද් Friday, 14 June 2013 07:31 PM

දෙයක් කියන්න කලින් කියන දේ ප්‍රායෝගිකද කියලා හිතන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 15 June 2013 08:25 AM

අපේ ලාංකික ධීවරයන් කවදාවත් පුරුදු වෙලා නැහැ කාලගුණ වාර්තා අසන්න කියන එක ප්‍රශ්නයට උත්තරයක් නොවෙයි. රජය පැත්තෙන් අඩු පාඩුවක් වෙලා තියෙනවා. කළ යුත්තේ මෙවැනි දෙයක් තවත් නොවෙන්න කටයුතු කරන අතරේ මේ දුප්පත් මිනිසුන්ට සාධාරණයක් කරන එකයි. (නි)

:       0       0

කුමාරි Friday, 14 June 2013 07:35 PM

කාළගුණ නිවේදනය කෙසේ වෙතත් කාළගුණය වෙනස් වීමට රජය පළි නැහැ නේද? (නි)

:       0       0

රනවීර Saturday, 15 June 2013 08:32 AM

නිතරම මුහුදු යන අයට කාලගුණය ගැන දැනීමක් තියෙන්න එපැයි (නි)

:       0       0

රංසි Friday, 14 June 2013 07:40 PM

කටට එන ගනන් කියන්නේ නැතුව අපි සාධාරණ කියන ගාණක් ඉල්ලුවා නම් නේද හොද? (නි)

:       0       0

විජේ Saturday, 15 June 2013 06:48 PM

කරන්න පුලුවන් දෙයක් කියන්න මහත්තයෝ. (නි)

:       0       0

වසන්ති Friday, 14 June 2013 07:42 PM

ඇත්තටම මිනිස් ජීවිතයක් කෝටියකටත් වඩා වටිනවා. (නි)

:       0       0

චමින්ද Saturday, 15 June 2013 08:53 AM

ඉතින් මේ අහිංසක මිනිස්සුන්ට ඔය මහත්තයා දුන්නා නම් හරිනේ කෝටිය ගානේ. (නි)

:       0       0

කුමාර Friday, 14 June 2013 07:49 PM

මේ වගේ පොදු විපතක් වුණාම අපි යම් සදාචාරාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ඔබට සුභ අනාගතයක්! (නි)

:       0       0

ගාමිණී-සිරි Friday, 14 June 2013 07:52 PM

වසර ගණනාවක්ම ධීවර කාර්මිකයෙක් හැටියට දුකසේ රටට සේවයක් ඉටුකරමින් සිටියදී ජීවිත පුජාකළ විරුවනි, මේ නිසා දරුවන්ට පියෙක් නැති විය .භාර්යාවට ස්වාමියෙක් අහිමි විය. ඉදිරියට දරුවන්ට කන්න දෙන්නේ ,පාසල් යවන්නේ,පොත් පත්,ඇඳුම් ,ලයිට් , ජල බිල් ,බෝට්ටුවට ,දැල් ගන්න ,ණයට ගත් මුදල්,පොලිය ගෙවන්නේ කෙසේද? මේ ධීවර පවුල් වල විලාපයට කෝටියකුත් මදියි වගේ !! (නි)

:       0       0

වසන්ති Saturday, 15 June 2013 08:59 AM

ධීවර ජීවතයකට රුපියල් ලක්ෂ 50-75 ක් ගෙවන එක ඉතා සාදාරනයි. මේ ජීවිත විනාශයට කාලගුණ හා ධීවර අමත්‍යංශය දෙකම වගකිව යුතුයි නේද? (නි)

:       0       0

අපොන්සු Saturday, 15 June 2013 09:04 AM

මේක පුදුම කතාවක්නේ. අඩු ගානේ කවුරුවත් මේ මිනිසුන්ට රෑට කන්න පාන් ගෙඩියක්වත් ගෙනත් දුන්නද? (නි)

:       0       0

මහේෂ් Friday, 14 June 2013 07:53 PM

ජිවිත වලට වන්දියක් දිය යුතුයි. මොකද මෙය ජාතික ආපදාවක් නිසා. ඒත් කෝටියක්? මම කියන්නේ ජිවිතයක් මුදල් වලින් මැනීම නෙමෙයි. ලෝකේ එන්න එන්න ආපදා වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. (නි)

:       0       0

ඇසළ Saturday, 15 June 2013 09:12 AM

ජීවිතයක වටිනාකම මුදලින් මනින්න බැහැ. නමුත් ජීවත් වෙන්න දරු පවුලට ක්‍රමයක් සකස් කර දීම රජයේ යුතුකමක්. (නි)

:       0       0

අසේල කුමාර Friday, 14 June 2013 07:58 PM

මොකද්ද ඒ කතාවේ තියෙන වැරැද්ද (දී)

:       0       0

කෝලිත Friday, 14 June 2013 08:01 PM

මියගිය ධීවරයෝ හට සාදාරන වන්දියක් දෙන්න ඕනෑ තමයි. නමුත් මෙහෙම කතා කරනවා නම් ඒක වැරදියි (නි)

:       0       0

දිසා Saturday, 15 June 2013 09:19 AM

ගාන සාධාරනයි !. ඩොලර් මිලියන් ගණන් වියදම් කරන එකේ මේ අසරණ ධීවර ජීවිත වලට ලක්ෂ 100ක් වත් අඩුම තරමින් ගෙවිය යුතුමයි (නි)

:       0       0

අමිල Saturday, 15 June 2013 07:18 PM

මම ප්‍රේමදාසවාදියෙක් නම් නෙමේ.ඒ වුනත් මේ වගේ වේලාවකදී සජිත් මහත්තයාගේ පියා සිටියා නම් ධීවරයන් වෙනුවෙන් ලොකු සාධාරණයක් ඉෂ්ට කරනවා. (නි)

:       0       0

දයා අළහකෝන් Saturday, 15 June 2013 09:26 AM

සජිත් මහාතණෙනි, ඔබට බෙහෙවින් ස්තූතියි (නි)

:       0       0

දිල්ෂාණි Friday, 14 June 2013 08:16 PM

මමත් සජිත්ගේ කීමට එකග වෙමි. (නි)

:       0       0

දසුනි Friday, 14 June 2013 08:16 PM

මේ සැණකෙළි,උත්සව වලට වියදම් කරන කරන විදිහට කෝටියක් දෙන්නත් පුළුවන් තමයි. ඔබතුමා හරි. (නි)

:       0       0

නීල් රනා Friday, 14 June 2013 08:19 PM

ධීවරයින්ගේ ජීවිත බිලිගත්තේ පැහැදිලිවම සිය වගකීම හා යුතුකම පැහැර හරින ලද කාලගුණ හා ධීවර බලධරයන්. කාලගුණ විද්‍යා දෙ. නිසිකලට අනාවැකි නොකියන බව මේ සිදුවීමට දිනකට හෝ දෙකකට පෙරත් මා මෙහි මතක්කලා. කාලගුණ අනාවැකියක් වුවත් වරදින්න පුළුවන්. එවැනි තත්වයකට මුහුණදෙන්න ධීවර අමාත්යංශය අසමත් වුනේ ඔවුන්ගේ වරදින්. තවදුරටත් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීමට අසමත් බලධරයන්ට ඉඩදිය යුතු නැහැ. ධීවර හා කාලගුණ බලධාරීන් දැන් කටයුතු කරණ ආකාරයෙන් ඔප්පුවෙනවා ඔවුන්ට මේ ජීවිත හානිය වලක්වාගත හැකිව තිබුණුබව. මිනිස් ජීවිතයක මිල තක්සේරු කල නොහැකියි.(අ)

:       0       0

බර්නාඩ් Saturday, 15 June 2013 09:45 AM

සජිත් මහත්තය මේය සිදුවුනේ තම රැකියාවට ගොස් සිටියේදී ඒගැන අපට දුකි . අර ඒ කලේ ගෙදර නිදන් වුණ්න උගත් තරුණයන්ගේ ජිවිතවලට වන්දි තියා මරණ සහතිකෙත් නැහැ (අ)

:       0       0

ලලිත් Saturday, 15 June 2013 02:27 PM

එකනේ මෙතුමාට විතරනේ මේක තේරුනේ. අනේ දෙන්නකෝ මන්ත්‍රී තුමෝ. (අ)

:       0       0

සිල්වා Friday, 14 June 2013 08:41 PM

අඩුම තරමේ ලක්ෂ 1000000 වත් දෙන්න ඕනි අනිත් මුදල් එම පවුල් වල දරුවන්ගේ සුබසාදනය වෙනුවෙන් වැයකරන්න . අධ්‍යාපනය , රැකියා ක්‍රීඩා නිවාස වෛද්‍ය වෙනුවෙන් මින් ඉදිරියටත් ජීවිත වල වටිනාකම හදුනාගෙන වැඩකිරීමට බලධාරින් සැලකිලිමත් විය යුතුය(අ)

:       0       0

සාදි Friday, 14 June 2013 08:43 PM

ස්වාභාවික විපතකින් නෙමෙයි..ඔබතුමාගේ පියාගේ කාලේ ටයර් සැයවල යවපු 60000ක් වෙනුවෙන් ඔය වගේ වන්දියක් ඉල්ලලා දෙන්න.(අ)

:       0       0

මහවැලි Saturday, 15 June 2013 09:56 AM

අපේ සජිත් මහත්තයා කතා කරන්නෙම ලොකු ගණන් වලින් . (අ)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 09:07 PM

මේ මිනිස්සු ගැන අපිටත් දුකයි. නමුත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන එක වැරදියි (නි)

:       0       0

විමලසේන හ.ද. Friday, 14 June 2013 09:12 PM

එහෙම නම් 2009 යුද්ධයේදී මැරුන ලක්ෂ ගානකට අධික මිනිස්සුන්ට??? (නි)

:       0       0

සම්පත් Saturday, 15 June 2013 09:57 AM

අනේ මහත්තයෝ කෝටිය මදිනේ.කෝටි 100 ක් කියන්ඩ තිබුනනේ.ඔයාගේ දේශපාලනේ බුද්දිමත් ජනතාවට හොඳට තේරෙනවා .(අ)

:       0       0

බර්නාඩ් Saturday, 15 June 2013 09:58 AM

වසන්ති ධීවර ජනතාවගේ ශරිරයේ කොටස් අඩු ද නිකන් මෝඩ කතා කියන්න එපා (අ)

:       0       0

සඳරුවන් Friday, 14 June 2013 09:23 PM

ඇත්තට පියාගේ කාලේ මරපු 60,000 ට වන්දි ගෙව්වද?.ගෙව්වනම් කීය ගානේද?(අ)

:       0       0

මොහමඩ් Friday, 14 June 2013 09:35 PM

මේවට තමා පාර්ලිමන්ට් ජෝක් කියන්නේ . තාම දේශපාලනය සෙබේ අවබෝදයක් නැතුව වගේ . ඔය කියන තරම් මුදල් ගෙවන්න දුප්පත් ජනතාවට අපහු බදු බර ජිවන මිල දරා ගන්න බැරුව යනවා . නරකද විදේශ රටවල තිබෙන ඔබේ මුදල් ඕවට යෙදුවොත් (අ)

:       0       0

මිනිපේ Friday, 14 June 2013 09:36 PM

අපේ අය හරිම කරුණාවන්තයි.අනුන්ගේ සල්ලි බෙදල දෙන්න.අර ස්ට්‍රයික් කාරයන්ට මුදලාලි ගේ මිනුස්සු දැම්මල අම්බානක දුන්නා මතකද.පව් ඒගොල්ලන්ගේ වන්දි..(අ)

:       0       0

ජෙෆ් Saturday, 15 June 2013 03:06 PM

සජිත් මහ්තයෝ, ඔයත් රනිල් මහත්තයට දෙවැනි නැහැ නොවැ. කට ඇරපු පලියට ප්‍රයෝගික නොවන කතා කියන්න එපා. මිනිස් ජිවිත වටින්නේ කෝටියක් නොවයි. ඔවුන්ගෙන් යැපුන අයට ඊටත් වඩා වටිනවා. (නි)

:       0       0

විහග Friday, 14 June 2013 09:37 PM

සජිත් මහත්තයෝ, ඔබතුමාට පුළුවන් නේද කෝටිය ගානේ වන්දි ගෙවන්න.සල්ලි තියෙනවානේ.(නදී)

:       0       0

කුමුදු Friday, 14 June 2013 09:41 PM

මම නම් මොකුත් කියන්නේ නැහැ මේ ගැන (දී)

:       0       0

චන්දි Saturday, 15 June 2013 10:28 AM

සජිත්, අනේ සර් ඔයා මේ මිනිස්සුන්ට කෝටියක් දෙන්න කියන්නේ ආණ්ඩුවට...,ඔයා ගිහින් අඩු ගානේ ඒ දරුවන්ට බිස්කට් පැකට් එකක්වත් බෙදුවද..ඕක ඔයාගේ අත්දෙකෙන්, ඔයාගේ සාක්කුවෙන්ම බෙදුවනම්.!!අනේ කොච්චර අගේද ..නේද මෙයා !(අ)

:       0       0

ප්‍රසන්න Friday, 14 June 2013 10:06 PM

සජිත්ට නම් තියනවනේ පරම්පරාවෙන් ආපු සල්ලි නේද ? අනේ අපි නොදන්න පරම්පරා සල්ලිඅ.(නදී)

:       0       0

දුලිනි Friday, 14 June 2013 10:35 PM

මනුස්සයෙක් ගේ ජීවිතයක් මිල කළ නොහැකියි තමයි. ඒත් දෙපාර්ශවයේම වගකීම් තියෙනවා. ධීවරයන් කාලගුනේ බලන්නේ නැද්ද මුදු යන්න කලින් ? අනික මමත් දැක්කා පත්තරේ තියෙනවා ලංකාවේ කාලගුණ වාර්තාව මේවා වෙන්න කලින්. එහි කියලා තිබුනේ කුණාටු සුලං ඇතිවෙනවා තද වර්ෂාවත් සමග කියලා (නි)

:       0       0

‍ලූකස් Friday, 14 June 2013 10:45 PM

සජිත්ට නම් ඉතින් සල්ලි තියෙනවනේ. ඒකෙන් දෙන්න පුළුවන්නේ (නි)

:       0       0

ප්‍රේමදාස Friday, 14 June 2013 10:54 PM

ඔය කියුවට වැඩේ වෙන්නේ නැහැ (දී)

:       0       0

ධනා Friday, 14 June 2013 10:57 PM

පරණ දේවල් ඇදලා අරගෙන දැන් ප්‍රශ්නය යටපත් කරලා දාන එකද විය යුත්තේ ?නැත්නම් අසරණ වුන කෙනාට උදව් කරන එකද ? ප්‍රතිපලය හොද නම් කියන කෙනා අදාළ වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වෙන්නත් මේ ටිකම තමා."අනේ අපි කවදාක හිනැහෙමුද '? මේ රටේ." (නි)

:       0       0

රොහාන් Friday, 14 June 2013 10:58 PM

ඔබතුමාලගේ ආණ්ඩුතක් තිබුණා නම් කෝටිය ගණනේ දෙනවද? (නි)

:       0       0

සමන් Friday, 14 June 2013 11:04 PM

ප්‍රයෝගික නැහැ මහත්තයෝ (දී)

:       0       0

හේරත් Friday, 14 June 2013 11:12 PM

නියමයි සජිත් මහත්තයා. ධීවරයාට කෝටියක් අරන් දෙන්න. (නි)

:       0       0

අර්ජුන් Friday, 14 June 2013 11:13 PM

ඔබතුමා ඇත්තටම ජනතා නියෝජිතයෙක්

:       0       0

අරවින්ද Friday, 14 June 2013 11:13 PM

මිනිසෙකුගේ ජිවිතයක් මිල කරන්න බැහැ, නමුත් රු 10000 ට වඩා මේ මුදල හොදයි (දී)

:       0       0

ආරියසිංහ Friday, 14 June 2013 11:19 PM

කතාව ඇත්ත මමත් ඒ කතාව අනුමත කරනවා (දී)

:       0       0

විපුල් Saturday, 15 June 2013 11:14 PM

අනේ මන්දා සජිත් මහත්තයාට මොනවා වෙලාද කියලා (නි)

:       0       0

අමාලි සිල්වා Friday, 14 June 2013 11:57 PM

අපේ ලංකික ධීවරයන් කවදාවත් පුරුදු වෙලා නැහැ කාල ගුණ වාර්තා අසන්ට . ඔවුන් එය ගණන් ගන්නෙත් නැහැ . මොනවා හරි සිදු උනාම තමා ඔවුන් රජයටත් බලදරින්ටත් වැරදී කියන්නේ . අපේ මින්සුන්ට වඩා තිරිසන් සතුන්ට කාල ගුණය ගැන හොඳ අවබෝදයක් තිබෙනවා . මතකනේ ලංකාවට සුනාමිය එන වෙලේ සතුන් එය මගහැර රට ඇතුලට දිව්වා . අපේ රට ඇතුලේ හිටපු මිනිස්සු සුනාමි බලන්න මුහුදු වෙරළට දිව්වා . එකෙන් උන විපත් පෙනුනනේ . මොනවා උනත් සජිත් පේමදාස බලන්නෙත් බොර දියේ මලු බාන්න . (ත)

:       0       0

අබේනායක Saturday, 15 June 2013 11:21 PM

නායකතුමනි, මොනවහරි සුලුවෙන්හරි කරන්න බැලුවොත් නරකද?(නදී)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Friday, 14 June 2013 11:59 PM

ඉස්සර මිනිහෙක් හිටිය කාල ගුනේ කියල . ඒ මනුස්සය මැරුන නිසා මේ ඔක්කොම උනේ මං හිතන්නේ (අ)

:       0       0

සුසන්ත Saturday, 15 June 2013 04:23 PM

ඔබ හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1074 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 738 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 831 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 504 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 912 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site